Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මර්ජුවාන නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 10 යි ග්‍රෑම් 417 ක් ලංකාවට ගෙන්වීමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුට ජාවාරම් සදහා ආධාර අනුබල ලබා දීම, සම්බන්ධයෙන් රේගු පරික්ෂකවරයකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. සැකකාර රේගු පරික්ෂකවරයා ඉහත ජාවාරම්කරු සමග දුරකතයෙන් සම්න්ධවෙමින් ඔහුට මේ සදහා ආධාර අනුබල ලබා දී ඇති අතර, අවස්ථා කිහිපයකදීම ඔහු ජාවාරම්කරුගේ නිවසට ගොස් ඇති බවද පොලිසිය පවසයි. මෙම රේගු පරික්ෂකවරයා ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රේගුවෙන් කළ පැමිණිල්ලකට අනුව දීර්ඝ විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් රෝගු පරික්ෂකවරයා රුක්මලේ ප්‍රදේශයේ පදිංචි (27) හැවිරිදි පුද්ගලයෙකි. මොහු ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මර්ජුවානා මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට හා…
ජනතා විමුක්ති පෙරමුණත් රටේ බලය ඉල්ලන්නේ අත්හදා බැලීම් කරන්නැයි ද එවැනි අත්හදා බැලීම් කරන්නට ගෝඨාභය රාජපක්ෂ ගෙනවිත් හොඳ පාඩමක් ඉගෙනගත් ජනතාවට තවත් පාඩම් අවශ්‍ය නැතැයි ද ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය. රටට දැන් පරිනත නොවන දේශපාලන නායකත්වයක් වැඩක් නැතැයි කී මාරසිංහ මහතා පරිනත නැති දේශපාලකයන්ට වැඩ බැරි බව ලංකාවේ මෙන්ම ලෝකයේ ද ඔප්පු වී තිබෙන බව සඳහන් කළේය. යුරෝපා සංගමය සමඟ එකතු වී ව්ලැඩිමීර් සොලෙන්ස්කි යුක්‍රේන බලය ගත් නමුත් අද යුද්ධයක් නිසා ඔහුගේ පාලනය නැත්තටම නැති වී ඇතැයි මාරසිංහ මහතා පැවසීය. ජනතා විමුක්ති පෙරමුණ පාලන බලය ගෙන ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් දෙන්නේ කෙසේදැයි කිසිම වැඩපිළිවෙළක් ඉදිරිපත්…
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩමියානෝ ෆැන්කොවිග් මහතා අතර දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සහ ශ්‍රම සංක්‍රමණය සම්බන්ධ ගැටළු විසඳීම සඳහා වන විශේෂ හමුවක් ඊයේ (26) පැවැත්විණි. ඉතාලි රජය සහ ශ්‍රී ලංකා රජය අතර කම්කරු සංක්‍රමණ පිළිබඳ ද්විපාර්ශ්වික සහයෝගිතා ගිවිසුම අලුත් කිරීම, ඉතාලියේ පවතින රැකියා අවස්ථා ඉලක්ක කරගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, ඉතාලි රජය අනුග්‍රහය දක්වන මෙම වැඩසටහන හරහා ඉතාලියේ රැකියා අවස්ථා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට එරට බලා පිටත්වීට පෙර පුහුණුවක් දීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවත් ඉතාලියේ රැකියා කෝටා ක්‍රමය සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව තානාපතිවරයාගේ අවධානය යොමු කරමින් කෝටා ක්‍රමය හේතුවෙන්…
එක්සත් ජාතික පක්ෂය කළමනාකරණය කළ ආකාරයට රටේ විදේශ ප්‍රතිපත්තිය කළමනාකරණය කළ නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. වත්මන් රජයේ රාජ්‍ය තාන්ත්‍රික වැඩපිලිවෙළ දුර්වල බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය රට සවාරි ගොස් එක් එක් රටවලට නොගැලපෙන බොරු කතා කියා රටවල් බහුතරයක් අප සමඟ තරහ වී ඇති බවත් විපක්ෂ නායකවරයා කීවේය. එක්සත් ජාතික පක්ෂය තුළත් තම නායකත්වය රැක ගැනීමට බොරු කියා එකිනෙකා කෙටවිම නිසා පක්ෂය බිංදුවටම වැටුණ බවත් ඒ ආකාරයෙන් ලෝකය වටේ එක එක දේවල් කිය කියා ගොස් සාර්ථක විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ නොහැකි බවත් ප්‍රේමදාස මහතා පැවසීය. පාසල් සඳහා සුහුරු පන්ති කාමර ලබා දීමේ සක්වල වැඩසටහනේ 39 වැනි අදියර යටතේ…
මාර්ග අනතුරුවලින් මේ වසරේ ගතවූ කාලය තුළ දරුවන් 115 දෙනකු මිය ගොස් ඇති බව රථවාහන පොලිසිය පවසයි. රියදුරන්ගේ අපරික්ෂාකාරී රිය පැදවීම මෙම මරණ මරණවලට ප්‍රධාන හේතුව බව රථවාහන කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පැවසීය. මෙම මරණ වාර්තා වී ඇත්තේ මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 15 වැනිදා දක්වා කාලය තුළදීය.
