Author: LANKA24X7

තිරසාර සංවර්ධිත දේශයක් ගොඩනැගීම වෙනුවෙන් පාරිසරික වීඥානයෙන් සහ නව්‍යකරණ වු දර්ශනයකින් මෙහෙයවෙන ජාතික හරිත පෙරමුණහි ප්‍රථම ජාතික සම්මේලනය හා ප්‍රතිපත්ති ප්‍රකාශණය එළිදැක්ම අද (14) දින ශ්‍රි ලංකා පදනම් ආයතනයේදි පැවත්වන ලදි. මෙහිදි ජාතික හරිත පෙරමු‍ණේ නායක පැතුම් කර්නර් මහතා විසින් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශණය හා නිල වෙබ් අ‍ඩවිය සමාජ ගත කීරීම සිදු කරන ලදි .

Read More

රේගු තදබදය පිටුපස වෙනත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවට වාර්තා වන බවත්, ඒ පිළිබඳ සොයා බලා කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අද මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කළේය. “ලංකාවට විදේශයන් රටවලින් එන හැම කන්ටේනර් එකක්ම කාණ්ඩ තුනකට වැටෙනවා. දැඩි අවධානම් ඒවා අනිවාර්යෙන්ම භෞතික පරීක්ෂාවට ලක් කරනවා. කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා රේගුව පැය 24ම වැඩ. දැන් මේ තදබදයට ප්‍රධාන හේතුවක් වෙනවා සිංහල අවුරුද්ද සහ වෙසක් උත්සව ආපු නිවාඩුව. නමුත් තව නිර්මාණය වෙච්ච තත්ත්වයක් පෙනේන්නට තිබෙනවා කියලා මට වාර්තා වුණා. තදබදයක් ඇති වුණ ගමන් මට පිටත තිබෙන යාර්ඩ්වලට යවා ගැනීමේ ප්‍රවණතාවයක් ඇතිවෙනවා.…

Read More

මධ්‍යම – නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “මෝඛා” සුළි කුණාටුව පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අද (14) උදෑසන 11.30ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 පුරා වලංගු වේ. ඒ අනුව එම සුළි කුණාටුව අද උදෑසන 5.30 වනවිට 18.7N සහ 91.5E ආසන්නයේ කේන්ද්‍ර ගතව පැවතුණි. එම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් අද දහවල් පමණ ගිනිකොණදිග බංග්ලාදේශය හ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇත. ඉදිරි පැය 24 තුළ එම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් – 23ත් අතර සහ නැගෙනහිර දේශාංශ 86 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 180…

Read More

නර්තන කණ්ඩායමක් ගමන්කරමින් සිටි වෑන් රථයක් බදුල්ල, හාලිඇළ ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 11දෙනෙකු තුවාල ලබා තිබේ. අද (14) අලුයම එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. අදාළ වෑන් රථය නර්තන කණ්ඩායමේ හිමිකරු විසින්ම පදවා ඇති අතර ඔහුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය. වෑන් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ගසක ගැටීමෙන් එම අනතුර සිදුව ඇත. තුවාල ලැබූවන් අතර අවුරුදු 18ත් 20අතර වයස් කාණ්ඩවල පසුවන ගැහැණු ළමුන් 08දෙනෙකු සහ පිරිමි ළමුන් දෙදෙනෙකු සහ වෑන් රථයේ රියදුරුද සිටී. තුවාලකරුවන් බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලීසිය සඳහන් කළේය.

