Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයට යාබද දෙල්ගහවත්ත වෙල්යායේ ජලය ගලා බසින ඇල මාර්ගයක දින කිහිපයක සිට සුදු පැහැති පෙන වර්ග දක්නට ලැබෙන ප්‍රදේශවාසීන් පවසයි. ඔවුන් පැවසුවේ ඒවා ස්පර්ශ වීමෙන් කැසීම්, සහ වමනය ඇති වන බවය. ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ (03) පැමිණ මෙම තත්ත්වය පරීක්ෂා කර අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සර උත්සවය එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හෝටල් පරිශ්‍රයකදී පැවැත්වුණි. “එක්වෙමු – වෙනසකට සැරසෙමු“ යන්න මෙවර සංවත්සරයේ තේමාවයි. උත්සවයට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනවිරත්න, මෙරට සිටින විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියේය. ඇරියුම් කර තිබුණද හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊට සහභාගී වී සිටියේ නැත. එහිදී අදහස් දැක්වූ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, “ලබන අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ වෙනකොට ජනාධිපතිවරණයට නාම යෝජනා කැදවන්න ඕනේ. නමුත් රටේ ජනගහණයෙන් 60%ක් පමණ…
බීමත් පුද්ගලයෙක් පැදවූ මෝටර් රථයක් වාහන 5ක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුවී තිබේ. ඇඹිලිපිටිය ගල්වංගුව ප්‍රදේශයේ දී සිදුවී ඇති එම අනතුරින් 73 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා තිබුණි. පොලීසිය පැවසුවේ එම මෝටර් රථය, ත්‍රිරෝද රථ 3ක, යතුරුපැදියක සහ තවත් මෝටර් රථයක ගැටී ඇති බවය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ බීමතින් රිය පැදවූ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති බවයි.
නාවලපිටිව, මාහකුඹුරු ප්‍රදේශයේ දී පස් කන්දක් කඩා වැටී පුද්ගලයකු ජීවිතක්ෂයට පත් ව තිබේ. ඊයේ (02) දහවල් කාලයේ දී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. අලුතින් ඉදිකිරීමට නියමිත බැම්මක අත්තිවාරම කපමින් සිටි පුද්ගලයකුගේ ඇඟ මතට පස් කන්ද කඩා වැටී ඇත. පස් කන්ද ඉවත් කර පුද්ගලයා නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ වෙරලුගස්හින්න, නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකි.
මහඔය, දඹදෙණිය ප්‍රදේශයේ ඉඩමක තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් හමු ව තිබේ. එසේ මියගොස් ඇත්තේ තේක්කවත්ත, මහඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඊයේ (02) උදෑසන කාලයේ දී මෙම ඉඩමේ පුද්ගලයකු වැටී මියයගොස් ඇති බවට මහඔය පොලීසියට තොරතුරක් ලැබී තිබිණි. මරණකරු වැටී මියගොස් සිටි ඉඩමේ පදිංචි කාන්තාවක් සමඟ අනියම් සබඳතාවක් ද පවත්වා අති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. මෘත ශරීරය සම්බන්ධව හදිසි මරණ පරික්ෂණය සිදුකර මහඔය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුන තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. එසේම මීළඟ උසස් පෙළ විභාගය පැවැත්වීමේ දිනය වෙනස් කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ද බණ්ඩාරවෙල පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. “උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල බොහොම අමාරුවෙන් අපි වෙනදට වැඩිය කෙටි කාලයක් ඇතුළ දී උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙනවා. ඊළඟ දින දෙක ඇතුළත දී ප්‍රතිඵල දේවි. හැබැයි ඊළඟ උසස්පෙළ විභාගය තියෙන දිනයත් විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ඒක වෙනස් කිරීමේ කිසිම අදහසක් නැහැ. එහෙම වෙනස් කළොත් වෙන්නේ, අපි හිතමුකෝ උදහරණයක් වශයෙන් මාස දෙකක් විභාගය කල් දාන්න වුණා කියලා. ඒක මාස…
