Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුර සඳහා පත්කිරීම සඳහා සූදානමක් පවතින බවට පැතිර යන කටකතාවේ සත්‍යයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ එම අසත්‍ය ප්‍රචාරයන් තරයේ ප්‍රතික්ෂේප කරන බවය. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් යළි අග්‍රාමාත්‍ය ධුරය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පත්කරන ලෙස කිසිදු ඉල්ලීමක් සිදුකර නොමැති බවද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම පක්ෂයේ මහලේකම්වරයා පැවසීය.
අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ අවදියේ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් හා දේපල අයථා ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට ඒ මහතාගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කර තිබෙන මූලික විරෝධතාවලට අදාළ වාචික දේශන ජුනි මස 16 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. එම නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ මහතා ද අධිකරණයේ පෙනී සිටියේය. මෙහිදී පැමිණිලිකාර අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය…
හරීන් ප්‍රනාන්දු සමඟ එක්ව දේශපාලන ගමනක් යාමට තමා තීරණය කළ බව සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් පවසනවා. පක්ෂ පාට භේද වලින් තමාට කිසිදු වැඩක් නොමැති බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ. සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ අද පැවති රැස්වීමකට ද වඩිවේල් සුරේෂ් මහතා සහභාගීවීම දක්නට ලැබුණා.
ගාල්ල,මාතර,රත්නපුර ඇතුලු දිවයිනේ ආපදා තත්ව ඇතිවිය හැකි දිස්ත්‍රික්කවල විපතට පත් ජනතාව කඩිනමින් මුදාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා ත්‍රිවිධ හමුදාවට පොලීසියට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ඊයේ (14) උපදෙස් ලබා දී තිබෙනවා දැනට බොහෝ ප්‍රදේශවල ඇතිවී තිබෙන ගංවතුර බැසයාම කඩිනම් කිරීමට ගංගාවල මෝය කට හාරා පුළුල් කිරීමටත්, විපතට පත්වන ජනතාව මුදාගැනීමට අවශ්‍ය බෝට්ටු සූදානමින් තබාගන්නා ලෙසත් ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට දැනුම් දී තිබෙනවා. එමෙන්ම නායයාම් අවදානම් ඇති කලාපවල ජනතාව ඉන් ඉවත්කර ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාමට සහ එම කටයුතු කඩිනමින් ඉටුකිරීමටත් මෙහිදී උපදෙස් ලබා දී ඇති බවයි සඳහන්.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව සඳහන් කළා. දිවයින පුරා විටින් විට පැයට කිලෝමීටර 45 දක්වා තද සුළං ඇතිවිය හැකියි. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 55 ත් 60 ත් දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊසානදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව ස්ථාපිතව පැවති මෝඛා අතිශය චන්ඩ සුළි කුණාටුව මේ වනවිිට බංග්ලාදේශය සහ මියන්මාර වෙරළ තීරයන්ට කඩාවැදී තිබෙනවා. මෙම සුළි කුණාටු තත්වය හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන ජනතාව තවදුරටත් අවධානයෙන් කටයුතු…
ශ්‍රී ලංකාවේ පවතින ඩොලර් අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා සඳහන් කළේ, රට තුළට ඩොලර් ගලා ඒම සඳහා දිවයින ජාතිය තවමත් ස්ථාවර මාවතක් නිර්මාණය කර නොමැති බවයි. හම්බන්තොට මිද්දෙණිය ප්‍රදේශයේ ඊයේ (14) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු පවසා සිටියේ ශ්‍රී ලංකාවේ පවතින බදු අර්බුදයට ඩොලර් හිඟය හේතු වී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. ඩොලර් හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආනයන සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවත්, එමගින් රේගු තීරුබදු සහ තීරුබදු හරහා උපයන ආදායමට සෘජුවම බලපාන බවයි ඔහු පැහැදිලි කළේ. එමෙන් ම රේගු ගාස්තු සහ තීරු බදු වලින් අහිමි වන මුදල් උපයා ගැනීම සඳහා වෙනත් බදු වැඩි කරන බවත් මේ…
ජනතාව අධිෂ්ඨානශීලීව, පවතින අසීරුතා විඳ දරාගෙන සාමකාමීව ඉදිරියට ගමන් කිරීමට කටයුතු නොකළේ නම් වර්තමානයේ පවතින තත්වයට රට ගෙන ඒමට රජයට නොහැකිවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. අනුරාධපුරයේ ඊයේ(14) පැවති උත්සවයකදියි ඔහු මේ බව කියා සිටියේ. රට තුළ ආර්ථිකමය වශයෙන් උද්ගතව ඇති පීඩනයෙන් මිදීමට මෙරට ජනතාව තුළ තිබූ අධිෂ්ඨානය බොහෝ ජාත්‍යන්තර සංවිධාන සමඟ පැවති හමුවලදී ඇඟයීමට ලක්වූ බවද එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සිහිපත් කළා. මේ අතර දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ විද්වත් වෘත්තිකයින්ගේ සන්ධානය අතර හමුවක් ඊයේ(14) පැවැත්වුණා.
