Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මධ්‍යම කදුකරය පුරා පවතින වියලි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශය පතුලටම සිඳී ඇති බව . වික්ටෝරියා ජලාශය මගින් රන්දෙණිගල රන්ටැඹේ ඇතුළු විදුලි බලාගාර සඳහා ජලය සපයා දෙන අතරම කුඹුරු අක්කර දහස් ගණනක වගාවන් සඳහාත් පානීය ජලය සැපයීමත් සිදු කරයි. ජලාශයේ ජල මට්ටම අඩු වීම නිසා පවුල් දහස් ගණනක් උග්‍ර පානීය ජල හිඟයකටද මුහුණ දී සිටින අතර ජලාශය ඉදිකිරීමට ප්‍රථම ඒ ප්‍රදේශයේ පිහිටි පැරැණි තෙල්දෙණිය නගරයේ නටබුන් මතුවී ඇති බවද සඳහන් වේ.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමත් සමග තමන් ඇතුළු පිරිසකට මේ වන විට මරණ තර්ජන එල්ල වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන ඊයේ (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මෙම මර්ජන තර්ජන සමගි ජන බලවේගයේ තමන් හා සෞඛ්‍ය කමිටු ලේකම් කවින්ද මාකලන්ද ඇතුළු සාමාජිකයින්ට එල්ල වී ඇති බවටයි ඔහු පැමිණිල්ලේ සදහන් කර ඇත්තේ. දුරකථන අංකය නොපෙන්වන ඇමතුමක් හරහා මෙම මරණ තර්ජන එල්ලවන කරන අතර එම තර්ජන මගින් තම පවුල් වල සාමාජිකයින්ගේ ජීවිත වලටද මරණීය තර්ජන එල්ල කරන බවට මන්ත්‍රීවරයා වැඩිදුරටත් තම පැමිණිල්ලේ සඳහන් කර සිටියා.
අස්වැසුම හඳුන්වා දීම සමෘද්ධි ව්‍යාපාරය අඩපණ කිරීමට රජය ගත් තීන්දුවක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. ඊ (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ, ලබන සතිය වනවිට ආබාධිත, වකුගඩු රෝගී හා වැඩිහිටි දීමනා යළි ලබා දීම ආරම්භ කරන බවයි. මේ අතර, ලබන සැප්තැම්බර් මාසයට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට පෙර ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය අවසන් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද සඳහන්.
ගෝනගංආර කොන්දකැටිය ප්‍රදේශයේ කුඹුරකදී වන අලියෙක් පහර දීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා මිය ගිය තැනැත්තියගේ වයස අවුරුදු 63ක් වන අතර ඇය 15 කණුව බුත්තල ප්‍රදේශයේ පදිංච්කාරියක් අදාළ කාන්තාව වගා කර අතහැර දමා තිබූ කුඹුරක ගොයම් කරල් කපමින් සිටියදී මෙසේ වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ වන අලියා පැමිණෙන විට අවට සිටි පිරිස් කෑ ගසා ඇති අතර මෙම කාන්තාව ශ්‍රවණ ආබාධයකින් පසුවූ හෙයින් එම ශබිදය ඇසි නැහැ මෘත ශරිරය මොණරාගල රෝහලේ තැන්පත් කර තිබෙනවා ගෝනගංආර පොලිසිය වැඩ්දුර විමර්ශන සිදුකරනවා
තඹුත්තේගම ඊරියගම ප්‍රදේශයේදී අද(04) මාරක රිය අනතුරක් සිදු වී තිබෙනවා. වෑන් රථයක් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙම අනතුරෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටින්නේ.
ශ්‍රී ලංකන් ගුවන්සේවය සඳහා නව ගුවන් සේවිකාවන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයේ පළමු අදියර කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (03) උදෑසන ආරම්භ විය. දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා අද විශාල පිරිසක් එක්ව සිටි බව වාර්තා වෙයි. මෙහි දෙවන අදියර සෙනසුරාදා පැවැත්වෙයි. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිලධාරීන් පැවසුවේ, මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා ඔවුන්ට අයදුම්පත්‍ර 8,000ක් පමණ ලැබී ඇති බවය. නමුත් ඉන් බඳවාගනු ලබන්නේ, 200ත් 300ත් අතර පිරිසක් බව වාර්තා වෙයි.
වවුනියාව, තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ගිනිතබා පුද්ගලයින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ. වවුනියාව පොලීසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුව ඊයේ (02) සවස අත්අඩංගුවට ගත් බවය. පසුගිය 24 වනදා අලුයම මෙම අපරාධය සිදුවී තිබුණි. පොලීසිය තවදුරටත් පැවසූවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා වවුනියාව පොලීසිය සිදුකළ පරීක්ෂණ මත සැකකරුව අත්අඩංගුවට ගත් බවය. වවුනියාව, කුමාන්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක් වන අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අද (03) වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. මෙම ඝාතන සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් එළඹෙන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි. පොලීසිය පැවසුවේ අදාළ නිවසට ගිනිතැබීමෙන්…
ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 85කට වඩා වැඩි වී ඇතැයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් පවසනවා. ඊට සාපේක්ෂව දේශීය ගෑස් මිල සංශෝධනය හෙට (04) ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සභාපතිවරයා වැඩිදුරටත් දන්වා සිටියා.
මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරුවෙකු කර කුවේට්හිදී එල්ලා මරණ ලද ශ්‍රී ලාංකිකයෙකුගේ දේහයට අදාළ මරණ පරීක්ෂණය මීගමුව රෝහලේදී ඊයේ (02) සිදුකිරීමට පියවර ගෙන තිබුණි. එම කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී මියගිය පුද්ගලයාගේ බිරින්දෑවරුන් බව පවසමින් කාන්තාවන් තිදෙනෙකු ඉදිරිපත්වී තිබේ. එහිදී ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් අදාළ දේහය පිළිබඳ මරණ පරීක්ෂණ කටයුතු අද (03) දිනය දක්වා කල්දැමීමට සිදුවිය. මෙලෙස මියගොස් තිබුණේ අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙකි. පසුගිය 27 වනදා ඔහුව එල්ලා මරණයට පත්කර තිබූ බව වාර්තා විය. මෙලෙස ඉදිරිපත්වී ඇති කාන්තාවන් තිදෙනාගෙන් එක් තැනැත්තියක් ඕමානයේ රැකියාවේ නියුතු තැනැත්තියකි. ඇය සාක්ෂි දෙමින් සඳහන් කර ඇත්තේ ඔහු සමග විවාහ වී වසර 17ක් පමණ වන බවය.…