Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මාතර, දෙමටපිටිය, දික්වැල්ල ප්‍රදේශයේදී අද (13) වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අය මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. අද (13) උදෑසන මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කළ බව වාර්තා වෙනවා.
දෙහිවල, ඕබන් ප්‍රදේශයේදී පසුගිය 10වැනි දින පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කළ සකකරු පොලිසිය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 55ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අද (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිර්‍රිමට නියමිතයි.
රුසියානු හමුදාව භාරයේ පැවැති තවත් ගම්මාන 04 ක් යුක්රේන හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. ඒ අනුව රුසියානු හමුදාවේ පාලනය යටතේ පැවැති ගිනිකොන දිග යුක්රේනයේ ගම්මාන 07 ක් යුක්රේනය යළි අල්ලා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුක්රේනය කියා සිටියේ බක්මුට් නගරය ආසන්නයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා සිය හමුදාව බොහෝ කාලයක් බලා සිටි බවයි. එමෙන්ම යුක්රේන හමුදාව එලෙස රුසියානු ඉලක්ක වෙත පහර දීමට යුරෝපානු හා බටහිර රටවලින් ලද අවි භාවිත කර බව ද විදෙස් මාධ්‍ය පවසනවා. රුසියාවට එරෙහි දැවැත්න ප්‍රති ප්‍රහාරයක් ආරම්භ කළ බව යුක්රේනය නිවේදනය කළේ ඉකුත් සෙනසුරාදායි. කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ හදිසි සංචාරයක් සඳහා යුක්රේනයට පැමිණි අවස්ථාවේදී යුක්රේන…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධුර සහ රාජ්‍ය අමාත්‍ය ධූර භාරගත් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර ඇතුළු 6 දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නා බව දන්වමින් එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ලිපියක් නිකුත් කර තිබෙනවා.
ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයගත හැක්කේ සිය පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයකට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කලේ හික්කඩුව නගර ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්ගම ආසනයේ නියොජිත සම්මේලනය අමතමින්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, දිස්ත්‍රික් නායකයන් ඇතුළු පිරිසක් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැදවා තිබුණා. පස්වරු 05 යි 30 ට පමණ ආරම්භ වූ එම සාකච්ඡාව තවදුරටත් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්නොවූ අතර ඔහු අනුරාධපුර, රුවන්වැලි සෑ රඳුන් වැඳපුදා ගැනීමට ගොස් තිබුණා. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ඇතුළු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක්ද ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවට එක්වී නොමැති බවයි වාර්තා වන්නේ.
අද (13) දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකයි. වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ විටින් විට පැයට කිලෝමීටර් (40-45) පමණ තද සුළං බලාපොරොත්තු විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද…
නවක වධය සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨයේ දෙවැනි වසරේ සිසුන් 11දෙනෙකුගේ පන්ති තහනම් කර තිබේ.
මැදගම, ඌරුමුත්තාව ප්‍රදේශයේදී ඊයේ (12) පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුට වෙඩි තබා තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මැදගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල රෝහලට මාරු කර යවා ඇති බව පොලිසිය පවසනවා. තුවාල ලැබූ පුද්ගලයා 37 හැවිරිදි රුවල්වෙල, තඹාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම පුද්ගලයාට වෙඩි තැබූ පුද්ගලයා වයස අවුරුදු 65ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ ඔහුගේ ඉඩමට තුවාලකරුගේ ගවයකු ඇතුළු වීම හේතුවෙන් බවයි පොලිසිය පවසන්නේ. සැකකරු අද (13) බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කොළඹ පිහිටි ගොඩනැගිල්ලකට බලහත්කාරයෙන් ඇතුළුවූ පුද්ගලයින් 23 දෙනෙකුට පොලිස් ඇප ලබාදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන්නැයි අධිකරණය නියෝග කර තිබේ. කොළඹ නවම් මාවතේ පිහිටි මහල් 09ක ගොඩනැගිල්ලකට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 23 දෙනාට පොලිස් ඇප ලබාදීම සම්බන්ධයෙන් එලෙස විමර්ශනයක් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට අද (12) නියෝග කළේය. සැකකරුවන් පිරිස අධිකරණයට අද ඉදිරිපත් කෙරුණු අතර එක් අයෙකුට රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 2 බැගින් ලබාදී මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා තීරණය කළේය.