Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වාරියපොල කළුගමුව මාර්ගයේ ඊයේ සවස සිදුවූ රිය අනතුරකින් වෑන් රථයක ගමන්ගත් මාස 04 ක ළදරුවකු ඇතුළු 15 දෙනකු තුවාල ලැබූ බව වාරියපොල පොලිසිය කියයි. වාරියපොල දෙස සිට කළුගමුව දෙසට ගමන්ගත් වෑන් රථයක් මර්ගයෙන් ඉවතට ගමන් කර ගසක ගැටීමෙන් අනතුර සිදුව තිබිණ. අනතුර සිදුවන අවස්ථාවේදී කාන්තාවන් 12දෙනෙකු ඇතුළු 15 දෙනකු වෑන් රථය තුල සිටි බවට තොරතුරු අනාවරණය වී ඇත. තුවාල ලැබුවන් අනතුර සිදුවූ ස්ථානයේ සිට කි.මී. දෙකක පමණ දූරින් පිහිටි ඉමියන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පිරිසකි. තුවාල කරුවන් පළමුව වාරියපොල දිසා රෝහලට ඇතුලත් කරන ලද අතර පසුව ඉන් 14 දෙනෙකුම වැඩිදුර ප්‍රථිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබිණ.
විධාක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ආණ්ඩුව ගෙන ආ යෝජනාව ‘බුදුසරණණයි බෝඩ් එක ගහගෙන හොර හරක් අදිනවා වගේ වැඩක්’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ඊයේ (16) පැවසීය. එම යෝජනාවේ ඉලක්කය විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම නොව රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දයෙන් ජනාධිපති ධූරයට පැමිණිය නොහැකි නිසා පස්සා දොරෙන් ජනාධිපති පුටුවට නැවත පැමිණීම බවත් ඒ මහතා කීය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ වචන 10ක් කථා කළොත් කියන්නේ එකතු වෙල්ලා වුවද ඒ අස්සේ ජනාධිපතිවරණ කල්දැමීමේ උප්පරවැට්ටි ක්‍රියාත්මක කරන බව කී ඩිලාන් පෙරේරා මහතා ඒ අතර හැම තැනටම ජනාධිපතිවරයා හෝ බැසිල් රාජපක්‍ෂ මහත්මයා කවුරු හෝ ඩීල්කාරයෙක් ඔබා ඇති බව ද සඳහන් කළේය. ඩීල්කාරයො සජබෙ, නිදහස් ජනතා…
සිරගත කර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි මියගොස් ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කළේය. යමලෝ නෙනෙට්ස් පළාතේ බන්ධනාගාරයක සිර දඬුවම විඳිමින් සිටි 47 හැවිරිදි ඇලෙක්සි නෙවල්නි එරට වේලාවෙන් ඊයේ(16) පස්වරු දෙකට මියගොස් ඇතැයි බන්ධනාගාර නිලධාරීහු වාර්තා කළහ. ව්‍යායාම කිරීම සඳහා සිර කුටියෙන් එළියට පැමිණ ව්‍යායාම කරමින් සිටියදී හදිස්සියේ සිහි නැතිව ඇද වැටුණ බවත් අවශ්‍ය සියලු ප්‍රතිකාර ලබා දුන්නත් ඔහුගේ සිහිය නැවත ලබා ගැනීමට නොහැකි වූ බවත් බන්ධනාගාර නිලධාරීහු පැවැසූහ. නිල වශයෙන් මරණයට හේතුව ප්‍රකාශ කර නැතත් ලේ කැටියක් සිර වීමෙන් මරණය සිදුව ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළ බවත් රුසියානු මාධ්‍ය වාර්තා කළේය. වංචා සිදුවීමක් සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන් 2021 වසරේදී…
බුස්ස මැදවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ගුරුවරියක්වු තම බිරිඳගේ කකුල් දෙකම ඊයේ (16) සවස කපා දමා ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. පවුල් ආරවුලක් මත සැමියා මෙම අපරාධය කර ඇති බවත් බර පතල තුවාල ලැබු 34 හැවිරිදි බිරිඳ කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවත් ඇය දොඩන්දුව ප්‍රදේශයේ පාසල ගුරුවරියක් බවත් පොලිසිය පවසයි. කකුල් කැපිමෙන් පසු ඔහු නිවසේ තිබු යතුරු පැදිය සහ ජංගම දුරකථනයද රැගෙන පලාගොස් ඇත. සැකකරු යුධ හමුදාවේ සේවය කර 2018 වසරේ නිත්‍යානුකුල නොවන ආකාරයට ඉවත්වි ඇති අයෙකු බවටද ඔහු රත්ගම ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ යෙදෙන බවටද අනාවරණයවි ඇතැයිදි පොලිසිය පවසයි. සැකකරු අත් අඩංගුවට ගැනිම සඳහා ගාලු දිසා බාර නියෝජ්‍ය…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිනී තිලකසිරි සහ කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති ගාමිනී සිල්වා යන මහත්වරුන් කොළඹදී ඊයේ (16) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්විය. පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 100 වැනි අදියර යටතේ බොරලැස්ගමුව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ උත්සව අවස්ථාවටද ඔවුන් දෙදෙනා එක්ව සිටියහ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී තිලකසිරි මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම සංවිධායකවරයා මෙන්ම බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකුද වූ අතර ගාමිණී සිල්වා මහතා කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු…
ආදුරුප්පුවීදිය පොලීසිය තුළදී සැකකරුවන් දෙදෙනෙකුට වස මිශ්‍ර පානයක් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු සහ තවත් සැකකරුවෙක් එළෙස අත්අඩංගුවට ගත් බවය. පසුගිය 07 වනදා පොලීසිය තුළ රඳවා සිටි සැකකරුවන් බැලීමට පිටතින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වස මිශ්‍ර කිරි පානයක් ලබාදී තිබුණි. ඊයේ (15) දහවල් කාලයේදී වත්තල සහ කොටහේන ප්‍රදේශවලදී සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ සැකකරුවන් 25 සහ 32 යන වයස්වල පසුවන්නන් බවය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා තම සහාය හිමිවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු සඳහන් කළේ ජනතාවගේ ඉල්ලීම ද එය බව තමාට වැටහෙන බවය. “අවුලක් නැහැ. නැති කළොත් හොඳයි. මම හිටපු එකනේ. අද රටම කියන්නේ නැති කරන්න කියලනේ. “
ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ඇඟ මතට කපන ලද කිතුල් ගසක් වැටීමෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී තිබේ. හඟුරන්කෙත කැටිල්ලවල ප්‍රදේශයේදී ඊයේ (15) සවස් කාලයේදී මෙම අනතුර සිදුවී ඇති අතර බරපතළ තුවාල ලද එම පුද්ගලයා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 53 හැවිරිදි ඉස්කෝලවත්ත ඇකිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකි. පොලීසිය සඳහන් කළේ එම මරණය සම්බන්ධයෙන් ගස කපන ලද පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.
අලි බැලිල්ල සහ බලි බැලිල්ල එපා නොවන බව අපේ පැරැන්නන් ගේ කියමනක් පවතී. දිගාමඩුල්ල යනු ස්වභාව ධර්මයාගේ පහස ලැබිය හැකි දිස්ත්‍රික්කයකි. බැලු බැලු අත ඇත්තේ දිගාමඩුල්ලේ සුන්දර භාවයයි. එක පැත්තකින් ඓතිහාසික දිඝවාපි රජමහා විහාරය, ලාහුගල මගුල් මහා විහාරය, පොතුවිල් මුහුදු මහා විහාරය , බුද්ධංගල ආරණ්‍ය සේනානසනය , පියංගල ආරණ්‍ය සේනාසනය , රජගල පුදබිම ඇතුලු විහාරස්ථාන සිය ගනනක් ඇති දිස්ත්‍රික්කයකි. ගල්ඔය ජාතික වන උද්‍යානය ,අම්පාර අභය භුමිය, කුමන ජාතික වනඋද්‍යානය,ලාහුගල ජාතික වනඋද්‍යානය,මාදුරුඔය .ජාතික වන උද්‍යානය, නිසා වන සතුන් දිගාමඩුල්ලේදි බහුලව දැකිය හැකිය. වන අලියා , දිවියා,වලි කුකුලා,වලහා ,මුවන්, ගෝනුන්,විශේෂිත කුරුලු වර්ග ද දිගාමඩුල්ල පිංබිමේදි දැක ගැනිමට හැකිය. වැවිවල පීනන අලි ද…
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ තොරතුරු දත්ත ලක්ෂ 13 ක් ප්‍රධාන පද්ධති යෙදුමෙන් 2010 වසරේ සිට මකා දමා හෝ වෙනස්කර ඇති බවත් ඉන් වැඩි ප්‍රමාණයක් 2022 වසරේ ඉන්ධන අර්බුදය ඇති වූ අවස්ථාවේ කර ඇති බවත් වෝහාරික විගණනයකින් හෙළි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඊයේ (15) පැවසීය. ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරීම් සම්බන්ධයෙන් කේ.පී.එම්.ජී. ආයතනය කළ වෝහාරික විගණනයේ මූලික කරුණුවලින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බව ඒ මහතා කීය. බලශක්ති අමාත්‍යවරයා ලෙස 2022 වසරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලට අනුව එම දෙපාර්තමේන්තුව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට…
