Author: LANKA24X7

රට ගොඩ ගැනීමට නම් රටට වැඩ කළ හැකි, ලෝකය සමඟ සබඳතා ඇති, ජාත්‍යන්තරය සමඟ බද්ධ වූ දක්ෂ කණ්ඩායමක් අවශ්‍ය බවත් එවැනි කණ්ඩායමක් තමන් සමඟ සිටින බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදි පැවසිය. විපක්ෂයේ සිට පවා ජනතාව වෙනුවෙන් වැඩ කර ඇති එම කන්ඩායම සම්බන්ධයෙන් විශ්වාසය තබන ලෙස විපක්ෂ නායකවරයා සඳහන් කළේය. 67 වැනි සක්වල වැඩසටහන යටතේ රත්මලාන ලලිත් ඇතුලත්මුදලි පාසලට රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස් රථයක් ලබාදීමේ අවස්තාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Read More

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් එයට විරුද්ධව අනිවාර්යෙන්ම ඡන්දය ප්‍රකාශ කරන බවත් පෝය දිනයේ පස්වරුවේ විදුලිය කප්පාදු කිරීම හොඳ තීරණයක් නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය. අත්‍යවශ්‍ය ආහාරවල සහ සේවාවල මිල අඛණ්ඩව ඉහළ යන තත්වයක් යටතේ පොදුජන පෙරමුණේ අපේක්‍ෂයන්ට ජනතාව අතරට යෑමට නොහැකි බව කී ජගත් කුමාර මහතා ඡන්දයකට යෑමට නම් අනිවාර්යෙන්ම ජනතාව මත ඇති පීඩනය අඩුකළ යුතු බව ද සඳහන් කළේය. විදුලි ගාස්තු, අත්‍යවශ්‍ය භාණ්ඩ වන බිත්තර සහ දරුවන්ගේ පාසල් පොත්පත්වල මිල ඉහළ යෑම ආදිය පාලන කිරීම අනිවාර්යෙන් කළ යුතු බවත් ඇමතිවරයා මැදිහත් වී ආනයනික බිත්තරයක් රුපියල් 25…

Read More

අලුත් පක්ෂයක් ලෙස අලුත් ලකුණකින් තරඟ කිරීමට නිදහස ජනතා සභාව සූදානම් වෙනවා. ඉදිරි පැය 48 තුලදී ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය. පළාත් පාලන මැතිවරණය විපක්ෂය අරගල කර ලබා ගත් එකක්.මැතිවරණය තියන්න අවශ්‍ය බවට බල කළේ විපක්ෂයයි. ඒ සදහා විපක්ෂයේ පක්ෂ 23 ක් ඒකරාශී කරගෙන එකමුතුව හැදුවේ නිදහස ජනතා සභාවයි. නාමයෝජනා භාරදීමෙන් පසුවත් මේ මැතිවරණය කල්දැමීමට උත්සාහ කරාවිදැයි අපි සිතනවා. නාමයෝජනා බාරදීමට දින කැදවා තිබෙනවා. ඒ නිසා මැතිවරණ කොමසාරිස් ජනරාල්තුමාටවත් කොමිසමටවත් පළාත් පාලන මැතිවරණය නොතබා යලි හැරෙන්න බැරි වේවි යැයි අපි සිතනවා. නිදහස ජනතා සභාව ලෙස අපි සියලු ප්‍රගතිශීලී බලවේග හා පක්ෂ සමග…

Read More

හසලක ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයකු නිවසට අළුයම් කාලයේ ඇතුළු වූ සොරකු මදුරු දැලේ කොටසක් කපා ඇඳමත නිදා සිටි පොලිස් සැරයන්වරයාගේ බිරිය පැළඳ සිටි රන් මාලය කඩාගෙන පලාගොස් ඇතැයි හසලක පොලිසිය පවසයි. සැරයන්වරයාගේ බිරිඳ සමග ඇගේ දරු දෙදෙනා ද නිදාගෙන සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි. කාමරේ ග්‍රිල් ගලවා ගෙට ඇතුළුව ඉතාම සූක්ෂම ආකාරයට ඇයට නොදැනෙන ආකාරයට ගෙල බැඳි රන් මාලය කඩාගෙන ගොස් ඇතැයි පොලීසිය පැවසීය. මෙම රන් මාලය කඩාගෙන යෑම සිදු කරන කාලයේ පොලිස් සැරයන්වරයා රාජකාරිය සඳහා පිටව ගොස් සිට ඇතැයිද පොලිසිය කීය.

