Author: LANKA24X7

කැනඩාවේ අධ්‍යාපන වීසා ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කරන ලද පුද්ගලයෙකු සහ කාන්තාවන් 5දෙනෙක් අත්අඩංගුවට ගෙන ති‌බේ. එම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යංශය වෙත පැමිණිලි කිහිපයක් ලැබී තිබුණි. ඒ අනුව, විමර්ශන සිදුකර කොටුව අධිකරයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ඊයේ (26) කඩවත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලැබූ ව්‍යාජ ලේඛන මධ්‍යස්ථානයක් සෝදිසි කර ඇත. එහිදී පරිගණක යන්ත්‍ර 03ක්, ලැප්ටොප් 03ක්, මුද්‍රණ යන්ත්‍ර 04ක්, ස්කෑන් යන්ත්‍ර 01ක්, ව්‍යාජ තැන්පතු සහතික, ගිණුම් ප්‍රකාශ, විවිධ පාස් පොත්, තානාපති කාර්යාලය වෙත යැවීමට සකස් කර තිබූ වත්කම් සම්බන්ධ ලේඛන, විවිධ නිල මුද්‍රා සහ මුදලින් රුපියල් 1,187,130ක් සමග සැකකරුවෙක් හා සැකකාරියන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එසේ අත්අඩංගුවට…

Read More

පෙම්වතිය මිය ගොස් දින කිහිපයකට පසු ඇය නොමැතිව ජීවත් වෙන්නට නොහැකි බව පවසා දිවි නසා ගත් තරුණයකු සම්බන්ධ පුවතක් බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙසේ මියගොස් ඇත්තේ බලංගොඩ වැලිගෙපොල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් බවයි සඳහන් වෙන්නේ. පවුලේ ඇති ප්‍රශ්න නිසා මෙම තරුණයාගේ පෙම්වතිය මීට දින කිහිපයකට ඉහතදී සියදිවි නසා ගෙන ඇති අතර එදා සිට මෙම තරුනයා මහත් දුක සේ කාලය ගතකොට තිබෙනවා. පසුව සිය පෙම්වතිය නොමැතිව සිටිය නොහැකි බව පවසමින් මෙම තරුණයා ගෙල වැළලාගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ. මිය යාමට පෙර ඔහුගේ පෙම්වතිය ගැන ඔහු තම ෆේස්බුක් ගිණුමේ සටහනක්ද තබා තිබෙනවා.

Read More

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මාස දෙකක් ඇතුළත පෝලිම් යුගය නිමා කළේ ගෑස් ටික වත් ගෙනෙන්නට ඩොලර් මිලියනයක් නොතිබූ තිබූ රටක් බාර ගෙන බව කිසිවිටෙක අමතක කළයුතු නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. අනේකවිධ චෝදනා වලට මුහුණ දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බංකොලොත් භාවයෙන් මුදා ගෙන තිබෙන බවද විජයවර්ධන මහතා කීය. “රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වන පත්වන විට පැවතියේ ගෑස් ටික ගේන්න ඩොලර් මිලියනයක් වත් නැති රටක්.අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ව්‍යාපාරිකයන් සහ බැංකු සමග සාකච්ඡා කොට මුදල් හොයාගෙන ගෑස් ගෙන්වා ගන්නට හැකියාව ලැබුණා. එතැන් සිට තමයි ටිකෙන් ටික මුදල් අතින් ශක්තිමත් කරගෙන රටෙි මූලික අවශ්‍යතා…

Read More

රජය විසින් අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීම සහ සහන දීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. මෙම වැඩසටහන සඳහා රජයේ තෝරා ගැනීමේ ක්‍රමවේදය මඟින් ලක්ෂ 70ක් වූ දුප්පතුන්ගෙන් කොටසටකට මෙම සහන නොලැබී යාමේ තත්ත්වයක් උදාවන බවත් විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේය. අස්වැසුම වැඩසටහන යනු ඇස් වසා ප්‍රතිලාභ ඉවත් කිරීමේ වැඩසටහනක් බවට පෙනී යන බවත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී විපක්ෂයේ විධායක සභාව රැස්වූ අවස්ථාවේදී ඔහු පැවසීය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අපේක්‍ෂකයන් සිටින බවත් මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කිරීමට ආසන්න කාලයේදී එම පක්‍ෂයේ අපේක්‍ෂකයා නම් කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා ඊයේ (26) පැවසීය. ඊළඟ ජනාධිපතිවරණය 2024 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව පැවැත්වීමට නියමිත තිබීම නිසා එයට වසරකට වැඩි කාලයක් පැවතීම හේතුවෙන් අපේක්‍ෂකයකු නම් කිරීමට ඉක්මන් නොවන බව කී කාරියවසම් මහතා එම අවස්ථාවේදී රටට වඩාත් අවශ්‍ය අපේක්‍ෂකයා කවුද කියන තීරණය ගන්නා බව ද සඳහන් කළේය. ඒ අවස්ථාවේදී ආර්ථික නඟා සිටුවීමයි වඩා වැඳගත් වුවහොත් ඒ සම්බන්ධයෙන් ඉතා දක්‍ෂ අපේක්‍ෂකයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව සිටින බවත් එසේ නැත්නම් ඒ අවස්ථවේදී ආරක්‍ෂාව…

