Author: LANKA24X7

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉන්දීය චිත්‍රපටියක මෙහෙණින් වහන්සේ නමක ලෙස රඟපෑමට තෝරාගෙන සිටින්නීය. ඒ අනුව එම චරිතය රඟපෑමට කැමැත්ත පළකර ඇති ගමගේ මහත්මිය ඒ සඳහා ඊයේ (21) හිස මුඩු කරන බව ආරංචි මාර්ග සඳහන් කළේය. ඩයනා ගමගේ මහත්මිය මෙසේ තෝරාගෙන ඇත්තේ ඉන්දියාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු විසින් ශ්‍රී ලංකා ඉන්දියා මිත්‍ර සම්බන්ධතා උදෙසා නිර්මාණය කරනු ලබන බෞද්ධ තේමාවක් රැගත් සම්භාව්‍ය සිනමා කෘතියක ප්‍රධාන චරිතයක් වන මෙහෙණින් වහන්සේ නමකගේ චරිතයකට පන පෙවීමටය. ඉන්දීය චිත්‍රපටි අධ්‍යක්ෂවරයා සිය චිත්‍රපටයේ රඟපෑම සඳහා කළ ආරාධනය ඩයනා ගමගේ මහත්මිය ඉතා කැමැත්තෙන් බාරගෙන ඇතැයිද දැනගන්නට ඇත.

Read More

මත්කුඩු සම්බන්දයෙන් වූ මුදල් ආරවුලක් හේතුවෙන් නිවසක රඳවා දැත් දෙපා ගැටගසා පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහර දුන් සංවිධානාත්මක කල්ලික සාමාජිකයන් හත් දෙනකු කඩු තුනක් ඇතුළු ආයුධ සමග අත්අඩංගුවට ගත්බව කලුතර කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර , කලමුල්ල සහ ලාගෝස්වත්ත ප්‍රදේශයේ පදිංචි 18, 20, 25, 27 සහ 28 වියැති පුද්ගලයන් පිරිසක් බව පොලිසිය කීය. කළුතර, ලාගෝස්වත්ත ප්‍රදේශයේ වැටලීමක් සිදුකරන අතරතුර එකී නිවස වටලන විට නිවසේ සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු දිවගොස් ඇති බවත් , ඔවුන් ලුහුබැඳ අත්අඩංගුවට ගෙන නිවස පරීක්ෂා කිරීමේදී දැත් දෙපා ගැටගසා ඉතා අමානුෂික ලෙස තියුණු ආයුධ සහ වෙනත් ක්‍රම මගින් විවිධ උපකරණ යොදාගෙන පහර…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (21) පස්වරුවේ පැවැත්විණි. උතුරු හා නැගෙනහිර පළාතේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීම, නැවත පදිංචි කිරීම් කටයුතු හා සංහිඳියාවට අදාළ නීති ක්‍රියාත්මක කිරීම, ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ගැටළු මෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික් සංවර්ධනයට අදාළ කරුණු රැසක් පිළිබඳ මෙහිදී අවධානය යොමු විය. උතුරු හා නැගෙනහිර පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්, එස්. රාසමාණික්‍යම්, ජී. කරුණාකරන්, ටී. කලෙයි අරසන්, කුලසිංහම් දිලීපන් යන මහත්වරු මීට එක්ව සිටියහ.

Read More

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට ඈෂ් මත්ද්‍රව්‍ය ජංගම, දුරකථනයක්, සිගරට් සහ බීඩි රැගෙන යාමට තැත්කළ බන්ධනාගාර නිළධාරින් දෙදෙනකු පොලිසිය ,පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එක්ව සිදුකළ පරීක්ෂාවකදී සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි . අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සේවය කරන නිළධාරින් බන්ධනාගාරයට යාමට පෙර බන්ධනාගාරය ඉදිරිපිටදී සිදුකළ පරීක්ෂාවකදී මෙම නිළධාරින් දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබේ . අත් අඩංගුවට ගත් නිළධාරින් දෙදෙනා ගෙන් එක් අයකු වූ බන්ධනාගාර වෘත්තිය උපදේශකවරයා සතුව තිබී ඈෂ් මත්ද්‍රව්‍ය මිලිග්රැම් 110 ක්, බීඩි 02 ක් සහ සිගරට් 01ක් සොයාගත් බව පොලිසිය පවසයි .

Read More

ලංකා සතොස කිලෝවක් රුපියල් 275 කට අලෙවි කළ සුදු සීනි කිලෝවක මිල රුපියල් 20 කින් වැඩි කරමින් සුදු සීනි කිලෝවක් රුපියල් 295 කට අලෙවි කරන බවට පාරිභෝගිකව චෝදනා කරති. රාජ්‍ය ආයතනයක් හැටියට ජනතාවට අඩු මිලට සීනි සපයන බවට පවසමින් සති දෙක පමණ කාලයක් සීනි කිලෝවක් රුපියල් 275 කට අලෙවි කළේය. සාමාන්‍ය වෙළඳපොළේ සුදු සීනි කිලෝවක් රුපියල් 290 කට මිලදී ගත හැකි බවත් රාජ්‍ය ආයතනයක් වන සතොස මේ ආකාරයට සාමාන්‍ය වෙළඳපොළේ මිලට වඩා වැඩි මිලකට සීනි අලෙවි කිරීම පිළිබඳ කණගාටුවන බවද පාරිභෝගිකව සඳහන් කරති.

