Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සුරාබදු පනත සංශෝධනය කිරීමට කඩිනමින් පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, මේ වනවිට සුරාබදු පනතේ බොහෝ අඩුපාඩු පවතින බවයි. එම අඩුපාඩු සංශෝධනය කරමින්, ඊට කඩිනමින් සංශෝධන ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය. “සුරාබදු ආඥා පනත අපේ රටේ තියෙන ඉතාම පැරණි ආඥා පනතක් අවුරුදු 100කටත් වැඩියි. මේක වරින් වර ඒ යුගයේ අවශ්‍යතා මත සුරාබදු නිවේදන 1,000කට වැඩි ප්‍රමාණයකින් යාවත්කාලීන කරගත්ත පනතක්. ඉතින් ඒ නිසා මේකට විශාල පැලැස්තර ප්‍රමාණයක් අලවාගත්ත රෝගියෙකු වගේ. පනතෙන් ආවරණය කරපු ආවරණයන් අද ප්‍රමාණවත් නැහැ. කෙළවරක් නැති සිදුරු නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේ සිදුරු සියල්ල වසලා…
කුලවද්දාගත් දරුවකු හදාවඩා ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට නිවාඩු ලබාදීම සඳහා විශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ. දරුවෙකු හදාවඩා ගැනීම විශේෂ අවස්ථාවක් සේ සලකා උපරිම මාස 04ක කාලයක් සඳහා අඛණ්ඩව රාජ්‍ය නිලධාරිනියකට නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛයෙන් දැනුම් දී ඇති බව සඳහන්ය. එම නිවාඩුව සඳහා ඉල්ලුම් කිරීමට හදා වඩා ගැනීම සඳහා ලබාගන්නා දරුවාගේ වයස මාස 10කට අඩුවිය යුතු අතර, එම දරුවාගේ උප්පැන්න සහතිකයේ සත්‍ය පිටපතක් ඉදිරිපත් කළයුතු බව එම චක්‍රලේඛයේ සඳහන් වෙයි. ඒ අනුව, වැටුප් සහිත නිවාඩු, අඩ වැටුප් සහිත නිවාඩු සහ වැටුප් රහිත නිවාඩු වශයෙන් උපරිමය මාස 04ක කාලයක් සඳහා කුලවද්දාගත් දරුවෙකු හදා වඩාගැනීම වෙනුවෙන්…
පළාත් පාලන ආයතනවල අනියම් ආදේශක සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කම්කරුවන් සියලු දෙනා ස්ථීර කිරීමට පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මේ වනවිට දිවයින පුරා පළාත් පාලන ආයතනවල එවැනි කම්කරුවන් 8,000ක් පමණ සිටින බවයි. එම කම්කරුවන් ස්ථීර කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබේ. අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව පළාත් පාලන ආයතනවල සේවය කරන අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කම්කරුවන් ස්ථීර කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය. මේ අතර,…
ඊයේ (09) දහවල් කාලයේ පිටිගල පොලිස් වසමට අයත් තොටුපොළ පාර, බෙන්තර ගං ඉවුරේ තිබී පිරිමි මළසිරුරක් හමු වී තිබේ. මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත්, මළසිරුර වයස අවුරුදු 40ත් 50ත් අතර වයසේ පසු වන තැනැත්තකුගේ බවට අනුමාන කළ හැකි බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ, උස අඩි 05යි අඟල් 04ක පමණ පුද්ගලයකු වන අතර, නිල් පාට ඉරි සහිත අත් කොට කමිසයක් හැඳ, යටිකය නිරුවත් ව සිට ඇත. මළසිරුර ඇල්පිටිය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පිටිගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීම සඳහා ගිය වෛද්‍යවරුන් පිරිසක් අකරතැබ්බයකට මුහුණදුන් පුවතක් මඩොල්සිම ප්‍රදේශයෙන් වාර්තා වුණි. එම වෛද්‍යවරු ගමන්ගත් මෝටර් රථයක් මතට රූස්ස ගසක විශාල අත්තක් කඩාවැටීම හේතුවෙන් අනතුරක් සිදුව ඇති බවය. එම අනතුරින් තුවාල ලැබු වෛද්‍යවරයෙක් කඩිනමින් රෝහල් ගතකළ බව මඩොල්සිම පොලීසිය පැවසීය. එලෙස අනතුරට ලක්ව ඇත්තේ, රාගම රෝහලේ සේවය කරන 38 හැවිරිදි වෛද්‍යවරයෙකි. විශ්වවිද්‍යාලයේ මිතුරන් වන වෛද්‍යවරු අට දෙනෙක් ඊයේ (09) පස්වරුවේ මෝටර් රථ දෙකකින් පුංචි ලෝකාන්තය නැරඹීමට යමින් සිටියදී මඩොල්සිම කොකාගල ඩීන්වත්ත ප්‍රදේශයේදී මාර්ගය ආසන්නයේ තිබෙන ගසක අත්තක් මෙසේ එක් මෝටර් රථයක් මතට කඩාවැටී තිබේ. එම අනතුරෙන් තුවාල ලැබූ වෛද්‍යවරයා මැටිගහතැන්න රෝහලට ඇතුළත් කර හදිසි ප්‍රතිකාර ලබාදීමෙන් පසු…