Read More

බෙන්තොට කහගල්ල වඩුමුල්ලේ දේවාලයක කපුවකු දේවාරූඪයෙන් ශරීරය අභ්‍යන්තරයේ ලෙඩ සුවකරන මුවාවෙන් බාල වයස්කාර දැරියකගේ ශරීරය පුරාඉඳිකටුවලින් රුධිරය පිටතට එන තෙක් දුරුකර ලිංගික හිංසනයක් සිදුකර ඇතැයි ,බෙන්තොට පොලිසිය කියයි. මෙම සිද්ධියට මුහුණ පා ඇති දැරිය සිය මව හා නැන්දණිය සමග බෙන්තොට වඩුමුල්ල දේවාලයට පැමිණ ඇති අතර දැරිය ගේ පියා සහ මෙම යකදුරා කලක පටන් දැන හඳුනන අය බවත් ඒ විශ්වාසය මත දැරියගේ ශරීර අභ්‍යන්තරයේ ඇති රෝගයක් සුව කර දීමට දෙපාර්ශවය එකඟතාව මත සැකකාර කපුවා අවස්ථා තුනකදී රුපියල් ලක්ෂ දෙකක මුදලක් ද ලබාගෙන මොවුන් බෙන්තොට දේවාලයට ගෙන්වා ඇත. එහිදී එම දැරියගේ ශරීර අභ්‍යන්තරයේ භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි කිසියම් රෝගයක් තිබෙන බැවින්…

Read More

ATM යන්ත්‍ර 3ක් කඩා රුපියල් ලක්ෂ 110 කට ආසන්න මුදලක් සොරාගත් බල්ගේරියානු ජාතිකයින් දෙදෙනා, කැනේඩියානු ජාතිකයා සහ ඔවුන්ට සහාය දුන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ජනවාරි මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. අත්අඩංගුවටගත් සැකකරුවන් පස්දෙනා බද්දේගම මහසේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබාදී ඇත.

Read More

එක්වරක් පමණක් ප්‍රයෝජනයට ගත හැකි ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු, පිඟන් සහ ට්‍රේ තහනම් කිරීමට එංගලන්ත රජය නියෝග කර තිබේ. එම තහනම ක්‍රියාත්මක වන්නේ කවදා සිටද යන්න සම්බන්ධයෙන් පැහැදිලි නැති අතර මේ වනවිට එවැනි තීරණ ස්කොට්ලන්ත යේ සහ වේල්සයේ ක්‍රියාත්මකය. එරට පරිසර අමාත්‍ය තෙරෙසේ කොෆි පැවසුවේ රජය එම තීරණය ගනු ලැබුවේ අනාගත පරපුර සඳහා පරිසරය ආරක්ෂා කිරීමට බවය. වරක් භාවිත කළ හැකි පිඟන් බිලියන 1.1ක් සහ හැඳි ගෑරුප්පු බිලියන 4ක් පමණ වාර්ෂිකව එංගලන්තයේ භාවිතයට ගැනෙයි.

Read More

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණවේ. කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ වැඩිවිය හැක. කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු විය හැක. ගිගුරුම් සහිත වැසි…

Read More

වතු කම්කරුවන්ගේ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වන විශේෂ නීති ගෙන එන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. වතු කම්කරුවන් මෙරටට පැමිණ වසර දෙසියක් ගත වීම නිමිත්තෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සම්බන්ධයෙන් වතු වෘත්තීය සමිති නියෝජිතයින් සමග අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අදාළ නීති සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබේ. අය වැය යෝජනා අනුව මෙම වසර තුළදී එක් කම්කරු නීති සංග්‍රහයක් සකස් කරන අතර වතු කම්කරුවන් සඳහා වන විශේෂ නීති එයට ඇතුළත් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. කම්කරු‌ දෙපාර්තමේන්තුව විසින් වතු කම්කරුවන්ට යවනු ලබන ලිපි සිංහල භාෂාවෙන් යොමු කිරීම හේතුවෙන් සිය ගැටලු විසඳා ගැනීමට…

Read More

‍දුම්රිය බලධාරීන් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව අතර අද (10) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා පැවසුවේ, විශ්‍රාම ගිය දුම්රිය සේවකයින් කොන්ත්‍රාත් පදනමෙන් යළි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිත බවය. එහිදී සේවයේ අවශ්‍යතාව මත‍ ඔවුන්ව කොන්ත්‍රාත් පදනමෙන් යළි සේවයේ පිහිටුවීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය අද ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේය. පසුගිය මස 31 වනදා දුම්රිය සේවයේ 450ක පමණ පිරිසක් විශ්‍රාම ගිය අතර සේවකයින් 400ක පමණ පිරිසක් නැවත අත්‍යාවශ්‍ය සේවා සඳහා කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

Read More