Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ගොවීන්ට සහනාධාර පොහොර වශයෙන් ආනයනය කරන ලද යුරියා පොහොර ගොවීන් වෙත ලබා නොදී රුපියල් කෝටි 100 කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ පොහොර සමාගම් කීපයක ප්‍රධාන තනතුරු දරන්නන් 10 දෙනකු පමණ තව දින කීපයක් තුළදී අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මගින් යුහුසුළුව කටයුතු කරනු ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එම අත්අඩංගුවට පත්වන පුද්ගලයන් අතර කාන්තාවන්ද සිටින බව දැනගන්නට ඇත. ප්‍රධාන පෙළේ සමාගම් පහක ප්‍රධාන තනතුරු දරන්නන් ද ඒ අතර සිටින බව දැනගන්නට ඇත. 2018 වසරේ සිට ගොවීන්ට ලබා දීමට නියමිතව තිබූ සහනාධාර පොහොර ගොවීන් වෙත ලබා නොදී විවිධ වංචනික ක්‍රම මගින් වැඩි මිලට හොරණ,…
වසර දොළහකට වැඩි කාලයක් තිස්සේ පොලිස් පොඩ්ඩන්ට උසස්වීම් ලැබී නොමැති බව ඔවුහු කියති. නිසි කාලයට උසස්වීම් නොලැබීම හේතුවෙන් සැලකිය යුතු නිලධාරීන් පිරිසක් නඩු මගට යොමුවී ඇති බව ද නිලධාරීහු පවසති. කොස්තාපල්වරයකු ලෙස සේවය ආරම්භ කර සැරයන්, උප පොලිස් පරීක්ෂක සහ පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටින බොහෝ පිරිසක් පත්වීම් නොමැතිව කනස්සල්ලෙන් පසුවන බවද ඔවුහු කියති. සහකාර පොලිස් අධිකාරී තනතුරේ සිට කොස්තාපල් තනතුර දක්වා මෙම අර්බුදයට මැදිවී සිටින බවත් උසස්වීම් ලබාදීමේ ඵලදායී ක්‍රමවේදයක් තවමත් සකස් නොමැති බවත් ඔවුහු පවසති. අවසන් වරට 2018-2019 වසරවලදී 26,000 කට අධික පොලිස් පොඩ්ඩන් පිරිසක් කොටස් තුනක් යටතේ උසස්වීම් ලැබූ අතර අතර එහිදී ද සමහර කොස්තාපල්වරුන්…
පිළිගත් ජාත්‍යන්තර නීති රීති සහ ප්‍රඥප්තීන්ට පටහැනි නොවන ආකාරයෙන් මෙරට පුනරුත්ථාපන ක්‍රියාවලිය සිදු විය යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පසුගිය කාලයේ ඇති වු සිද්ධින් සහ පුනරුත්ථාපන කාර්යාංශයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡාවකට අධිකරණ අමාත්‍යාංශයේදී සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය. පුනරුත්ථාපන මධ්‍යස්ථාන වල පවතින පරිපාලන දුර්වලතා මග හරවා ගැනීමට පුහුණුව සහිත නිලධාරීන් බදවා ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය දැනටමත් ලබා දී ඇති බැවින් ඉක්මනින් ඔවුන් බදවා ගැනීමට කටයුතු කළ යුතු බවයි. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වු සිද්ධින් ඉදිරියට ඇති නොවීමට වග බලා ගත යුතු බවත්, පුනරුත්ථාපන ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කළ යුතු…
දුෂණය කිරීමේ අරමුණීන් පැහැරගත් තම මිතුරාගේ නව හැවිරිදි දියණීය මඩේ ගිල්වා ඝාතනය කල බවට වරද පිළිගත් විත්තිකරුට වසර 27 ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කළ පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා දැරියගේ මවට රුපියල් ලක්‍ෂ 30ක වන්දියක් ගෙවීමටද ඊයේ (13) නියම කළේය. නිරන්තරයෙන් නිවසට යනෙන දැරියගේ පියාගේ මිතුරෙකු වන විත්තිකරු කර ඇති මෙම සාහාසික අපරාධය හේතුවෙන් අහිංසක මල් කැකුලකට සිය දිවියෙන් වන්දි ගෙවවීමට සිදුව ඇති හෙයින් මෙවැනි අපරාධයන් කරන සමාජයේ සෙසු අපරාධකරුවන්ටද පාඩමක් වන ලෙස මෙම විත්තිකරුට දඬුවම් නියම කරන්නැයි පැමිණීල්ල වෙනුවෙන් රජයේ නීතීඥ ඔස්වල්ඩ් ලක්‍ෂමන් පෙරේරා මහතා සමඟ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කළ…
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ජනාධිපතිවරණය නොපැවැත්වීමට සිදු කරන කුමන්ත්‍රණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. අද (13) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව පැවසීය. එහිදී ඔහු තවදුරටත් පැවසුවේ, රාජ්‍ය නොවන සංවිධාන හරහා කරළියට ගෙනැවිත් තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව, ජනාධිපතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුවේද ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් බවය. එහිදී ඔහු පැවසුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම උගුලක් බවත් එය ජන්ද අතුරුදන් කිරීමේ කුමන්ත්‍රණයක් බවත් ය. “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ආණ්ඩුවේ ආශිර්වාදයෙන් රාජ්‍ය නොවන සංවිධාන හරහා කරළියට ගෙනැවිත් තිබෙනවා. මේ යෝජනාව මීට පෙර ගෙන ආ අවස්ථාවේදී විපක්ෂ නායකයා කිව්වේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ…
