Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මහතාගේ මරණයට සතියක දෙකක කාලයක් තුළ දිනකට කිහිප වතාවක් නිවිති යෙදූ සුප් සහ තැඹිලි වතුර බීමට ලබාදුන් බව තමාට දැනගන්නට ලැබුණු බැවින් එතුමාගේ මරණය සම්බන්ධයෙන් සැකයක් ඉපදී ඇතැයි ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ ඇත්මඩලගේ ජූඩ් මාකෝ පෙරේරා මහතා සාක්ෂි ලබාදෙමින් ලබා දෙමින් ඊයේ (03) අධිකරණයේ දී පැවසීය. ලලිත් කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය ඊ (03) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතා ඉදිරියේ පැවැත්වූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි. එහිදී සාක්ෂි ලබා දුන් පළමු සාක්ෂිකාර පෙරේරා මහතා සාක්ෂි දෙමින් සඳහන් කළේ කොතලාවල මහතාගේ මරණය ස්වාභාවික මරණයක් ලෙස පෙනෙන පරිදි නීතීඥවරුන් කණ්ඩායමක් ඇතුළු කිහිපදෙනෙක් සැලසුම්…
ඉන්දියාවේ නවදිල්ලිහි රෝහිණී නගරයේ පැවැත්වෙන ‘‘ එක්සත් ලෝක විවාහක රූ රැජින-2023’’ (Mrs unity world-2023) තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව විවාහක රූ රැජිනක වන චාමිකා විතානවසම් මහත්මිය හිමිකරගෙන ඇත. මෙහි අවසන් තරගය 6 වැනිදා රෝහිණී නගරයේ ක්‍රවුන් ප්ලාසාහිදී පැවැත්වේ. තරාවලිය සඳහා චාමිකා පෙරේදා (නොවැ: 02) ඉන්දියාව බලා පිටත්ව ගියාය. මෙහිදී ඇයගේ ජාතික අධ්‍යක්ෂ ලෙස ඉන්දීය ජාතික අමිත් කුමාර් මහතා කටයුතු කරයි. චාමිකා මීට පෙර මියන්මාරයේ පැවති ‘‘ජාත්‍යන්තර විවාහක රූ රැජින’’තරගාවලිය නියෝජනය කළ අතර එහිදී බොහෝ දෙනාගේ ප්‍රශංසාවට හා ගෞරවයට ලක්විණි. මෙවර ‘‘එක්සත් ලෝක විවාහක රූ රැජින ’’තරගාවලිය සඳහා රටවල් රැසක විවාහක රූ රැජිනියෝ’’ විශාල සංඛ්‍යාවක් තරග වදිති.
මෙරට භූමියේ සහ සාගරයේ ආරක්ෂාව පිළිබඳ උපාය මාර්ගික සැලැස්මක් සැකසීම සඳහා ජනපති පත් කළ කමිටුවේ පළමු වාර්තාව මාස හයක් අැතුලත ලබා දෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක සාගල රත්නායක මහතා උපදෙස් දී තිබේ. සාගල රත්නායක මහතා මෙම උපදෙස් දෙනු ලැබූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ ආරක්ෂක සමලෝචන කමිටු රැස්වීමේදීය. රටේ අනාගත ආරක්ෂාව තහවුරු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ වගකීම ද පවරමින් කැබිනට් අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් ඉහත කමිටුව පත් කර ඇත. විශ්‍රාමික මේජර් ජනරාල් චන්න ගුණතිලක මහතාගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත් කර ඇති අතර විශ්‍රාමික ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් මෙන්ම විදේශ ආත්‍යාංශයේ හා මුදල් හා ආර්ථික…
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයකු සහ නීතිඥවරියක අතර සිදුවී ඇතැයි පැවසෙන ගුටි බැට හුවමාරුවක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය පරීක්ෂණයක් අරඹා ඇත.w එම අධිකරණ පරිශ්‍රයේදී මේ සිද්ධියවී ඇතැයි පැවසෙන්නේ පෙරේදා(2) දහවල් කාලයේදීය. ගුටිබැට හුවමාරුවෙන් පසු එම දෙදෙනාම රෝහල්ගතවී සිටින බව කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. නඩු බෙදා ගැනීම පිළිබඳ කාරණයක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමකින් පසු මෙම ගුටිබැට හුවමාරුව සිදුවී ඇතැයි දැනට කරන ලද මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇති බවද ඔහු සඳහන් කළේය. එම අධිකරණයේ නීතිඥවරුන් දෙදෙනකු අතර මීට මාසයකට පමණ පෙරදීද නඩු බෙදා ගැනීම පිළිබඳ කාරණයක් මත ගුටි බැට හුවමාරුවක් සිදුවූ බව පොලිසිය පවසයි.
