Author: LANKA24X7

නිවසේ සිදුවූ බහින්බස්වීමකින් පසුව ආරවුලක් ඇති කළේ යැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතාට එරෙහි නඩුව ජුනි 05 වැනි දින විභාග කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා ඊයේ (21) දින නියම කළේය. පාර්ලිමේන්තු පැවැත්වෙන දිනයක් හා අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතේ ඡන්ද විමසීම හේතුවෙන් නඩු විභාගය වෙනත් දිනයක පවත්වන ලෙස නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර මහතා කළ ඉල්ලීමක් අනුව නඩු විභාගය කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 2018 වසරේදී නිවසේ සිදුවූ බහින්බස්වීමකදී ආරවුලක් ඇති වූ බවට අමාත්‍යවරයාගේ සහෝදරිය කළ පැමිණිල්ලක් අනුව බොරැල්ල පොලිසිය මෙම නඩුව පවරා තිබිණි. පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අමාත්‍යවරයාගේ වැඩිමල් සහෝදරියද අධිකරණයේ පෙනී සිටියාය. අක්කා…

Read More

ශ්‍රි ලාංකිකයන් ලෙස ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ත්‍රිකුණාමලය කෝනේෂ්වරා හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සමාරම්භක අවස්ථාවට ඊයේ (21) පෙරවරුවේ එක්වෙමිනි. ජාති, ආගම් පදනමින් කිසිවකුත් ජාතික බාලදක්ෂ ජම්බෝරිය නියෝජනය නොකරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සෑම කාර්යයකදීම ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වීමෙන් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට එකමුතුවක් නිර්මාණය කර ගත හැකි බවද කියා සිටියේය. රටට අවශ්‍ය යහපත් පුරවැසියන් නිර්මාණය කරන බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් කිරීමට අවශ්‍ය අනුහග්‍රහය ලබා දෙන බව මෙහිදී පැවසූ ජනාධිපති…

Read More

මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති සුඛෝපභෝගී නිවස සහ අක්කර 15 ක් පමණ ඉඩම පිළිබදව සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට එය ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සදහා එය යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ හිමිකරුවකු නොමැතිවීම හේතුවෙන් අධිකරණය විසින් අධිකරණ අමාත්‍යාංශය යටතට පත් කරන ලද මල්වාන නිවස සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමට සහ එම නිවස පිහිටි ස්ථානය නිරීක්ෂණය කිරීමට ඊයේ (21) පස්වරුවේ පැමිණි අවස්ථාවේදීයි. 2015 දී මෙම ඉඩම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරූ අවස්ථාවේ දී ඔප්පුවල නම් සදහන් සියලු දෙනා මේ ඉඩම ඔවුන්ට…

Read More

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස උද්ධමනය සියයට 6.5 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව දෙසැම්බර් මාසයේදී සියයට 4.2ක් වූ උද්ධමනය ජනවාරි මාසයේදී මෙලෙස සියයට 6.5ක් දක්වා ඉහළ ගියේය. එසේම දෙසැම්බර් මාසයේදී සියයට 1.6ක් වූ ආහාර උද්ධමනය ජනවාරි මාසයේදී 4.1ක් දක්වා ඉහළ ගොස් ඇත.එසේම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද ජනවාරි මාසයේ ඉහළ ගොස් තිබූ අතර එය සියයට 8.5ක් ලෙස සටහන් විය. ජනවාරි මාසයේ උද්ධමනය ඉහළ යාමට එකතු කළ අගය මත බද්ද හා කාලගුණය බලපෑ බවත් මෙම වසර අවසානයේදී නැවතත් උද්ධමනය සියයට 5 සීමාවට එනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ශ්‍රී…

Read More

ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර සෝෆියා හේඩ්න් නම් දියණියක් එකවර ජර්සි 45 ක් ඇඳගනිමින් ගිනස් ලෝක වාර්තාවක් තබා ඇත. ලෝක වාර්තාව තැබීමේදී සෝෆියාට ඇය ඇඳගන්නා සෑම ජර්සියක්ම ඉණ දක්වා පහත් කිරීමට සිදුව ඇති අතර එහිදී ඉරී යන ජර්සි ගිනස් ලෝක වාර්තාව නොසලකා හැර තිබිණ. සෝෆියා ඇයගේ පවුලේ ලෝක වාර්තාවක් තැබූ ප්‍රථමයා නොවන අතර ඇයගේ මවද ලෝක වාර්තාවකට හිමිකම් කියන්නීය.සොෆියා ලෝක වාර්තාව පිහිටුවීමේදී ප්‍රථමයෙන් කුඩා ප්‍රමාණයේ ජර්සි ඇඳගෙන ඇති අතර පසුව ප්‍රමාණයෙන් විශාල ජර්සි ඇඳ ඇත. සෝෆියා මෙම ලෝක වාර්තාව ඇය ජීවත්වන ප්‍රදේශයේ මහජන පුස්තකාලයේදී තබා ඇති අතර ලෝක වාර්තාව තැබීමෙන් පසුව ජර්සි 45 ඇය පරිත්‍යාග කර තිබිණ. මීට පෙර මෙම ලෝක වාර්තාවට…