පාලන මිලට වැඩියෙන් කීරි සම්බා සහල් අලෙවි කරන වෙෙළඳුන් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ (02) පිටකොටුව ප්‍රදේශයේදී විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි. එහිදී පාලන මිලට වැඩියෙන් කීරි සම්බා සහල් අලෙවිකරන සහ කීරි සම්බා සහල් තොග සඟවා තබාගෙන සිටින ස්ථාන සොයා ගැනීමට එම අධිකාරියේ නිලධාරීන්ට හැකිවිය. එසේ සොයාගනු ලැබූ ස්ථානවල හිමිකරුවන්ට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නීතිමය ක්‍රියාමර්ග ගැනීමට පියවර ගෙන ඇත. අගෝස්තු 02 වනදා නිකුත් කර ඇති අංක 2278/02 දරන ගැසට් නිවේදනය අනුව කීරි සම්බා සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රුපියල් 260කි. ඒ හේතුවෙන් දිවයින පුරා ඇති වෙළෙඳසැල්වල කීරි සම්බ සඟවා ගැනීමක් සිදුවී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය…
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2023 ලොව ‘ඒ’ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21දෙනා අතරට නම් කර තිබේ. නිව්යෝර්ක් මූලික කරගත් “ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව” විසින් සිදුකරන ලද වාර්ෂික සමීක්ෂණයට අනුව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එලෙස ‘ඒ’ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් අතරට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. උද්ධමනය පාලනය, ආර්ථික වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය හා පොලී අනුපාත කළමනාකරණය යනාදියේ සුවිශේෂී කාර්යය සාධනය සැලකිල්ලට ගනිමින් මහ බැංකු අධිපතිවරුන් සම්බන්ධයෙන් “ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව” 1994 වසරේ සිට වාර්ෂිකව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරයි. මෙවර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ‘ඒ’ ශ්‍රේණියේ පළමු ස්ථානය හිමිවී ඇත්තේ ඉන්දීය මහ බැංකු අධිපති ශ්‍රීකාන්ත දාස් මහතාටය.
ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකස්කර ව්‍යාපාරිකයෙකුට උකස් කර රුපියල් ලක්ෂ 600ක මුදලක් වංචා කිරීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙකු මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම පෞද්ගලක ඉදිකිරීම් සමාගමක ගණකාධිකාරීවරියක ලෙස කටයුතු කරමින් රුපියල් ලක්ෂ 495ක මුදලක් වසර 05ක් වැනි කාලයක් තුළදී වංචා කළ කාන්තාවක් හා ඇයගේ සැමියාව ද එම කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. නුගේගොඩ පිහිටි පෞද්ගලික ඉදිකිරීම් සමාගමකින් රුපියල් ලක්ෂ 500 කට ආසන්න මුදලක් වංචා කර ඇති බව එහි අධ්‍යක්ෂවරයා විසින් පසුගියදා මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ගොනු කර තිබුණි. ඒ අනුව විමර්ශන සිදුකළ එම කොට්ඨාසය විසින් අනාවරණය කරගෙන තිබුණේ එහි ගණකාධිකාරීවරිය විසින්…
මිරිහානේ සිද්ධියේදී යුද හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වසරකුත් මාස 5ක කාලයකට පමණ පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ නිවස අසල ඉකුත් වසරේ සිදුවූ කලහකාරී සිදුවීම අතරතුරදී මෙම සිද්ධිය ඇතිවී තිබුණි. සැකකරු ඊයේ (02) ගංගොඩවිල වැඩබලන මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර ඔහු වෙනුවෙන් කිසිඳු නීතීඥවරයෙක් පෙනී නොසිටී බව වාර්තා වෙයි. හිටපු ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස අසල පසුගිය වසරේ මාර්තු 31 වනදා සිදුවූ කලහකාරී සිදුවීම අතර යුද හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියක් වාර්තාවුණි. අදාළ සිදුවීම පිළිබඳ විමර්ශන…