Author: LANKA24X7

වෛද්‍යවරුන් පෞද්ගලික අවශ්‍යතා මත විදෙස්ගත වීමේදී සීමා කිහිපයකට යටත්ව පමණක් ඊට අවසර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ, ගතවූ වසර දෙක ඇතුළත වෛද්‍යවරුන් 2000කට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බවට වාර්තා පළ වන පසුබිමකයි. සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද පෙන්වා දෙන්නේ, තවත් වෛද්‍යවරුන් 5000ත් 6000ත් අතර පිරිසක් රට හැරදා යෑමේ සුදානමක් ඇති අතර හෙද නිලධාරීන් රැසක්ද රට හැර යාමේ සූදානමක් පවතින බවයි. වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරුන් රට හැරයාම මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බරපතල ගැටලුවක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව නීත්‍යානුකූල නොවන අයුරින් රට හැරයන වෛද්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීයික සත්කාරක සේවා…

Read More

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර ඇති පෙත්සම පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගන්නා ලෙස ඉල්ලමින් මෝසමක් ගොනුකර තිබේ. රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අදාළ පෙත්සම ගොනුකර ඇත. එම පෙත්සම ඉදිරිපත් කළ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම මෝසම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබේ. පෙත්සම්කරු කියා සිටින්නේ මෙම පෙත්සමට අදාළව ඉකුත්දා බෙදුනු නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්වීම හේතුවෙන් අදාළ පෙත්සම යළිත් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ යළිත් විභාග කිරීමට අධිකරණය ඉකුත්දා තීන්දු කළ බවය. ඒ අනුව අදාළ පෙත්සම ලබන සැප්තැම්බර් 14 වනදා විභාගයට ගැනීමට නියමිතව…

Read More

වෛද්‍යවරුන් සඳහා විදෙස් නිවාඩු අනුමත නොකර සිටීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. වෛද්‍යවරුන්ගේ විදෙස් නිවාඩු අනුමත නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණයක් ගෙන ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් “අද දෙරණ” කළ විමසීමක දී අමාත්‍යවරයා මේ බව කියාසිටියේය. කෙසේ වෙතත් අමාත්‍යවරයා සඳහන් කළේ, පවතින ගැටලුකාරී තත්ත්වය හමුවේ මෙරට තුළ රඳවා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය. මේ අතර අද (16) පැවති මාධ්‍ය හමුවක දී සීමා පැනවීමට පෙර වෛද්‍යවරුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමට රජය පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේය. “වෛද්‍යවරු…

Read More

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ හිඟය හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක සීටී, එම්.ආර්.අයි, පෙට් ආදී පරීක්ෂණ නැවතීමේ අවදානමක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේ, රත්තපුර, ගාල්ල, බදුල්ල, කොළඹ ජාතික රෝහල තුළ දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇති බවය. “දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ දැඩි හිඟයකට මේ වනවිට මුහුණ පා තිබෙනවා. විශේෂයෙන්ම සීටී, එම්.ආර්.අයි, පෙට් ආදී පරීක්ෂණ කරන ස්ථානයන්හි නිලධාරීන් විශ්‍රාම යෑම හේතුවෙන් ඉදිරියේ දී මේ පරීක්ෂණ නතරවීමේ අවදානමක් තියෙනවා. එතකොට රත්නපුර, ගාල්ල, බදුල්ල, ශ්‍රී ලංකා ජාතික රෝහලේ යන ස්ථානවල සීටී, එම්.ආර්.අයි, පෙට් ආදී පරීක්ෂණ නතරවීමේ අවදානමක් තියෙනවා. මේ ආකාරයෙන්ම විශ්‍රාම යෑම හා නිලධාරීන්…

