Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් තොගයේ බර කිලෝ 225කට අධික බව අනාවරණය වී තිබේ. නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි. මේ අතර එම හෙරොයින් තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 450කට අධික බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. රාජ්‍ය බුද්ධි සේවාව මගින් ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය වෙත ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව පසුගිය 19 වනදා මෙම වැටලීම සිදුකර ඇත. දෙවුන්දර සිට දකුණු දෙසට කිලෝමීටර් 540ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී එම වැටලීම සිදුකර තිබේ. එහිදී එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය කෙරුණු අතර…
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. විදුලිබල මණ්ඩලයට ගාස්තු සංශෝධන කළ හැකි වන්නේ, අවුරුද්දට දෙවතාවක් පමණක් බවට සමාජයේ වැරදි මතයක් තිබෙන බව කී අමාත්‍යවරයා හදිසි අවස්ථාවලදී ගාස්තු සංශෝධන කරන ලෙස ඉල්ලීමේ හැකියාව විදුලිබල මණ්ඩලයට තිබුණ බවද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණේ ඒ අනුව බවද පැවසීය. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සතිය ඇතුලත අවශ්‍ය නිශ්කාෂණය ලබාදීම සඳහා කටයුතු…
සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා බෙල්ල තද කළ අවස්ථාවේදී තමාට සෙරෙප්පුව ගලවා ගැනීමට හැකිවුණා නම් වෙන දේ බලා ගැනීමට තිබූ බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. ඩයනා ගමගේ මහත්මිය මෙසේ පැවසුවේ කොළඹදී ඊයේ (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය 20 වැනිදා සිදුවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබිණ. ගමගේ මහත්මිය මෙසේද සඳහන් කළාය. මම එතන කිසිම අසභ්‍ය දෙයක් දකින්නේ නෑ. මම අසභ්‍ය වචන කිව්වේත් නෑ. අසභ්‍ය වචන කිව්වේ ඒ අය. මම ඒ අයට ඒ අසභ්‍ය වචන මතක් කර දෙමින් මේවා කාන්තාවන්ට නොගැලපෙන බව ප්‍රකාශ කළා. මේකෙ ඇත්ත සීසීටීවී දර්ශන කතානායකවරයා ළඟ තියෙනවා. ඒක…
ලොව දසත විසිරී සිටින යුදෙව්වන් මේ වනවිට ඊශ්‍රායලය බලා පැමිණෙමින් සිටින බවත්, ඔවුන් ඊශ්‍රායලයට පැමිණෙන්නේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහි සටනට එක්වීමට බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඊශ්‍රායලය යනු, මුස්ලිම් අරාබි රටවල් මැද ඇති එකම යුදෙව් රාජ්‍යයයි. ලෝකයේ එකම යුදෙව් රාජ්‍යය වන්නේ ද ඊශ්‍රායලයයි. ලොස් ඇන්ජලීස්, නිව්යෝක්, ලන්ඩන්, පැරිස්, බැංකොක්, ඇතන්ස් සිට ඊශ්‍රායලයේ ටෙල් අවීව් බලා පැමිණෙන ගුවන් යානා සියල්ල පිරී ඇත්තේ ඊශ්‍රායලය හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයෙන් බේරා ගැනීමට ඉදිරිපත් වී, සටන් බිමට යෑමට ද පසුබට නොවන ඊශ්‍රායල වැසියන්ගෙන් යැයි මාධ්‍ය වාර්තා මාධ්‍ය වාර්තා පැහැදිලි කර ඇත. මේ වනවිට ඇමෙරිකාවේ යුදෙව්වන් 10,000 කට වැඩි පිරිසක් සාමාන්‍ය මගී ගුවන් යානාවලින් හෝ කුලියට…
සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා පැවති රුපියල් 50 ක බද්ද හා පරිප්පු ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා පැවති රුපියල් 10 බද්ද ශත 25 දක්වා අඩු කිරීම නිසා මේවනවිට රජයට රුපියල් කෝටි දසදහසක පමණ ආදායමක් අහිමි වී ඇතැයි ආනයනයකරුවන්ගේ ආරංචි මාර්ග වලින් අනාවරණය වේ. 2020 ඔක්තෝබර් මාසයේදී මුදල් අමාත්‍යාංශය විසින් මෙම සීනි හා පරිප්පු ආනයන බදු ශත 25 දක්වා අඩු කරනු ලැබීය. එදින සිට මේ දක්වා ශත 25 බද්ද යටතේ සීනි මෙට්‍රික් ටොන්.ලක්ෂ 18 ක් හා පරිප්පු මෙට්‍රික් ටොන් ලක්ෂ 7 ක් ද ආනයනය කර ඇතැයි ආනයනයකරුවෝ පවසති.