ලංකා IOC සමාගමට මෙරට තුළ ඉන්ධන ගනුදෙනු සිදුකිරීම සඳහා ලබාදී ඇති බලපත්‍රය තවත් වසර 20ක් දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ. ඒ 2024 වසරේ ජනවාරි 22 වනදා සිට බලපැවැත්වෙන පරිදිය.
ඩිජිටල් පරිවර්තනයකින් තොරව රටට ඉදිරියට යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 2023 ජාතික තොරතුරු තාක්ෂණ සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණු අතර එයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය. “බොහෝ කලකට පෙර, 1980 දශකයේ මුල් භාගයේ දී මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ තොරතුරු තාක්ෂණය හඳුන්වාදීමට පියවර ගත්තා. ශ්‍රී ලංකාවේ ඒ වනවිට එය ප්‍රචලිත නොවූවත්, සින්ක්ලෙයාර් සමාගමේ ජෝන් සින්ක්ලෙයාර් මුණගැසී, පාසල්වලට පළමු සින්ක්ලෙයාර් පරිගණක පෙළ ලබාගැනීමට හැකිවුණා. පරිගණක හා තොරතුරු තාක්ෂණ මණ්ඩලයක් පිහිටුවා මේ ක්ෂේත්‍රයේ ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළා. ඒ සමයේ දී තමයි මහාචාර්ය සමරනායක, කොළඹ විශ්විද්‍යාලයේ පරිගණක මධ්‍යස්ථානයක් ස්ථාපිත කළේ. ඒ…
රාමනාදපුරම් මායාවනූර් ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මායාවනූර් ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට දී ඊයේ (25) රාත්‍රියේ දී අදාළ පුද්ගලයා ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කළේය. ඝාතනයට ලක්ව ඇත්තේ වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි විවාහයකි. මියගිය පුද්ගලයා කල්මඩු ප්‍රදේශයේ තාවකාලිකව බිරිඳ සහ දරුවා සමඟ පදිංචිව සිට ඇති බව පොලීසිය පවසයි. පසුව දින කිහිපයකට පෙර බිරිඳ සමඟ ඇති වූ ආරවුලක් මත ඔහු තම පියා පදිංචිව සිටින මායාවනූර් ප්‍රදේශයේ නිවසට පැමිණ ඇත. මියගිය පුද්ගලයා වෙළෙඳසැල වෙත ගොස් භාණ්ඩ ලබාගනිමින් සිටිය දී ඔහුට ලැබුණු දුරකථන ඇමතුමට ප්‍රතිචාර දක්වමින් වෙළෙඳසැලෙන් පිටතට පැමිණ සිටිය දී කිසියම් පුද්ගලයෙකු විසින් මෙම පුද්ගලයාට පහරදී…
මෙරට 16වන යුද හමුදාපතිවරයා වූ විශ්‍රාමික ජෙනරාල් ලයනල් බලගල්ල මහතා අද (26) පෙරවරුවේ යුද හමුදා රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 75 වන වියෙහි පසුවුණි.
ලබන වසරේ සිට සියලු පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට සැලසුම් කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. මේ වන විටත් බොහෝ පළාත් පාලන ආයතනවල අදාළ වැඩපිළිවෙල ආරම්භ කර ඇති බව වාර්තා වේ. පළාත් පාලන ආයතනවල බදු එකතු කිරීමේ කටයුතු ඇතුළු ගෙවීම් ජනතාවට අපහසුවක් නොවන ආකාරයෙන් සිදුකිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ වී තිබේ. ඒ අනුව දිවයින පුරා ක්‍රියාත්මක පළාත් පාලන ආයතන 341 තුළම අදාළ වැඩපිළිවෙල ලබන වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය. මේ අතර පළාත් පාලන ආයතනවලට අයත් සියලු…