Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සමාජයේ අපරාධ තුරන් කිරීම සඳහා යහපත් පුරවැසියන් ගේ සහයෝගය අවශ්‍ය බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි. සමාජයේ සිටිනා මිනිසුන් ගෙන් සියයට අනූ නවයක් යහපත් මිනිසුන් බවත් අපරාධ සිදු කරන්නේ, ඉතිරි සියයට එකක පිරිස බවත් නියෝජ්‍ය පොලිපතිවරයා සඳහන් කරයි. එබැවින් සියයට අනූ අනුවයක පිරිසක ගේ නිහඬතාව දෙස බලාගෙන සියයට එකක පිරිස අපරාධ සිදු කරන බව ඔහු අවධාරණය කරයි. පානදුර ප්‍රදේශයේ පාසලක උත්සවයක් අමතමින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේය. එහි දී නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ බිය යනු කුමක්දැයි හඳුන්වා දෙන ලදි. පාරේ යන විට කිසිවකු විසින් තම මාලය සොරාගෙන යන්නේ ද රාත්‍රියේ සොරු පැමිණ නිවැසියන්ට…
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ සම්බන්ධව අනාවරණය වන අලුත් තොරතුරු පැතිරවීම වැළැක්වීමේ අරමුණින් ආණ්ඩුව හදිසියේම සමාජ මාධ්‍ය පාලනයට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇතැයි සමගි ජනබලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී ඊයේ(20)පැවසීය. ආණ්ඩුවට එරෙහිව සාකච්ඡා වන චැනල් ෆෝ වීඩියෝව ඇතුළු සමාජ මාධ්‍ය වාර්තා වාරණය කිරීමේ අරමුණෙන් ආණ්ඩුව කටයුතු කරන බවත් රහුමාන් මහතා සඳහන් කළේය. රුසියාව, චීනය, උතුරු කොරියාව මෙන් ආණ්ඩුව සමාජ මාධ්‍ය පාලනය කරමින් ඒකාධිපති පාලනයක නිරත වන බවත් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කීවේය. ආණ්ඩුවේ දුෂණ, වංචා ඇතුළු තොරතුරු ජනතාවගෙන් වසන් කිරීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ආණ්ඩුව ගනිමින් සිටින බවත් රහුමාන් මහතා පැවසීය.
ජනතාවගේ එදිනෙදා කටයුතු වලට සම්බන්ධ කාර්යයන් අත්‍යවශ්‍ය සේවා වශයෙන් දීර්ඝ කාලීනව ප්‍රකාශයට පත් කිරීමටත් ඊට ආදාල නිලධාරීන්ට කිසිම ආකාරයකට වැඩවර්ජනයකට සහභාගී වෙමින් ජන ජීවිතවලට බලපෑමක් ඇති කිරීමට නොහැකි වන ආකාරයට කඩිනම් නීති සම්පාදනය කළ යුතු යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කළේය. සුළු පිරිසක් විසින් වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සිදු කරන වැඩ වර්ජන හේතුවෙන් බහුතරයකගේ දෛනික ජීවිතයට වන බලපෑම් වන නිසා මෙම යෝජනාව ඉදිරිපත් කරන බවද මන්ත්‍රීවරයා කීය. නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු ඇතිවන ඇති වන අවස්ථාවක ඒවා විසඳීමට පිළිගත් ක්‍රමවේදයක් ද ඇතුළත් කරමින් මෙම නීති සම්පාදනය කළ යුතු බව ද මධුර විතානගේ මහතා සඳහන් කළේය. අත්‍යවශ්‍ය…
තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ගෝලීය ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවරදී පැවසීය. ඊට අදාළව පෙන්නුම් කරන්නේ 12%ක ප්‍රගතියක් පමණක් බවත් අනෙකුත් තීරණාත්මක ඉලක්කවලින් 30%ක් තවමත් සපුරාගෙන නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මේ බව කීවෙි එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ආරම්භ කෙරුණු තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ 2023 සමුළුව අමතමිනි. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් 2015 දී සම්මත කර ගන්නා ලද තිරසර සංවර්ධන ඉලක්ක 17ක් ඇතුළත් තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රයේ පසුබිම පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම වසරේම COP21 හි රටවල් 196 විසින් සම්මත කරගන්නා ලද…