කල්පිටිය පොලිස් වසමේ, ආසිරිගම දේවස්ථානය ඉදිරිපිට මාර්ගයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 34ක් වූ කන්දකුලිය,කුරිඤ්ඤම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මියගිය පුද්ගලයා ආසිරිගම කතෝලික දේවස්ථානයේ මංගල්‍ය සඳහා සහභාගී වීමට ගොස් සිට බිරිඳගේ සහෝදරයෙකුගේ නිවසට රාත්‍රි ආහාර ගැනීම සඳහා පැමිණ තිබේ. එහිදී බිරිඳගේ තවත් සහෝදරයෙකු එම ස්ථානයට පැමිණ ආරවුලක් ඇති කරගෙන ඇති බවත් එය සමථයකට පත්කිරීමට උත්සාහ කිරීමේ දී එම සහෝදරයා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය සිදුකර ඇති බවත් මුලික විමර්ශනයේ දී අනාවරණය වුණි. වයස අවුරුදු 28ක් වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ අමාත්‍යාංශ වෙනස්කර තිබේ. ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය මහින්ද අමරවීර මහතාට ලබා දී ඇත. මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය. රමේෂ් පතිරණ අමාත්‍යවරයාට කර්මාන්ත අමාත්‍ය ධුරයට අමතරව සෞඛ්‍ය අමාත්‍ය ධුරය ද ලබාදී තිබේ. මීට අමතරව රංජිත් සියඹලාපිටිය මහතා වැවිලි කර්මාන්ත කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස නම් කර ඇත.
කොලොන්න දඩයම් කන්ද ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් සිදුවු අනතුරකින් උසස් පෙළ සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අප කළ විමසීමක දී පොලීසිය සඳහන් කළේ, එම ප්‍රදේශය පස් කන්ද කඩා වැටීමෙන් අවහිර වී ඇති බැවින් මේ වනවිටත් එහි ළඟා වීම අසීරු වී ඇති බවය. ඊයේ (22) රාත්‍රියේ නිවසක් මතට පස් කන්ද කඩා වැටී ඇති අතර, එහිදී අවුරුදු 17ක් වූ දොරපනේ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෘත දේහය මේ වනවිට ඕමල්පේ රෝහලේ තැන්පත් කර ඇති බව වාර්තා වේ.
ධීවර අමාත්‍යංශය චීනයෙන් මසුන් ආනයනය කිරීම ගැටලු සහගත බව සමස්ත ලංකා පොදු ධීවර සමිති සම්මේලනය පවසයි. එහි ජාතික සංවිධායක රත්න ගමගේ මහතා සඳහන් කළේ, ධීවර අමාත්‍යාංශය විසින් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මත්ස්‍ය කිලෝ 12,000කට අධික ප්‍රමාණයක් ආනයනය කර ඇති බවය. බලපිටිය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රත්න ගමගේ මහතා මෙම අදහස් පළ කළේය. කෙසේවෙතත් මෙම චෝදනාව සම්බන්ධයෙන් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසුවේ ධීවර ජනතාවට ගැටලුවක් සිදුනොවන පරිදි පාරිභෝගිකයාට වාසියක් සිදුවන පරිදි මෙම මත්සයින් ආනයනය සිදුකර ඇති බවය. එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් පුද්ගලයින් පෞද්ගලිකව මසුන් ආනයනය කර තත්ත්වයෙන් බාල ගුණාත්මකභාවයෙන් තොරව වැඩි මිලට මාළු අලෙවි කරන බවය.
ඌරුවලිගේ වන්නිල ඇත්තෝ ඇතුලු ආදීවාසීහු පිරිසක් පළමු වතාවට යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වීමට පියවර ගෙන ඇත. ආදිවාසී නායක ඌරුවලිගේ වන්නිල ඇත්තෝ යාපනයේදී සිවිල් සංවිධානයක් ඉතා උණුසුම් අයුරින් පිළිගැනුනු අතර එම පිරිස් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීමටද පියවර ගෙන තිබුණි. ආදිවාසින් මෙවැනි පිරිසක් යාපනයට පැමිණ ඇත්තේ පළමු වතාවට වන අතර එම පිරිස් යාපනයේ පිහිටි ප්‍රසිද්ධ ආගමික ස්ථාන මෙන්ම වැඩසටහන් කිහිපයකටද ඉදිරි දිනයන්හි සහභාගී වීමට නියමිතව ඇත. එමෙන්ම යාපනයේ ජනතාවට මෙන්ම පාසල් දරුවන්ට ආදි වාසී යුගය පිළිබඳව දැනුමක් ලබාදීමටද මෙහිදී පියවර ගන්නා බවට ආදිවාසී නායක ඌරුවලිගේ වන්නිල ඇත්තෝ පැවසීය.