Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් දා තීන්දුවක් ලබා දෙනු ලැබිණි. කෙසේ වෙතත් එම තීන්දුවට එරෙහි ව ගොනු කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) අවසර ලබා දී තිබේ. අභියාචනාධිකරණ තීන්දුවට එරෙහි ව සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරු ව ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථිකය ස්ථායී වෙමින් පැවතියද ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම පහළ මට්ටමක පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පවසන්නේ එහි ප්‍රතිලාභ තවමත් ජනගහනයේ වැඩි පිරිසකට ලැබී නොමැති බවයි. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් ලබාදී ඇති ඉලක්ක සපුරා ගැනීමට දේපොළ බද්ද විශාල ආධාරකයක් වෙතැයි ද ඔහු පැවසීය.
සුනඛයකුට සිවුරක් පොරවමින් බුදු දහමට නිගා වන ” ටික් ටොක්” වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරියේ යැයි අත්අඩංගුවට ගෙන ඇප නියම වූ රත්නපුරේ විමල බුද්ධි නොහොත් “විශ්ව බුද්ධි මුනි” චීවරධාරියා බුදුදහමට නිගා වන වීඩියෝ පළ කිරීම යළිත් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වමින් පැවසීය. අන්තර්ජාලයේ පලවන වීඩියෝ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් මෙම කරුණු දැක්වීම කර ඇත. සැකකාර හිමිනම රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පසුගිය (09) නියෝග කළේය. සැකකරු කළේ යැයි කියන ප්‍රකාශය 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනතේ…
සුනඛයකුට සිවුරක් පොරවමින් බුදු දහමට නිගා වන ” ටික් ටොක්” වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරියේ යැයි අත්අඩංගුවට ගෙන ඇප නියම වූ රත්නපුරේ විමල බුද්ධි නොහොත් “විශ්ව බුද්ධි මුනි” චීවරධාරියා බුදුදහමට නිගා වන වීඩියෝ පළ කිරීම යළිත් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වමින් පැවසීය. අන්තර්ජාලයේ පලවන වීඩියෝ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් මෙම කරුණු දැක්වීම කර ඇත. සැකකාර හිමිනම රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පසුගිය (09) නියෝග කළේය. සැකකරු කළේ යැයි කියන ප්‍රකාශය 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනතේ…
මග්ගොන දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද පස්වරුවේ දුම්රියක ගැටී විශ්‍රාමික ග්‍රාම නිළධාරී වරයෙකු මියගොස් ඇත . මෙසේ මියගොස් මග්ගොන ,මිල්ලගහකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටී ඇත්තේ වර්ණසිංහ මුලිගේ ලුසියන් තිලක් කුමාර නමැති 73 හැව්රිදි පුද්ගලයෙකි. ඔහු අලුත්ගම සිට පොල්ගහවෙල බලා ධාවනයවූ 16060 දරණ බලවේග කට්ටල දුම්රියේ ගැටී ඇති අතර , බරපතළ තුවාල ලබා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
ඇල්ල මාර්ග බාධකයේ දී දුර ගමන් සේවා බස් රථ පරික්ෂා කිරීමේදි අනුරාධපුර ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියදුරු අසුන ආසන්නයේ තිබි හෙරොයින් සමගින් බස් රථය රියැදුරු අත් අඩංගුවට ගෙන තිබේ. යුක්තියේ මෙහෙයුමට සමගාමීව පොලීසිය, විශේෂ කාර්ය බලකාය හා පොලිස් නිල සුනඛ අංශය එක්ව මෙම වැටලීම සිදු කෙරිණ. කොළඹ සිට අනුරාධපුර බලා ගමන් ගත් බස් රථය නවතා මගීන් බිමට බස්සවා මගින් හා ඔවුන්ගේ ගමන් මලු පරික්ෂාවට ලක් කොට පසුව බස් රථය ඇතුලත පරික්ෂා කිරීමේ දී රියැදුරු අසුන ආසන්නයේ ඇති ඩෑස් බෝඩය මත තිබි ඔතා තිබෙන පාර්සලයක් හමු වී ඇත. ඉන් අනතුරුව එය පරික්ෂා කිරීමේ දී සුදු පැහැති ෂොපින් දවටනවල ඔතා තිබෙන…
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්, අභ්‍යාසකයන් සහ භෞතචිකිත්සකයන්ට වැඩිදුර පුහුණුව දීම සඳහා දකුණු අප්‍රිකානු හිටපු සුපිරි පන්දු රකින ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් ඇතුළු ජාත්‍යන්තර ප්‍රවීණයන් තිදෙනෙක්ගේ සේවය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු පුහුණුකරු භාරත් අරුන් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු භෞතචිකිත්සක ඇලෙක්ස් කුන්ටූරි යන මහත්රුන්ගේ සේවය ද ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. මෙම ප්‍රවීණයන් තිදෙනා ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්, අභ්‍යාසකයන් සහ භෞතචිකිත්සකයන්ට විශේෂ පුහුණු වැඩසටහන් පැවැත්වීමට නියමිත අතර ඔවුන්ගේ සහභාගිත්වයෙන් විවිධ ප්‍රදේශවල විශේෂ පුහුණු වැඩසටහන් ද පැවැත්වීමට නියමිතය.
