Author: LANKA24X7

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඇතැම් සිසුන් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරීම තුළින් පිළිඹිබු වන්නේ සමාජය තුළ පවතින ප්‍රචණ්ඩකාරී මානසිකත්වය බව මනෝ විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පාසල්වල සම්පත්වලට සහ රජයේ දේපලවලට හානි කිරීම මෙන්ම ගැටුම්කාරි තත්ත්වයන්ට මැදිවූ අවස්ථාවන් කිහිපයක් ද පසුගිය දිනවල වාර්තා වුණා. දිඹුලාගල ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් පන්ති කාමරවල විදුලි පංකා සහ දොරවල් කඩා බිඳදමා ගොස් තිබූ අතර, එහි විදුහල්පතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් මනම්පිටිය පොලීසියට පැමිණිලි කර තිබුණා. එසේම, කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් පසුගියදා සිසුවෙකුට විකට් පොල්ලකින් පහරදීම හේතුවෙන් සිසුවා රෝහල් ගත කළ අතර, අත්අඩංගුවට ගත් සිසුන් 6…

Read More

කොළඹ – වන් ගෝල්ෆේස් සංකීර්ණයේ පීට්සා අවන්හලක සේවකයෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සුරාබදුු නිලධාරින්, ක්ෂේත්‍ර රාජකාරිවල යෙදීම අත්හිටුවීමට සුරාබදුු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දින දෙකක් තුළ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී ඇත්තේ. වන් ගෝල්ෆේස් සංකීර්ණයේ හය වන මහලේ පිහිටි පීට්සා අවන්හලකදී මෙම ගැටුම ඇති වුණේ පසුගිය 05 වනදා රාත්‍රියේයි. සේවය අවසන් කර නිවසට යාමට සූදානම් වූ අවන්හල් සේවකයෙකු තම හෙල්මටය මේසයක් මත තබා ගොස් තිබුණා. ඒ අතරතුර එහි පැමිණෙන සුරාබදු නිලධාරීන් පිරිසක් එම හෙල්මටය රැගෙන යාමට උත්සහ කර යළිත් එය එහි තබා ඇති බවටයි සීසීටීවී දර්ශනවලින් අනාවරණ වී…

Read More

ශ්‍රී ලංකාවේ කීර්තිමත් මෙන්ම සුන්දර ස්වභාවික පරිසර පද්ධතියකින් සමන්විත පේරාදෙණිය විශ්වවිද්‍යාලය ජනතාවට නැරඹීම සඳහා ජූලි 1 වනදා විවෘත දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය නම් කර ඇත්තේ ඕපන් ඩේ 2023 ලෙසයි. මහනුවර දිස්ත්‍රික්කයේ පේරාදෙණිය නගරයට ආසන්නව හන්තාන කඳු පන්තියේ බටහිර බෑවුම සහ මහවැලි ගංඟාව අතර මනරම් පරිසරයකයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ. වසර 80 කට පෙර ආරම්භ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙලෙස ජනතාවට නැරඹීම සඳහා විවෘත වන්නේ පළමු වරටයි. එදිනට විශ්වවිද්‍යාලයේ සියළුම පීඨයන් ජනතාව වෙනුවෙන් විවෘතව තැබෙන අතර, ඒ තුළ විද්‍යා ප්‍රදර්ශනයන් සහ සංස්කෘතිකාංගයන්ද දැක බලාගැනීමට අවස්ථාව හිමිවනු ඇති. එමෙන්ම උසස් අධ්‍යාපනය පිළිබඳ පවතින ගැටළු නිරාකරණය කරගැනීමට හැකියාව ලබාදී ඇති බව…

