Author: LANKA24X7

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියුබාවේ සහ අමෙරිකානු සංචාරයක් සඳහා අද (13) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබේ. ජනාධිපතිවරයා කියුබාවේ හවානා නුවර ලබන 15 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වෙන ජී. 77 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට නියමිතය. අනතුරුව ලබන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 19 සිට 21 වනදා දක්වා අමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ද නියමිතව තිබේ. “අද දෙරණ” ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ, ජනාධිපතිවරයා ඇතුළු දුතපිරිස අද අලුයම 03.15ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 649 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බවය. ඩුබායි සිට ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස…

Read More

අද (13) උදෑසන කාර්යාල දුම්රිය ගමන් වාර 40ක් පමණ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. කොළඹ කොටුව දක්වා උදෑසන දුම්රිය ගමන් වාර 15ක් සහ පුත්තලම් මාර්ගයේ සිට කොළඹ දක්වා උදෑසන දුම්රිය ගමන්වාර 04ක් ද ධාවනය කිරීමට නියමිතය. කැලණිවැලි මාර්ගයේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන් වාර 4ක් සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 17ක් ධාවන කෙරෙනු ඇත. දුර පළාත්වල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ද සහිතව කාර්‍යාලය සේවය සඳහා ගමන් ගන්නා මගීන් වෙත ගමන් වාර යෙදවීමට ද සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්.ජේ. ඉඳිපොලගේ…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

මෙරට මුහුදු සීමාවට පැමිණෙන නෞකාවලින් තෙල් කාන්දුවීම් සිදුවන්නේ දැයි චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ. ප්‍රංශ රජය සහ ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අතර එම ගිවිසුමට අත්සන් තබා ඇති බව වාර්තා වෙයි. මෙරට මුහුදු තීරයට පැමිණෙන නෞකාවලින් තෙල් කාන්දුවීමේ සිදුවීම් පසුගිය සමයේ වාර්තා වූ අතර ඉන් මෙරට සමුද්‍ර ජීවින්ට සහ සමුද්‍ර පරිසර පද්ධතියට දැඩි බලපෑම් එල්ල වුණි. ඒ හේතුවෙන් මෙම තත්ත්වයන් නිරික්ෂණය කිරීමට අවධානය යොමුව ඇති අතර ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද දිනයේ සිදුකෙරුණි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබේ. පැයක පමණ කාලයක් දෙපාර්ශවය අතර මෙම සාකච්ඡා පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමකට කැබිනට් අමාත්‍යධුර ලබා දෙන ලෙස සිදුකරන ලද ඉල්ලීමකට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් සාධනීය ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෑත කාලීනව ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡා පැවතියේ නැත. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී ඉදිරි අයවැය සම්බන්ධයෙන් සාකච්ඡාවකට ලක් ව ඇති අතර සහන ලබාදීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා කර තිබේ. එමෙන් ම ඉදිරි දේශපාලනික කටයතු සම්බන්ධයෙන් ද සාකච්ඡා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග…

Read More

ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් සන්තකයේ තබාගැනීමට එරෙහිව ශෂී වීරවංශ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව ඔක්තෝබර් මස 31 වනදා යළි කැඳවන ලෙස අධිකරණය නියම කළේය. පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා ඇතුළු සාක්ෂිකරුවන් දෙදෙනාට එදින අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට දැනුම්දුනි. එදින නඩුවට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට ද විත්තියට ඉඩ ලබාදුනි. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේදී මෙලෙස ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් භාවිත කළේ යැයි ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට චෝදනා ඉල්ලවී තිබේ. කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හමුවේ අද (12) නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනී…

Read More

ශක්තිමත් බදු ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන තෙක් සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය (SVAT) ඉවත් කිරීම අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බවට පෙනී ගොස් තිබේ. ඒ අනුව එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය ඉවත් කිරීමට අදාළ විධිවිධාන ක්‍රියාත්මක වන දිනය 2025.04.01 ලෙස සංශෝධනය කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Read More

දේශීය වශයෙන් විදුලි වාහන නිෂ්පාදනය සහ එකලස් කිරීම දිරිගැන්වීම වෙනුවෙන් ඊයේ (11) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණ කිහිපයක් ගෙන තිබේ. ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 50ක අවම ආයෝජනයක් විදුලි වාහන සහ ප්ලග්-ඉන් දෙමුහුන් විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තය සඳහා යොදවනු ලබන ආයෝජකයින්ට බදු සහන සැපයීමට නියමිතය. 500kw දක්වා බල ශ්‍රේණිගත කිරීමක් සහිත විදුලි වාහන, විදුලි ද්වි රෝද රථ සහ 3000cc දක්වා එන්ජින් ධාරිතාව සහිත ප්ලග්-ඉන් දෙමුහුන් විද්‍යුත් වාහන එකලස් කිරීම සඳහා නවීන අර්ධ වශයෙන් එකට එකතු කරන ලද (Semi-Knockde – Down/SKD) කට්ටල ආනයනය කිරීමේදී CIF අගය මත ශුන්‍ය තීරුබදු (0%) ගාස්තුවක් පැනවීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.…

Read More

සිනමා ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. එහි සභාපති චාලක ගජබාහු මහතා සඳහන් කළේ, ඉන්දියානු සිනමාව මෙරට තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති චාලක ගජබාහු මහතා එම අදහස් පළ කළේය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති චාලක ගජබාහු මහතා, “ඉන්දීය සිනමාව කියන්නේ ලෝකයේ තියෙන ලොකුම සිනමා ව්‍යාපෘතිය. අපේ ඇත්තටම ඕනේකම තියෙන්නේ ඉන්දියන් සිනමා කර්මාන්තය අවුරුද්දකට 2,000ට වැඩිය ටීවි ශෝස් හදනවා දැන් ඕටීටී ප්ලැට්ෆෝම්වල, නෙට්ෆිලික් ද ප්‍රයිම ද, ඩිස්නිවල ද ඔක්කොම දැන් ඉන්දියන් ටීවි…

Read More

රට තුළ ආර්ථික වශයෙන් යම් ස්ථීරභාවයක් ඇති වුව ද ඵලදායී ආර්ථික වර්ධනයක් පෙන්නුම් නොකරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්‍ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, බැංකු පොලී අනුපාතය සැලකිය යුතු මට්ටමින් පහත දැමීමක් මෙතෙක් සිදු කර නොමැති බවයි. මේ පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ ආචාර්‍ය ප්‍රියංග දුනුසිංහ, “අපිට දකින්න නැහැ තාම වෙළෙඳපොළ පොලී අනුපාතයන් පහළට ඇවිල්ලා ණය ගලාගෙන යාමක් අපිට පෙනෙන්ට නැහැ. බැංකු අංශ තාමත් පොලී අනුපාත ඉහළ මට්ටමක පවත්වාගෙන යන තත්ත්වයක් තමයි පවතින්නේ. ඒ නිසා එලදායි විදිහට ප්‍රත්පත්ති කරන හරහා ආර්ථික වර්ධනය ඇති කරන්න තාමත් අපි අසමත් වෙලා පවතිනවා. ඇත්තටම ප්‍රතිපත්තිකරණය හරහා ආර්ථිකය තුළ…

Read More