Author: LANKA24X7

රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ තාවකාලිකව අත්හිටුවා,අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය ඉටුකරන්නැයි ඉල්ලා මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට බාර දීමට ආණ්ඩුවේම මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර තිබෙනවා. මෙම ලිපිය බාර දීම සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ,සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා මෙන්ම,ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාරයි. මෙම ලිපියට අත්සන් ගැනීමේ කටයුතු පාර්ලිමේන්තුවේ දී ගිය සතියේ ආරම්භ වූ අතර,පසුගිය (21)වන විට මන්ත්‍රීවරුන් පනස් දෙදෙනකු ඊට අස්සන් තබා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සඳහන් කළා. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මෙන්ම, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද මේ සඳහා අත්සන් කර…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ දී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. එම නිවේදනයේ සඳහන් වන්නේ උතුරු පළාතේ ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි. එමෙන්ම අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි…

Read More

ගම්පහ ප්‍රදේශයේ ළමා නිවාසයක රැදි සිටි බාල වයස්කාර ගැහැණු ළමයින් තිදෙනෙක් නිවාසයෙන් පළා ගොස් ඇති බවට වාර්තා වෙනවා. අදාල ගැහැනු ලමයි තිදෙනාගේ වයස අවුරුදු 16ක්. සිද්ධිය සමිබන්ධයෙන් අදාළ ළමා නිිවාසයේ පාලිකාව විසින් ගම්පහ මූලස්ථාන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ගම්පහ මුලස්ථාන පොලිසිය පවසන්නේ, පලා ගිය ගැහැනු ළමයි සොයා පුළුල් පරීක්ෂණ අරඹා ඇති බවයි.

Read More

ලාදුරු රෝගයට හා සමේ රෝග සඳහා ලබා දෙන ‘ඩැප්සොන්’ ඖෂධය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පස් ගුණයකින් වැඩි මිලට ගෙන ඇති බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසනවා. ඔහු වැඩිදුරටත් පවසන්නේ, සෞඛ්‍ය අමාත්‍යංශය 2023 වසරේ සිදුකළ ප්‍රසම්පාදනයක දී ‘ඩැප්සෝන්’ ඖෂධය මිලි ග්‍රෑම් 50ක් සහිත පෙති 100ක පැකට්ටුවක් ඩොලර් 58.33 මිලට ගෙන ඇති අතර, මිලි ග්‍රෑම් 25ක් සහිත පෙති 30ක පැකට්ටුවක මිල අමෙරිකානු ඩොලර් 490කට මිලට ගෙන ඇති බවයි. ‘ඩැප්සොන්’ ඖෂධය ලාදුරු රෝගයට හා සමේ ගැටලුවක් වන Dermatitis herpes forms පාලනයට උපකාරි වනවා.

Read More

කොළඹ 07 – රොස්මීඩ් පෙදෙසේ මහල් ගොඩනැගිල්ලක පස් වැනි තට්ටුවෙන් ව්‍යාපාරිකයෙකු ඊයේ (23) දහවල් ඇදවැටීමෙන් මරුමුවට පත්ව ඇතැයි කුරුඳුවත්ත පොලිසිය පවසනවා. මෙසේ මි‍යගොස් ඇත්තේ කිරුළපන, සුනේත්‍රා පාරේ පදිංචි වයස අවුරුදු 47ක් වූ අයෙක්. කිසියම් රෝගී තත්ත්වයක් සඳහා ඖෂධ ලබාගෙන ඇතැයි පැවසෙන මෙම පුද්ගලයා එම ගොඩනැගිල්ලෙන් බිමට පැන සියදිවි හානිකර ගත්තාදැයි සැක මතුව ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යන බව පොලිස් නිලධාරියෙක් පැවසුවේ අප කළ විමසීමක දී යි. ගොඩනැගිල්ලෙන් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා සිටි මෙම ව්‍යාපාරිකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

Read More

රජයේ සහ රජය අනුමත පාසල්වල දෙවන වාරයේ පළමු අදියර අද ආරම්භ කෙරෙනවා. එය අගෝස්තු 17 වන දා දක්වා ක්‍රියාත්මකයි. එමෙන්ම අගෝස්තු මස 18 වනදා සිට 27 වන දා දක්වා පාසල් නිවාඩු ලබා දෙන අතර දෙවන අදියර ලෙස අගෝස්තු 28 වන දා සිට ඔක්තෝම්බර් 27 වන දා දක්වා පාසල් පැවැත්වෙනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ. තුන්වන වාරයේ පළමු අදියර ඔක්තෝම්බර් 30 වන දා සිට නොවැම්බර් 24 දින දක්වා පාසල් පැවැත්වෙන අතර දෙවන අදියර ලබන වසරේ ජනවාරි පළමුවන දා සිට පෙබරවාරි 16 වන දා දක්වා ක්‍රියාත්මකයි. නොවැම්බර් 25 වන දා සිට දෙසැම්බර් 31 වන දා දක්වා උසස් පෙළ විභාගය සඳහා නිවාඩු ලබා…

Read More

උතුරු-දකුණු සහෝදරත්වය විසින්, 1983 ‘කළු ජූලිය’ හී මරාදැමූවන් සිහිකරමින් පහන් දැල්වීමේ වැඩසටහනක් අද(23) බොරැල්ල සුසාන භූමිය ඉදිරියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ‍ අතර, පසුව එය ආරම්භ වීමත් සමග දකු් ජනතාව විසින් එයට දැඩි විරෝධයක් එල්ල විය. අනතුරුව දෙපිරිස අතර උණූසුම් තත්වයක් හට ගෙන ඇති බවට වාර්තාවේ. පසුව තත්වය පාලනය කිරීමට පොලිසීය හා යුධ හමුදාව මැදිහත් වී දෙපිරිස විසුරුවා හැරීමට කටයුතු කර ඇති බවට වාර්තාවේ.

Read More

කොලිවුඩ් සිනමාවේ සුපිරි නළු සූර්යා විසින් රංගනයෙන් දායකත්වය දක්වන ‘Kanguva’ චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. අද (23) දිනට යෙදී ඇති සූර්යාගේ උපන්දිය වෙනුවෙන් එම පුර්ව ප්‍රචාරක පටය නිකුත් කර ඇති බව වාර්තා වෙයි. ඉන්දීය රුපියල් කෝටි 200ක අතිවිශාල වියදමකින් නිර්මාණය කර ඇති ‘Kanguva’ චිත්‍රපටය ත්‍රිමාණව සහ භාෂා දහයකින් නිකුත් කිරීමට නියමිතය.

Read More

රජය සතුව මේ වන විට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර ඇත්තේ, අද (23) පෙරවරු 8.30 වන විට රජය සතුව ඩීසල් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ තිස් තුන්දහස් නවසිය තිස් හයක් පවතින අතර, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 6,192ක් පවතින බවයි. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,402ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5,367ක් රජය සතුව පවතින බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. ඊට අමතරව ගුවන් යානා ඉන්ධන මෙට්‍ර්ක් ටොන් 30,173ක්ද අද පෙරවරුව වන විට රජය සතුව පවතින බව…

Read More

සිය පුත්‍රයාව ඔහුගේ පෙම්වතියගෙන් මුදවාදෙන ලෙස ඉල්ලමින් පොලිස් ස්ථානාධිපතිවරයෙකුට අල්ලස් දීමට උත්සාහ කළ පියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22) පස්වරුවේ එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණේ, ගලේවෙල පොලීසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5,000ක අල්ලස් මුදලක් ලබාදීමට උත්සාහ කළ අවස්ථාවේදීය. එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි මොහිදීන් මොහොමඩ් නැමැති 64 හැවිරිදි අයෙකි. අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ පුතෙකු ගලේවෙල ප්‍රදේශයේ පෙම්වතියගේ නිවසට පැමිණ සිටින බව ප්‍රකාශ කරමින් තම පුත්‍රයා එම නිවසෙන් රැගෙනවිත් තමා වෙත භාර දෙන ලෙස ඉල්ලා මෙම අල්ලස් මුදල ලබා දීමට උත්සාහ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. එහිදී සැකකරු, තමන්ගේ පුත්‍රයා ගලේවෙල ප්‍රදේශයේ පෙම්වතියගේ නිවසේ රැඳී සිටින බවත් ඔවුන් ගෙන්වා අවවාද…

Read More