Author: LANKA24X7

අද (29) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු, උතුරු-මැද පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවෙන බවය. අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති වෙයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් විටින්විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ද ඇති වෙයි. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන…

Read More

උඩවලව වන රක්ෂිතය තුළ මහා පරිමාණයෙන් පවත්වාගන යනු ලබන ගංජා වගාවක් සම්බන්ධයෙන් යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව ඊයේ (27) දින යුද්ධ හමුදා බුද්ධි අංශය හා මාතර අපරාධ කොට්ඨාශ පොලිස් නිලධාරීන් විසින් සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකින් අනතුරුව උඩවලව රක්‍ෂිතයේ වෙහෙරගොල්ල වන රක්‍ෂිතය තුළ වගාකරන ලද අක්කර 06ක පමණ වපසරියකින් යුත් මහා පරිමාණ ගංජා වගාවක් අත්අඩංගුවට ගෙන ඇති ඇති බවට වාර්තාවේ. එහි අඩි 6ක පමණ උසින් යුත් ගංජා පැල ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් තිබී ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග සදහන් කර ඇති බවට වාර්තාවේ.

Read More

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කර්මාන්ත ශාලාවක දේපළ සොරකම් කළ තිදෙනෙකුට වෙඩි තැබීමක් සිදුකර තිබේ. ඊයේ (26) දින උදෑසන අදාළ සැකකරුවන් තිදෙනා දේපළ සොරාගැනීමට උත්සාහ දැරීමේ දී දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු විසින් එය නැවැත්වීමට යාමේදී ඔහුට සැකකරුවන් විසින් තියුණු ආයුධයකින් පහරදීමට තැත්කර ඇත. එහිදී දුම්රිය ආරක්ෂක නිලධාරියා විසින් සැකකරුවන් දෙසට වෙඩිතැබීමක් සිදුකර තිබේ. එම වෙඩිතැබීමේ දී එක් සැකකරුවෙක් තුවාල ලබා ඇති අතර, අනෙක් සැකකරුවන් දෙදෙනා පළාගොස් ඇත. තුවාල ලබා ඇත්තේ අවුරුදු 51ක් වූ මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ජාතික සුරක්ෂිත දිනය අදට(26) යෙදී ඇත. ශ්‍රී ලංකාවේ සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 19කි. මේ අනුව සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම සඳහා දිවයින පුරා අද (26) පෙරවරු 9.25සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටි. ජාතික සුරක්ෂිත දිනය සර්වාගමික වතාවත් වලට මුල් තැන දෙමින් සැමරීමට රජය තීරණය කර ඇත. ප්‍රධාන සැමරුම් උත්සවය පැරැලිය සුනාමි ස්මාරකය අබියසදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරු 8.30 සිට පැවැත්වේ. මෙම උත්සවයට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල්( විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීහු සහ නිලධාරීහු සහභාගි වෙති.…

Read More

රුහුණු කතරගම මහ දේවාලයේ සොමිපාල ටී. රත්නායක ප්‍රධාන කපු මහතා අබිරහස් ලෙස අතුරුදන්ව සිටින බවට ඒ මහතාගේ දියණියන් දෙදෙනකු සහ මුනුපුරකු පෙරේදා (23) පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි කතරගම පොලිසිය පවසයි. තම පියාගේ අතුරුදන්වීමට අඹුසැමි යුවළක් සම්බන්ධ බවට එම පැමිණිලිවල සඳහන් කර ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. එම අඹුසැමි යුවළ පවුලේ සමීපතමයන් බවද පැමිණිල්ලේ සඳහන් වේ. තම පියා එම දෙදෙනාගේ නිවෙසට ඉකුත් 8 වැනිදා ගිය පසු මෙසේ අතුරුදන්ව සිටින බව ද දරුවන් පොලිසියට ප්‍රකාශ කර ඇත. මෙම අඹුසැමි යුවළගෙන් තම පියා ගැන විමසුවත් ඔවුන් දෙදෙනා ඊට පැහැදිලි පිළිතුරක් දීමට අපොහොසත් වූ බවද ඔවුන් පවසා ඇත. පාතාල ලෝකයේ නායකයකු ලෙස සැලකෙන…

Read More

මත්ද්‍රව්‍ය ජලයේ සිටින තෝරු මෝරු අල්ලා ගැනීමේ මෙහෙයුමද ළඟදීම අරඹන බව වැඩ බලන පොලිස්පති දේශපන්දු දෙන්නකෝන් මහතා පැවසීය. මැද ඉන්න මාළු ටික අල්ලගත් පසු තෝරු මෝරු කවුදැයි වෙන්කර හඳුනා ගත හැකි බව පැවසූ වැඩ බලන පොලිස්පතිවරයා තෝරු මෝරුන්ට අත තියෙන දවස වැඩි ඈතක නැතැයිද ප්‍රකාශ කළේය.

