Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
30 වැනි වරට පවත්වන ලද වාර්ෂික ‘Grand Prix de la Baguette de Traditional Francaise de la Ville De Paris’ ලෙසින් නම් කර ඇති හොඳම බෑගට් නිශ්පාදනය කරන බේකරිකරුවා තේරීමේ තරඟයෙන් ප්‍රථම ස්ථානයට ශ්‍රී ලාංකිකයෙක් පත්ව තිඛෙනවා. බෑගට් යනු යනු ප්‍රංශ සම්භවයක් ඇති දිගු තුනී පාන් වර්ගයකි. තුනී පිටි ගුලියකින් නිශ්පාදනය කරන බෑගට් නැමැති සම්ප්‍රදායි ප්‍රංශ පාන් වර්ගයේ දිග සහ මතුපිට ඇති ක්‍රිස්පි ස්වරූපය මගින් එය වෙන්කර හඳුනාගත හැකිය. ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශයට සංක්‍රමණය වූ තර්සාන් සෙල්වරාජා (37) නැමැති ශ්‍රී ලාංකිකයෙක් මෙම තරඟයෙන් ප්‍රථම ස්ථානයට දිනාගත් බවයි සඳහන් වන්නේ. මෙම තරඟයට අනුව පිටි කිලෝග්‍රෑමයකට ලුණු ග්‍රෑම් 18ක් අඩංගු ග්‍රෑම් 250ත් 300ත්…
සංචාරක සංවර්ධන අධිකාරිය ජනතාවට දැනුම් දෙන්නේ වනගත ප්‍රදේශවල කඳවුරු භූමි පිහිටුවීමේ දී ඒ සඳහා අනුමැතිය ලබා දී ඇති ස්ථාන වලට පමණක් යොමු වන ලෙසයි. එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කරන්නේ සුරක්ෂිත සංචාරක ගමනාන්තයක් සඳහා පිළිගත් සංචාරක මග පෙන්වන්නන්ගේ සහාය ද ලබාගත යුතු බවයි. කොස්ලන්ද උඩ දියලුම ප්‍රදේශය නැරඹීමට ගොස් කුඩාරමක රාත්‍රිය ගත කළ තරුණ යුවලකට එල්ල වූ වනඅලි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් සඳහා කඳවුරු බිම් පවත්වාගෙන යාම ඇතුළු සංචාරකයින්ට පහසුකම් සපයන සියලු ස්ථාන ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය බවයි. එසේ ලියාපදිංචි වීමෙන් ඒවා නියාමනයට අධිකාරියට මැදිහත්විය හැකි…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව අද (14) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි. සෙසු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි. දිවයින පුරා විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා…
බෝලවත්ත දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 04 දෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (13) දින රාත්‍රී 7ට පමණ මෙම පහර දීම සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. පහරකෑමට ලක්ව ඇති දුම්රිය ස්ථානාධිපතිවරයා සහ දුම්රිය සේවකයින් තුන් දෙනෙකු ප්‍රතිකාර සඳහා මීගමුව මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා. පුද්ගලයින් තුන් දෙනෙකු ඊයේ (13) රාත්‍රී බෝලවත්ත දුම්රිය ස්ථානය තුළ ඇති ආසන වල වාඩිවී මත්පැන් පානය කිරීමට උත්සාහ කර ඇතැයි සඳහන්. එය දැක ඇති දුම්රිය ස්ථානාධිපතිවරයා සහ සෙසු සේවකයින් දුම්රිය ස්ථානය තුළ මත්පැන් පානය කිරීමට නොහැකි බව පවසා ඇති අතර එහිදී දෙපාර්ශවය අතර බහින් බස්වීමක් හට ගෙන ඇති බවටයි අනාවරණය…
වීරගුල පොලිස් වසමේ මංගලතිරිය ප්‍රදේශයේ අත්තනගලු ඔයේ නාඳුනන කාන්තා මළ සිරුරක් ඇති බවට ඊයේ (13) දින 119 දුරකථන මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත වීරගුල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකාරියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර ඇයගේ වයස අවුරුදු 60ක්. මරණකාරිය උස අඩි 05 අඟල් 04ක් පමණ කාන්තාවක් වන අතර රතු සහ කොළ මිශ්‍ර බිනික් ගවුමක් හැඳ සිටි අයෙක්. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වීරඟුල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. එමෙන්ම හොරණ පොලිස් වසමේ මඩුගහවත්ත ප්‍රදේශයේ රබර් ඉඩමක නාඳුනන පිරිමි මළ සිරුරක් ඇති බවට අද (14) දින හොරණ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක්…
විෂ සහිත ආනයනික පොල්තෙල් මෙරට දේශීය පොල්තෙල් සන්නාමය යටතේ අලෙවි වන බවට සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය චෝදනා කරනවා. ඊයේ (13) කුරුණෑගල දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු බුද්ධික ද සිල්වා කියා සිටියේ පසුගියදා කැකිරාවේ දී හමුවූ ආනයනික විෂ සහිත පොල්තෙල් වරායෙන් පිට වූ ආකාරය ගැටලු සහගත බවයි.
