Author: LANKA24X7

ලොව ප්‍රමුඛ සමාගමක් වන ඇමසන් සමාගම සේවකයින් 18,000ක් පමණ සේවයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. ඒ එම සමාගම සිය ඉතිහාසයේ එකවර වැඩිම සේවකයින් පිරිසක් ඉවත්කරන පළමු අවස්ථාව ලෙස දැක්වෙයි. ඇමසන් සමාගම පවසන්නේ වියදම් අඩු කරගැනීම සඳහා එම තීරණය ගත් බවය. අන්තර්ජාලය භාවිතයෙන් වෙළෙඳාමේ යෙදෙන ලොව ප්‍රමුඛතම සමාගම වන එයට ලොව පුරා මිලියන 1.5ක් පමණ සේවක සංඛ්‍යාවක් හිමිය. නමුත් කුමන රටවල වැඩියෙන් සේවක කප්පාදුව සිදුකෙරෙන්නේද යන්න සම්බන්ධයෙන් ඔවුන් හෙළිකර නොමැත. බහුතර සේවක සංඛ්‍යාවක් ඉවත් කරනුයේ පාරිභෝගික භාණ්ඩ ව්‍යාපාර සහ මානව සම්පත් අංශවල බව සඳහන් ය.

Read More

මේ වනවිට රට තුළ පවතින තත්ත්වය අනුව පැය 8ක 10ක විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් තරම් ගල්අඟුරු සංචිත ලැබෙමින් පවතින බවය. “විදුලිබල මණ්ඩලයේ කළමනාකරණයේ වැරදිවලින් ඇතිවූ අලාභය පියවා ගන්නත් ගල්අඟුරු සහ තෙල් ලබාගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමටත් තමයි මේ විදුලි බිල වැඩිකරන්න යන්නේ.” “මේ අවස්ථාව වෙනකොට අපිට තිබෙනවා ගල්අඟුරු මෙට්‍රික්ටොන් 32,000ක්. ඊළඟ නැව හෙට ලංකාවට එනවා. හෙට දවල් වෙනකොට තව මෙට්‍රික්ටොන් 60,000ක් බාන්න පටන් ගන්නවා. තව නැව් 5ක් එන්න තිබෙනවා. දැන් තිබෙන ක්‍රමය අනුව නැව් 25ක් විතර එන තත්ත්වයක් තිබෙන්නේ.” “ගල්අඟුරු නැති නිසා නවත්වපු…

Read More

කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේ ඉදිකෙරෙන ව්‍යාජ දළදා මාළිගාව සම්බන්ධයෙන් වහාම පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. මහානායක හිමිවරුන කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා විසින් අදාළ උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

Read More

දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බෙල්ලංවිල ප්‍රදේශයේදී එලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

Read More

ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහු ඒ වන විට ඔහු 83 හැවිරිදි වියේ පසුවිය.

Read More

පළාත් පාලන ආයතන 20ක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබේ. තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ද අදින් ආරම්භ විය. එම අයදුම්පත් භාර ගැනීම මේ මස 23 වනදා මධ්‍යම රාත්‍රී 12.00ට අවසන්වීමට නියමිත අතර එම දිනය කිසිසේත්ම දීර්ඝ කිරීමක් සිදුනොකරන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් භාර ගැනීම ආරම්භ වු ඊයේ දිනය තුළදීම බණ්ඩාරවෙල මහ නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායමක් විසින් ඇප මුදල් තැන්පත් කර තිබුණි. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ඡන්දය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (05) ආරම්භ කළේ කළුතර…

Read More

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊ (05) පැවති දෙවැනි විස්සයි 20 තරගයේ තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දියාව සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමටය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06 දැවී ලකුණු 206ක් රැස් කළේය. ලකුණු 207ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවූයේ කඩුලු 08ක් දැවී ලකුණු 190ක් පමණි. ඒ අනුව ලකුණු 16කින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ජය වාර්තා කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදීමට පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් සමත් විය. ඔවුන්…

Read More

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ “කරවිට සීයා” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි. ඔහු පසුගිය දෙසැම්බර් මස 18 වනදා හංවැල්ල හරස් පාරේ වෙළෙඳසැලක හිමිකරු පපුවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍යව සිටි සැකකරුවෙකු බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලීසිය විසින් අදාළ වෙළෙඳසැලේ හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධියට අනුබල දීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරු හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේ රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව පොලීසිය සැකකරු සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇත. එම මෙහෙයුම අතරතුර සැකකාර…

Read More

දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (06) යෙදී තිබේ. බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පොහොය දිනක සිදුව තිබේ. දුරුතු පුර පසළොස්වක පෝය නව වසරේ ප්‍රථම පොහොයයි බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවනේ ද දුරුතු පුර පළෛාස්වක පොහොය දිනකය. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. එමෙන්ම බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මඟට හරවාගැනීම දුරුතු පොහොය දිනක සිදුව ඇත. බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව වන බිම්බිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද දුරුතු පොහොය දිනකය.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීම ඇතුළු චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (05) තීන්දු කර තිබේ. දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුනි. නියෝගය ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු දමිත් තොටවත්ත මහතා සඳහන් කළේ මෙම අවස්ථාවේදී විත්තිකරුවන් ඇප මත මුදාහැරීම යෝග්‍ය නොවන බවය. ඒ අනුව අප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා සඳහන් කළේය. ඉන් අනතුරුව නඩුව නැවත පෙබරවාරි මස 01 වනදා කැඳවීමට නියම කෙරුණි.

Read More