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, ජනාධිපතිවරණය එය පැවැත්වීමට නියමිත කාලවකවාණුවේ දී පැවැත්වෙන බවත්, මහ මැතිවරණය සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මඟින් වෙන්කරන බවත්ය. මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මුලතිව්, පුදුකුඩිඉරිප්පු, ඉරනපලෙයි ප්‍රදේශයේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සුදානම් වු පාසල් සිසුවියක් සියදිවි නසා ගෙන ඇති පුවතක් ඊයේ (12) වාර්තා වුණි. පොලීසිය පැවසුවේ, වයස අවුරුදු 18ක් වූ සිසුවියක් එලෙස ජීවිතයෙන් සමුගෙන ඇති බවය. නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවක දැරිය එලෙස සියදිවි හානිකරගෙන ඇතැයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. අසල්වැසියන් විසින් සොයාබැලීමේ දී දැරිය සියදිවි නසාගෙන ඇති බව දැක ඇති අතර, පසුව දැරියව පුදුකුඩිඉරිප්පු රෝහලට රැගෙන ගොස් ඇත. දැරිය රෝහල්ගත කරන අවස්ථාව වනවිටත් මියගොස් සිට ඇතැයි වාර්තා වේ. මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් පුදුකුඩිඉරිප්පු රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
වසර ගණනක ප්‍රේමය මඟහැරීමට උත්සාහ කළ 22 හැවිරිදි පෙම්වතාට පිහිපහරක් එල්ල කළ 19 හැවිරිදි පෙම්වතිය ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ වැඩබලන මහෙස්ත්‍රාත් නන්දනී කාන්තිලතා මහත්මිය නියෝග කළාය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ගම්පොළ උලපනේ ප්‍රදේශයේ පදිංචි තරුණියකි. ඇය ගම්පොළ නගරයේ මත්ස්‍ය ව්‍යාපාරවලට සම්බන්ධ තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබිණි. එහෙත් කාලයක් ගිය පසු අදාළ තරුණයා ඇයව අත්හරින බවක් ඇයට දැනීමත් සමග ඒ පිළිබඳ ඇය ඔහුගෙන් විමසා සිටියද ඔහුගේ තීන්දුව වෙනස් නොවන බව දැනගත් ඇය ඔවුන් දෙදෙනාගේ ඡායාරූපද මුහුණු පොතේ පළ කිරීමට කටයුතු යොදා ඇත්තේ ඔහුට වෙනත් පෙම් සබඳතාවක් පවත්වාගෙන යා නොහැකි වන අයුරින්ය. මෙයින්…
වික්ටෝරියා ජලාශයට සෘජුවම සමිබන්ධ වී තිබෙන මහවැළි ගංග අශ්‍රිත ගංගා ඉවුරු විනාශ කරමින් පොල්ගොල්ල ජලාංශයේ සිට තැන්නකුඹුර හාරගම ගුරුදෙණිය සහ කුණ්ඩසාලේ දිගන ඔරුතොට තෙල්දෙණිය අවට වික්ටෝරියා අධි ජලාශ රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් රැසක් ඇතැයි වාර්තා වේ. ජලාශ ඉවුරු හානිවන පරිදි පස් කපා දැවැන්ත සංචාරක නිකේතන හෝටල් සහ අවන්හල් ඉදිකරන්නන් ඇතැම් දේශපාළකයන්ගේ තනතුරු භාවිතා කරමින් ඇමති අනුමැතිය ලබාදී ඇතැයි පවසමින් ජලාශ රක්ෂිතයන්ට හානි කරමින් විශාල අනවසර ඉදිකිරීමි සිදුකර ඇත. මහවැලි සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරියෙකුගෙන් මේ සමිබන්ධයෙන් විමසු අවස්ථාවේදී එම උසස් නිලධාරියා පැවසුවේ වික්ටෝරියා ජලාශය සහ මහවැළි ගංඟාව අවට රක්ෂිත පෙදෙස් වල අනවසර ඉදිකිරීම් කරන්නන් රැසකට එරෙහිව නීතීෙමය පියවර ගැනීමට කටයුතු කර ඇති…
උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පාසල් අවසන් වාර පරික්ෂණය සදහා 06 වන ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා දමිල මාධ්‍ය හදාරණ සිසුන්ට ලබාදුන් ගණිතය ප්‍රශ්න පත්‍රයේ අඩුපාඩු රැසක් හේතුවෙන් සිසුන් දැඩි අසාධාරණයකට මුහුණ දුන් බව ගුරුවරු චෝදනා කරති. උතුරු මැද පළාතේ පාසල්වල අවසන් වාර පරික්ෂණය මේ දිනවල පැවැත්වෙති. ඒ අනුව අද 06 වන ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණියේ ඉගෙණු ලබන සිසුන්ට පෙනි සිටිමට නියමිතව තිබුනේ ගණිතය විෂයටය. සිංහල මාධ්‍යයෙන් ගණිත විෂයට පෙනි සිටි සිසුන්ට නිවරැදිව සකස් කරන ලද ගණිතය ප්‍රශ්න පත්‍රයක් ලැබි තිබුණත් දමිල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සිසුන්ට ලැබි ඇත්තේ අඩුපාඩු සහිත,ප්‍රශ්නය නිසි පරිදි තේරැම් ගත නොහැකි ප්‍රශ්න පත්‍රයක් බවට…
