Author: LANKA24X7

කැරට් 22කට වැඩි රත්‍රං, ආභරණ ලෙස ගෙනඒම සීමා කරමින් අංක 2312/77 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රත්‍රං ජාවාරම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවය.

Read More

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දීමට දින ප්‍රකාශයට පත්කර තිබියදී තරුණ නියෝජනය සදහා සදහා පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පනත ඇතුලේ ගැටුමක් ඇති වීමට ඉඩ තිබෙන බව ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පිළිබඳව අදහස් දක්වමින් අනුර දිසානායක මහතා මේ බව කීය. අනුර දිසානායක මහතා:- දැන් මැතිවරණ කොමිසම නාමයෝජනා නාමයෝජනා දින ප්‍රකාශ කර තිබෙනවා.දේශපාලන ව්‍යාපාර තම නාමයෝජනා සකස් කරමින් සිටිනවා. ඒ අතරතුර පාර්ලිමේන්තුවට පනතක් එනවා නාමයෝජනා වල සංයුතිය වෙනස් කිරීමට. නාම යෝජනා කැඳවීමට පෙර පනත සම්මත වුවහොත් පනත ඇතුලේ…

Read More

ත්‍රස්තවාදයට එරෙහි සටනට ගොස් ආබාධිතව අභිමන්සල වල සිටින රණවිරුවන්ගේ වැටුපටත් බදු ගසා ඇතැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. රණවිරුවන්ගේ වැටුපට බදු ගහන්න එපා යැයි ඉල්ලා සිටින බවද වීරවංශ මහතා වැඩිදුරටත් කීය. ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූයේ බදු ක්‍රමවේද සැකසීමේදී පොදුවේ යම් තීරණ ගන්නා බවත් අදාල කාරණය ගැන සලකා බලන බවත් ය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ මොහොත වන විට පළාත් පාලන මැතිවරණය සඳහා කළුතරට ඇප මුදල් තැන්පත් කරගෙන යන අතර “ඔබතුමා ඊට පිටිපස්සෙන් වැඩ කරගෙන යන්නැයි” අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාට පිළිතුරක් ලබා දෙමින් පාර්ලිමේන්තුවේදී පැවසීය. මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී විමසූයේ පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීම සඳහා දින නියම කර තිබෙන නමුත් පළාත් පාලන ආයතන කිසිවක් විසුරුවා හැර නැති බවයි. පළාත් පාලන ආයතන විසුරුවන්නේ නැතිව ඡන්ද පවත්වන ප්‍රථම අවස්ථාව මෙය බවද රහුමාන් මහතා කීය. ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසූයේ පාලන ආයතනවල කාලය ගැන තීරණය කරන්නේ මැතිවරණ කොමිසම බවයි. සියලු පළාත් පාලන ආයතන…

Read More

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස නම් කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (05) නියෝග කළේය. මෙම සිද්ධියට අදාළව මෙම සැකකරුට ඇප ලබා දීම සම්බන්ධයෙන් සලකා බැලීම එදිනට සිදුකරන බවද අධිකරණය නියම කළේය . ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (05) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි.

Read More

දළදා වහන්සේට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළ තැනැත්තාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ උපරිම නීතිය ක්‍රියාත්මක කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ආගමික විශ්වාස වලට හානිවන ආකාරයට කටයුතු කිරීම වසර දහයක් වුවත් සිරගත කළ හැකි වරදක් බව ද අධිකරණ අමාත්‍යවරයා කීය. දණ්ඩ නීති සංග්‍රහයේ 290 වගන්තිය යටතේ යම් ආගමික විශ්වාසයකට යම් තැනැත්තෙක් අපහාස කරනවා නම් ඒ ලබ්දිය විශ්වාස කරන අයගේ හද පෑරෙන ලෙස කටයුතු කරනවා නම් දන්ඩනීය වරදක් ලෙස සඳහන් වෙන බවද විජේදාස රාජපක්ෂ මහතා කීය.

Read More

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කළා. ඒ, කළුතරදීයි. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටි බව වාර්තාවේ. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ද සම්පූර්ණ කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ අද සිට ලබන 23වනදා මධ්‍යම රාත්‍රී 12ට පෙර එම අයදුම්පත් භාර ගන්නා බවයි.

Read More

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහත දමා තිබෙනවා. ඒ අනුව නව ලිට්‍රෝ ගෑස් සංශෝධිත මිල ගණන් පහත පරිදි වේ. 12.5 kg ගෑස් සිලින්ඩරයක මිල රු. 201 කින් අඩුකර ඇත. ඒ අනුව නව මිල මිල රු. 4,409ක් වේ. ලිට්‍රෝ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 80 කින් අඩු කර ඇති අතර නව මිල රු. 1,770 ක් වේ. කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රු.38කින් අඩු කර ඇති අතර නව මිල රු. 822ක් වේ.

Read More

මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු කන්කසන්තුරය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයක නඩු භාණ්ඩ වශයෙන් ඇති රන් පවුම් 70ක් නිදහස් කර දීමට හැකි බව පවසා මුදල් රුපියල් 3,694,000ක් ගිණුම්ගත කරවාගෙන මුදල් චංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධියට සම්බන්ධ සැකකාරියන් දෙදෙනා ඊයේ (04) දහවල් කාලයේදී කන්කසන්තුරය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන නෙල්ලිඅඩි පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකාරියන් අවුරුදු 36 හා 38 යන වයස්වල පසුවන වැලිවැටිතුරය ප්‍රදේශයේ පදිංචිකාරියන් දෙදෙනෙකි. සැකකාරියන් අද (05) පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර නෙල්ලිඅඩි පොලීසිය හා කන්කසන්තුරය විශේෂ අපරාධ…

Read More

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් අවශ්‍ය වාර්තා කඩිනමින් ගෙන්වාගෙන විමර්ශන සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය. ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය ව්‍යාජ බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එම නියෝගය නිකුත් කර තිබේ. අදාළ තානාපති කාර්යාල වාර්තාව ලැබීමෙන් පසුව එම නඩුවට අදාළ නියෝග නිකුත් කිරීමට අධිකරණයට පහසු වන බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා එතෙක් අදාළ තැනැත්තිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන…

Read More