Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
තලංගම ප්‍රදේශයේ හෝටලයක් තුළ මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබේ. මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා මළ සිරුර පොලීසිය විසින් රැගෙන ගොස් ඇති බවය. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 53ක මනෝ චිකිත්සකවරියකි. ඊයේ (03) රාත්‍රීයේ එම මළ සිරුර සොයාගත් බව ද වාර්තා වේ.
පවතින වාතාවරණය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධිර මහතා පවසා සිටියේ, තව දින කිහිපයක් වර්ෂාව ලැබීමට නියමිත බවය. නිවාස අවට පස් කණ්ඩි කඩා වැටීම් සහ ගල් පෙරළීම් වැනි දෑ සිදුවිය හැකි බැවින් ජනතාවට සැලකිලිමත්වන ලෙස ද ඒ මහතා ජනාතාවගෙන් ඉල්ලා සිටියේය. මේ අතර කොළඹ හා තදාසන්න ප්‍රදේශ හරහා ඊයේ (03) මධ්‍යම රාත්‍රීයේ හමා ගිය තද සුළඟකින් ස්ථාන රැසක ගස් කඩා වැටී තිබේ. වාද්දුව පොතුපිටිය පුෂ්පාරාම මාර්ගය හරහා ගසක් කඩාවැටීමෙන් එම මාර්ගයේ ධාවන…
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකිය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දන්වා තිබේ. මේ අතර, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලදේශය සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ (03) පැවති තරගය පහසුවෙන් ජයග්‍රහණය කිරීමට බංග්ලදේශ කණ්ඩායම සමත් විය. තරඟයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 334ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන් කණ්ඩායම පන්දුවාර 44 යි පන්දු 3කදී සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 245ක් පමණි. ඒ අනුව ලකුණු 89කින් තරගය ජයගැනීමට බංග්ලදේශ කණ්ඩායම සමත් විය. තරගය පාකිස්තානයේ ලාහෝර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.
ඉන්දියාවේ මොලිවුඩ් සිනමාවේ ප්‍රසිද්ධ නිළියක් වන අපර්ණා නායිර් සියදිවි නසා ගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ තිරුවානන්තපුරම් ප්‍රදේශයේ ඇයගේ නිවසේ නිදන කාමරය තුළ ගෙල වැලළාගෙන අපර්ණා සියදිවි හානිකර ගෙන ඇති බවය. පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 7.30ට පමණ මෙය සිදුව ඇති බවත් එම අවස්ථාවේ ඇයගේ මව සහ සොහොයුරිය නිවසේ සිට ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. මිය යන විට ඇය 33 වැනි වියේ පසුවුණි. අපර්ණාගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර මේ වන විට ඥාතීන්ගෙන් සහ ඇයගේ සමීපතමයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. අපර්ණා සෑම විටම සැමියා සහ දියණියන් දෙදෙනා සමඟ සතුටින් සිටින බව හැඟවෙන දෑ සමාජ මාධ්‍ය තුළ පළ…
අවිස්සාවේල්ල, දුනුමාල ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු මීතොටමුල්ල ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. වරකාපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 33 හැවිරිදි සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5ක් ද සොයාගත් බව පොලීසිය පැවසුවේය. මොහු පසුගිය ජුලි මස 14 වැනිදා සිදුවු අදාළ ඝාතනය සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති බවටත් විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ උපදෙස් මත එම ඝාතනය සිදුකර ඇති බවටත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී තිබේ. ඝාතනයට ලක්වූ පුද්ගලයා විසින් පැළද සිටි රන්මාල දෙකක් උකස් කරන ලද රිසිට් පත් ද සැකකරු සතුව තිබී සොයාගත් බව පොලීසිය පැවසුවේය. එමෙන්ම සිදුකළ…