Read More

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කරන අමිත බණ්ඩාර මහතා එම සංවිධායක ධුරයෙන් ඉවත් කර පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්විටුවීමට කටයුතු කළ බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා පැවසීය. පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද (22) පැවැත්වෙන මෙම තීරණය ඉදිරිපත් කොට අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන බවත් මහලේකම්වරයා සඳහන් කළේය. අමිත බණ්ඩාර මහතා මත්ද්‍රව්‍ය වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීම පිළිබඳ අවධානය යොමු කරමින් පක්ෂය මෙම පියවර ගත් බවත් ඔහු තවදුරටත් කීවේය.

Read More

ආර්ථිකය පිළිබඳ තුන්කල් දකින නායකයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපීය රටක සිටියා නම් මුළු ජීවිත කාලය පුරාම රාජ්‍ය නායකයා ලෙස තබා ගන්නා බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. එවැනි රාජ්‍ය නායකයකු ශ්‍රී ලංකාවට සම්පතක් බවත් මන්ත්‍රීවරයා කීය. ශ්‍රී ලංකාවට ආර්ථික නිදහස ලබාදුන් ජාතික නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ද අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. ආර්ථික අර්බුදය මාස දහ අටක් වැනි කෙටි කාලයකින් ජයගෙන ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථිකයක් කරා ගෙන යාමට ඉදිරි දශකය ඇතුලත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකි බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය . පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ , අරලියගහ…

Read More

පොලොන්නරුව මහ රෝහලේ සහ මැදිරිගිරිය මූලික රෝහලේ ශල්‍ය කර්ම සිදු කළ නව ලැපරස්කෝප් යන්ත්‍ර අබලන්වීමෙන් ශල්‍යකර්ම කළ නොහැකි තත්වයක් උදාවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට ශල්‍යකර්ම කරන්නේ පොලොන්නරුව මහ රෝහලේ සහ මැදිරිගිරිය මූලික රෝහලේ පමණී. මැදිරිගිය මූලික රෝහලේ මෙම ලැපරස්කොප් යන්ත්‍රය මාස 3කට වැඩි කාලයක් අක්‍රිය වී තිබීම හේතුවෙන් රෝගීන් 100කට වැඩි පිරිසකට පොරොත්තු ලේඛනයේ බලා සිටිමට සිදුව තිබේ. මෙම යන්ත්‍ර නවත භාවිත කළ නොහැකි අන්දමින් අක්‍රියවී ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

Read More

ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින ඔමික්‍රොන් ජේ.එන් 1 කොවිඩ් වයිරස ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බව තමාගේ විශ්වාසය යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානීමහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. කොවිඩ් පරීක්ෂණ ඉතාමත් අඩු මට්ටමක පවතින හෙයින් ශ්‍රී ලංකාවේ පැතිරීම ගැන මේ අවස්ථාවේදී විද්‍යාත්මකව කරුණු ඉදිරිපත් කිරීමට හැකියාවක් නැතැයිද ඔහු සඳහන් කළේය. මේ තත්වය සැලකිල්ලට ගෙන වැඩිහිටියන්, විවිධ රෝගාබාධ හේතුවෙන් දුර්වල ප්‍රතිශක්තියක් ඇති අය මෙන්ම දුර්වල වාතාශ්‍රය සංවෘත ජනාකීර්ණ පරිසරයක සිටින අය නැවතත් මුහුණු ආවරණ පාවිච්චි කිරීම ඉතා වැදගත් බව පෙන්වා දෙන මහාචාර්යවරයා උණ කැස්ස, සුවඳ නැතිවීම සහ රසය නැතිවීම, දිගට පවතින අධික…

Read More

ඉන්දියාවෙන් ආනයනය කරන ලොකු ලූනු කිලෝවක මිල ඊයේ (21) පෙරවරුව වන විට රුපියල් 650 ත 700 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබුණි. පිටකොටුවේ ලොකු ලුණු සිල්ලර මිල රුපියල් 500 ත් 600 ත් අතර පැවතුණි. පිටකොටුව තොග වෙළඳපොලේ ලොකු ලූණු කිලෝවක මිල ඊයේ පෙරවරුවේ රුපියල් 450 ත් 500 ත් අතර මිලකට අලෙවි වූ අතර ඉදිරි දින කීපයේදී තොග මිල තවත් ඉහළ යනු ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පැවසූහ.

Read More