Read More

රාජකීය ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් KA350 King Air ගුවන් යානයක් ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ති‌බේ. ශ්‍රී ලංකාවේ ස්වෛරී ගුවන් නාවික නිරීක්ෂණ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් එම ප්‍රදානය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Read More

රජයේ ආයතන අතුරින් වැඩිම පාඩුව ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම( srilankan airline ) සංවර්ධනය සඳහා ආයෝජකයකුට ලබාදීම (ප්‍රතිව්‍යුහගතකරණය) තවදුරටත් පමාවන ලකුණු පහළව ඇතැයි වාර්තා වේ. ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා උපදෙස් ලබාදීමට ලසාඩ් ජාත්‍යන්තර උපදේශක ආයතනයට පවරා ඇතත් ඔවුන්ගේ උපදේශන වාර්තාව තවමත් ලැබී නැතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. මේ සම්බන්ධයෙන් අප වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ලසාඩ් වාර්තාව තවමත් ලැබී නැති බවයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සහ භූමි මෙහෙයුම් ආයෝජකයකුට එකට දෙනවාද වෙන වෙනම ලබා දෙනවාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි තීරණයකට පැමිණ නැති බවත් ඒ…

Read More

නෙළුව දෙල්ලව මියනවතුර ප්‍රදේශයේ එකම නිවසක නතරව සිටි පවුල් කිහිපයක පිරිමි ළමයන් හතර දෙනකු ඊයේ රාත්‍රි සිට අතුරුදහන්වි ඇති බවට පැමිණිල්ලක් ලැබි ඇතැයි නෙළුව පොලිසිය පවසයි. මෙසේ අතුරුදහන්වි ඇත්තේ අවුරුදු 01 මාස 03 අවුරුදු 10 සහ අවුරුදු 13 යන වයස්වල පසුවන පිරිමි ළමයින් සිව් දෙනෙකි. මෙම ළමයන්ගේ මව්පියන් නෙළුව ප්‍රදේශයේ වතුවල තාවකාලිකව වැඩ කිරිම සඳහා මියනවතුර ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන නතරව සිට ඇති අතර එසේ සිටියදී ඊයේ රාත්‍රි සිට දරුවන් අතුරුදහන් බවට ඔවුන්ගේ මව්පියන් 119ට දන්වා ඇත. අතුරුදහන්වු ළමයන් පිළිබඳ මෙතෙක් කිසිම තොරුතුරක් නොමැති අතර ගාලු දිසාබාර නි‍යෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි නෙළුව පොලිසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායම්…

Read More

එළඹෙන ඇෆ්ගනිස්ථාන සහ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරඟ‍ වටය සඳහා සහභාගීවන 30 දෙදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මුලික සංචිතය මේවන විට නම් කර තිබෙන බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග මඟින් වාර්තා වනවා. ඇෆ්ගනිස්ථානය සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන මස 2,4, සහ 7 වැනිදා හම්බන්තොට දී පැවැත්වීමට නියමිත අතර එක්දින ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟ‍ වටය සිම්බාබ්වේ දේශයේ දී ආරම්භවීමට නියමිතව ඇත්තේ ලබන මස 18 වැනිදායි. ඒ අනුව ශ්‍රී ලංකා මුලික සංචිතයෙන් ක්‍රීඩකයින් 15ක් හෝ 17 දෙනෙකු අවසන් සංචිතයට නම් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් විසින් සැලසුම් කර ඇත්තේ. මේ අතර ආබාධයන් හේතුවෙන් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව…

Read More

ආංශික අධීක්ෂණ කාරක සභා හරහා මෙරට ඉදිරි සංවර්ධනය සදහා සම්බන්ධ වීමට තරුණ ප්‍රජාවට ඵලදායි අවස්ථාවක් ලැබී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (13) පෙරවරුවේ පැවති වැඩමුළුවකදීයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. ආංශික අධීක්ෂණ කාරක සභාවල තරුණ නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා එම වැඩමුළුව සංවිධාන කර තිබුණා. එම අවස්ථාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන ද එක්ව සිටියා.

Read More

සිමෙන්ති මිල ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල අඩු කර තිබෙනවා. එහිදී කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රු. 2,750 සිට 2,600 දක්වා මිල රුපියල් 150කින් අඩුවන බව අදාල සමාගම් පවසනවා.

Read More