Read More

ගුරුවරුන්ට පාසලේ තමන්ගෙන් ඉගෙන ගන්නා සිසුන්ගෙන් මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් මධ්‍යම පළාතේ අධ්‍යාපන ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර ඇත. මුදල් අය නොකර යහපත් චේතනාවෙන් යුතුව තමන්ගෙන් පාසලේ දී ඉගෙන ගන්නා සිසුන්ට අමතර පන්තිවල ඉගැන්වීමට බාධාවක් නොවන බව ද එම චක්‍රලේඛයේ සඳහන්වේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ. වඩාත් සාධාරණ පාසල් අධ්‍යාපනයක් මධ්‍යම පළාත තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ද එහි සඳහන් කර ඇත. මේ අතර චක්‍රලේඛය උල්ලංඝනය කරමින් කටයුතු කරන ගුරවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා බව ද ඒ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සලකා බලා ස්ථාන වැටලීම් කරන බව…

Read More

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පාර්ලිමේන්තු විවාදය සඳහා අවශ්‍ය නම් දින දෙකක් වුව ද ලබාදීමට හැකියාව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන්නේය. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ට අදාළ යෝජනාව විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තුව ලබන 1 වැනි දා රැස්වීමට නියමිතව ඇති අතර ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දී ඇත්තේ අවශ්‍ය නම් දෙදිනක් වුවද විවාදය පැවැත්වීමට අවස්ථාව දිය හැකි බවයි. විවාදයෙන් අනතුරුව අදාළ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමක් ද පැවැත්වෙයි.මෙම හදිසි පාර්ලිමේන්තු රැස්වීම හේතුවෙන් මෙම සතියේ කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

Read More

වංචා කිරීමේ සහ කූඨ ලේඛන සකස් කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණ කිහිපයක චෝදනා එල්ලවී ඇති කෝටිපති ව්‍යාපාරිකයකු පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස සිටිමින්, කූඨ ලේඛන සකස් කිරීම සහ එම සමාගම්වල වාහන විකුණා වංචා කිරීමේ සිද්ධි ගණනාවකට සම්බන්ධ බව කියන, කොළඹ 06 පදිංචි නඩරාජා කනරාජා නොහොත් ‘ගනේෂ්’ නමැති කෝටිපති ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත. තමා අධ්‍යක්ෂ ධුරයක් හොබවන පෞද්ගලික ආයතනයේ කොටස් කූඨ ලේඛනයක් සකස් කරමින් මෙම පුද්ගලයා විසින් විකුණනු ලැබ…

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 1794 ක් අස්ථානගතවී ඇතැයි රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දැක්වෙන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. අමාත්‍යාංශයේ වාහන 259 බාහිර පාර්ශවයන්ට පවරාදී ඇතැයිද එම වාර්තාවේ සඳහන් වන බව පැවසූ කෝපා කමිටු සභාපතිවරයා වාහන පරිපාලනය සම්බන්ධයෙන්වන දත්ත පද්ධතියේ අඩුපාඩු පිළිබඳවද විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය. මේ වාහන අතර මෝටර් රථ 679 ක් සහ යතුරුපැදි 1115 ක් ඇති බවත් එම මෝටර් රථ බොහොමයක් අමාත්‍යාංශය සන්තකයේ නැති බව දැනගන්නට ලැබීමෙන් අනතුරුව ඒවාට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවත්වන්නැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනටමත් ඉල්ලීමක් කර ඇති බවත් සෞඛ්‍ය…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන අතර ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරුමැද පළාත්වලත් පුත්තලම, හම්බන්හතාට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝ මීටර් 40-45 සුළං ඇති වේ.

Read More