Author: LANKA24X7

ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ තෙල් සහ ගෑස් ගවේෂණය සහ ආයෝජනයන් ලබාගැනීම පිළිබඳව අවශ්‍ය නීතිමය රෙගුලාසි අවසන් කර නිකුත් කළ බව විදුලි සහ බලශක්ති අමාත්‍යවරයා පවසයි. කංචන විජේසේකර මහතා පවසන්නේ ඒ සමග ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ කොටස් 900ක පමණ ප්‍රමාණයක ඇති ඛනිජ සම්පත් ගවේෂණයට ආයෝජකයින්ට පැවරීමට කටයුතු කිරීමට ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය මගින් කටයුතු ආරම්භ කරන බවය.

Read More

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව 200,783ක් වුවද 2024 වනවිට මුළු ඇස්තමේන්තුගත සංඛ්‍යාව 135,000ක් දක්වා අඩු වනු ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. එසේම එම සංඛ්‍යාව 2030 වනවිට 100,000 දක්වා වූ ප්‍රමාණයක පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Read More

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන්ට හෙට දින ත්‍රස්ත මර්දන කාර්යාංශයට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ත්‍රස්ත මර්දන කාර්යාංශය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාර සිරිධම්ම හිමියන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍යව තිබෙන බව දන්වා සිටියේය.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි මොනරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත්ගේ වැඩ තහනමට ලක්කර තිබේ. ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව පසුගිය 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මොනරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මහතාගේ වැඩ තහනම ක්‍රියාත්මක වනු ඇති. අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවසේ තිබී වේළීම සඳහා සකස් කර තිබූ ගංජා පැළ 650කට ආසන්න සංඛ්‍යාවක් සොයාගත් බව පොලීසිය පැවසීය. මේ අතර සිදුකළ විමර්ශනවලට අදාළව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයාවද අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර…

Read More

පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කමිටුවේ අවසන් වාර්තාව නියමිත දිනට රජය වෙත ලබා දීමේ හැකියාවක් නොමැති බව එම කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. දැනට ක්‍රියාත්මක වන පළාත් පාලන ඡන්ද බල ප්‍රදේශ 8911 පළාත් පාලන ඡන්ද බල ප්‍රදේශ 4000ක් දක්වා අඩු කළ යුතු බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමෙන් පසුව මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් සීමා නීර්ණ කමිටුව පත්කළේය. කෙසේවෙතත් කමිටු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේ සීමා නීර්ණ කටයුතු පෙබරවාරි 28 දින අවසන් කිරිමට නියමිතව තිබුණ ද පවතින ප්‍රායෝගික ගැටලු ගණනාවක් හේතුවෙන් එය ප්‍රමාද වනු ඇති බවය.

Read More

ඇල්පිටිය යක්කටුව මංසන්ධියේ දි, කළුවාදේව විමෙෂ් මදුෂ යන අයට යතුරු පැදියකින් පැමිණ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෝ දෙදෙනා කොළඹ දෙමටගොඩ පදේශයේ දී විශේෂ කාර්ය බළකා මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් ඒකකය නිලධාරින් විසින් සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගනු ලැබූහ. මේ වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි යතුරු පැදිය සහ වෙඩි තැබීමට යොදාගත් බෙල්ජියමේ නිෂ්පාදිත ගිනි අවිය සහ ඊට දමන පතුරම් හතරක් ද සොයා ගැනීමට පොලිස් විශේෂ කර්ය බළකායේ නිලධාරීන් සමත්වී තිබේ. මේ සැකකරුවන් දෙදෙනාගෙන් වෙඩික්කරු කරන්දෙණිය අනුරුද්ධගම පදිංචි 40හැවිරිදි විවාහක අයකු බවත් පැදිකරු තිස්එක් හැවිරිදි යුද හමුදා කොමාන්ඩෝ සෙබළකු ලෙස කටයුතු කළ එයින් පලා ආ කරන්දෙණිය කුරුදුගහහැතැප්ම පදේශයේ පදිංචි අයෙක් බව…

Read More

තම රටවල් ඇතුළු සිය මිත්‍ර පාර්ශ්වීය රටවල් මේ වනවිට මුහුණ පා සිටින උපායමාර්ගික අභියෝගය වන්නේ චීනය බව අමෙරිකාව සහ ජපානය පවසා තිබේ. අමෙරිකානු රාජ්‍ය ලේකම් මේ බව පවසා ඇත්තේ අමෙරිකානු ජපාන ආරක්ෂක උපදේශ කමිටු හමුවේදීය. වොෂිංටනයේ පැවැත්වෙන එම හමුව සඳහා අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ද සහභාගීවී ඇත. ජපානය වෙනුවෙන් ඊට සහභාගී වී ඇත්තේ එරට ආරක්ෂක අමාත්‍යවරයාය. මෙම හමුවේදී චීනයේ ක්‍රියාකලාපය සහ යුක්‍රේනයට එරෙහි රුසියානු යුද්ධය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම චීනයේ බලහත්කාරකම් සහ ප්‍රකෝපකාරී ක්‍රියාවලට ජපානය මෙන්ම අමෙරිකාව ද තරයේ විරුද්ධ බව ජපාන විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (12) සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 215කට සීමා කිරීමට ඉන්දීය පන්දුයවන්නන් සමත් විය. පන්දුවාර 39යි පන්දු 4ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දැවී ලකුණු 215ක් රැස් කළ අතර තරගය ජයගැනීම සඳහා ඉන්දියාවට හිමිවූ ඉලක්කය ලකුණු 216කි. පන්දුවාර 43යි පන්දු 02ක් අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 219ක් ලබා ඉන්දියාව සිය ජයග්‍රහණය වාර්තා කළේය. ඒ අනුව තරග 03කින් සමන්විත ඉන්දියා ශ්‍රී ලංකා එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ජයගැනීමට ඉන්දියාව සමත්විය.

Read More

මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු පසුගිය නොවැම්බර් මසදී අතුරුදන්වී තිබුණි. ඒ පිළිබඳ ඥාතීන් පොලීසියට සිදුකළ පැමිණිලි අනුව ඔවුන් දෙදෙනා සොයා විමර්ශන ආරම්භ කෙරුණි. එහිදී තරුණයින් දෙදෙනා ඝාතනය කර රඹුක්කන හුරුමළුව ප්‍රදේශයේ නිවසක වළදමා ඇති බවට තොරතුරක් ලැබී තිබුණි. ඒ අනුව පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඊයේ එම නිවස පරීක්ෂා කළේය. සිරුරු වළදමා ඇති බවට සැකකරෙන ස්ථානයේ සිදුකළ කැනීම්වලිදී එක් තරුණයෙකුගේ සිරුර සොයාගැනීමට හැකිවී තිබේ.

Read More