Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
What's Hot
Author: LANKA24X7
හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය නියෝජනය කරන භික්ෂූන් වහන්සේ පිරිසක් (06) මල්වතු මහා විහාරය වෙත පැමිණ තිබුණි. ඒ, විශ්වවිද්‍යාලයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව මල්වතු මහානායක ස්වාමීන්වහන්සේ දැනුවත් කිරීම සඳහාය. එහිදී ශිෂ්‍ය භික්ෂූන් සඳහන් කළේ, “ගිහි පිරිසක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා වීඩියෝ පටයක් නිකුත් වුණා.. නායක හාමුදුරුවනේ. ඒක මැයි මාසයේ සිදුවුණු සිද්ධියක්. ඒක ඇත්තටම සිදුවුණා මහානායක හාමුදුරුවනේ. කිසිම භික්ෂුවක් එතනට සම්බන්ධ වුණේ නැහැ. පාටි දැම්මෙත් නැහැ. ඔබ වහන්සේ මැදිහත් වෙලා මොකක් හරි වැඩපිළිවෙලක් හදන්න මහානායක හාමුදුරුවනේ.”
උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර පළාතෙත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත්, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.
ගෘහස්ථ ගෑස් මිල පහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල 5080ක් බව එම සමාගම පවසයි. එසේම කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝ ග්‍රෑම් 5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2032කි. මේ අතර අදාළ නිවේදනය මගින් එම සමාගම වැඩිදුරටත් දැනුම්දී සිටින්නේ අනෙකුත් දිස්ත්‍රික්ක අනුව වෙනස්වෙන මිල ගණන් දැනගැනීම සඳහා පාරිභෝගික සේවා අංකය වන 1345 අමතන ලෙසටය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වූ සේපාල් අමරසිංහව ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියම කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය. දළදා වහන්සේට අපහසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට සේපාල් අමරසිංහ නමැත්තාව ඊයේ (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු විසින් පවත්වාගෙන යන සමාජ මාධ්‍ය ගිණුමක් ඔස්සේ දළදා වහන්සේ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් නිසා බෞද්ධ සමාජය තුළ දැඩි කැලඹීමක් හටගෙන තිබෙන බව පෙන්වාදුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන්…
හෙට සහ අනිද්දා යන දෙදින කොළඹ ප්‍රදේශ රැසකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ හෙට රාත්‍රී 10 සිට ඉරිදා පස්වරු 04 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවය. කොළඹ 01, 02, 03, 04, 07, 09, 10 සහ 11 යන ප්‍රදේශවල අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
වර්ථමානයේ මෙරට තුළ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වුවහොත් එය ලෝක වාර්තාවක් විය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. පවතින ආර්ථික අර්බුදය හමුවේ පළාත් පාලන මැතිවරණයක් පවත්වන්නේ නම් මුදල් මුද්‍රණය කළ යුතු බැවින් එලෙස මැතිවරණයක් පැවැත්වීම ලෝක වාර්තාවක් වන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. “ඡන්දය තියන්න පුලුවන් ලෝක වාර්තාවකුත් එක්ක. මොකක් ද ලෝක වාර්තාව. ලෝකයේ දැවැන්තම ආර්ථික අර්බුදයක ඉන්න රටක්. මුදල් මුද්‍රණය කරලා පළාත් පාලන මැතිවරණයක් තිබ්බා කියන ලෝක වාර්තාවත් එක්ක නම් මැතිවරණය තියන්න පුලුවන්. එහෙමනම් කරමු.”
බීමත්ව පැමිණ තම මවට පහර දුන් පුතකු පියා සිදු කළ පහර දීමක් හේතුවෙන් පුතා ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යූ.ඩබ්ලිව්.ඒ. විනුර විරංජන නැමැති විසිපස් හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු තම පියා මව සහෝදරයන් සමග එම ලිපිනයේ පිහිටි නිවසේ ජීවත්ව සිටින බවත් මීට වසර දහයකට පමණ පෙර සිදු වූ රිය අනතුරකින් දකුණු පාදයේ කොටස ඉවත් කර තිබෙන බව පොලීසිය සඳහන් කළේය. දිනපතා බීමත්ව පැමිණෙන මරණකරු තම මවට පියාට සහෝදරයන්ට පහර දෙන බව විමර්ශනවලදී අනාවරණය වූ බවත්, සිද්ධිය සිදුවූ පෙරේදා රාත්‍රියේද බීමත්ව පැමිණ තම මවට පහර දුන් අවස්ථාවේදී පියා ඊට මැදිහත් වී සිදු කළ පහර දීමකින් එක් පාදයක් වාරු…
බස්නාහිර පළාතේ පාසල් 149ක් ආවරණය වන පරිදි සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලදී පොලීසිය විසින් සැකකරුවන් 55 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (05) පස්වරු 1 සිට පස්වරු 3 දක්වා සිදුකළ මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය සහ මත්පෙති විකිණීමේ චෝදනා මත එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය. එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9යි මිලි ග්‍රෑම් 980ක්, හෙරොයින් ග්‍රෑම් 16යි මිලිග්‍රෑම් 420ක්, ගංජා ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 833ක්, මත්පෙති 20ක් ඇතුළු මත්ද්‍රව්‍යද පොලීසිය විසින් සොයාගෙන තිබේ. මෙම මත්ද්‍රව්‍ය වැටලීම් බස්නාහිර පළාතේ පාසල් ආවරණය වන පරිදි තවදුරටත් සිදුකරන බව බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.
මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මැතිවරණය සම්බන්ධයෙන් එක් මතයකට පැමිණිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සිව්දෙනෙකු සමඟ ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත. මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මැතිවරණය සම්බන්ධයෙන් මත හතරක් දැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදි ප්‍රතිචාර දක්වා තිබේ. ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ කොමිසමේ සාමාජිකයින් මැතිවරණය සම්බන්ධයෙන් එක් මතයකට පැමිණිය යුතු අතර ඊට අවශ්‍ය නිදහස කොමිසමට බාර දී ඇති බවය. එය ස්වාධීනව පවත්වාගෙන යෑමට කිසිදු බාධාවක් නොමැති බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කර තිබේ. අවශ්‍ය නම් නීතිපතිවරයාගෙන්ද ලිඛිතව විමසීම් සිදු කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එම සාමාජිකයින් පිරිස දැනුවත් කර ඇති අතර…
ශ්‍රී ලංකාවේ මතුව ඇති දැවැන්ත පාරිසරික අර්බුදයට රජය නොපමාව පිළියම් යෙදිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය පවසනවා. ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙමින් සිටින දැවැන්ත ආර්ථික හා දේශපාලන අර්බුදයට අමතරව රටක් ලෙස අද බරපතල පාරිසරික අර්බුදයක් අභියසට පැමිණ සිටින බවයි. 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වන අවස්ථාවේ සියයට 29 ක් ව පැවැති රටේ වනගහනය, අදවන විට සියයට 16 දක්වා පහළට ඇද වැටී ඇති බවයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ. ඔහු පවසන්නේ අද වන විට සෑම දිනකම රට තුළ එක් වන අලියෙකු හෝ මියයමින් තිබෙන බවයි. ගෙවුණ 2022…