සමෘද්ධිලාභීන්ගේ අනිවාර්ය ඉතුරුම් ගිණුමවල පවතින රුපියල් කෝටි 5359 කට වැඩි මුදලක් රජයේ විවිධ අවශ්‍යතා සඳහා ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. මෙම මුදලින් රුපියල් කෝටි 5329ක් (පොලී සහිතව) 2022 වසරේදී තවදුරටත් අයවීමට තිබූ බවද එම වාර්තාවේ දැක්වේ. මේ අතර ප්‍රතිලාභීන්ට සහනාධාර ගෙවීම් කිරීමෙන් පසු ඉතිරි වූ රුපියල් කෝටි 17 ක මුදලක් 2022 වර්ෂයේ දෙසැම්බර් 31 වනවිටත් අරමුදල වෙත නිදහස් නොකර පොදු තැන්පත් ගිණුමේ රඳවා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. වසර 2 කට වඩා පැරැණි අය විය යුතු ණය ශේෂ වලින් 2022 වර්ෂයේදී අය කරගෙන තිබුණේ රුපියල් ලක්ෂ පහක් පමණක් බවද වාර්තාවේ දැක්වේ. නිලධාරීන් පිරිසකට රැපියල් දෙලක්ෂ…
කල්කුඩා පොලිසියට අයත් ජිප් රථය බීමතින් ධාවනය කර වාලච්චේන ධීවර වරාය ආසන්නයේදී නිවසක තාප්පයක සහ එම නිවස ඉදිරිපිට නතර කර තිබූ වෑන් රථයක හප්පා අනතුරක් කළ බව කියන පොලිස් කොස්තාපල් රියදුරයකු වාලච්චේන පොලිසිය විසින්සැකපිට අත්අඩංගුවට ඇත. මෙම අනතුරින් පොලිස් ජිප් රථයට ද දැඩි ලෙස හානි සිදුවී ඇතැයි වාලච්චේන පොලිසිය පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. කොස්තාපල් රියදුරාට බීමත්කම නිසා ජිප් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී තිබෙන බව පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල් රියදුරා වාලච්චේන රෝහලේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එම වෛද්‍යවරයා ඔහු පරීක්ෂාකර බලා බීමත්ව සිටින බව සඳහන් කරමින්…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම සබරගමුව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම,වවුනියාව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති විය හැකිය. සෙසු පදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේ වැසි ඇති වේ.
රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් නේපාලය කැලඹිණි. මියගිය ගණන 128 ක් බව පැවැසෙයි. තුවාල ලැබූ ගණන 100 කි. තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් පුළුල් කළ යුතු බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය පවසයි. ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බලශක්තිය එම ආර්ථිකයේ මූලික අංගයක් කළ හැකි බවය. ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ (01) පැවති ඉන්දු – ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවකට එක්වෙමිනි. නිර්මලා සීතාරාමන් – ඉන්දීය මුදල් අමාත්‍ය “අප පොදු අභිලාෂයක් සහිත ක්ෂේත්‍ර කඩිනමින් හඳුනාගත යුතු අතර ඒ සඳහා කාලය අපතේ යැවිය නොහැකියි. මම එහෙම කියන්නේ ඉන්දියාව ශීඝ්‍රයෙන් සංවර්ධනය ලබන ආර්ථිකයක් නිසා. අපේ සාර්ව ආර්ථික තත්ත්වය ශක්තිමත් බව ප්‍රදර්ශනය කර ඇති අතර, විශ්වාසය ගොඩනංවා… වර්ධනයක් ලැබීමට එය ඉවහල් වී තිබෙනවා. ශ්‍රී ලංකාවටත් එය අවශ්‍යයි.”…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමෙන් දියත් කර ඇති වැඩවර්ජන මාලාව තාවකාලිකව නතර කිරීමට මීට සුළු මොහොතකට පෙර තීරණය කර තිබේ. රජය පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසීය. අද දිනයේ උතුරු පළාතේ රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක කර තිබුණි. සෞඛ්‍ය පද්ධතියේ බිඳවැටීම යම් මට්ටමකින් හෝ සමනය කරගැනීම සඳහා වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට රජය මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණි.
