Author: LANKA24X7

පසුගිය වසරේ ගතවූ කාලසීමාව තුළ තහනම් කරන ලද පොලිතීන් සහ ප්ලාස්ටික් නිෂ්පාදනය කරන ලද ආයතන 7,000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. එහි අපද්‍රව්‍ය කලමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අජිත් වීරසුන්දර මහතා පැවසුවේ, නීති කඩ කළ ආයතන 180 කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇති බවය.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. විදුලිය සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති මොහොතක ඒ බව සැලකිල්ලට ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නරේන්ද්‍ර ද සිල්වා මහතා විසින් එම චක්‍රලේඛය නිකුත් කර ඇත. ඒ අනුව ඊයේ (02) දින සිට නැවත දැනුම්දෙන තුරු ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු වේ. එසේ වුවත් අත්‍යාවශ්‍ය හදිසි අවස්ථාවලදී අදාළ ශාඛාවට / අංශයට අනුයුක්ත පළමුවන පන්තියේ හෝ ඊට ඉහළ විධායක නිලධාරියෙකුගේ අනුමැතිය මත පමණක් සේවකයින්ට නිවාඩු ලබාගත හැකි බව ද අදාළ චක්‍රලේඛයේ දැක්වේ. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව අද (03)…

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්වය තාවකාලිකව අඩුවීමක් අද සහ ද ඉදිරි දින දෙක තුළ බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර පළාතෙ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති වේ. සබරගමුව, දකුණ, බස්නාහිර සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගාල්ල,මාතර සහ රත්නපුරු දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

Read More

ප්‍රතිසංස්කරණය වෙනුවට පෞද්ගලීකරණය කරන එක විසඳුමක් නොවුණත් පෞද්ගලීකරණය තුළින් දැවැන්තම හොරකම්, වංචා, දූෂණ සියල්ල සිදු කළ හැකි නිසා ජනතාවගේ පීඩාව පසෙක තබා පාලකයෝ තමන්ගේ පොකට්ටුව තරකර ගන්න ගේම් ගහනවා යැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය. රට ආර්ථිකමය වශයෙන් බරපතළ ලෙස කඩා වැටී තිබෙන මේ මොහොතේත් කැබිනට් එක රටට සිදුකරන වංචා-දූෂණ පිළිබඳ හෙළිදරව් කිරීම වැදගත් යැයිද විදුලි බල ක්ෂේත්‍රයේ මේ මොහොතේත් බරපතළ මාෆියාවක් සිදුවෙමින් පවතින බවද ඔහු පැවසීය. බලශක්තිය රටකට අත්‍යවශ්‍ය බවද වඩාත් හොඳ සේවාවක් ලබාදීම සඳහා එම ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණයන් සිදුකිරීම වැදගත් බවද එහෙත් ආණ්ඩුව ප්‍රතිසංස්කරණය වෙනුවට පෞද්ගලීකරණයට යොමුවී ඇති බවද එය විසඳුමක් නොවන බවද ඔහු පැවසීය.…

Read More

යුක්තිය මෙහෙයුමෙන් මත්කුඩු නොමැතිවීම හේතුවෙන් දියවන්නාවට පැන සියදිවි නසාගත් බවට සැක කරන පුද්ගලයකුගේ මළ සිරුරක් කිඹුලාවල හන්දිය දියවන්නා ඔයේ පාවෙමින් තිබියදී හමුවූ බව මිරියාන මූලස්ථාන පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇති මාදිවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්ය. මක්කුඩුවලට දැඩිව ඇබ්බැහිව සිටී පුද්ගලයා ඉකුත් තිස්එක් වෙනි දින සිට අතුරුදන්ව සිට පොලිසිය කියයි. මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.

Read More

ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. ඒ අනුව මෙතෙක් සිදුකළ නියැඳි පරීක්ෂණ වලින් කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති බවද අමාත්‍යවරයා කීය. එසේ වුව ද පසුගිය කොවිඩ් සමයේ අනුගමනය කළ නිසි සෞඛ්‍ය පිළිවෙත් යළි අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය. මීට අමතරව රට පුරා නැවත පැතිර යමින් තිබෙන සරම්ප රෝගය පාලනය කිරීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන ලබන සතියේ සිට දිවයිනේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද රමේෂ් පතිරණ මහතා පැවසීය. කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය…