මැදපෙරදිග කලාපය සමග පවතින සබඳතා තර කරගැනීමට ඉන්දියාව පියවර ගනිමින් සිටී. ඒ සඳහා වන නව ව්‍යාපෘති සැලසුම් කරමින් සිටින බවත් ඉන්දියාව පවසා තිබේ. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනය මැදපෙරදිග කලාපය වෙත සිදුකරන මැදිහත්වීම් ඉහළ නැංවීම හේතුවෙන් ඉන්දියාව ද සිය කටයුතු කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවය. ඒ, හමුවේ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක, අමෙරිකානු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක උපදේශකවරුන් හමුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි. එහිදී දුම්රිය මාර්ග හරහා මැදපෙරදිග රටවල් සම්බන්ධ කෙරෙන ඒකාබද්ධ යටිතල පහසුකම් ව්‍යාපෘතියක් පිළිබඳව ඔවුන් සාකච්ඡා කර ඇතැයි ද පැවසෙයි. ඊට අමතරව ඉන්දු පැසිෆික් මෙන්ම මැදපෙරදිග කලාපය සම්බන්ධයෙන් ද චීනයේ මැදිහත්වීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්වී…
බන්ධනාගාර නියාමකවරයෙකුව දණගස්වා පහරදීමේ සිද්ධියක් වාර්තා වෙයි. කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ මිනුවන්ගොඩ පිහිටි නිවසට කඩා වැදුණු නාදුනන පුද්ගලයින් තිදෙනෙකු එලෙස ඔහුව දණගස්වා පහරදී මරණීය තර්ජනය කර පළාගොස් තිබේ. අදාළ නිලධාරියා බන්ධනාගාරය තුළ සිදුවන හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ අයෙක් වන අතර ඒ හේතුවෙන් බන්ධනාගාරය තුළ සිටින රැඳවියෙකුගේ උපදෙස් මත මෙය සිදුවී ඇති බවට පොලීසිය සැක පළ කරයි. කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ විනය අංශයේ තරුණ නියාමකවරයෙකු වන සංඛ කුසල් මාරසිංහ නම් නිලධාරියාගේ මිනුවන්ගොඩ පිහිටි නිවසට ඊයේ අළුයම 4ට පමණ එම සැකකරුවන් තිදෙනා යතුරුපැදියකින් පැමිණ ඇති බව වාර්තා වෙයි. එලෙස පැමිණි අයෙක් අදාළ නිලධාරියාගේ නිවසේ දොරට තට්ටු කරමින් මහත්තයා…
හිඟ බදු, දඩ ආදායම් හා පොලී අය කරගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිසි වැඩපිළිවෙලක් නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබේ. ඒ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවු අවස්ථාවේදීය. විගණකාධිපති ඩබ්ලිව්. පී. සී වික්‍රමරත්න මහතා, “මුළු හිඟ බදු හා දඩ ආදායම්, පොලී කියන මේ ඔක්කොගේම එකතුව 2022.12.31 රුපියල් බිලියන 904 ක්. දැන් අපි ඉන්නේ 2023 යි මාස 5ක් ගතවෙලා. මේ අය කරගත හැකි ආදායමේ ප්‍රගතිය කරුණාකරලා වාර්තා කරන්න.” රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා, “හිඟ බදු පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවාද ? නැද්ද ?” දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රංජිත් හපුආරච්චි මහතා,…
ප්‍රංශයේ පැවති ලෝක හමුදා තුන්ප්‍රයාම ශූරතාව සඳහා සහභාගීවු ශ්‍රී ලංකාවේ හත්දෙනෙකු පළාගොස් ඇතැයි වාර්තා වෙයි. ඒ, අතර යුද හමුදාවේ සිවුදෙනෙකු, ගුවන් හමුදාවේ දෙදෙනෙකු සහ නාවික හමුදවේ ක්‍රීඩිකාවකද වන බව තහවුරු වී ඇත. කණ්ඩායම භාර නාවික හමුදා නිලධාරියා සතුව තිබූ ගුවන් ගමන් බලපත්‍ර, එම නිලධාරියා ආහාර ගැනීම සඳහා ගිය අවස්ථාවේදී සොරකම් කර ඇති බවත් ඉන් පසුව ඔවුන් පැනගොස් තිබෙන බවත් හෙළිවී තිබේ.