Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
හපුතලේ හොරදරව්ව හන්දිය ආසන්නයේදී ඊයේ (23) සවස නාවික හමුදා බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 8 දෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසනවා. කොස්ලන්ද ප්‍රදේශයේ මංගල උත්සවයකට ගොස් ආපසු එමින් සිටි වෑන් රථයක සිටි පිරිසක් මෙසේ නාවික හමුදා බස් රථයක ගැටී බරපතල තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා. දියතලාව දක්වා පැමිණෙමින් තිබූ නාවික හමුදාවට අයත් බස් රථයක ගැටී සිදු වූ මෙම අනතුරින් වෑන් රථයට දැඩි හානි සිදුවී ඇති බව සඳහන්. තුවාල කරුවන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට කඩිනමින් මාරුකර යවා ඇති අතර වෑන් රථයේ ගමන් ගෙන ඇත්තේ වැලිමඩ නුවරඑළිය…
පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට එරෙහිව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පොලීසිය වැඩිදුරටත් පැවසුවේ කුරුඳුවත්ත පොලීසිය වෙත ලද පැමිණිල්ලකට අනුව ඒ සමබන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බවයි. BMICHහිදී පැවති උත්සවයක් අතරතුර මන්ත්‍රීවරයා තමන්ට පහරදුන් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ඒකකයේ සේවයේ නිරත අයෙකු විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබෙනවා.
කැනඩාවේ ක්ලිම්ප් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන වීසා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 60 කට අධික මුදලක් වංචා කළ කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, පොලිස් නිලධාරීන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, මෙන්ම මහාචාර්යවරුන් විශාල පිරිසක් සැකකාර කාන්තාවගේ සහ පිරිමි පුද්ගලයාගේ වංචාවට හසු වී ඇති බව සඳහන්. බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව අසළ දී පුද්ගලයකු පහර දුන් බවට සැකකාර කාන්තාවගේ සහ පිරිමි පුද්ගලයාගෙන් ලද පැමිණිල්ලක් අනුව ඔවුන් තිදෙනාම තලංගම පොලිසිය වෙත රැගෙන විත් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම මහා පරිමාණ වංචාවේ තොරතුරු අනාවරණය වූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වි හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඉන්දියන් ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ(23) සමත්වුණා. ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 15කින් පරාජය කරමින්. පළමුව පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 172ක් රැස්කර ගත්තා. Ruturaj Gaikwad ලකුණු 60ක් රැස් ලකුණු 60ක් රැස් කළ අතර Devon conway ලකුණු 40ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී Mohit sharma සහ Mohammed shami කඩුලු 2ක් බැගින් දවාගත්තා. ලකුණු 173ක ඉලක්කයක් සමඟින් පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුල සියලු දෙනා දැදී ලකුණු 157ක් පමණක ලබා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් මෙම ටරඟයෙන් පරාජයට පත් වූවද…
මෙරට ප්‍රමුඛතම ඇඟළුම් අපනයනකරුවකු වන Hirdaramani සමූහය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ සිය සමාගමට අයත් ඇඟළුම් කර්මාන්තශාලාවක් වන මීපේ හි පිහිටි MRC ඇසෝෂියේට්ස් ගාමන්ට් පුද්ගලික සමාගම වසා දැමීම සම්බන්ධයෙන් මෑත කාලීනව පළ වී ඇති මාධ්‍ය වාර්තා නිවැරදි කිරීම පිණිස Hirdaramani සමූහය විසින් මෙම නිවේදනය නිකුත් කරනු ලබන බවයි සඳහන්. මෙම කර්මාන්තශාලාව වසා දැමීමේ තීරණයට ප්‍රධාන ලෙස හේතු වූ කාරණාව වශයෙන් වර්තමානයේ පවතින ගෝලීය ආර්ථික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන වෙළෙඳපොළවල ඇඟළුම් සම්බන්ධයෙන් පවතින ඉල්ලුම අඩුවීම බවයි ඔවුන් පවසන්නේ. ඒ අනුව ගෝලීය ඉල්ලුම පහළ යාම හමුවේ සිය ධාරිතාවය අඩුකිරීම සඳහා, මෙය ගනු ලැබූ තාවකාලික ක්‍රියාමාර්ගයක් පමණක් බවත්, ඉදිරියේ දී සියලු තත්ත්වයන් සාමාන්‍යකරණය…
යුරෝපා සංගමය විසින් ෆේස්බුක් මව් සමාගමට ඇමරිකානු ඩොලර් බිලියන 1 යි දශම 3 ක දඩයක් නියම කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුරෝපා ජාතිකයින්ගේ දත්ත ඇමරිකාවට හුවමාරු කිරීමේ චෝදනාව මත මෙම දඩ මුදල නියම කර ඇති බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර තමන්ට මරණීය තර්ජන එල්ලකළ බව එම පක්ෂයේ මාධ්‍ය එකකයේ කටයුතු කරන ඡායාරූප මාධ්‍යවේදියෙකු වන ප්‍රදීප් නානායක්කාර පවසනවා. ඊයේ (22) යෙදී තිබූ 51 වැනි ජනරජ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සැමරුම් උළෙලක් සංවිධානය කර තිබූ අතර එම අවස්ථාවේ මෙම තර්ජනය සිදුකළ බවයි ඔහු චෝදනා කළේ.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු පත්කිරීම කුමන්ත්‍රණයක් බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කොළඹ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා. එමෙන්ම ඔහු සඳහන් කළේ එවැනි ආකාරයෙන් නව කැදවුම්කරු පත්කිරීම ශිෂ්‍ය ව්‍යාපාරයට හානිදායක බවයි.
උද්භිද උද්‍යාන සඳහා ඇතුළත් වීමේ ප්‍රවේශපත්‍රවල මිල ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර කර තිබෙනවා. දේශීය වැඩිහිටියෙකු සඳහා ප්‍රවේශපත්‍ර මිල රුපියල් 200 දක්වාත් විදේශිකයෙකු සඳහා ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 3000 දක්වාත් මෙසේ ඉහළ දමා ඇති බවයි වාර්තා වී ඇත්තේ.