Author: LANKA24X7

ජනවරමක් නැති ආණ්ඩුවක කැබිනට් ඇමතිකමක් ලබාගැනීමේ බලාපොරොත්තුවක් තමාට නැතැයි 43වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. තමන් බාල දේශපාලනය කරන්නේ නැතැයි කී මන්ත්‍රීවරයා මෙම ආණ්ඩුව යටතේ ඇමතිකම් ගැනීමේ හෝ රාජ්‍ය බලයට සම්බන්ධවීමේ සූදානමක් නැතැයි ද කීවේය. ශ්‍රී ලංකා දේශපාලනයට අවශ්‍ය පුළුල් බලගතු නව දේශපාලන සම්ප්‍රදාය ගොඩනගා ගැනීම වෙනුවෙන් තමන් කැප වන බව කී රණවක මහතා මේ අවස්ථාවේ රටට අවශ්‍ය තරුණ පරම්පරාව මුල් කරගත් නව දේශපාලන බලවේගයක් බව ද කීවේය. ඔහු මේ බව පැවසුවේ මහනුවර දී ඊයේ (18) පැවති හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. විවිධ කණ්ඩායම් සන්ධානගත වීම හොඳ දෙයක් වන නමුත් මේ අවස්ථාවේ රටට අවශ්‍ය…

Read More

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවන මුදල් ප්‍රමාණයට සාපේක්ෂව තීරුබදු නිදහස් දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබුණත් මුදල් අමාත්‍යාංශයේ සහ මහබැංකුවේ නිලධාරීන් ඒ වෙනුවෙන් ගත යුතු පියවර තවමත් ගෙන නැතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා චෝදනා කරයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති ජාත්‍යන්තර සංක්‍රමණික දින සැමරුම් උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. “විදේශගත ශ්‍රමිකයා එවන ලද මුදල්වලට සාපේක්ෂව ඒ අයට ලංකාවට එනකොට තීරුබදු නිදහස් දීමනාවක් දෙන්න අපි ප්‍රතිපත්ති සම්පාදකයෝ විදියට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදීලා මාස 4ක් විතර වෙනවා. තාම මුදල් අමාත්‍යංශයත් මහ බැංකුවත් ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග අරගෙන නෑ. හැබැයි නිලධාරීන් ඒවා උඩ තියාගෙන වාඩිවෙලා ඉන්නවා නම්, ඒවට…

Read More

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස සැලකෙන චිරන්ත අමරසිංහ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, සහකාර පොලිස් අධිකාරී නලින් දිල්රුක්, කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා නම් කර තිබුණි. පෙත්සම්කරු කියා සිටින්නේ, ඉකුත් 28 වනදා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පැවැත්වූ විරෝධතාවයකට සහභාගි වී වාර්තා කිරීමේ කටයුතුවල තමා යෙදී සිටි බවත් ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවය. ඊට අමතරව ජූලි මස 9 වනදා ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය තමන්ව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු කියා සිටියේය. මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම්…

Read More

තෙවන වසරේ දරුවාගෙන් පවුලේ අනෙක් අයට සහ තමන්ට හිරිහැර කරදර සිදුවන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට මවක පැමිණිල්ලක් කළ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ලද පැමිණිල්ලට අනුව දඹුල්ල පොලිසියේ දෙදෙනකු රාත්‍රී නමයට පමණ කිලෝමීටර් පහළොවකට අධික දුර ප්‍රදේශයේ පිහිටි මෙම පැමිණිල්ල ලැබුණු නිවසට පිටත්ව ගොස් ඇත. පොලිස් නිලධාරීන් යතුරුපැදිය නවතා නළා ශබ්ද කොට විනාඩි කිහිපයක් යනතුරු එම නිවසේ කිසිවකුත් එළියට නොපැමිණි අතර පොලිස් නිලධාරීන් දෙදෙනා කතා කිරීමේදී දොර විවෘත කරගෙන කාන්තාවක් එළියට පැමිණ ඇත. දරුවකුගෙන් මව්පියන්ට කරදර සිදුවන සිද්ධිය ගැන සිදුකළ පැමිණිල්ල විභාගයට පැමිණි බව නිවසෙන් එලියට පැමිණි කාන්තාවට පොලිස් නිලධාරින් දන්වා ඇත . ” අපෝ දැන් හොදටම පරක්කුයි දැන්…

Read More

මෙරට පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් නව නීති සහ පනත් සම්මත කර ගත යුතු බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසයි. උන්වහන්සේ මේ බව සඳහන් කළේ, එම විහාරස්ථානයේ ඊයේ (18) පැවති වැඩසටහනකදීය. “අපේ රටේ පොදු ප්‍රශ්න ගණනාවක් තියෙනවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, සරසවි. සාමාන්‍ය පෙළ දෙපාරක් ලිව්වා නම්, එය අසමත් නම් ඒ දරුවන්ට වෘත්තීය පුහුණුව ලබාදෙන්න ඕනේ. උසස් පෙළත් එහෙමයි. දෙපාරක් ලිව්වහම ඇති. ඊට පස්සේ ඒ ළමයි වෘත්තීය පුහුණුවට යොදවලා රටට අවශ්‍ය කරන පුරවැසියෝ නිර්මාණය කරන්න ඕනේ. ඒ වගේම සරසවි ශිෂ්‍යයෝ විශේෂවේදී, සාමාන්‍යවේදී කියලා තියෙනවා අවුරුදු 3 සහ 4. ඒ අවුරුදු ගණන ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයෙන්…

