Author: LANKA24X7

විශ්‍රාමික පාරිතෝෂිතය ගෙවීම සඳහා අවශ්‍ය මුදල් මේ වනවිට මුදල් අමාත්‍යාංශයෙන් ලැබී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අද (10) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ මෙම විශ්‍රාමිකයින් ලැබූ විශාල ජයග්‍රහණයක් බවය. “වසර ගණනාවක් පුරා ප්‍රමාදවෙමින් පවතින විශ්‍රාමික පාරිතෝෂිතය ගෙවීම සඳහා වූ මුල්‍යමය අර්බුදයකට අපි මුහුණදුන්නා. ඒ අර්බුදය ලිහිල් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් අතර දීර්ඝව පැවැති සාකච්ඡාවන් නිසා ක්‍රමනුකූලව මෙය ලිහිල් කරගැනීම සඳහා වූ කාර්යට අවතීර්ණය වෙන්න පුළුවන් වුණා. ඒ අනුව 2023 දෙසැම්බර් මාසය මුදල් අමාත්‍යාංශය විසින් අපිට මුල්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීම විශ්‍රාමිකයින් මුහුණදුන් විශාල ජයග්‍රහණයක්.”

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 ක් පමණ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කුඩා ප්‍රමාණයේ නෞකා දෙකක (ටග් යාත්‍රා) කොළඹ වරායේ විනෝද සංචාරයකට ඊයේ (9) පස්වරුවේ සහභාගි ඇත. මෙම විනෝද චාරිකාවට හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ද සහභාගි වී ඇතැයි දැන ගන්නට ඇත. වරායට සම්බන්ධ ප්‍රබල අමාත්‍යවරයකුගේ ඉල්ලීමකට අනුව වරාය අධිකාරිය මෙම කුඩා නෞකා වෙන්කර ඇති බවත් එම පිරිසට වරාය අධිකාරියේ භෝජනාගාරයෙන් සියලුම ආහාර සහ පාන වර්ග සැපයූ බවත් වාර්තා වේ. මෙම සංචාරය සඳහා වරාය අධිකාරියට රුපියල් ලක්‍ෂ 25 කට අධික මුදලක් වැය වන බවත් සංචාරය සඳහා මුහුද හෑරීම සඳහා යොදාගන්නා විශේෂ ටග් යාත්‍රාවක් වරාය අධිකාරිය වෙන්කර තිබූ බවත් දැනගන්නට ලැබුණි. වරායට…

Read More

ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව 2025 ජනවාරි මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමටද එජාප කළමනාකරණ කමිටුවේදී තීරණයට එළඹිණි. පළාත් පාලන මැතිවරණය 2025 වසරේ මාර්තු මසයේදී පැවැත්වීම පිළිබඳවත් එජාප කළමනාකරණ කමිටුවේදී සාකච්ඡා වී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එජාප කළමනාකරණ කමිටුව පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසූයේ රට දේශපාලන සහ ආර්ථික වශයෙන් ස්ථාවර කිරීම සඳහා සහයෝගය දක්වන ඕනෑම පාර්ශ්වයකට ජනාධිපතිවරණයේ ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්විය හැකි බවයි.

Read More

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට එජාප කළමනාකරණ කමිටුව ඊ (9) ඒකමතිකව තීරණය කළේය. ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව මහ මැතිවරණය පැවැත්වීමටද එජාප කළමනාකරණ කමිටුවේදී තීරණයට එළඹිණි. එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී එජාප කළමනාකරණ කමිටුව රැස්වූ අතර එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සභාපති වජිර අබේවර්ධන මහත්වරු ප්‍රමුඛ එජාප නායකයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

Read More

නීති විරෝධී ලෙස මෙරටට මුහුදු මගින් ප්‍රවාහනය කරමින්තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝ 2032 සහිත උර 71ක්,කල්පිටිය උච්චිමුනේ දූපත ආසන්න මුහුදේදී වයඹ නාවුක විධානයට අයත් විජය නාවුක නෞකාව මගින් අත් අඩංගුවට ගෙන ඇත. මේවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රා තුනක් සහ සැකකරුවන් හය දෙනෙකු ද මේ සමග අත් අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට පත් සැකකරුවෝ කල්පිටිය සහ තලවිල පදිංචි වයස අවුරුදු 21 ත් 43 ත් අතර පසුවන්නෝ වෙති.

Read More

යුද්ධ හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ලෙස මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර මහතා ඊයේ (9) යුද හමුදා මූලස්ථානයේදී වැඩ බාරගත්තේය. තෙල්දෙණිය ප්‍රදේශයේ උපත ලද රසික කුමාර මහතා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

Read More

වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරකට අනුව වැල්ලවත්ත ෆෙඩ්රිකා පාරේ නිවෙස සිදුකළ මෙහෙයුමකදී කෝටි හතරකට වැඩි කොකෝන් සමග ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ අතර එහිදී කොකේන් ග්‍රෑම් 960 ක් සොයාගත් බවත් පොලිසිය පවසයි.

Read More

රට බංකොලොත්වී ඇති අවස්ථාවක හූති සටන්කාමීන් මෙල්ල කිරීමට රුපියල් කෝටි 25 කට වැඩි මුදලක් වැයකර නාවික යාත්‍රා යැවීම සාධාරණදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊ (9) ප්‍රශ්න කළේය. විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි. මෙමගින් ශ්‍රී ලංකාවට ලැබෙන වාසිය කුමක්දැයි ප්‍රශ්න කළ විපක්‍ෂනායකවරයා මේ කටයුත්ත වෙනුවෙන් ණය දෙන රටවල් බිලියන 25ක් හෝ කපා දැමීමට එකඟවී ඇත්නම් මෙවැනි දේවල් කළාට කමක් නැතැයිද ප්‍රකාශ කළේය. ආර්ථික අර්බුදය හමුවේ ජනතාව විශාල කැපවීමක් කරන මොහොතක නැවක් යැවීමට මෙපමණ මුදලක් යැවීම අපරාධයක් බවත් මේ රටේ පරිගණක නැති පාසල් දරුවන් විශාල පිරිසක් සිටින බවත් ඔහු කීවේය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා…

Read More

නව ආයෝජන කලාප සංවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව උතුරු, නැගෙනහිර, වයඹ සහ දකුණු පළාත් තුළ නව ආයෝජන කලාප ස්ථාපිත කිරීම එහි එක් යෝජනාවකි. එසේම මාන්කුලම්, පරන්තන් රසායන ද්‍රව්‍ය සමාගම් පරිශ්‍රය සහ කන්කසන්තුරේ සිමේන්තු සංස්ථා පරිශ්‍රය පිහිටි ප්‍රදේශවල නව ආයෝජන කලාප ස්ථාපිත කිරීමද එහි තවත් යෝජනාවකි. මේ අතර ඉරණවිල සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල නව ආයෝජන කලාප ඉදිරිකිරීමට ද ජනාධිපතිවරයා විසින් මෙමගින් යෝජනා කර තිබේ. මේ අතර බිංගිරිය හා හම්බන්තොට ආයෝජන කලාප තවදුරටත් පුළුල් කිරීම ද මේ හරහා සිදුකිරීමට නියමිතය. ඒ අනුව අදාළ කැබිනට් යෝජනාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ යෝජිත ආර්ථික කලාප ඇති කිරීම සඳහා…

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පැවසුවේ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදුන් බවය.

Read More