Author: LANKA24X7

ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ දින 6ක් පුරා අතුරුදන්වී සිටි ෆාතිමා මුනව්වරා නම් තරුණියගේ සිරුර අද (13) පෙරවරුවේ ඇයගේ ඥාතීන් විසින් හඳුනාගෙන තිබුණි. අප වාර්තාකරු පැවසුවේ දේහය ගොඩගැනීම මේවන විට ආරම්භ කර ඇති බවය. ගම්පොළ ප්‍රදේශයේ ඔසුසලක සේවය කළ ෆාතිමා මුනවුවරා නම් තරුණිය සිය සේවා ස්ථානය වෙත ගමන් කරමින් සිටියදී අතුරුදන් වුනේ පසුගිය ඉරිදා දිනයේය. ඇය ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියකි. පසුව ඇය සොයා පොලීසිය විමර්ශන ආරම්භ කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ප්‍රදේශයේ එළුවන් බලාගැනීමේ රැකියාවක නිරතව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු පසුව පොලීසියට ප්‍රකාශ කර තිබුනේ, තමා තරුණියට අතවර කිරීමට උත්සාහ කළ බවත් ඇය ඊට එරෙහිව වීම…

Read More

මහියංගනය දිසා අධිකරණයේ විභාග වූ වන්දි නඩුවක මුදල් ගෙවීමට පැමිණි පුද්ගලයෙකු අධිකරණය වෙත ලබාදුන් රුපියල් 21,000 ක මුදලේ ව්‍යාජ 5,000සේ නෝට්ටුවක් ඇති බවට අනාවරණයවී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි ගිරාඳුරුකෝට්ට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු මහියංගනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර කළුතර උතුර ගල්පාත ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලකට ත්‍රිරෝද රථයකින් පැමිණ රුපියල් 5,000සේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබාදී භාණ්ඩ මිලදී ගත් පුද්ගලයෙකු සහ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත සිදුකළ විමර්ශනවලදී කළුතර දකුණ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ව්‍යාජ රුපියල් 5,000 සේ නෝට්ටු 11ක් සහ මුද්‍රණ යන්ත්‍රයක් සිය භාරයට…

Read More

වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයේ කුඹුරක් ආසන්නයේ පිහිටි පතහක තිබී පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ. අදාළ පුද්ගලයින් වයස අවුරුදු 35ත් 40ත් අතර වයස්වල පසුවන්නන් බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත. ප්‍රදේශවාසීන් පවසන්නේ අදාළ පුද්ගලයින් දෙදෙනා පෙරේදා සිට අතුරුදන්ව සිට ඇති බවය. වාරියපොළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ට්විටර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා සුදුසු අයෙකු තමා මේ වනවිට හඳුනාගෙන ඇති බව එහ හිමිකරු ඉලොන් මස්ක් පවසයි. ඔහු ප්‍රකාශ කර ඇත්තේ කාන්තාවක් වන ඇය ඉදිරි කාලය තුළ එම ධුරයේ වැඩ භාරගැනීමට නියමිත බවය. කෙසේවෙතත් එම නව පත් කිරීමට සම්බන්ධ නිළධාරීවරියගේ අන්‍යතාව සම්බන්ධයෙන් තොරතුරු ඉලොන් මස්ක් හෙළිකර නොමැති අතර මේ සම්බන්ධයෙන් ට්ව්ටර් සමාගම තුළ ද දැඩි කතාබහක් මතුව තිබේ. විදෙස් විචාරකයින් පෙන්වාදී ඇත්තේ ට්විටර් ආයතනයේ හිමිකරු ඉලොන් මස්ක්ගේ මෙම ප්‍රකාශයත් සමග අකර්මණ්‍ය ස්වරූපයක් ගෙන තිබූ ඔහුගේ ව්‍යාපාර යළි ශක්තිමත් වනු ඇති බවය.

Read More

කළුතරදී 16 හැවිරිදි දැරියක් අභිරහස් ලෙස මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු එළැඹෙන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

Read More

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද සිට සති දෙකක කාලයක් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාවට නැංවීමට නියමිතව තිබේ. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කළේ මැයි මස 26 වනදා දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවය.

Read More

ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය මෙරට ඇති කරමින් දේශගුණ විපර්යාසවලට මුහුණදීම සඳහා ලෝකයට අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 10 වන පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය අමතමින් ‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේ දේශගුණික විපර්යාස අද ලෝකයටම අභියෝගයක් වුවද ඒ පිළිබඳ පර්යේෂණ සිදුකිරීමට මධ්‍යස්ථානයක් මේ දක්වා නොමැති බවය එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ අනාගතයේ දේශගුණික විපර්යාසවලට මුහුණදීමට නව පරිසර නීතියක් ගෙන ඒමටද පියවර ගන්නා බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “අද පළමුවෙන්ම මෙම පදක්කම් ලැබූ පරිසර නියමුවන්…

Read More

පුනර්ජනනීය බලශක්තිය සහ පරිසරය පිළිබඳ වට මේස සාකච්ඡාවක් ශ්‍රී ලංකාවෙි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මියගේ මූලිකත්වයෙන් කොළඹදී පැවැත්විණි. දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන ,බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා යන ගමනේදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ට යොමු වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

Read More

අමාත්‍යවරයා සමඟ අඟහරුවාදා පැවැත්වෙන සාකච්ඡාවේ දී නිසි විසඳුමක් නොලැබුණහොත් සතියක වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. අද (11) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියේ එළැඹෙන අඟහරුවාදා දින අමාත්‍යවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවේ දී යහපත් පිළිතුරක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවය. “සංකේත වැඩවර්ජනය ඉතා සාර්ථකව ඊයේ රාත්‍රී 12ට අවසන් කරා. දැන්වත් අමාත්‍යාංශ ලේකම්වරයා මැදිහත් වෙලා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ට උපදෙස් දීලා කටයුතු කරයි කියන විශ්වාසය තියෙනවා. අමාත්‍යවරයා අපිට නිල සාකච්ඡාවක් ලබාදීලා තියෙනවා අඟහරුවාදා දිනයේ දී. විසඳුම් නොලැබුණොත් ඕනෑම මොහොතක දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න නැවත අපි සුදානම්.” ප්‍රශ්නය – ඔබතුමන්ලට සාධනීය පිළිතුරක් නොලැබුණොත් ඉදිරි…

Read More

ඩොලරයේ ගැනුම් මිල අදත් (11) වෙනස් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ දත්ත අනුව දැක්වෙයි. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 308.67 ලෙසත් විකුණුම් මිල රුපියල් 322.70ක් ලෙසත් දැක්වුණි. ඊයේ එම අගයන් දැක්වුණේ පිළිවෙළින් රුපියල් 310.90ක් සහ රුපියල් 324.80ක් ලෙසිනි.

Read More