Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
තැපැල් මගින් මෙරටට එවා තිබූ පාර්සල් පරීක්ෂා කිරීමකදී ඒ තුළ තිබී මරිජුවානා සහ කෘතීමව නිපදවන ලද මත්පෙති ග්‍රෑම් 1406ක තොගයක් සොයාගෙන තිබේ. රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඉදිරිපිටදී කොළඹ තැපැල් තක්සේරු අංශයේ රේගු නිලධාරීන් විසින් මෙම පරීක්ෂාව සිදුකර ඇත. මෙලෙස සොයාගෙන ඇති මත්ද්‍රව්‍ය තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ අසූ පන්දහසක් (14,085,000) බව හෙළිවී තිබේ. ඇමෙරිකාව, කැනඩාව සහ එක්සත් රාජධානිය යන රටවල්වල සිට ලංකාවේ විවිධ පළාත්වල පුද්ගලයින්ගේ ලිපිනයන්ට එවා ඇති බව අනාවරණය වී ඇත. දිගු කාලයක් තිස්සේ නිෂ්කාශනය නොකර තිබීම හේතුවෙන් එම පාර්සල් තොගය මෙලෙස පරීක්ෂාවට ලක්කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය තොගය…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවය. මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී. අද (06)…
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීත්‍යානුකූල මහලේකම්වරයා තමන් බවත් නීත්‍යානුකූලව මහලේකම් කවුරුන්ද යන්න නුදුරු අනාගතයේ දී අධිකරණය විසින් තීන්දු කරනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. සමහරුන් බෝඩ් ගහගෙන මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවාට ඔවුන්ට නීත්‍යානුකුල අයිතියක් නැතැයි කී අමාත්‍යවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස දැන් කටයුතු කරන පුද්ගලයා පිළිනොගන්නා බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇතැයි කීය. ඒ නිසා එම පුද්ගලයාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස පෙනී සිටින්නට සදාචාරාත්මක හෝ නීත්‍යානුකූල අයිතියක් නැතැයි අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 72වන සමුළුව ඉතාමත් ඉහළින් පැවැත්වූ බව කී මහින්ද අමරවීර මහතා අගමැතිතුමන් මෙන්ම හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියත් ඊට සහභාගී…
ඔෂධීය කංසා වගා කිරීමට අවශ්‍ය අනුමැතිය ආයුර්වේද නීති සංග්‍රහයේ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. කංසා පමණක් නොව ඊට වඩා ඖෂධ ගණනාවක් ආනයනය කරන අතර මේවා වාණිජ වගා ලෙස ප්‍රවර්ධනය කළ යුතු බවද නැතිනම් පාරම්පරික වෙදකම නැතිව යන බවද සිසිර ජයකොඩි මහතා කීය. ආයුර්වේද සම්භාහකයන් සහ සම්භාහකාවන් සඳහා “එන්.වී.කිව් ලෙවල් 4” මට්ටමේ පුහුණුවක් දී ආයුර්වේදයේ ලියාපදිංචිය දෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කළේය. බොරැල්ලේ ආයුර්වේද මහ රෝහලේ නම ආයුර්වේද ජාතික රෝහල ලෙස සංශෝධන කරන බවද දේශීය වෛද්‍ය…
නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබේ. අන්තර්ජාලය හරහා සිදුකරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය හා ද්වේශසහගත හැසිරවීම් මගින් සිදුවන හානිවලින් පොදු සමාජය ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් මෙම පනත් කෙටුම්පත හඳුන්වාදී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ඊයේ (04) රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ඒ අනුව පහත සඳහන් ක්‍රියාවන් පනතේ විධිවිධාන මගින් වැරදි වශයෙන් අර්ථ නිරූපණය කර ඇත.
