Author: LANKA24X7

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ප්‍රදේශීය ලේකම් කාර්යාලයන්හි ප්‍රදර්ශනය කළ නාම ලේඛනයේ නම් ඇතුළත් වූ නමුත්, මෙතෙක් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා බැංකු ගිණුම් විවෘත නොකළ සියලු ප්‍රතිලාභීන් හැකි ඉක්මණින් තම බැංකු ගිණුම විවෘත කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා දැනුම් දෙයි. නියමිත පරිදි බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභීන් 156,261කට අදාල ගෙවීම් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද සභාපතිවරයා සඳහන් කරයි. ජයන්ත විජේරත්න මහතා මේ බව සඳහන් කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අස්වැසුම වැඩසටහන පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ඇතුළු අදාළ පාර්ශව සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීය. අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා පසුගිය…

Read More

විදුලි බිල හරහා ජනතාවට කරන්ට් වද්දා ඇති ජනාධිපති ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව මේ මොහොතේ රඟ දක්වන්නේ ඔවුන්ගේ අවසන් ජවනිකාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා කොළඹදී ඊයේ (24) පැවැසීය. ආණ්ඩුවට මෙම ජවනිකා රඟ දැක්වීමට ඇත්තේ තවත් මාස 10 කට අඩු කාළයක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. අවුරුද්දකුත් මාස 2 ක් ඇතුළත රටේ විදුලි බිල සියයට 157 කින් වැඩිකර ඇති ආණ්ඩුව මේ සිදුකරන්නේ ලංවීම ප්‍රතිව්‍යුහගතකිරීමේ සුදානමට පුරං කෙටීමක් බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

Read More

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වීසා ලබාදීමට එසේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩසටහනක් ඊයේ (24) සහ අද (25) ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පවත්වන බව තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. ඊශ්‍රායල ආගමන විගමන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් එයාල් සිස්සෝ මහතා ඇතුළු ඉහළ නිලධාරීන් තිදෙනෙක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණි අවස්ථාවේ වීසා නොමැතිව සිටින සාත්තු සේවක සේවිකාවන් හා අනෙකුත් අංශවල සිටින ශ්‍රී ලාංකිකයන් සදහා වීසා බලපත්‍ර ලබාදෙන ලෙසත් විසා අවසන් වීමෙන් පසුවත් ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වීසා බලපත්‍ර අලුත් කරන ලෙසත් ආගමන විගමන අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළ බව තානාපති නිමල් බණ්ඩාර මහතා…

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධව කටයුතු කරන්නේ නම් ආණ්ඩුව පෙරළා දැමීමට වුවත් හැකියාව පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පැවසීය. ඔහු මෙසේ පැවසුවේ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතනයක වැඩසටහනකට සහභාගීවෙමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කළ හැකි ගොඩක් දේවල් ඇති බවත් අයවැය පරාජය කිරීමටද හැකියාව ඇති බවත් ඔහු සඳහන් කළේය. නමුත් එවැනි දේ කිරීමට මේ අවස්ථාවේදී කටයුතු නොකරන බවද ඔහු කීවේය. ඇමතිවරුන් ඉවත් කළොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කළ හැකි ගොඩක් දේවල් ඇතැයිද එස් බී දිසානායක මහතා පැවසීය.

Read More

රාජ්‍ය රහස් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට අධි චෝදනා ගොනු කෙරුණු බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ 2018 වසරේ සිට පසුගිය 2022 අප්‍රේල් මාසය තෙක් ය. ඉම්රාන්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූයේ ඔහුට එරෙහිව විපක්ෂය ගෙනා විශ්වාසභංගයෙන් පරාජය වුණු බැවිනි. තමන් ධුරයෙන් ඉවත් කිරීමට විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ කුමන්ත්‍රණය කළේ යැයි ඉම්රාන් චෝදනා නගා තිබේ. ඒ, ඇමෙරිකා රජය සහ පාකිස්තාන රජය අතරේ හුවමාරු වුණු රහාස්‍ය රාජ්‍ය තාන්ත්‍රික ලිපියක් ද ප්‍රසිද්ධියට පත් කරමිණි. ඉම්රාන්ට අධිචෝදනා ගොනු කිරීම සිදුවී ඇත්තේ මෙම සිද්ධිය මුල්කොට ගනිමිනි.

Read More

බඳින තුවක්කුවක් පත්තුවීමෙන් දරුවෙක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. ඊයේ සවස මීගලෑව පොලිස් වසමේ වීරගොල්ල ප්‍රදේශයේදී සතුන්ට බඳින ලද තුවක්කුවක් පත්තුවීමෙන් වයස අවුරුදු 15ක පමණ දරුවෙක් එහිදී තුවාල ලබා තිබුණි. තුවාල ලැබූ දරුවා මීගලෑව රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තඹුත්තේගම රෝහලට මාරුකර යවා තිබේ. වගා කටයුත්තක් සඳහා අවශ්‍ය ඉනි කැපීම සඳහා මිතුරන් දෙදෙනෙක් සමග අසල කැලෑ බද ප්‍රදේශයකට ගියවිටදී ඔහුට එම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

Read More

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබූ පාර්සලයක් ගෙනයාම සඳහා පුද්ගලයින් දෙදෙනෙක් සුඛෝපභෝගී රථයකින් පැමිණ ඇති අතර එම අවස්ථාවේ ත්‍රිරෝද රථයකින් පැමිණි පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් ඔවුන් දෙදෙනාව රැගෙන ගොස් තිබේ.

Read More

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සඳහා ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ සම්පූර්ණ විනිවිඳභාවයකින් යුතුව ක්‍රියාත්මක කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, එම වැඩපිළිවෙළ යටතේ ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර 318ක් නිකුත් කර ඇති අතර ඒ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 38ක මුදලක් මෙරටට ලැබී ඇති බවය. එහිදී කිසියම් වංචාවක් සිදුව ඇත්තම් විමර්ශනයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන අතර පටු දේශපාලන අරමුණුවලට මෙම පියවර ආපසු හැරවිය නොහැකි බව ද අදාළ නිවේදනයෙන් පෙන්වා දී තිබේ. තීරුබදු සහන සහිත ඉලෙක්ට්‍රික් වාහන ආනයනයට දී තිබු බලපත්‍ර 119ක් අවභාවිතා කරමින් වාහන ආනයනය කර ඇති බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ…

Read More

පූගොඩ මණ්ඩාවල ප්‍රදේශයේ බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු සිය බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවය. අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විමර්ශනයේදී සැකකරු ද නිවස ආසන්න ප්‍රදේශයේ ගසක ගෙල වැලලාගෙන මියගොස් සිටියදී ඔහුගේ සිරුර ද සොයාගෙන තිබේ. මියගොස් ඇත්තේ මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි බිරිඳ සහ 54 හැවිරිදි සැමියා බව පොලීසිය පවසයි.

Read More

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් තොගයේ බර කිලෝ 225කට අධික බව අනාවරණය වී තිබේ. නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි. මේ අතර එම හෙරොයින් තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 450කට අධික බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. රාජ්‍ය බුද්ධි සේවාව මගින් ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය වෙත ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව පසුගිය 19 වනදා මෙම වැටලීම සිදුකර ඇත. දෙවුන්දර සිට දකුණු දෙසට කිලෝමීටර් 540ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී එම වැටලීම සිදුකර තිබේ. එහිදී එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය කෙරුණු අතර…

Read More