කොළඹ හෝටන් පෙදෙස නාමය පොන්නම්බලම් අරුනාචලම් මාවත ලෙස නැවත නම් කිරීමට කොළඹ මහ නගර සභාව කර ඇති යෝජනාව සම්බන්ධයෙන් එහි පදිංචිකරුවන් දැඩි විරෝධයක් එල්ල කර ඇතැයි පැවැසෙයි. හෝටන් පෙදෙස නාමය පොන්නම්බලම් අරුනාචලම් මාවත ලෙස නැවත නම් කිරීමට විරෝධතාවයක් ඇතොත් ඉදිරිපත් කරන ලෙස පවසමින් කොළඹ මහ නගර සභාව විසින් එහි පදිංචිකරුවන් වෙත දැනුම්දීමක් කර ඇතැයි කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වූ ඔමාර් කමිල් මහතා ප්‍රකාශ කළේය. හෝටන් පෙදෙස නාමය පොන්නම්බලම් අරුනාචලම් මාවත ලෙස නැවත නම් කිරීමට කොළඹ මහ නගර සභාව යෝජනාවක් සම්මත කර ඇතැයි එම දැනුම් දීමේ සඳහන් වන බව කමිල් මහතා පෙන්වා දුන්නේය. නමුත් කොළඹ මහ නගර සභාව වසරක…
ඡන්ද හිමි නාමලේඛනය අනුව සෑම ගෘහයකම සිටින සාමාජිකයන්ගේ විස්තර පොලිසිය වෙත ලබාගැනීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පැවැසීය. යම් පුද්ගලයකු පදිංචි අතහැර යන්නේ නම් හෝ අලුතින් නිවෙසකට පදිංචියට පැමිණෙන්නේ නම් එම පුද්ගලයන්ගේ තොරතුරු සියල්ල ප්‍රජා පොලිස් කමිටු මගින් පොලිසියේ වාර්තා විය යුතු බව පොලිස්පතිවරයා කීය.
අම්බලන්ගොඩ ප්‍රකට මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට පැම්ණි යුද හමුදා සෙබළකු සහ තවත් අයකු ඊයේ (18) දහවල් අම්බලන්ගොඩ නගර මධයයේදී ගිනි අවියක් සහ එයට දැමිය හැකි පතුරම් දාහතරක් සමග අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු පවසති. සැකකරුවන් පැමිණි යතුරු පැදිය ද මේ සමගම අත් අඩංගුවට ගෙන තිබේ. දැනට විදේශගතව සිටින අහුන්ගල්ලේ හා බළපිටියේ පාතාල කෙරුමන් දෙදෙනකු දුන් කොන්තාත්තුවකට අනුව මාළු ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට පැමිණ ඇති බව පොලීසිය කියයි. අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලා කොළඹ පන්නිපිටියේ පදිංචි අයකු බව අනෙක් සැකකරු බලපිටියේ පදිංචි අයකු බවත් පොලීසිය කියයි. ඔහු සිය බිරිදගේ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවක සැකකාරුවකු බවද පොලීසිය…
