Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රට බංකොළොත් කළ මහ බැංකුවේ සේවකයන්ගේ වැටුප් වැඩිකරගැනීම තක්කඩිකමක් බවත් මෙරට ජනතාව වැටුප් වැඩිකරන ලෙස උද්ඝෝෂණ කළත් ඒ සඳහා මුදල් නැතැයි ආණ්ඩුව පැවසූ බවත් නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර මහතා අද (21) පැවසීය. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර මහතා නිදහස ජනතා සභා කාර්යාලයේදී අද (21) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය. මහ බැංකුවේ සේවකයන්ගේ වැටුප් සියයට 73 කින් ඉහළ දමා ඇති බවත් වෛද්‍යවරු රට හැර යන නිසා ඔවුන්ගේ වැටුප් වැඩි කළ ද කම්කරුවාගේ වැටුප් වැඩි නොකළ බවත් රත්නසේක මහතා කීය. පාසල් දරුවන්ගේ ආහාර වේලකට ලැබෙන රුපියල් 85 ක මුදල රුපියල් 20 කින් වැඩි කරන්න සල්ලි…
මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනා කෙටුම්පතක් පාර්ලිමේන්තුවේදී සභාගත කළේය. ඉන් ඔහු යෝජනා කර ඇත්තේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත්කළ යුතු බවය.
පොරොන්දු වූ පරිදි විදුලි බිල අඩුකිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී නොයෙල් ප්‍රියන්ත මහතා පවසයි. එහෙත් නඩත්තු කටයුතු ප්‍රමාද කිරීමට සිදුවන බව ඔහු පැවසීය. “අපිට මහජන උපයෝගීතා කොමිසම් කිව්වා අවශ්‍යම නඩත්තු පමණක් කරන්න අනෙක් ඒවා එහාට මෙහාට කරගන්න කියලා. මහජන උපයෝගීතා කොමිසම දුන්නු උපදෙස් අනුව අපි ඒක සකස් කළා. අපි නඩත්තු එහාට මෙහාට කළා. වාහනයක් ඔයිල් මාරු කරලා ෆිල්ටරේට හුළං අල්ලලා පාවිච්චි කරනවා වගේ. ඒ තත්ත්වයට ආවාම කඩා වැටුණට පස්සේ ගොඩ දාන්න අපහසුවෙයි.”
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර සැකසූ හැඳුනුම්පත් භාවිතා කලේ යැයි ශෂී වීරවංශ මහත්මියට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ගොනුකුල නඩුව විභාග කළ යුත්තේ කුමන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදැයි අභියාචනාධිකරණ නියෝගයක් නැවත ලබා ගන්නා ලෙස විත්ති පාර්ශවයට නියෝගයක් නිකුත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා ඊයේ (20) දින දන්වා සිටියේය. මෙම නඩුව මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විභාග කළ අතර විත්තිය කළ ඉල්ලීමක් අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය ඉදිරියේ නඩුව විභාග කරන ලෙසට අභියාචනාධිකරණය දැනුම් දී තිබිණි. එම නියෝගය ප්‍රකාරව අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණ පූර්ගාමී මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය ඉදිරියේ ඉදිරියේ නඩුව කැඳවීය. අද දින හර්ෂණ කැකුණ වෙල මහතා ඉදිරියේ නඩුව…
මෙරට තුළ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට කටයුතු කරන වැඩබලන පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන මහත්වරුන්ගේ කටයුතුවලට ඇතැම් ආගමික නායකයන් ඇතුළු පිරිසක් බාධා කරන බවත් මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම කිසියම් හෝ කෙනෙක් පාලනය කළ යුතු නිසා වර්තමානයේ එය ක්‍රියාත්මක කරන අයට බාධා නොකරන ලෙස ඉල්ලා සිටින බවත් මෙරට නම් දැරූ භික්ෂූන් වහන්සේ පිරිසක් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (20) පැවසූහ. මෙම විශේෂ මාධ්‍ය හමුව කැලණිය මානෙල්වත්ත මහා විහාරස්ථානයේදී ඊයේ (20) පැවැත්විණි. කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග භාෂා අධ්‍යයන අංශාධිපති මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියෝ එහිදී පැවසුවේ මෙරට දරුවන් පාසල් තුළදීම මත්වන තත්වයකට පත්ව තිබුණද මෙතෙක් කිසිදු…