Read More

දිය පිපාසයෙන් එන සතුන්ට වස දමා ඝාතනය කර මස් පිණිස විකිණීමේ ජාවාරමක් සෙල්ලකතරගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. සෙල්ලකතරගම ප්‍රදේශයට මායිම් ව ඇති යාල රක්ෂිත ප්‍රදේශයන් හී දඩයම්කරුවන් විසින් දිය කඩිති හා වැව් ආශ්‍රිතව වළවල් සාදා ඒවාට වස මිශ්‍ර කර මෙම ක්‍රියාව සිදුකර ඇති බව වනජීවී නිලධාරීන් අනාවරණය කරගෙන ඇත. පසුව එම සතුන් දඩයම් කර, සතුන්ගේ මස් කතරගම ප්‍රදේශයන්ට පැමිණෙන පිරිස් වෙත හා විවිධ ප්‍රදේශයන් තුළ අලෙවි කරමින් මෙම ජාවරාම සිදුකරගෙන ගොස් ඇති බව සඳහන්ය. විශේෂයෙන් කතරගම වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් ඉලක්ක කරගනිමින් ඔවුන්ට අවශ්‍ය මස් ලබා දීමට මෙම ක්‍රියාව සිදුකර තිබෙන බව වාර්තා වෙයි. ඒ අයුරින් වස දමා මියගිය සතුන්ගේ මස්…

Read More

වකුගඩු රෝගී, ආබාධිත සහ අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනා නොවෙනස්ව පෙර පැවති පරිදි ගෙවීම සඳහා ප්‍රතිපාදන වෙන්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසයි. පෙර පැවති පරිදි පුද්ගලයන් 647,683ක් සඳහා ගෙවීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, ඉදිරි දින කිහිපය තුළ ගෙවිම සිදුකිරීමට නියමිත වන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව පොරොත්තු ලේඛන ද ඇතුළත්ව 517,962 දෙනෙකු සඳහා වැඩිහිටි දීමනාවත්, 88,602 දෙනෙක් සඳහා ආබාධිත දීමනාව හා 41,119 දෙනෙක් සඳහා වකුගඩු රෝගී දීමනාවත් ලබාදීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි. වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මඟින් ද ආබාධිත…

Read More

කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට කිසිදු බාධාවකින් තොරව පානීය ජලය සැපයීමට හැකියාව පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අජිත් පෙරේරා මහතා සඳහන් කළේ, කැලණි ගඟේ ජල මට්ටම සම්බන්ධයේ පැවති ගැටලු නිරාකරණය කිරීම සඳහා අඹතලේ ප්‍රදේශයෙන් වැලි බැම්මක් ඉදිකර ඇති බවය. “මේ දිනවල පානිය ජලය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වෙනවා. ඒ වුණත් අපි කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ගැන කතා කළොත් ඒවට අපට අවශ්‍ය ප්‍රමාණවත් ජලය ලබාගන්න ගැටලු මතුවුණත් අපි ඒවා නිරාකරණය කරගන්න කැලණි ගඟ හරහා අඹතලේ ප්‍රදේශයෙන් අපි වැලි බැම්මක් යොදලා තියෙනවා. ඒ බැම්ම මඟින් අපිට එන ප්‍රධාන ප්‍රශ්න දෙක වන ගඟේ ජල…

Read More

පුහුණු රාජකාරියක් අතරතුර දියේ ගිලී නාවික සෙබළෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (15) උදෑසන හික්කඩුව පොලිස් වසමේ පන්නම්ගොඩ ප්‍රදේශයේ මුහුදු තීරයේ දී එම අනතුර සිදුව ඇති බවය. පුහුණු රාජකාරියේ යෙදී සිටි නාවික සෙබළුන් කිහිපදෙනක් අතරින් එක් සෙබළෙක් දියේ ගිලී අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇත. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 33ක් වූ කටුවන, දොඩන්දූව ප්‍රදේශයේ තරුණයෙකි. හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් සැප්තැම්බර් 14 වනදා සිට 27 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසීය. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මෙරටට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ ණය අරමුදලේ පළමු සමාලෝචනය සඳහා බවය.

Read More