Author: LANKA24X7

කොහු අඹරණ යන්ත්‍රයකට අසුවී දකුණු අත වෙන් වූ කාන්තාවකගේ එම අත සාර්ථකව බද්ධ කිරීමට මහනුවර ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල සසංක රත්නායක මහතා ප්‍රමුඛ කණ්ඩායමක් සමත් වූහ. කොහු අඹරණ යන්ත්‍රය පිරිසිදු කරමින් සිටියදී හිටිහැටියේ එය ක්‍රියාත්මක වි ඇගේ දකුණු අතේ වැලමිටට ඉහලින් කොටස යන්ත්‍රයට අසුවී උරහිසේ සිට අඟල් හතරක් පමණ පහලින් වෙන් වූ අතර වෙන් වූ කොටස අයිස් වල ගිල්වා ඉතා සුරක්ෂිතව මහනුවර රෝහල කරා යොමු කිරීමට අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කිරීම නිසා අත සාර්ථකව බද්ධ කිරීමට හැකි වූ බව සැත්කමට සම්බන්ධ වූ වෛද්‍යවරු පැවසූහ. අනුරාධපුර පදිංචි තිස්පස් හැවිරිදි කාන්තාවක මෙම අනතුරට මුහුණ පා ඇත. මහනුවර…

Read More

ඉන්දීය සුරූපී නිළි පූනම් පාන්ඩේ දිවියෙන් සමුගත්තාය. ඇය මියගියේ ගැබ්ගෙල පිළිකා රෝගී තත්ත්වය හේතුවෙනි. ඇගේ වයස අවුරුදු 32 කි. පූනම් පාන්ඩේ ජනප්‍රිය වූයේ වැඩිහිටියන්ට පමණයි තේමාව යටතේ එළි දැක්වූ ගුරුවරියක සහ ළාබාල ශිෂ්‍යයකු අතර ප්‍රේම සම්බන්ධයක් ගැන කියැවෙන “නාෂා” චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවීමෙනි. “නාෂා” චිත්‍රපටය තිරගත වූයේ 2013 වසරේදීය. එය බොලිවුඩයේ දිග හැරුණු ආන්දෝලනාත්මක චිත්‍රපටවලින් එකකි. “නාෂා” පූනම් පාන්ඩේගේ පළමු චිත්‍රපටයයි.

Read More

තම මිතුරන් සමඟ හැංගිමුත්තන් සෙල්ලම් කිරීම සඳහා ගිය 14 හැවිරිදි පාසල් සිසුවෙක් ඉදි කරමින් තිබෙන දෙමහල් නිවසක පළමු මහලෙන් බිමට ඇද වැටී මරණයට පත්ව සිටින බව දොරටියාව පොලීසිය පවසයි. පසුගිය (1) පස්වරුවේදී සිදුවූ එම අනතුරෙන් දොරටියාව ගල්පොත්තවත්ත හිඳගොල්ල පදිංචි දිගම්පිටිය විද්‍යාලයේ නවවන වසරේ ඉගෙනුම ලැබු සුදේශ් මධුෂංඛ සිසුවා මරණයට පත්ව ඇත. ඔහුගේ මිතුරන් සිව් දෙනෙකු සමග නිවසට යාබඳව පිහිටි ඉදි කරමින් පවතින දෙමහල් නිවසේ ඉහල මාලයේ සෙල්ලම් කරමින් සිටියදී තාවකාලිකව සකසා තිබූ ගඩොල් බිත්තියක හැපී එයද කඩාගෙන බිමට ඇදවැටීමෙන් බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇත.

Read More

ඔක්තෝබර් මාසයේ දී ජනාධිපතිවරණය පැවැත්වෙක බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ (02) අනුරාධපුරයේ දී පැවැසීය. අනුරාධපුර දිස්ත්‍රික් එජාප සම්මේලනය ඇමතූ රංගේ බණ්ඩාර මහතා මීළඟ ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන් ඉදිරිපත්වන නිසා සියලුම දෙනා ඊට සූදානම් වන්නැයි ද ඉල්ලා සිටියේය. 2020 දී මහ මැතිවරණයෙන් පක්ෂය වැටුණු වැටිල්ල නිසා නැවත නැඟිටීමක් නැතැයි බොහෝදෙනා සිතුවා. නමුත් රට අමාරුවට පත් වූ අවස්ථාවේ නොබියව ඉදිරිපත්ව රට ඉදිරියට ගෙනයාමේ අභියෝගය බාරගත්තා. අවුරුදු දෙකක් ගතවීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා රට නැවතත් නිවැරදි මාවතට යොමුකර ආර්ථිකය ගොඩගැනීමට පියවර ගනිමින් සිටිනවා . ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දී ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපති ධුරයට නැවත පත්කරන්නැයි…

Read More

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පැය 10කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.

Read More

මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය පහසුකමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි. අදාළ මූල්‍ය ගිවිසුම සඳහා පසුගිය දා අත්සන් තැබුණු බව මුදල් අමාත්‍යංශය සඳහන් කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළමනාකරණය කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ශක්තිමත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමට මෙම ව්‍යාපෘතිය දායක වනු ඇති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දී තිබේ. ඵලදායී තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉහළම භාවිතයන්ට අනුකූලව ශ්‍රී…

Read More

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට අදාළ ගැසට් පත්‍රය නිවේදනය කර තිබේ. පනත සඳහා ඊයේ (01) කථානායකවරයා විසින් සිය අත්සන තබන ලදි. ඉකුත් 24 වැනි දා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධන සහිත ව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

Read More

‘විශ්ව බුද්ධ’ නමින් පෙනී සිටි පුද්ගලයා පෙබරවාරි 16 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ගගොඩවිල මහෙස්ත්‍රාවරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත. සමාජ මාධ්‍යය තුළ විශ්ව බුද්ධ යන නමින් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කිරීමේ චෝදනාව යටතේ මොහුට විරුද්ධ ව චෝදනා එල්ල වී තිබේ. මීට පෙර මොහුට ඇප ලබා දීමට අධිකරණය නියෝග කර තිබුණ ද අධිකරණයේ අවවාද නොතකමින් නැවතත් බුදු දහමට අපහාස කිරීමේ චෝදනා හේතුවෙන් විශ්ව බුද්ධ නමින් පෙනී සිටි පුද්ගලයා යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

Read More

ජනතාවට බලපා ඇති විවිධ පීඩා හේතුවෙන් පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකර දැනට තිබෙන මිල ගණන්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. මේ මාසයට අදාළව නියත මිල වැඩිවීමක් තිබුණත් ඒ පාඩුව සමාගම දරාගෙන ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කිරීමට සුදානම් වන නව සන්ධානයේ සහාය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලබාදීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සන්ධාන පිළිබඳ කිසිදු දේශපාලන පක්ෂයකට විශ්වාසයක් නොමැති බවය. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා, “මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය අද බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. ඒක තමයි නායකත්ව මණ්ඩල ඉල්ලන්නේ. ගිය සතියේ තිබුණු ලාන්සා මැතිතුමාලාගේ රැස්වීමේදී මම දැක්කා එතුමලා සහාය දෙන්න හදන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. ඒ අය එකතුවෙලා හදන සන්ධානයේ.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. ගමේ ඉන්න ශ්‍රී ලංකාකාරයින්ට ඒක ප්‍රශ්නයක්.”

Read More