Author: LANKA24X7

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් ආහාර ප්‍රශ්නයක් මුල් කරගනිමින් 12 සවස ඇති කරගත් ගැටුමකින් රැඳවියන් විසිපස්දෙනකු පමණ තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. මෙම ගැටුම අතරවාරයේ තවත් රැඳවියන් පනස්දෙනකු පමණ කන්දකාඩු පුනරුත්ථාපන කඳුරෙන් පලාගොස් ඇති අතර ඔවුන්ගෙන් 25 දෙනකු පමණ මේ වනවිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී පැවසීය. පලාගිය සෙසු රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදාව, පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන බව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය. පලා ගිය සෙසු රැඳවියන් අත්අඩංගුවට…

Read More

කාන්තාවකගේ උදරයේ තිබූ තෙල් ලීටර් 13.5 ක් ලයිපොෂක්සන් සැත්කමක් මගින් සාර්ථකව ඉවත් කිරීමට විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා සමත්ව ඇත. මෙම සැත්කම මහනුවර පෞද්ගලික රෝහලේකදී සිදු කළ බවත් පානදුර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව 61 වන වියේ පසුවන විශ්‍රාමික ගුරුවරියක බවත් ජයවර්ධන මහතා පැවසීය . තවදුරටත් මෙසේද පැවසීය . අධිර රුධිර පීඩනය, අධික තරුබාරුකම, කොන්දේ වේදනාව ඇවිදීමට අපහසුවීම යනාදී රෝග නිසා මෙම කාන්තාව දීර්ඝ කාලයක් තිස්සේ පීඩා විඳ තිබෙනවා. විවධ දේශීය හා බටහිර ප්‍රතිකාර ද කර තිබෙනවා. සුවයක් නොවූ නිසා මා හමුවුණා. ඇගේ ප්‍රශ්නය අධික තරුබාරු බවත් (Morbidobesity) ශරීර ස්කන්ධ දර්ශකය (BMI) 52 බවටත් මා විනිශ්චය කළා . එඅනුව මාස…

Read More

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 23 සහ 24 පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (12) තීරණය කළේය. පාර්ලිමේන්තුව දෙවැනි සතියේදී දින දෙකක් (23 සහ 24) පමණක් රැස්වීමටද තීරණය කර ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ ජනවාරි 25 බ්‍රහස්පතින්දා පොහොය නිවාඩුව යෙදී ඇති බැවිනි. මේ අනුව මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය එදින පෙරවරු 9.30 ට ආරම්භකර ප.ව 5.00 දක්වා පැවැත්වේ. අනතුරුව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ගෙනෙන ලද ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය පිළිබඳ සමාලෝචනය කර ප්‍රතිසංස්කරණය කිරීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිළිබඳ යෝජනාව ඉදිරිපත්…

Read More

ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මූල්‍ය අරමුදල මෙම කරුණු සඳහන් කර ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් එක් කළ නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා රජය සිදු කර ඇති අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ඇගයිමට ලක් කළේය. එසේම ආසියාව තුළ ප්‍රමුඛ ස්ථානයට පත් වෙමින් පාලන විනිශ්චය කිරීමේ වාර්තාව (Governance Diagnostic Report) ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී ඔවුහු සිය ප්‍රසාදය පළ කළහ. විශේෂයෙන්…

Read More

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන “යුක්තිය මෙහෙයුම” ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත උපදේශන මාලාවක් නිකුත් කර ඇත. මෙම මෙහෙයුම සිදු කරන ආකාරය සම්බන්ධයෙන් , මාධ්‍යවල, සමාජ මාධ්‍ය ජාලාවල, හා ජාතික පොලිස් කොමිෂන් සභාවට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව අධීක්ෂණයක් සිදුකර මෙම උපදේශන මාලාව නිකුත් කළ බව ජාතික පොලිස් කොමිසම් සභාව පවසයි. මෙම මෙහෙයුම රටේ පවතින නීති රාමුව තුළ සහ නීතියෙන් නියම කරන ලද ආකාරයට කටයුතු කළ යුතු බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආරක්ෂාවන මූලික අයිතිවාසිකම් උල්ලංඝනයේ නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසට සියලු නිලධාරින් වග බලාගත්…

Read More

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක තොග සහ සිල්ලර මිල ගණන් පිළිබඳ දැනුම්දීමක් සිදුකර තිබේ. එම විස්තර පහතින්,

Read More

ගංවතුර හේතුවෙන් ඊයේ (11) අවලංගු කෙරුණු දුම්රිය සේවා කිහිපයක් අද (12) සවස සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය සේවය පවසයි. මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඇතුළු කොළඹ සහ මඩකලපුව අතර දුම්රිය සේවා එලෙස අද සවස සිට සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට නියමිතය.

Read More

යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ (11) සිට අද (12) අලුයම දක්වා පැය 24ක කාලයක් තුළ සිදුකළ මෙහෙයුමේදී සැකකරුවන් 863 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඉන් සැකකරුවන් 24 ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 19 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත. එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 39 දෙනෙකු ද මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත. එහිදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි. හෙරොයින් 303gය 384mg අයිස් මත්ද්‍රව්‍ය 141gය 750mg ගංජා 10kg 565g ගංජා පැළ 66,0573ක් ගංජා සුරුට්ටු 04ක් මාවා මත්ද්‍රව්‍ය 542g තූල් 29g 810mg මත්පෙති 1,250ක් හෑෂ් 1g…

Read More

ජනතාවට විදුලි බිලේ සහනයක් ලබාදීමේ යෝජනාව අද (12) දිනයේ මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ මේ වනවිට එහි සියලු කටයුතු සූදානම් කර ඇති බවය. “විදුලි බිල හරහා දෙන්න පුළුවන් උපරිම සහනය ජනතාවට ලබාදෙන්න කටයුතු කරනවා. හැමෝම කතා කරන්නේ ඒකක 0 – 30, 0 – 60 සහ 0- 90 අතර ජනතාව ගැන. ඉතාමත්ම අඩු මට්ටමේ තමයි ඒ අයගේ ජීවන තත්ත්වය තියෙන්නේ. අනිවාර්යයෙන්ම මෙහි ප්‍රධාන වාසිය ඒ පරාසය තුළ සිටින අඩු ආදායම් ලබන ජනතාවට ලැබෙයි.”

Read More

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ඊයේ (11) රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 48 හැවිරිද මාටිස් පටුමග, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි. පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිදුවූ පහරදීමකින් මෙම ඝාතනය සිදුවී ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලීසිය පවසයි. මෘතශරීරය පොලිස් ආරක්ෂාව යටතේ ඝාතනය සිදුවූ ස්ථානයේම තිබෙන බවත් සැකකරුන් අත්අඩංගුවට ගැනීමට කෙසෙල්වත්ත පොලීසිය විමර්ශන කටයුතු සිදුකරන බවත් වාර්තා වෙයි.

Read More