Read More

සමගි ජන බලවේගය විසින් පුළුල් සන්ධානයක් ගොඩනගන්නේ කිසිවකුට ඇමතිකම් තනතුරු ලබා දීමට නොව ඔවුන්ගේ යහපත් ප්‍රතිපත්ති සහ ජනතා සේවය ලබා ගැනීම සඳහා පමනක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. රජයේ හෙංචයියන් කියනවා මෙන් සමගි ජනබලවේගයේ ඔලුගෙඩි සෙල්ලම් නොමැති බවත් තම පක්ෂය සන්ධාන ගත වෙන්නේ මහජන සේවයට පමණක් බවත් – විපක්ෂ නායකවරයා සඳහන් කළේය. රජයට සම්බන්ධ ඇතැම් මාධ්‍ය කණ්ඩායම් මුදල් ලබා ගෙන වැරදි ප්‍රචාර ගෙන යමින් ජනතාව ඇන්දවීමට කටයුතු කරන බවත් කොළඹ විපක්ෂනායක කාර්්‍යාලයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසීය. සමගි ජන බලවේග රජයක් තුළ කිසිදු ඇමතිවරයකුට සුර සැප විදිය නොහැකි බවත් ඔවුන්ට අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරමින් ජනතාවට…

Read More

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව ඉන්දීය බිත්තර කෝටි දෙකකට අධික සංචිතයක් ඇති බව එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ඊයේ (2) පැවසීය. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ ගබඩාවල, කොළඹ වරාය තුළ සහ ඉන්දියාවේ සිට මෙරටට ළගා වෙමින් ඇති බිත්තර තොග ලෙස බිත්තර ලක්‍ෂ 70 බැගින් ඇති බවත් අඛණ්ඩව බිත්තර තොග ඇනවුම් කරන බවත් වලිසුන්දර මහතා කීය. සතොසට බිත්තර ලක්‍ෂ 10 බැගින් දෛනිකව නිකුත් කරන බව කී ආසිරි වලිසුන්දර මහතා එම බිත්තර සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බව ද වැඩි දුරටත් කීය.

Read More

ජපානයේ ටෝකියෝ නුවර හෙනෙඩා ගුවන් තොටුපොළේ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් මහා අනතුරක් සිදුවිය. අනතුර සිදුවූයේ ගුවන්තොටුපොළට ගොඩබෑමට පැමිණි එයාර් බස් 350 වර්ගයේ මගී ගුවන් යානයක්, ගුවන් පථයේ පිටත් වීමට සූදානම් වූ ජපාන වෙරළාරක්ෂක නිලධාරීන්ට අයත් මගී ගුවන් යානයක ගැටීමෙනි. මගී ගුවන් යානය, රට අභ්‍යන්තර ගුවන් යානයකි. එය හොකයිඩෝ සැපරෝ නුවර සිට හෙනෙඩා ගුවන් තොටුපොළට පැමිණියේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 379 දෙනකු සමඟය. මගී ගුවන් යානයේ ගැටීමෙන් වෙරළාරක්ෂක නිලධාරීන්ගේ ගුවන් යානය පිපිරී ගිනි ගත්තේය. මගී ගුවන් යානය ද ගිනි ගත් බව පැවැසෙයි. වෙරළාරක්ෂක නිලධාරීන්ගේ යානයේ සිටි නිලධාරීන් පස් දෙනා ජීවිතක්ෂයට පත්වූ බව ජපන් මාධ්‍ය වාර්තා කර තිබේ. එම නිලධාරීන්,…

Read More

කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයින් යළි මෙරටට පැමිණි පසු කෘෂි ව්‍යවසාකයින් බවට පත්කිරීමට ඉඩම් අමාත්‍යාංශය සමග එක්ව අක්කර දෙකක ඉඩමක් දීමට රජය තීරණය කර ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය. විදේශයන්හි කෘෂී කාර්මික ක්ෂේත්‍රයට අදාල රැකියාවල නිරතවූවන් ලබාගත් දැනුම මෙරට ආර්ථිකය සෘජුවම දායකකරගැනීමට මෙම ඉඩම් ලබාදීම තීරණය කර ඇති බව කී අමාත්‍යවරයා මෙම වැඩසහන මෙරට කෘෂි කාර්මික ක්ෂේත්‍රය තුළ පිබිදීමක් මෙන්ම කෘෂි ක්ෂේත්‍රය අදාල නව ව්‍යවසාකයින් බිහිකිරීමට අවස්ථාවක් බවත් අමාත්‍යවරයා කීය.

Read More