අධ්‍යාපන, සෞඛ්‍ය, ආපදා සහ ජීවන තත්ත්වය සැලකීමේ දී මෙරට ජනගහනයෙන් සියයට 55ක් අවදානම් දර්ශකයේ පසුවන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ඔක්ස්ෆර්ඩ් ද්‍රරිද්‍රතාව සහ මානව සංවර්ධන ඒකකය එක්ව සිදුකළ සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වේ. ඒ අනුව මෙරට පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 06 දෙනෙකු අධ්‍යාපන, සෞඛ්‍ය, ආපදා සහ ජීවන තත්ත්වය සම්බන්ධයෙන් අවදානමේ පසුවන බව වාර්තා විය. මෙරට ආර්ථික අර්බුදය හේතුවෙන් විවිධ පැතිකඩයන්ගෙන් සිදුව ඇති බලපෑම පිළිබඳව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා කාලය තුළ මෙම සමීක්ෂණය සිදුකර තිබේ.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල මඟින් කිසිදු සේවකයෙකුගේ රැකියා අහිමිවීමක් සිදුනොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මේ දිනවල මානව සම්පත් විගණනයක් සිදුවන බවය. එම විගණනයෙන් අනතුරුව ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කිරීම සහ ස්ථානගත කිරීම සිදුකරන බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසයි. ඉදිරියේ දී ලබාදෙන දීමනා මෙන්ම උසස්වීම් කාර්ය සාධනය මත පමණත් සිදුකිරීමට ද පියවර ගන්නා බව විදුලිබල මණ්ඩලයේ ස්ථිර සේවයට අන්තර්ග්‍රහණයවීමට වසර 07ක සිට බලාපොරොත්තුවෙන් සිටින තාවකාලික පදනමින් සේවය කරන පිරිසේ නියෝජිතයින් හමුවෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. විවිධ වෘත්තීය සමිති විසින් තම දේශපාලන අවශ්‍යතා මත නිර්මාණය කර ඇති අදහස් හේතුවෙන්…
තමන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අනිවාර්යයෙන්ම ඉදිරිපත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කිරිඳිඔය ව්‍යාපාරයේ දකුණු ඇළ පිළිසකර කිරීමට ඊයේ (03) එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ, ඇතැමුන් තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට ව්‍යාජ ප්‍රචාරයන් පතුරුවන්නේ සිය ජීවිතයට තර්ජනයක් ඇති නිසාදැයි සැක සහිත බවය. සාමාන්‍යයෙන් වියළි කාලගුණ තත්ත්වයක් තුළ වාරි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වී වැව් අමුණු, ඇළ වේලි ප්‍රතිසංස්කරණය කළ යුතු වුවත් පසුගිය දිනවල එවැනි වාරි පුනරුත්ථාපනයක් රට තුළ දක්නට නොලැබුණ නිසා ප්‍රායෝගික ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය විසින් බලයක් නොමැතිව වුවත් මෙරට කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට අදාළ දායකත්වය ලබා දීම සිදුකරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියේය. එමෙන්ම කිරිදිඔය…
සමනල වැව ජලාශයෙන් ජලය කාන්දුවන ස්ථාන වසා දැමීමේ කටයුුතු එළඹෙන සතිය තුළ ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජගත් ගුණතිලක මහතා ජලාශයේ නිරීක්ෂණයකට එක්වෙමින් සඳහන් කළේ මේ අවස්ථාවේ කාන්දු වසාදැමීමට පියවර නොගතහොත් ඊට යළි අවස්ථාවක් උදානොවනු ඇති බවය. සමනලවැව ජලාශය ඉදිකිරීමේදී භූ විද්‍යා ඉංජිනේරුවරයෙක් වශයෙන් දායකත්වය සපයා ඇති ඒ මහතා තිස් වසරක කාලයක් පුරා ජලාශය සම්බන්ධව විවිධ පර්යේෂණ සිදුකර තිබේ. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජගත් ගුණතිලක මහතා, “මේක තමයි සමනල වැව ව්‍යාපෘතියේ තියෙන ලොකුම ගැටලුව. සියලුම උත්සහායන් යොදවන්න ඕනේ මේ ප්‍රධාන ජල කාන්දුව වහ ගන්න. තව මීටර් 10ක් විතර…