Author: LANKA24X7

කොලොම්බියාවේ ගුවන් හමුදා පුහුණුවක් අතරතුර ගුවන් යානා දෙකක් අහසේ දී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ටී 27 ටුකානෝ වර්ගයේ යානා එකිනෙක ගැටී සිදුවූ අනතුරින් මියගොස් ඇත්තේ ගුවන් හමුදා ගුවන් නියමුවෙකි

Read More

ලබන 4 වන අඟහරුවාදා සිට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය වීමට නියමිතව තිබේ. එම සමාගමේ ප්‍රකාශකයෙකු පැවසුවේ පසුගිය මාසයේ සිදුවූ සංශෝධනයේදී මෙන්ම මෙවර ද ගෑස් මිල අඩුවීමක් සිදුවන බවය. ලිට්‍රෝ සමාගම පසුගිය මස 4 වැනිදා සිදුකළ මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452කින් අඩු කෙරුණි. ඒ අනුව එහි මිල මේ වන විට දැක්වෙන්නේ රුපියල් 3,186ක් ලෙසය. කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,281ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 598ක් ලෙසත් දැක්වේ. ඉදිරියේ දී මිල සංශෝධනයක් සිදුවිය හැකි බවට ලාෆ් ගෑස් සමාගම ද පසුගිය දා ප්‍රකාශ කළ නමුත් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් නිවේදනය…

Read More

තේ මිල අනපේක්ෂිත ලෙස, විශාල වශයෙන් අඩු වී ඇතැයි තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා පවසයි. රුපියලේ අගය ඉහළ යාමත් ,තේ සැපයුම වැඩිවීම සහ නිෂ්පාදන මිල ගණන් ඉහළ යාමත් ඊට බලපා ඇතැයි ඔහු කීවේය. සාමාන්‍ය තේ කිලෝවක් මිල රුපියල් 1,500ක් පමණ වුවද එය මේ වන විට රුපියල් 1000 පමණ දක්වා අඩු වී ඇතැයි ද හෙතෙම කීවේය. තේ කර්මාන්තය පවත්වාගෙන යාමට එය බරපතළ ගැටලුවක් වී ඇතැයි කියති. රුපියල් 250 ,260, 270 ආදි වශයෙන් පැවැති අමු තේ දළු කිලෝවක මිල මේ වන විට රුපියල් 165ක් පමණ දක්වා අඩුවී ඇත.

Read More

තායිලන්තය විසින් මීට වසර 22 කට පමණ පෙර ශ්‍රී ලංකාවට ලබා දුන් “මුතු රාජා ” නොහොත් ” සක්සුරින් ” හස්තියා යළි තායිලන්තය වෙත රැගෙන යාම සදහා දින අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළට රැගෙන විත් තිබේ. එම හස්තියා මෙතෙක් රදවා සිටි දෙහිවල සත්වෝද්‍යානයෙන් රැගෙන පිටත්වූ එම විශේෂ රථය ඉතා සෙමින් සෙමින් , හස්තියා අපහසුතාවට පත් නොවන ආකාරයට අද දින අලුයම 12.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබුණි. මෙම ඇතා ඇතුළත් විශේෂ කූඩුව, ඔහු තායිලන්තය වෙත රැගෙන යාමට නියමිත රුසියානු ” ඉලුෂියන් – 76 ” ගුවන් යානයට පැටවීම ආරම්භ කර තිබේ. මෙම ගුවන් යානය අද…

Read More

ආණ්ඩුවේ තනතුරු දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ඊට සම්බන්ධ වී ඇති බවද දැනගන්නට තිබේ. එම පිරිස පසු ගිය මාස කීපයේ වරින්වර රැස්වී එම නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද වාර්තා වේ.

Read More

ආබාධිත, වැඩිහිටි සහ රෝගී ජනතාව සඳහා සහන ලබාදෙන ලේඛනය ලබන සතියේ ප්‍රසිද්ධියට පත්කරන බව රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ අස්වැසුම නාම ලේඛනය සම්බන්ධයෙන් මේ දක්වා අභියාචනා හෝ පැමිණිලි සිදුනොකළේ නම් තවදුරටත් ඒ සඳහා කාලය පවතින බවය. මේ අතර අභියාචනා සම්බන්ධයෙන් සෑහිමකට පත් නොවන්නේනම් එහි පිටපතක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමුකරන ලෙස ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසුවේ වෙනත් පාර්ශවවල අවශ්‍යතාවයට ජනතාව විරෝධතා සඳහා ඉදිරිපත් නොවිය යුතු බවය.

Read More

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවය. දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 වැඩි තරමක තද වැසි ද ඇතිවේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…

Read More

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක බස්රථයක් ගිනිගැනීමට ලක්වීමෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු 26 දෙනෙකු මියගොස් තවත් 08දෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ පුද්ගලයින් 33 දෙනෙකු සමග පූනේ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් අද (01) අළුයම මෙලෙස ගිනිගෙන ඇති බවය. අධිවේගී මාර්ගයේ කණුවක ගැටීමෙන් බස් රථය පෙරළී ගොස් ගිනිගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අනතුරින් දිවි ගලවාගත් බස් රථයේ රියදුරා පවසා ඇත්තේ ටයරය පුපුරා යාමෙන් පසු බස්රථය කණුවක ගැටුණු බවය. බස් රථ රියදුරු ඇතුළු තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමුකර තිබුණි.

Read More

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. මෙරට වේලාවෙන් අද (01) දහවල් 12.59ට ඉන්දියන් සාගරයේ කිලෝමීටර් 1,260ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ මෙම භූ කම්පනය හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය පැවසීය. රිච්ටර් මාපකයේ ඒකක 5.8ක් ලෙස සටහන්වී ඇති භූ කම්පනය මෙරට ප්‍රදේශ කිහිපයකට දැනී ඇති බවද සඳහන්ය. ඒ අනුව කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට භූ කම්පනය දැනී ඇති බව අද දෙරණ වාර්තාකරුවන් පැවසීය. කෙසේවෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය පැවසීය.

Read More

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ සියලුම වර්ගවලට අයත් මත්පැන්වල බෝතලයක මිල රුපියල් 300කින් ඉහළ දමා ඇති බවය. ඊට අමතරව බියර් වර්ගවල මිල ද එකක් රුපියල් 50කින් ඉහළ දමා තිබේ.

Read More