Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවය. දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 වැඩි තරමක තද වැසි ද ඇතිවේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක බස්රථයක් ගිනිගැනීමට ලක්වීමෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු 26 දෙනෙකු මියගොස් තවත් 08දෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ පුද්ගලයින් 33 දෙනෙකු සමග පූනේ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් අද (01) අළුයම මෙලෙස ගිනිගෙන ඇති බවය. අධිවේගී මාර්ගයේ කණුවක ගැටීමෙන් බස් රථය පෙරළී ගොස් ගිනිගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අනතුරින් දිවි ගලවාගත් බස් රථයේ රියදුරා පවසා ඇත්තේ ටයරය පුපුරා යාමෙන් පසු බස්රථය කණුවක ගැටුණු බවය. බස් රථ රියදුරු ඇතුළු තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමුකර තිබුණි.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. මෙරට වේලාවෙන් අද (01) දහවල් 12.59ට ඉන්දියන් සාගරයේ කිලෝමීටර් 1,260ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ මෙම භූ කම්පනය හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය පැවසීය. රිච්ටර් මාපකයේ ඒකක 5.8ක් ලෙස සටහන්වී ඇති භූ කම්පනය මෙරට ප්‍රදේශ කිහිපයකට දැනී ඇති බවද සඳහන්ය. ඒ අනුව කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට භූ කම්පනය දැනී ඇති බව අද දෙරණ වාර්තාකරුවන් පැවසීය. කෙසේවෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය පැවසීය.
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ සියලුම වර්ගවලට අයත් මත්පැන්වල බෝතලයක මිල රුපියල් 300කින් ඉහළ දමා ඇති බවය. ඊට අමතරව බියර් වර්ගවල මිල ද එකක් රුපියල් 50කින් ඉහළ දමා තිබේ.
තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු සක් සුරින් හෙවත් මුතු රාජා හස්තියා හෙට (02) යළි තායිලන්තයට රැගෙන යාමට නියමිත බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසුවේ තායිලන්තයේ සිට පැමිණෙන විශේෂ ගුවන් යානයක් මගින් මෙම හස්තියා යළි රැගෙන යාමට නියමිත බවය. 2001 වසරේදී මෙම සක් සුරීන් නැමැති හස්තියා මෙරටට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට තායිලන්ත රජය පියවර ගෙන තිබුණි. එහෙත් මෙම හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහීම හේතුවෙන් යළි තායිලන්තයට රැගෙන යාම සඳහා එරට රජය ලංකාවෙන් ඉල්ලීමක් කළේය. අලුත්ගම කන්දේ විහාරයේ රඳවා සිටි මෙම සක් සුරින් නැමැති හස්තියා තායිලන්තයට රැගෙන යාම සඳහා ඉල්ලා සිටීමෙන් අනතුරුව දෙහිවල සත්වෝද්‍යානයට රැගෙනවිත් තිබුණි.…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවය මත ණය ප්‍රතිව්‍යුගත වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසයි. උන්වහන්සේ පවසන්නේ නව ලිබරල්වාදී ක්‍රමවේදය තුළින් සිදුවන්නේ රට තවදුරටත් බංකොලොත් වීම පමණක් බවයි. ඒ පිළිබඳ තවදුරටත් අදහස් දක්වූ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්, “මේ රටේ තියන සම්පත් සූරා කාලා. මේ රටේ තියන සම්පත්වලින් පෝෂණය කරලා පෝසත් කරන්නේ නැතුව විදේශීය රටවලින් කන බොන හැමදෙයක්ම ලංකාවට ගෙන ආර්ථික ක්‍රමවේදයක් ඇති කරලා කොම්පැණිවල අතරමැදියෝ හම්බකරන මුදල් ප්‍රමාණය කෝටි ගණන්. විදේශීය බැංකුවලින් ණය අරන් දැන් ණය ප්‍රතිව්‍යුහගතකරනවා කියලා මොකක්දෝ හොර වැඩපිළිවෙලක් යනවා මේ දවස්වල. මොකක්ද මේ ක්‍රමවේදය. මේ රට ඇතුළෙම තියෙන දෙවල් වලින් රට පෝෂණය…
මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයකු ලෙස සැලකෙන මහා පරිමාණ අපරාධකරුවකු ලෙස සැකකෙරෙන රොටුඹ රසිකගේ ගෝලයින් සිව්දෙනෙකු ගිනි අවි සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ සැකකරුවන් සතුව තිබී ඒ කේ 47 වර්ගයේ ගිනිඅවියක් සහ විදේශ රටක නිෂ්පාදිත අති නවීන පිස්තොලයක් සහ මැගසින් එකක් සොයාගත් බවය. දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මාවරල සහ දෙයියන්දර පොලිස් වසමේ මුලටියන සහ මාකඳුර ප්‍රදේශවලදී මෙම වැටලීම සිදුකර තිබේ. සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 12 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර ඔවුන් මුලටියන සහ මාකඳුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තිහගොඩ පොලිස්…
අද (01) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි දුම්වැටියේ මිල ඉහළ දමා තිබේ. සුරාබදු ඉහළ දැමීමත් සමඟ දුම්වැටියක මිල මෙලෙස ඉහළ දැමීමට කටයුතු කළ බව ලංකා දුම්කොළ සමාගම පවසයි. ඒ අනුව, කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු. 5/-, රු. 15/-, රු. 20/-, සහ රු. 25/ ක් ලෙස ඉහළ දමා තිබේ.
මෙරට 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අද වැඩ භාරගෙන තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදා වත්මන් මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයා විසින් එයාර් මාර්ෂල් නිලයට අද උසස් කිරීමෙන් අනතුරුව ගුවන් හමුදාපතිවරයා ලෙස මෙලෙස වැඩ භාරගෙන ඇත. එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය අරඔා පසුව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය අවසන් කර ද්විතීයික අධ්‍යාපනය කොළඔ ආනන්ද විද්‍යාලයෙන් සම්පූර්ණ කර තිබේ. 1988 වසරේ දී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අංක 06 බඳවාගැනීමේ කණ්ඩායමට ඇතුළත් වූ ඒ මහතා 1990 වසරේ ඔක්තෝබර් 5 වැනිදා උපාධිය ලබා ගනිමින් ශ්‍රි…
තෙල්දෙණිය කෙන්ගල්ල ප්‍රදේශයේ වාහන අංගනයකින් කොල්ලකන ලද ජීප් රථ 03ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. ඊයේ (29) අලුයම කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම කොල්ලය සිදුකර ඇත. එහිදී අදාළ වාහන අංගනයේ සිටි සේවකයින් දෙදෙනෙකු බියවද්දා බැඳ දමා සැකකරුවන් වාහන 04ක් කොල්ලකා පළාගොස් ඇත. පොලීසිය පවසන්නේ ඩිෆෙන්ඩර් වර්ගයේ ජිප් රථ 03ක් සහ වෑන් රථයක් මෙලෙස කොල්ලකා රැගෙනගොස් ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසියට ලද තොරතුරකට අනුව කඩිනමින් පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. එහිදී වත්තේගම ප්‍රදේශයේ නිවසක් පිටුපස ගරාජයක තිබී කොල්ලකන ජීප් රථ 03න් 02ක් සොයාගෙන ඇත. පොලීසිය පවසන්නේ එම අවස්ථාවේදී සැකකරුවන් තිදෙනෙකු සමග කොල්ලය සඳහා පැමිණි කැබ්…