Read More

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රජයේ ඉඩම් ලබා දිය හැකි බව පවසමින් කුරුණෑගල රිදීගම සහ දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ ජනතාව රවටා මුදල් ලබා ගැනීමේ වංචනික ක්‍රියාවක නිරතවූ පුද්ගලයන් කණ්ඩායමක් ඊයේ 22 (22) පස්වරුවේදී සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීගම පොලීසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පස්දෙනා මාතලේ සහ කුරුණෑගල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. මොවුන් අතර තරුණ කාන්තාවක්ද සිටින බව පොලීසිය සඳහන් කළේය.

Read More

පාසල් සිසුවියන් තිදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කළ විද්‍යා ගුරුවරයෙක් ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සිද්ධියට මුහුණ දුන් පාසල් සිසුවියන් තිදෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා මහනුවර ශික්ෂණ රෝහලට යොමු කර ඇත. නුවරඑළිය දිස්ත්‍රිකයේ පාසලක් තුළ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකු මෙම සිද්ධියට මුහුණදී තිබේ. පාසලේ විද්‍යාගාරය තුළදී එම සිසුවියන් තිදෙනාව ලිංගික අපයෝජනයට ලක් කළ බවට සැකපිට එම පාසලේ 29 හැවිරිදි විද්‍යා ගුරුවරයාව ඉකුත් 20 වනදා අත්අඩංගුවට ගත්තේය. සැකකරුව ඊයේ (21) වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. එලෙස රක්ෂිත බන්ධනාගරගත කර ඇත්තේ මහනුවර කිතුල්පේ, පල්ලේදෝව ප්‍රදේශයේ පදිංචි (29) හැවිරිදි විවාහක ගුරුවරයෙකි. ඔහුගේ බිරිඳ ද…

Read More

සියලුම සිපෙට්කෝ ඉන්ධනහල් හිමිකරුවන්ගේ විශේෂ හමුවක් අද (22) පැවැත්වීමට නියමිතව තිබේ. මෙම හමුව කොළඹ පදනම් ආයතනයේදී අද පෙරවරු 9ට ආරම්භවීමට නියමිත අතර ඒ සඳහා සියලුම ඉන්ධන හල් හිමිකරුවන්ට ආරාධනා කර ඇති බව වාර්තා වෙයි. ඉන්ධන පිරවුම්හල්වලට දැනට හිමිවන කොමිස් මුදලින් සියයට 35ක් නඩත්තු ගාස්තු ලෙස සංස්ථාව යළි අය කරගැනීමට සුදානම්වීම හේතුවෙන් සිපෙට්කෝ ඉන්ධන හල් වැසීයාමේ අවදානමක් මතුවී ඇති බව ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වාදෙයි. මේ සම්බන්ධයෙන් අද දිනයේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සැලසුම්කර ඇති බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා ප්‍රකාශ කළේව.

Read More

පන්නල ඇලබඩගම ප්‍රදේශයේදී නීතිවීරෝධී ව්‍යාජ ගමන් බලපත්‍ර, වීසා බලපත්‍ර ඇතුළු ලේඛන මහා පරිමාණයෙන් මුද්‍රණය කළ ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකා මුලස්ථාන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය. ඔවුන් දීර්ඝ කාලයක සිට මහා පරිමාණයෙන් මෙම ජාවාරම සිදුකර ඇති බවට අනාවරණයවී ඇති අතර සැකකරුවන් සතුව තිබි ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 03ක්, ප්‍රින්ටර් යන්ත්‍ර 08ක්, විවිධ පුද්ගලයින්ට අයත් විදෙස් ගමන් බලපත්‍ර 24ක්, නිල මුද්‍රා ඇතුළු ලිපිලේඛන රැසක් පොලිස් භාරයට ගෙන තිබේ. අවුරුදු 22ත් 23ත් අතර වයස්වල පසුවන සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම,…

Read More