Read More

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ දහ 19 කට අධික රන් භාණ්ඩ, සුවඳ විලවුන්,රූපලාවන්‍ය භාණ්ඩ අස්ථානගත වී ඇති බවට ඇය විසින් වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. සේවිකාවක් වශයෙන් සිටි කාන්තාවක් විසින් මෙලෙස භාණ්ඩ සොරාගෙන ඇති බව‍යි ඇය පොලීසියට පවසා තිබෙන්නේ. මීට පෙර ද ඇයගේ නිවසේ රන් භාණ්ඩ නොමැති වූ බවට සැක කරමින් වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් කාන්තාවකට පහර දුන් බව කියන හේතුවකින් රෝගාතුරවී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී ඇය මියගොස් තිබෙනවා. එම සිදුවීමට අදාළව වැලිකඩ පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් නිලධාරින් පිරිසකට ස්ථාන මාරු ලබා දීමටයි පොලිස් මූලස්ථානය කටයුතු කළේ. කුරේ මාවත රාජගිරිය ප්‍රදේශයේ නිවසේ…

Read More

පසුගිය වසර හතරක කාලයක් තුළ අලුතින් මිලියන 4ක ජනතාවක් දිළින්දන් බවට පත්ව ඇති බව වාර්තා වනවා. ලර්න් ඒෂියා ආයතනය දිවයිනම නියෝජනය කරමින් සිදුකළ සමීක්ෂණයකින් මේ බව හෙළිවී තිබෙනවා. ඒ අනුව 2023 වන විට රටේ සිටින මුළු දිළින්දන් ප්‍රමාණය මිලියන 7ක් බව එම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා. අදාළ සමීක්ෂණයට අනුව දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත්වන අයගෙන් සියයට 81ක් ග්‍රාමීය ජනයා වන අතර 2019 සිට සියයට 15ක අගයක පැවති ග්‍රාමීය දරිද්‍රතාවය සියයට 32 දක්වා දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. මේ අතර 2019 දී සියයට 6 ක මට්ටමක පැවති නාගරික දරිද්‍රතාව සියයට 18 දක්වා තුන් ගුණයකින් ද වැඩි වී ඇති අතර වතු ප්‍රජාවෙන් අඩකට වැඩි…

Read More

මෙරටින් වාර්තාවන මුළු ඩෙංගු රෝගීන් අතරින් සියයට විසි පහක් පාසල් ළමයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ඩෙංගු උවදුරින් ළමයින් ආරක්ෂාකර ගැනීම සදහා පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ සිදුකළ අතර එය අද (11) දිනයේද එය ක්‍රියාත්මකයි. මේ වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 42,184 ක් වාර්තාවන අතර ඩෙංගු අධි අවදානම් කලාප ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශ සංඛ්‍යාව 61 ක් හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සඳහන් කළේ.

Read More

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ මේ වසරේ ගත වූ කාලය තුල ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 2307.02 ක් මෙරටට ලැබී ඇති බවයි. ගිය වසරට සාපේක්ෂව මේ වසරේදී විදේශ ශ්‍රමිකයන් එවනු ලබන මුදල් ප්‍රමාණය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම අමාත්‍යාංශය සඳහන් කළා.

Read More

එක් එක් මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් තෝරා පත් කිරීමට හිමිකම් ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් මැතිවරන කොමිෂන් සභාව ඊයේ (09) රැස්වූ අවස්ථාවේදී තීරණයක් ගෙන තිබෙනවා. එහිදී තීරණය කරගත් එම සංඛ්‍යාව සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්,

Read More

ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා ඇතුළු නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් පවත්වා තිබෙනවා. ඒ, කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දීයි. එහි දී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණ බව සඳහන්. මෙරට ගොඩ නැගීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම නියෝජිත පිරිසගෙන් ඉල්ලීමක් කළේ. ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික දූත මණ්ඩල අධ්‍යක්ෂවරුන් වන චෙන් චෙන් සහ ටකෆුමි කඩොනෝ මෙම සාකච්ඡාවට එක්ව සිටින බව සඳහන්. මෙරට ආර්ථිකය තුළ බිඳ වැටී ඇති ක්ෂේත්‍ර පිළිබඳව විපක්ෂ නායකවරයා එකින් එක පැහැදිලි කළ බවයි එම කාර්යාලය නිවේදනය…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට…

Read More