Read More

රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර මහතාට විශේෂ පොලිස් බළකා ආරක්ෂාව ලබාදීම පිළිබඳව ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය. අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ තම ආරක්ෂාව වැඩි කරන ලෙස ඉල්ලා රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර මහතා ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය. මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින. තමන්ට ලබා දී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොමැති බව සඳහන් කරමින් තම ආරක්ෂාව වැඩි කිරීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර මහතා විසින් මෙම රිට්…

Read More

නව විදුලිබල පනත වෙනුවෙන් ඉදිරිපත් කළ සංශෝධන, යෝජනා සහ නිර්දේශයන් එම පනතට සංශෝධන ලෙස ඇතුළත් කර ඇති ආකාරය පිළිබඳව දැනුවත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. විදුලිබල ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට අදාල නව කාලරාමුව සහ සංවර්ධන නියෝජිත ආයතනවලින් අපේක්ෂා කරන මෙන්ම ලැබෙන සහයන් සම්බන්ධයෙන් පාර්ශශවකරුවන් දැනුවත් කළ බව ද අමාත්‍යවරයා කීය. ආසියානු සංවර්ධන බැංකුවේ සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ මෙරට ප්‍රධානීන් ඇතුළු එම නියෝජිත ආයතනවල නිලධාරීන්, ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර සංවර්ධනය සදහා වූ එක්සත් ඇමෙරිකා ජනපද නියෝජිත ආයතනයේ නියෝජිතයන්, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යංශයේ නිලධාරීන් සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ද ඒ සදඟා වන සාකච්ඡාවට සහභාගි වූහ.

Read More

ජාතික ජන බලවේගය ලියාපදිංචිය නීතියට පටහැනි බව සඳහන් කරමින් විනිවිද පෙරමුණේ මහ ලේකම් නීතිඥ නාගහකන්ද කොඩිතුවක්කු මහතා ගොනුකර තිබූ මෝසම මාර්තු 4 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය. නව මැතිවරණ කොමසාරිස්වරුන්ගේ නම් වග උත්තරකරුවන් ලෙස ඇතුළත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ලැබිණ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, අර්ජුන ඔබේසේකර සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම මෝසම සලකා බැලින. මෙම මෝසමේ වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ නීතිපති නම් කරනු ලැබ සිටිති. ජනතා විමුක්ති පෙරමුණ යටතේ තිබෙන ජාතික ජන බලවේගය වෙනම පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම නීතියට පටහැනි බව සඳහන් කරමින් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවස්ථාව ලබා…

Read More

පාන් සඳහා වන ගැසට් පත්‍රයේ නියමන් පරිදි නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි සහ වෙළෙඳසැල් 453 කට නඩු පැවරිමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. ගැසට් නිවේදනයේ නියමන් ක්‍රියාත්මක වන්නේ දැයි මෙම 5 වැනිදා දිවයින පුරා වැටලීම් ආරම්භ කළ බවත් මෙම බේකරි සහ වෙළෙඳසැල් 453 මේ දක්වා කළ වැටලීම්වලදී හදුනාගත් බවත් එම අධිකාරිය කීය. සියලුම බේකරි සහ වෙළෙඳසල්වල විකිණීමට ප්‍රදර්ශනය කර ඇති පාන්වල බර සහ මිල පැහැදිලිව ප්‍රදර්ශනය කර තැබිය යුතු අතර පාරිභෝගිකයෙක් පාන්වල බර මැනීමට ඉල්ලූ විට ඒ සදහා කිරුම් මිනුම් ආයතනයේ ප්‍රමිති සහතික ලත් තරාදියක් බේකරි සහ වෙළෙඳසල් තුළ තිබිය යුතු බව ද එම…

Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු සඳහා යහපාලන ආණ්ඩු සමයේ සිට ලබා දුන් සියයට 15ක පොලී අනුපාතය සියයට නවය,දහය මට්ටමකට අඩුකිරීමෙන් වැඩිහිටි පරපුර දැඩි අසීරුතාවකට පත්ව සිටින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. මෙලෙස ලැබෙන සොච්චම් පොලියටත් සියයට පහක බද්දක් අය කරන බව කී මන්ත්‍රීවරයා එය ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ ක්‍රියාවක් බව සඳහන් කළේය. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ජීවිත කාලය පුරාම උපයා ගත් මුදල් ඔවුන් බැංකුවක තැන්පත් කරන්නේ දරුවන්ට බරක් නොවී බේත් හේත් ලබා ගැනීමට බවද මන්ත්‍රීවරයා කීය. ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය අඩුකර ලැබෙන පොලියටත් යලි සියයට පහක බද්දක් ගහනවා නම් ඔවුන් ජීවනෝපාය ගෙනයන්නේ කෙසේදැයි…

Read More