තිලීපන් සැමරැම් රථ පෙලපාලියක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් පොලිස් අවසරයකින් තොරව සිංහල ජනයා වෙසෙන ප්‍රදේශයකට රැගෙන ඒමෙන් ජාතින් අතර සංහිඳියාව හා සමගිය විනාශවු බව නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා පැවැසිය. ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර ආණ්ඩුකාර කාර්යාලයේ පෙරේදා (19) පස්වරුවේ හදිසි මාධ්‍ය හමුවකට එක් වෙමින් ආණ්ඩුකාරවරයා එසේ පැවැසීය. මෙහිදි තව දුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා නැගෙනහිර පලාතේ නිතිය හා සාමය ආරක්ෂා කිරිමට මා සතු වගකීමක් වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කළ මේ ක්‍රියාව මම අනුමත කරන්නේ නැහැ.මේ රටේ ආර්ථික අර්බුදයක් පවතින වේලාවක මේ මන්ත්‍රීවරයා ඉතා කල්පනාවෙන් වැඩ කල යුතුයි. මේ තුලින් වෙන්නේ රටේ සංහිඳියාව කඩාකප්පල් වෙන එකයි. මින් ඉදිරියට නැගෙනහිර සංහිඳියාවට බාධාවන ක්‍රියාවන්…
හිටපු ක්‍රිකට් නායක ලසිත් මාලිංග සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා පවසා සිටියේ එක්දින ලෝක කුසලානය පවතින අවස්ථාවක කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීම හොඳ තීරණයක් නොවෙනු ඇති බවයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ දුශ්කරම පරිච්ජේදයකදී දසුන් නායකත්වයේ වගකීම භාර ගත් බවත් සාමූහික ප්‍රවේශය සමඟ ජාතික කණ්ඩායමට ස්ථාවරත්වය සහ ගෞරවය ගෙන ඒමට ඔහු සමත් වූ බවත් ය. 2023 එක්දින ලෝක කුසලානය සඳහාද ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇති බව සියලු දෙනාම අපේක්ෂා කරන බවයි ලසිත් මාලිංග ප්‍රකාශ කළේ. එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ සාර්ථක ලෝක කුසලාන තරගාවලියක් වෙනුවෙන් දස්සාට හා කණ්ඩායමට සහාය දෙන බවයි.
අවිස්සාවේල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අවිස්සාවේල තල්දූවේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි සිව් දෙනෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. යතුරුපැදියකින් පැමිණි ප්‍රහාරකයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකොට ඇති බව සඳහන්. ඉන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර අනෙක් තිදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.
අද (21) බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
නිවෙසට අලුතින් හදාවඩා ගැනීමට ගන්නා බල්ලන්,පූසන් වැනි සුරතලුන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය මහජනතාවට දැනුවත් කිරීමක් සිදුකොට තිබෙනවා. එනම් සතුන් දින දාහතරක් යනතුරු තම සමීපයට නොගන්නා ලෙසටයි. සැප්තැම්බර් මස 28 වැනිදා ජලභීතිකා දිනයට සමගාමීව ඊයේ (20 දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍යවරු මේ බව පවසා සිටියා. සුනඛයින් නොවන සතුන්ගේ සපා කෑම්වලින් ජලභීතිකාවට ගොදුරුව මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව පසුගිය වසර කිහිපය තුළ ඉහළ ගොස් ඇති බවද සෞඛ්‍ය අංශ පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර මෙරට ආර්ථික ගැටලු විසදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. මෙහිදී සාකච්ඡා කෙරෙනුයේ ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු විසඳීම සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ. එහිදී, ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නවල සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු කෙරුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.