චැනල් 4 නාලිකාව තුලින් ව්‍යාජ වීඩියෝ පට නිර්මාණය කර ශ්‍රීලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපකිර්තියට පත් කිරීම සම්බන්ධයෙන් රටට හිතැති ජනතා සංවිධාය විසින් මේසේ නිවේදනයක් නිකුත් කර ඇත. චැනල් 4 යනු ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ අවසාන සටනේ දී යුද අපරාධ සිදු වූ බවට කොටි ඩයස්පෝරාවේ මුදලට බොරු වාර්තා චිත්‍රපට සමාජ ගත කරන මාධ්‍ය අභිසාරිකාවකි. නැවත ජිනීවා මානව හිමිකම් සමුළුව ළං වෙන නිසා දෝ චැනල් 4 බොරු බේගල් නාළිකාව යළිත් පාස්කු ප්‍රහාරය ගැන අද වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කර ඇත. ඒ සඳහා මෙවර යොදා ගෙන ඇත්තේ ජීවිතාරක්ෂාව පතා ස්විට්සර්ලන්තයට පළා ගියා පිල්ලෙයාන් කල්ලියේ මුදල් කළමණාකරුය. ඔහු පිල්ලෙයාන්ගේ විශාල මුදලක් වංචා කොට ස්විට්සර්ලන්තයට පළා…
වියළි කාලගුණ තත්ත්වයක් තුළ වාරි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වී වැව් අමුනු, ඇල වේලි ප්‍රතිසංස්කරණය කළ යුතු වුවත් පසුගිය දිනවල එවැනි වාරි පුනරුත්ථාපනයක් රට තුළ දක්නට නොලැබුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආණ්ඩුව කළ යුතු දේ විපක්ෂයට කිරීමට සිදුව ඇති බවත් ප්‍රායෝගික ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය බලයක් නොමැතිව වුවත් වසර 40කට පසු කිරිඳිඔය ව්‍යාපාරයේ දකුණු ඇළ පිළිසකර කරමින් මෙරට කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරිමට අදාල දායකත්වය ලබා දීම සිදු කළ බවත් විපක්ෂනායකවරයා සඳහන් කලේය. කිරිදිඔය ව්‍යාපාරය මෙන්ම රටේ කෘෂිකර්මාන්තය නවීකරණයට ලක් කර නූතන ක්‍රමවේදය හා නවීන තාක්ෂණය තුලින් කෘෂිකර්මාන්තය දියුණු කරන බවත් වී සඳහා ස්ථාවර මිල සූත්‍රයක ඇති කර…
ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම ලබන වසරේ ආණ්ඩුවේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පැවැත්වීමට සිදුවන බවත් ලබන වසරේ නොවැම්බර් මස අභිනව ජනාධිපතිවරයා දිවුරුම් දෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (4) පැවසීය. ආණ්ඩුව නොයෙකුත් ව්‍යාජ හේතු දක්වමින් පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ කල්දැමුවත් ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි බව කී ජී. එල්. පීරිස් මහතා ජනාධිපතිවරණය කල්දැමීම ජනමත විචාරණයකින් කළ නොහැකි බව ද සඳහන් කළේය. මහාචාර්ය ජී. එල්. පීරිස් නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (4) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන G-20 සමුළුව සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් සහභාගි නොවන බව ප්‍රකාශ කිරීමෙන් තමාගේ බලාපොරොත්තු සුන් වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. කෙසේ නමුත් චීන ජනාධිපතිවරයා හමුවීමට මඟක් සොයාගන්න බව ඩෙලවෙයාහිදී වාර්තාකරුවන් අමතමින් ඔහු කියා සිටියේය. “I AM A DISSAPOINTED… BUT I AM GOING TO GET TO SEE HIM” අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ලබන 7 වැනිදා සිට 10 වැනිදා දක්වා ඉන්දියාවේ පැවැත්වෙන G-20 සමුළුව සඳහා සහභාගිවන අතර ඉන් අනතුරුව වියට්නාමයේ සංචාරය කිරීමට නියමිතය. චීන ජනාධිපති ෂී ජින්පින් ඉන්දියාවේ පැවැත්වෙන G-20 සමුළුවට පැමිණියහොත් චීන ජනාධිපතිවරයා සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් සිදුවනු ඇතැයි බොහෝදෙනා අපේක්ෂා කළේය.…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නේපාලය අතර පැවැති තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව කඩුලු 10කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායකයා දිනා ගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නේපාල කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි නේපාල ආරම්භක පිතිකරුවන් යුගළ මුල් පන්දුවාර 5දී ලබාදුන් උඩ පන්දු 3ක් ඉන්දීය ක්‍රීඩකයින් අතින් ගිලිහී ගියේය. ඒ අවසරයෙන් ඵල නෙලා ගත් නේපාල අරම්භක පිතිකරුවන් යුගළ පළමු කඩුල්ලට ලකුණු 65ක සබඳතාවක් ගොඩනැගුවේය. අසීෆ් ෂෙයික් ලකුණු 58ක් රැස් කළ අතර සොම්පල් කමි ලකුණු 48ක් රැස් කළේය. ඒ අනුව, නේපාල කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 230ක්…