Author: LANKA24X7

ශ්‍රී ලංකාව වැනි රටවල්වල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම්වලට දේශීය ණය ඇතුළත් කිරීම ගැන සාකච්ඡා කිරීම සඳහා ඉදිරි සතියේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම වටමේස සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්, ලෝක බැංකු නියෝජිතයින්, G20 කණ්ඩායමේ රටවල්වල නියෝජිතයින් ඇතුළු ලොව ප්‍රධාන ආර්ථිකයන් නියෝජනයකරමින් නියෝජිතයින් එක්වීමට නියමිතව ඇත.

Read More

උසස්පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල වරම් හිමිව සතුට සැමරූ දරුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතය හැරගිය පුවතක් කුරුණෑගල රණවන ප්‍රදේශයෙන් වාර්තාවෙයි. කුරුණෑගල රණවන ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා මනුජ හංසමල් ජයතිලක නම්වෙයි. කුරුණෑගල මලිය⁣දේව විදුහලේ උසස් පෙළ ගණිත අංශයෙන් හැදෑරු ඔහු මෙවර උසස්පෙළ විභාගයෙන් සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් හිමිකරගෙන ඇත. දෙවන වර විභාගයට උසස්පෙළ විභාගයට මනුජ නැවත වතාවක් පෙනී සිටින්නේ පළමු වර විභාගයේ ප්‍රතිඵලවලින් ඔහු සෑහිමකට පත් නොවූ නිසාවෙනි. එම කාලසීමාව අතරේ ඔහු කුරුණෑගල මල්ලවපිටිය රජයේ බැංකුවක තාවකාලික පදනම මත ලිපිකරුවෙකු ලෙස සේවයේ නිරතව සිට තිබේ. ප්‍රතිඵල පැමිණීමත් සමඟ සිය මිතුරන් සමග සතුට සැමරූ මනුජ තමන් රාජකාරී කරන බැංකුවේ සිටි සියලුදෙනාටද සංග්‍රහයක්…

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදි සිදු කළ පිරිස් එම වැරදි පිළිගන්නේ නම්, සමාව දීමට සූදානම් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. උන්වහන්සේ මේ බව කියා සිටියේ, කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ අද (18) පැවති දේව මෙහෙයකට එක්වෙමිනි.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක පමණ තරමක් තද වැසි ද ඇති විය හැකිය. අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව වාර්තා වේ. මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්ය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් විටින් විට හමන…

Read More

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි ව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව මීට වැඩි ඡන්ද 40කින් පරාජයට පත් විය. යෝජනාවට විරුද්ධ ව ඡන්ද 113ක් හිමි වූ අතර, විශ්වාසභංග යෝජනාවට පක්ෂ ව හිමි වූයේ ඡන්ද 73ක් පමණි. සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු යෝජනාවට පක්ෂ ව ඡන්දය ලබා දුන්හ.

Read More

“G77 කණ්ඩායම සහ චීනය” රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි සතියේ දී කියුබාව බලා පිටත්ව යාමට නියමිතය. “වත්මන් සංවර්ධන අභියෝග හමුවේ විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනයේ කාර්යභාරය” මැයෙන් “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව 2023 සැප්තැම්බර් 15 සහ 16 දෙදින කියුබාවේ හවානා නුවර දී පැවැත්වේ. “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවේ වත්මන් සභාපති, කියුබානු ජනාධිපති මිගායෙල් ඩියෙස් කැනල් (Miguel Diaz-Canel) මහතාගේ නිල ආරාධනයක් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගී වෙයි. මෙම රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කියුබානු ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීම සඳහා නිදහස ජනතා සන්ධානයේ මන්ත්‍රීවරු ඊයේ (7) ලිපියකට අත්සන් තැබූහ. හෙලිකොප්ටරය ලකුණින් පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් නිදහස ජනතා සන්ධානයේ විධායක කමිටු රැස්වීමක් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්වුණු අතර එහිදී මෙම ලිපියට අත්සන් තබා තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාටද මෙම රැස්වීමට ආරාධනා කර තිබිණි. මෙම රැස්වීම සඳහා තිලංග සුමතිපාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහචාර්ය ජී.එල් පීරිස්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල,මහාචාර්ය චරිත හේරත්,වීරසුමන වීරසිංහ මහත්වරු ද අතුරලියේ රතන හිමි…

Read More

නව දුෂණ විරෝධි පනත මේ මස 15 වනදා සිට ක්‍රියාත්මක කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඒ සඳහා අදාළ ගැසට් පත්‍රය ද ඉදිරියේ දී පළ කිරීමට නියමිත බව ඔහු අවධාරණය කරයි. නව දූෂණ විරෝධී පනත සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහි දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, දැනට පවතින අල්ලස් නීතිය ක්‍රියාත්මක වූයේ රාජ්‍ය අංශයට හා දේශපාලඥයන්ට පමණක් බවත් නව පනත තුළින් පෞද්ගලික අංශයේ දූෂණ සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කිරීමේ හැකියාව පවතින බවත්ය. එමෙන්ම දැනට පවතින අල්ලස් හෝ දුෂණ…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසිද ඇති වෙයි. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ද ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වෙයි. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි. මධ්‍යම…

Read More

මාලි රාජ්‍යයේ ගංඟාවක යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක ගමන් කරමින් සිටි පිරිසකට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයකින් සිවිල් වැසියන් 49 දෙනෙකු මියගොස් තිබේ. එරට අන්තර්වාර රජය ප්‍රකාශ කළේ, ඉස්ලාමීය සටන්කාමීන් විසින් ප්‍රහාරය එල්ලකර ඇති බවය. එමෙන්ම හමුදා කඳවුරකට එල්ලවු ප්‍රහාරයකින් ද හමුදා නිළධාරීන් 15 දෙනෙකු මියගොස් තිබේ. එම ප්‍රහාරය අතරතුර සටන්කාමීන් 50 දෙනෙකු පමණ මියගොස් ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි. මේ අතර මාලි රාජ්‍යයේ දින 03ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. 2020 වසරේ සිට එම රාජ්‍යය හමුදා පාලනයක් යටතේ ක්‍රියාත්මකය.

Read More