මොරොක්කෝවේ ඊයේ (09) හටගත් භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 2,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ. ඛේදවාචකයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සඳහන් වන අතර, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන පරිදි ඒ අතර බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් 1,400ක් පමණ සිටින බව වාර්තා වේ. බරපතළ තුවාල සිදු ව ඇත්තේ, මරකේෂ් නගරයට දකුණින් පිහිටි පළාත්වල පුද්ගලයන්ටය. මොරොක්කෝ ඛේදවාචකය හේතුවෙන් එරට හය වැනි මොහොමඩ් රජු දින තුනක ජාතික ශෝක කාලයක් ද ප්‍රකාශ කර ඇත. දිවි ගලවා ගත් අයට නවාතැන්, ආහාර සහ වෙනත් උපකාර සඳහ රජය කඩිනමින් මැදිහත් වන අතර, බොහෝ පුද්ගලයෝ එළිමහනේ සිය දෙවැනි රාත්‍රිය ගතකිරීම සඳහා සූදානම් වෙති.…
අපොස උසස් පෙළ විභාගය (2023) ලබන නොවැම්බර් මස පැවැත්වීම නැවත එම විභාගයට පෙනී සිටින දරුවන්ට කරන අසාධාරණයක් බවත් ඒ අනුව ඔවුන්ට විභාගයට සූදානම් වීමට දින 100 කට අඩු කාලයක් පමණක් ලැබෙන බවත් විභාග අපේක්‍ෂකයෝ චෝදනා කරති. පසුගිය විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල වරම් හෝ එසේත් නැත්නම් ඉලක්ක පීඨයට සුදුසුකම් ලැබීම නොහැකි වීමෙන් දැඩි මානසික පීඩනයකට පත්ව සිටින බවත් සාධාරණය ඉටුකිරීමට ජනාධිපතිවරයා මැදිහත්විය යුතු බවත් ඔවුහූ පවසති. විභාග ප්‍රතිපළ නිකුත් කිරීමට ප්‍රමාද වීම දරුවන්ගේ වරදකින් වූ දෙයක් නොවන බව කියන විභාග අපේක්‍ෂකයෝ එම ප්‍රමාද වූ කාලය නැවක විභාගයට පෙනී සිටින දරුවන්ට දීම බලධාාරීන්ගේ වලකීමක් බව ද සඳහන් කරති.
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ සැලසුම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊ (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. වසර හතරකට පසුව මෙරට උසස් පෙළ සමත් සිසුන්ගේ ප්‍රමාණය 63%කින් ඉහළ ගොස් තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී කලා විෂය ධාරාව හදාරන සිසුවාටත් විද්‍යාවේදී උපාධියක් ලබාගැනීමට හැකි අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම පිළිබඳ අවධානය යොමු කර තිබෙන බවද රාඝවන් මහතා කීය.
එක්සත් ජාතික පක්ෂයේ 56 වන සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඔක්තෝම්බර් මස 21 සෙනසුරාදා පස්වරු 2 ට පැවැත්වීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (8) තීරණය කළේ ය. එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ඊ පස්වරුවේ රැස් විය. පක්ෂය සම්මේලනය සැප්තැම්බර් 10 වැනිදා පවත්වන්නට මීට පෙර තීරණය කර තිබූ අතර වර්ෂා සහිත කාලගුණය නිසා එය කල් දැමීමට පසුව තීරණය කෙරිණි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබි තිබිය දී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කෙරිණි. ඒ, කොළඹ මහාධිකරණය දුන් තීන්දුවකට අනුවයි. එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (08) දින නියමයක් නොමැතිව කල් තැබූ බව වාර්තා වේ. අදාළ පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ ඊයේ විභාගයට ගැනිණි.