Author: LANKA24X7

වෛද්‍යවරුන් 5,000ක් පමණ මේ වනවිට විදෙස්ගත වීම සඳහා සුදුසුකම් සපුරා ඒ සඳහා සූදානමින් පසුවෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඔවුන් පවසන්නේ මේ වනවිට වෛද්‍යවරුන් 1,500ක් පමණ විදෙස්ගත වී ඇති බවයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ ඔවුන් අද සිට ඒ සම්බන්ධයෙන් බලධාරීන්ව සහ ජනතාව දැනුවත් කිරීමේ සතියක් අරඹන බවයි. වෛද්‍යවරුන් දිගින් දිගටම විදෙස්ගත වුවහොත් මෙරට ප්‍රධාන රෝහල්වල පවා ගැටලු මතුවිය හැකි බව වෛද්‍ය අලුත්ගේ මහතා පැවසීය.

Read More

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ අභිනවයෙන් පත්වූ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ මහතා අතර හමුවක් සිදුව තිබේ. පසුගිය 01 වනදා පාර්ලිමේන්තුවේ දී එම හමුව සිදුව ඇත. මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය. ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී පනත සම්මත කරගැනීම සහ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ මහතා සුබපැතුම් පිරිනැමුවේය. එසේම, මෙම කටයුතු ඉදිරියට සිදු කිරීම සඳහා ඉදිරි වසර 5 සඳහා වන නව සහයෝගීතා වැඩසටහන හරහා ඩොලර් මිලියන 300ක් ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බවද ඔහු සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංවර්ධන හවුල්කරුවෙකු ලෙස…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට තර්ජනය කරමින් ෆේස්බුක් හි සටහනක් තැබූ තරුණයා ව එළඹෙන 08වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඔහුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත. ඔහු එප්පාවල මැඩියාව ප්‍රෙද්ශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි. එම තරුණයා චූන් පාන් වෙළෙඳාමේ නිරතව සිටින අයෙකු බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.

Read More

2022 (2023) උසස්පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය සමුදිත නයනප්‍රිය විසින් හිමිකරගෙන ඇත. එම සිසුවා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුවෙකි. මේ අතර වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ සිසුවියක් සමත්වී තිබේ. ඒ අනුව එම විද්‍යාලයේ දිල්සරණි තරුෂිකා මෙවර වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත. මෙවර 2022 (2023) උසස්පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ මාතර සුජාතා විද්‍යාලයේ සිසුවියකි. ප්‍රමුදි භාෂණී මුණසිංහ නමැති ශිෂ්‍යාව මෙලෙස ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත. 2022 (2023) උසස්පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව භෞතික විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ…

Read More

වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේදී පසුගිය 28 වනදා මොහොමඩ් සාජහන් නැමැති පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන්ට ගිනි අවිය සහ යතුරු පැදිය ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරින් ඊයේ (04) සමත් වුණි. වෙඩිතැබීම සඳහා යොදාගත් මෙරට නිෂ්පාදිත තුනයි දශම අට උණ්ඩ යෙදිය හැකි රිවොල්වර් වර්ගයේ ගිනි අවියක් සහ අපරාධය සිදුකිරීමට යොදාගත් යතුරු පැදිය ද ඔහු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ගෙන ඇත. තමන් “බ්ලූමැන්ඩල් රවී” නමැති සංවිධානාත්මක අපරාධකරුගේ උපදෙස් මත, ඝාතනය සිදුකිරීම සඳහා යතුරුපැදිය සහ රිවෝල්වරය ලබා දුන් බවත්, වෙඩිතැබීමෙන් අනතුරුව ඒවා නැවත රැගෙන ගිය බවත් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා තිබේ. මේ අතර, ඝාතකයන් වැල්ලම්පිටිය, කිත්තන්පහුව,…

Read More

රෝගී තත්ත්වයක් මත යාපනය මහ රෝහලට ඇතුළත් කෙරුණු දැරියකට ප්‍රතිජීවක ඖෂධයක් ලබාදුන් පසු ඇයගේ දකුණු අත ඉවත් කිරීමට සිදුව ඇති පුවතක් ඊයේ (04) වාර්තාවුණි. යාපනය මල්ලාගම් හි අවුරුදු 8ක් වයසැති දැරියක් උණ තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුළත් කෙරෙන්නේ ඉකුත් 22 වනදාය. ඉන් දින කිහිපයකට පසු රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමග දැරිය පසුගිය 25 වනදා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි. දැරියට ප්‍රතිකාර කිරීම සඳහා කැනියුලා හරහා ප්‍රතිජීවක ඖෂධ ලබා දී ඇති බව වාර්තා වෙයි. එහිදී ඇති වූ සංකූලතාවක් හේතුවෙන් දැරියගේ දකුණු අත අක්‍රීය වී ඇති බවත් දැරියගේ අතෙහි මැණික් කටුවෙන් පහළ කොටස ඉවත් කළ බවත් ඇයගේ පවුලේ ඥාතීන් පවසයි.…

Read More

ලංගම බස්රථ හා දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඊයේ පැවති රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රජයට අයත් මගී ප්‍රවාහන සේවාවන් පාඩු ලැබීමට අධික වියදම් හා සේවකයින් සිදුකරන විවිධ වංචා දූෂණ හේතුවී ඇති බවය. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, “දුම්රිය හා ලං.ග.ම. අධික වියදම් විවිධ වංචා දූෂණ නිසා දීර්ඝ කාලීනව පාඩු ලබනවා. රියදුරු හා කොන්දොස්තර හොරකම් කරනවා කියන්නේ නැහැ. ආදායමෙන් කොටසක් ඩිපෝ එකට කොටසක් ගෙදරට. කොන්දොස්තර නැති බස්රථවලින් අධික ලාභයක්. ටික දවසකින් ඒ ආදායම අඩු වුණා. කඩවතින්…

Read More

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල අද (05) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවය. යාපනය, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07…

Read More

කොල්ලුපිටිය මුහුදු වෙරළේ තිබී නාඳුනන පුද්ගල මළසිරුරක් හමුව තිබේ. කොල්ලුපිටිය පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Read More

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුතර වාඩියමංකඩ මංසන්ධියේ දී ත්‍රිරෝද රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රිරෝද රථ රියැදුරාව බරපතළ තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී තිබේ. මෙසේ මියගොස් ඇත්තේ කළුතර වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 52 ක් වූ සුගත් දයානන්ද සිල්වා නමැති විවාහක පුද්ගලයෙකි. ඔහු ත්‍රිරෝද රථ රියදුරෙක් වශයෙන් රැකියාව කර ඇති අතර කුලී ගමනක් යන අතරතුර මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය ප්‍රකාශ කරයි. ත්‍රිරෝද රථය පානදුර දෙස සිට කළුතර දෙසට අධික වේගයෙන් ගමන් කොට ඇති අතර ත්‍රිරෝද රථයට ඉදිරියෙන් ගමන්ගත් බස් රථයේ තිරිංග තද කිරීම නිසා ත්‍රිරෝද රථය නැවැත්වීමට නොහැකි වීම හේතුවෙන් එය අනෙක්…

Read More