Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
කඳාන – වැලිගම්පිටිය ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ පුද්ගලයෙකු දෙඅත් ගැට ගසා මුඛය ආවරණය වන පරිදි රෙදි කඩකින් බැඳ ඝාතනය කර තිබෙනවා. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 84 ක් වූ වැලිගම්පිටිය, ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අදාළ පුද්ගලයාගේ දියණිය නිවසට පැමිණි අවස්ථාවේ ගේට්ටුව සහ නිවස අඟුළු දමා වසා තිබිම හේතුවෙන් ඇයට සැක පළ වී ඇති අතර එම නිසා ඇය වැඩිදුරටත් සොයා බැලීමක් සිදු කර තිබෙනවා. එහිදී අදාළ පුද්ගලයාගේ මළසිරුර සොයා ගත් බවයි වාර්තා වී ඇත්තේ. මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ දින කිහිපයකට පෙර මෙම ඝාතනය සිදු කර ඇති බවයි.
බාල සොහොයුරා සමග බයිසිකල් පදිමින් සිටී 13 හැව්රිදි පිරිමි දරුවෙකුගේ ශරීරයට පාන් ලොරියක යකඩ දොරක් ගැලවී පතිතවීමෙන් එම දරුවා මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව , හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචි 13 හැව්රිදි දරුවෙක් බව සඳහන්. ඔහු සිය බාල සොහොයුරා සමග බයිසිකල් පදිමින් වාද්දුව රතු ගේට්ටුව දෙස සිට හබරලගහලන්ද දෙසට ගමන් කරමින් සිටියදී , ඉදිරියෙන් පැමිණි පාන් ලොරියේ පැති යකඩ දොර ගැලවී දරුවාගේ පපුවේ වැදී දරුවා විසිවී බිම ඇදවැටී දොර ශරීරය මත පතිත වී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ. බරපතළ තුවාල ලබා සිටී දැරුවා පානදුර මූලික රෝහලට ඇතුලත් කර දැඩ් සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
තලාව ප්‍රදේශයේ තිරප්පනේ වැව අසල දී ඊයේ (25) වන අලි පහරදීමකට ලක් වූ ළමයකු අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා. මියගිය ළමයා වයස අවුරුදු 15 ක් වන තිරප්පනය, තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මියගිය ළමයා තවත් ළමයින් පිරිසක් සමඟ වන අලි නැරඹීම සඳහා තිරප්පනේ වැව අසලට ගොස් සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වී ඇත්තේ. මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි තලාව පොලිසිය සඳහන් කළේ.
රජයට මිතුරු ව්‍යාපාරිකයින් 10 දෙනෙකු රාජ්‍ය බැංකු වෙත ගෙවීමට ඇති ණය කපාහැරීමේ තීරණයක් ගෙන ඇති බවට පළවන වාර්තාවන් අසත්‍ය බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, “මිතුරන් සඳහා බැංකු ණය කපාහැරීමට සිද්ධවෙනවා කියලා කතාවක් කුමාර වෙල්ගම මහතා කියලා තිබුණා මම දැක්කා. ඒක මේ වගේ වෙලාවක ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. හැම කෙනෙක්ම මේ පොලිය වැඩිකිරීම මත, ආදායම අඩුවීම මත තමන්ගේ බලාපොරොත්තු වෙච්ච ව්‍යාපාර ප්‍රසාරණය අඩුවීම මත, බැංකු ණය පැත්තෙන් යම්කිසි පීඩනයක ව්‍යාපාරිකයින් ඉන්න මොහොතක. එතුමා ප්‍රකාශ කරලා තියෙනවා මිතුරන්…
ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකාවට නැවතත් ජපාන වාහන ආනයනය ආරම්භ කරනු ඇති බවත් ජපානයේ වාහන සමාගම් නියෝජිතයන් විසින් මෙරට වාහන ආනයකරුවන්ට දන්වා ඇතැයි වාර්තා වනවා. ශ්‍රී ලංකා රජය සමග කරන ලද සාකච්ඡා වලදී මේ සම්බන්ධයෙන් දැනටමත් ධනාත්මක එකඟතාවන්ට පැමිණ ඇති බව ජපාන රජය පාර්ශවයෙන් දන්වා ඇතැයිද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් පෙන්වා දී ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන එකඟතාවන් අනුව මෙම අවස්තාව හිමි වනු ඇති බවයි. කෙසේ වෙතත් මෙරට වාහන ආනයනකරුවන් වාහන ආනයනයට යළි අවස්ථාව ලබා දෙන්නැයි අවස්ථා ගණනාවකදීම මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද ඊට නිසි ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. මේ අතර කොළඹ සිටින ජපාන තානාපතිවරයාද නිදහස් වෙළඳාම සම්බන්ධයෙන් මෑතක දී…
මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන්ගෙන් සියයට 20 ක් පමණ ළමයින් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. දැනට බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කය තුළ දැඩි ඩෙංගු ව්‍යාප්තියක් වාර්තා වන බවයි එම ඒකකයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ. කෙසේ වෙතත් මීට පෙර පැවති දෛනිකව වාර්තාවන රෝගීන් සංඛ්‍යාව මේ වන විට අඩුවෙමින් පවතින බව ඔහු කියා සිටියා. මෙම ප්‍රවෘත්තිය ඇතුළු තවත් නවතම ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න අඅඅගයසරමබැඅිගකන වෙබ් අඩවියට.
කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ පැමිණේමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගත් රත්තරන් සහ ජංගම දුරකථන තොගය තමන්ට අයත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් ඊයේ (24) ප්‍රකාශ කළා. ඊයේ (24) පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියා. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීමේදී එම යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ද මන්ත්‍රීවරයා කටයුතු කර තිබුණා. රත්තරං සහ ජංගම දුරකථන තොගය සමඟ ඔහුව රේගුවේ අත් අඩංගුවට පත්වීම ගැන වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ එම භාණ්ඩ තොගය තම මිත්‍රයකුගේ වුවත් තමන්ට ඒ සමබන්ධයෙන් වරදකරු වීමට සිදු වූ බවයි. ඊයේ…
සුරාබදු පනත උල්ලංඝනය කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් නිෂ්පාදන සමාගම් වලට මත්පැන් සිල්ලර අළෙවිය සඳහා බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු අක්‍රමිකතා රැසක් හේතුවෙන් රජයට වසරකට රුපියල් බිලියන 130 කට වඩා වැඩි බදු මුදලක් අහිමිවන බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් ප්‍රනාන්දු පවසනවා. මහනුවර දී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවක දී ඩලස් ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කර තිබෙනවා. මත්පැන් අළෙවියෙන් වාර්ෂිකව රුපියල් බිලියන 300 කට වඩා අධික වූ බදු ආදායමක් ලැබීමේ හැකියාව තිබිය දී මේ වනවිට සුරාබදු දෙපාර්තමේන්තුව මගින් බදු ලෙස රජයට උපයා දෙන්නේ රුපියල් බිලියන 170 කටත් අඩු මුදලක් බවයි ඔහු පවසන්නේ. රා නිෂ්පාදනයේ දී ශරීර සෞඛ්‍යට අහිතකර…
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයෙන් තමා ඉවත් කිරීම මහජනතාවට අත් වූ පරාජයක් බව හිටපු සභාපති ජනක රත්නායක පවනවා. ඔහු ධුරයෙන් ඉවත් කිරීමට අදාළව පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 46කින් සම්මත වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු සභාපතිවරයා මේ බව පවසා තිබෙනවා. එමෙන් ම මෙම පරාජය තමන්ගේ පරාහයක් නොවන බවත් එය සමස්ත ජනතාවටම අත්වූ පරාජයක් බවත් ඔහු ප්‍රකාශ කර සිටියා. තවද මෙම ඉවත් කිරීම පිළිබඳ තමාට කිසිදු ගැටලුවක් නොමැති බවඳ තමන්ගේ මේස, පුටු ආදිය රැගෙන යන බවද එමෙන් ම අනාගතයේ දී අනිවාර් යයෙන්ම තමන් ජනාධිපතිවරණයට ඉල්ලුම් කරන බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටියා.