Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
“Shi Yan 6” චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව කොළඹ වරායට පැමිණීම සඳහා අවසර ලබා දී ඇත්තේ එම නෞකාවට අවශ්‍ය සැපයුම් ලබාගැනීමට පමණක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ නෞකාවට ලබන 28 වන දින දක්වා කොළඹ වරායේ නැංගුරම් ලා තැබීමට අවසර ලබා දී ඇති බවය. චීනයට අයත් “Shi Yan 6” පර්යේෂණ නෞකාව ඊයේ (25) පස්වරුවේ කොළඹ වරායට ළඟා වී තිබේ. ඒ අනුව අදාළ නෞකාවට අවශ්‍ය ඉන්ධන ඇතුළු සැපයුම් ලබාගැනීම සඳහා කොළඹ වරායේ නැංගුරම්ලා තැබීමට ශ්‍රී ලංකා රජය විසින් අවසර ලබා දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. ඉන්දියන් සාගරයේ සිදුකරන පර්යේෂණ කටයුත්තක් සඳහා අදාළ නෞකාව ශ්‍රී…
මාර්ගවල සිදුවන අනතුරුවලින් මේ වසරේ ගත වු කාලය තුළ ළමුන් 115 දෙනෙකු පමණ මියගොස් ඇති බව රථ වාහන පොලීසිය පවසයි. රථ වාහන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පැවසුවේ, මේ වසරේ ජනවාරි පළමු වනදා සිට ඔක්තෝබර් 15 වනදා දක්වා කාලය තුළ මෙම මරණ වාර්තා වූ බවය. රියදුරන්ගේ අපරික්ෂාකාරී ධාවන කටයුතු මෙම මරණවලට හේතු වී ඇති බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා සඳහන් කළේය. “අපිට මාර්ග රිය අනතුරු 2,539ක් වාර්තා වෙනවා 2022 වර්ෂයේ දී. 2023 /10/15 දක්වා 1,790ක් වාර්තා වෙනවා මාර්ග රිය අනතුරු. ඉන් අවුරුදු 18 දක්වා පවතින වයස් සීමාවල ළමුන් 129ක් නැතිවෙනවා.…
රනිල් වික්‍රමසිංහත් පොළොව බදා ගත්තා නම් මීට කලින් ජනාධිපති වෙන්න තිබූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. එවැනි දේවල් නොකළ රනිල් ප්‍රමාද වී හෝ රට බාර ගෙන හරි ක්‍රමයට ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ගෙනයන බවද රංගෙ බණ්ඩාර මහතා සඳහන් කළේය. ජනතාවට රනිල් වික්‍රමසිංහ හඳුනාගන්න බැරි වුනේ ඔහු නිවැරදිව හැමදේම කරමින් සිටින නිසා බව එජාප මහලේකම්වරයා කීය. එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය ඩිජිටල්කරණයට ලක් කිරීමෙන් ඕනෑම මොහොතක ඕනෑම දිස්ත්‍රික්කයක,ආසනයක හෝ වෙනත් රටක ඉන්න කෙනකුට වුවත් පක්ෂය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට වටපිටාව සකසමින් සිටින බව සඳහන් කළේය.
හමාස් ඉස්ලාමීය සටන්කාමීන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය අනුලා ජයතිලක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සහ ආගමික වතාවත් සිදු කිරීම ඊයේ (25) සිදු කළ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ඇයගේ දේහය ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව තානාපතිවරයා පැවසුවේය. අනුලා ජයතිලක මහත්මිය සාත්තු සේවිකාවක් ලෙස ඊශ්‍රායලයේ රැකියාව සිදු කළාය.
නායකයා පන්දුව දුන්නොත් පන්දු යවන්නත් සූදානමින් සිටින බවත් මැදපෙළ පන්දුවට පහර දෙන බවත් ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (25) පස්වරුවේ පැවසීය. එංගලන්තයට එරෙහිව අද (26) පැවැත්වෙන තරගයේදී පන්දුවෙන් පිත්තෙන් සහ පන්දු රැකීමෙන් යන සියලුම අංශවලින් කණ්ඩායමට උපරිමය දීමට සූදානම්ව සිටින බව කී මැතිව්ස් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය දක්වා ගෙනයාමට අවශ්‍ය උපරිම ශක්තිය දෙන බවද සඳහන් කළේය. සිය සිව්වැනි එක්දින ලෝක කුසලාන තරගාවලිය වන මෙම තරගාවලිය සිය අවසන් එක්දින ලෝක කුසලාන තරගාවලිය බවත් එහි දී ශ්‍රී ලංකා පිලට උපරිම දායකත්වය ලබාදීමට හොඳ සූදානමකින් සිටින බවත් මැතිව්ස් වැඩිදුරටත් සඳහන් කළේය. එංගලන්තයට එරෙහිව හෙට පැවැත්වෙන තරගයට පෙර මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇන්ජලෝ මැතිව්ස් එසේ…
වලාන මධ්‍යම දුෂණ මර්ධන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටිමින් විවිධ ප්‍රදේශයන්හි පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ බව කියන පුද්ගලයකු සහ ඔහුට ආධාර අනුබල ලබාදුන් කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව යක්කල පොලීසිය පවසයි. පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිට ඇති පුද්ගලයා 35 හැවිරිදි පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බවත් ඔහුට ආධාර අනුබල ලබාදී ඇති කාන්තාවන් සහ පිරිමි පුද්ගලයාද එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත් පොලීසිය සඳහන් කරයි. පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටිමින් මෙම පුද්ගලයා, පුවත්පත් දැන්වීම්වල සදහන් දුරකථන අංකවලට ඇමතුම් ලබා දෙමින් එම අංකයට අයත් සිම් කාඩ්පතක් ලැබී ඇති බවත් එහි අසභ්‍ය දර්ශන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගෙන සිටීමට නම්…
මඩකලපුව දිස්ත්‍රික්කයේ තිබු එකම සිංහල සුසාන භූමිය වන ජයන්තිපුර පොදු සුසාන භූමිය කිසියම් පිරිසක් ඩෝසර් කර විනාශ කර ඇතැයි මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියෝ සඳහන් කළහ. තම මවගේ සොහොන ඇතුළු තවත් සොහොන් රැසක් විනාශ කර ඇති බව ද නාහිමියෝ සඳහන් කළහ. 1916 වසරේ සිට භූමිදානය කර ඇති බවත්, මේ පිළිබඳව තමන් මඩකලපුව මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් සිදුකළ ඇති බවත්, ඒ සම්බන්ධයෙන්ව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසද තමා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බවද සුමනරතන නාහිමියෝ සඳහන් කළහ.ෙ අප මේ පිළිබඳව මඩකලපුව මූලස්ථාන පොලිසියෙන් දුරකථන කළ විමසීමකදී එහි නිලධාරීයෙක් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන්ව මේ වන විටත් පුළුල් පරීක්ෂණයක් ආරම්භ…
ප්‍රංශ රිමාන්ඩ් භාරයේ භාරයේ පසුවූ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු ලෙස සැලකෙන සිංහාරගේ අමල් ද සිල්වා හෙවත් කුඩු අංජු නැමැත්තා එරට අධිකරණයක් මගින් මුදා හැර ඇති බව සැලවීමෙන් පසු එය සැමරීම සඳහා මත්ද්‍රව්‍ය පානය කර රත්මලාන ප්‍රදේශයේ ස්ථානයක රතිඤ්ඤා දැල්වූ බව කියන පුද්ගලයන් සිවු දෙනෙක් මූලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. සැකකාර පුද්ගලයන් සිව්දෙනා ලඟ හෙරොයින් මත්ද්‍රව්‍ය තිබුණ නිසා ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් සිව්දෙනා කුඩු අංජු නැමැත්තාගේසමීපතම ගෝලයින් බව පොලිස් ආරංචි ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බහුතරයක් අංශවල නිලධාරීන්ගේ ජංගම දුරකථන (රාජකාරි පැය නමය තුළ) දිනපතාම ස්ථානාධිපතිවරුන් භාරයට ගනු ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. එයට හේතු වී ඇත්තේ අභ්‍යන්තර විමර්ශන තොරතුරු පිටතට යාම වැළැක්වීම සඳහා බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. නමුත් අභ්‍යන්තර තොරතුරු ලබා දෙන්නේ අධ්‍යක්ෂක කාර්යාලයේ ඇතැම් නිලධාරීන් සහ නිලධාරිනියන් බවත් ඔවුන්ට මෙම නීතිය බලපැවැත්වෙන්නේ නැති බවත් එම නිලධාරීන් පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ අංශ 40 ක් පමණ ස්ථාපිත ව තිබෙන අතර එහි සේවය කරන සෑම නිලධාරියකු ම සේවයට පැමිණි වහාම ස්ථානාධිපතිවරයා ඔවුන්ගේ ජංගම දුරකථන සිය භාරයට ගනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
වයස අවුරුදු 16 ට අඩු දැරියන් 168 දෙනකු මාසයක දී දූෂණයට ලක්ව ඇතැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය කොළඹදී පැවසුවාය. මේ වසරේ සැප්තැම්බර් පළමුවෙනිදා සිට 30 වනදා දක්වා කාළය තුළ මෙම දැරියන් දූෂණයට ලක්ව ඇති බවත් ඉන් බහුතරයක් දැරියන් තමන්ගේ ඥාතීන් අතින් දූෂණයට ලක්ව ඇති බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය. එම දැරියන් අතරින් විසිදෙදෙනකු ගර්භණී තත්ත්වයට පත්වී ඇති බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවසුවාය. ගැබ් ගත් දැරියන් අතරින් 15 දෙනකු ප්‍රේම සම්බන්ධතා පවත්වා ගැබ් ගෙන අතැ අතර දැරියන් හත් දෙනෙකු බලහත්කාරයෙන් දුෂණයට ලක්ව ඇති බවත් මන්ත්‍රීවරිය තවදුරටත් කීවාය.