Read More

ආබාධිත පුද්ගලයින් සඳහා භාවිතා කරන භාණ්ඩවල මිල සියයට 400කින් ඉහළ ගොස් ඇති බවට වන ප්‍රකාශ සාවද්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, නව බදු ප්‍රතිපත්තිය මත ආබාධිත පුද්ගලයින් භාවිත කරන භාණ්ඩ මිල ඉහළ ගොස් නොමැති බවය. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, ආබාධිතයින් භාවිත කරන භාණ්ඩ 400%කින් අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින් කියලා කියනවා. එහෙම දෙයක් වෙලා තියෙනවා ද? “ඒක ඇත්තටම සාවාද්‍ය ප්‍රකාශයක්. රජයේ නව බදු ප්‍රතිපත්ති නිසා ආබාධිත සහෝදර සහෝදරියන් භාවිත කරන උපකරණවල මිල 400%කින් ඉහළයෑම සහ ඒ නිසා ජනතාවගේ ආයු කාලය අවුරුදු 50 දක්වා අඩුවෙනවා කියලා. එය බරපතළ සාවාද්‍ය ප්‍රකාශයක්. අපි ආබාධිත මහත්තුරු භාවිත…

Read More

ඊයේ (18) පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී ඇහැටුවැව ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් මුහුණදුන් අපහසුතාව සම්බන්ධයෙන් සොයා බැලීමට වෙත නිලධාරීන් කණ්ඩායමක් යවා තිබේ. අද (19) එම නිලධාරීන් පිටත්කර යවන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය. මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාස එකහමාරක් හෝ දෙකක් ඇතුළත ලබාදීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. “සමස්ත ශ්‍රී ලංකාවේම විභාග පැවැත්වීම සම්බන්ධීකරණය කරමින් විභාගය සාර්ථකව පැවැත් වුණා. මාස එක හමාරක් දෙකක් ඇතුළත ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි හෙට අනිද්දම උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කරනවා.ඒ රැස්වීම් පවත්වලා අපි බලනවා උපරිම කෙටිම කාලයක් තුළදී මේ ප්‍රතිඵල ලබාදෙන්න. දැනට අපි උසස්පෙළ විභාය…

Read More

හංවැල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් 48 හැවිරිදි තිදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව ති‌බේ. ඔහු හංවැල්ල හරස් මාර්ගයේ පිහිටි අංක 09 ස්ථානයේ හෝටලයක් පවත්වාගෙන යන අයෙකු බව අප වාර්තාකරු පැවසීය. රාත්‍රි 10.10ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවට වාර්තා වෙයි. යතුරුපැදියෙන් පැමණි එක් පුද්ගලයෙකු හෝටලයේ දොරට තට්ටුකර පළමුව දුම්වැටියක් ඉල්ලා ඇත. ඉන්පසු යතුරුපැදියේ පැමිණි අනෙක් පුද්ගලයා එක්වරම දොර විවෘත කර හෝටලය තුළට පැමිණ කැෂියර් එකේ සිටි හෝටලයේ හිමිකරුගේ පපුවට වෙඩි පහර 04ක් පමණ තබා පළාගොස් තිබේ. වෙඩිතැබීම සිදුකරන ආකාරය CCTV කැමරාවකද සටහන්ව තිබුණි. වෙඩිවැදීමෙන් තුවාල ලැබු හෝටලයේ හිමිකරු පාදුක්ක රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් මියගොස් සිට…

Read More

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුනේ සිදුකරන පිරිපහදු නිෂ්පාදන ගබඩා කිරීමට හැකියාව නොමැති වීම හේතුවෙන් ඉන්ධන පිරිපහදුව යළිත් වරක් වසා දැමීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ. මෙම වසරේ පස්වන වරටත් ඉන්ධන පිරිපහදුව වසා දමා දැනට දින කිහිපයකට පෙර යළි එහි වැඩ කටයුතු ආරම්භ කරනු ලැබීය. එහෙත් නියමිත ප්‍රමිතියට ඉන්ධන නිෂ්පාදනය කරන තෙක් පිරිපහදු නිෂ්පාදන ගබඩා කළ යුතු අතර ඒ සඳහා ඉන්ධන පිරිපහදුවක් වසරක කාලයක් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව එහි සේවකයින් සඳහන් කළේය. මෙම වසරේ අවස්ථා කිහිපයක දී ඉන්ධන පිරිපහදුව වසා දැමීමත්, යළි ආරම්භ කිරීමත් හේතුවෙන් මේ වන විට පිරිපහදු නිෂ්පාදන ගබඩා තුළ ගොඩගැසී ඇති බව සඳහන්ය. ඊට හේතුව වී ඇත්තේ ප්‍රමාණවත්…

Read More

නැගෙනහිර, ඌව, දකුණ, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්කාලයෙදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More