යෝජිත ධීවර පනතින් ධීවර ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන අතර ඔවුන්ට කිසිදු හානියක් සිදු නොවන බවට පොරොන්දු වන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ආධාර ඇතිව ජලජීවී වගාව සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ද ධීවර අමාත්‍යවරයා කීය. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි. සංශෝධිත නව ධීවර පනත් කෙටුම්පත නුදුරේදී සම්මත කරගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම්ව පවතින බවත් ධීවර කර්මාන්තය සංවර්ධන කිරීම තුළින් මත්ස්‍ය අස්වැන්න ඉහළ නංවා ගැනීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. යෝජිත ධීවර පනත්…
කෘෂි ක්ෂේත්‍රයේ වේගවත් පරිවර්තනයක් සමඟ නැවත ප්‍රධාන කෘෂි බෝග අපනයනකරුවකු ලෙස ශ්‍රී ලංකාව නඟා සිටුවීමට රජය කැපවී කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ පසුගිය ආර්ථික අර්බුදයට මුහුණ දීමේදී කෘෂිකර්මාන්තය දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට කඩිනමින් යළි නඟා සිටුවිය හැකි ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් ලෙස කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය හඳුනාගෙන තිබෙන බවද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මේ දිනවල කොළඹදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුවේ 37 වැනි සැසිවාරයේ සමාරම්භක සැසිය අමතමිනි.
වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මත් ලෝලීන්ට වැඩි මිලට මත්පෙති විකුණු ගාලු පාර රත්මලාන ඖෂධහලක් වටලා එහි හිමිකාරිය අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි එම ඖෂධ හලේ තිබී මත් පෙති දහදහකට (10000) අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වීම හේතුවෙන් මත්ද්‍රව්‍යවල දැඩි හිඟයක් පැවතීම නිසා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බොහෝ පිරිසක් මෙම ඖෂධ හලට නිරතුරුවම පැමිණීම දැඩි සැකයක් උපදවන්නක් බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරට අනුව උපාය දූතයක් දෙදෙනකු ලවා ඒ සම්බන්ධයෙන් අධීක්ෂණය කර තහවුරු කර ගැනීමෙන් අනතුරුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සමග එක්ව වැටලීම සිදුකළ බව පොලිසිය කියයි
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය නොදන්නා කමට කළ ප්‍රකාශයක් බවත් ඔහුගේ ප්‍රකාශ ගාණකට නොගතයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා ඊයේ (20) පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුලස්ථානයේදී ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය. ඉතිහාසයේ සිට ඉන්දීය ආක්‍රමණයන්ට එරෙහිව ශ්‍රී ලංකාව යුද්ධ කළ රටක් නිසා කිසිවිටක ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් නොවන බව කී දිසානායක මහතා ඉන්දියාව සමඟ ඇති මිත්‍රත්වය හේතුවෙන් එවැනි ප්‍රකාශයක් කරන්නට ඇති බව ද සඳහන් කළේය. හරින් ප්‍රනාන්දු මහත්මයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයේ නොව යූඑන්පී එකේ සාමාජිකයෙක්…
ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගැනීම සදහා වන යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් දෙන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමයට ඊයේ (20) දැනුම් දුන්නේය. ඒ අනුව වසර දහයක් තුළදී ගෘහ සේවිකාවන් විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීම සදහා ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් යෝජනාවලියක් සකස් කර යොමු කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී තිබෙි. ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයින් පිටත් කර යැවීම නතර ඉහළ වැටුප් ලබාගත හැකි…