එළවළු මිල ඉහළ ගොස් ඇත්තේ අතරමැදියන් විසින් කෘතිමව සිදුකරන ලද මිල ඉහළ දැමීම් හේතුවෙන් බවට තොරතුරු වාර්තා වනවා. මධ්‍යම කඳුකරයට පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග උඩරට සහ පහතරට එළවළු තොග සහ සිල්ලර මිල යළි ඉහළ ගොස් ඇති බවට ඊයේ හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප කරුණු වාර්තා කළා. කෙසේ වෙතත් එළවළුවල සිල්ලර මිල ගණන් පිළිබඳව නාරාහේන්පිට, තඹුත්තේගම, දඹුල්ල සහ නුවරඑළිය යන ආර්ථික මධ්‍යස්ථාන මිල ගණන් සමඟ සැසඳීමේදී අතරමැදියන් විසින් එළවළු මිල ඉහළ දමන බවටයි අනාවරණ වන්නේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් රුපියල් 400 කට අලෙවි වනවිට තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 510 කටයි. එම බෝංචි කිලෝවම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ…
සමගි ජනබලවේගය කිසිසේත්ම ආණ්ඩුවත් සමඟ එක්වී මැති ඇමතිකම් ලබා නොගන්නා බවත්, කිසිම දේශපාලන ගණුදෙනුවකට එක් නොවන බවත්, එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු තිස්ස අත්තනායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සමගි ජනබලවේගයේ ඇතැම් පිරිස් ආණ්ඩුවට එක්වන බවට පළවන වාර්තාවලට පිළිතුරු ලබාදෙමින්. මේ අතර ඊයේ(14) මාධ්‍ය හමුවක් කැඳවමින් සමගි ජනබලවේගයේ උප සභාපති හිටපු අමාත්‍ය පී. හැරිසන් ප්‍රකාශ කළේ තමන් සමගි ජනබලවේගයෙන් ඉවත් වී යළිත් එක්සත් ජාතික පක්ෂය සමග එක්වන බවයි. එමෙන්ම සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ ඊයේ සංවිධාන කර තිබූ උත්සවයකට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ද එක්ව සිටියා. ඔහුද කියා සිටියේ තමන් ඉදිරියේදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සමඟ…
කළුතර පස් මහල් ලැඟුම්හල් ගොඩනැගිල්ලෙන් ඇදවැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණයට අදාළව අත්අඩංගුවට ගත් මිතුරිය සහ ඇගේ පෙම්වතා අද(15) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 29 හැවිරිදි ප්‍රධාන සැකකරු මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මේ අතර මියගිය දැරියට අවසන් වරට දුරකථන ඇමතුම ලබාදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තාවී නැහැ. ප්‍රධාන සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ දැරියට ලැබුණු අවසන් දුරකථන ඇමතුමෙන් කළබලයට පත්වී ඇය ජනේලයෙන් පිටතට පනින්නට ඇති බවයි. කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය වාර්තා පළවූයේ සිසුවියගේ යෙහෙළිය විසින් එම දුරකථන ඇමතුම ලබාදුන්නේද යන්න පිළිබඳවයි. එහෙත් ඒ…