Author: LANKA24X7

පළාත් පාලන මැතිවරණය සඳහා බලයලත් නියෝජිතයින් පත්කිරීම අද (15) දිනය තුළ අවසන් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂ වෙත දැනුම් දී තිබේ. අදාළ පත්කිරීම් තේරීම්භාර නිලධාරීන් වෙත යොමුකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේය. මේ අතර පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ 20ක් පමණ මේ වන විටත් ඇප මුදල් තැන්පත් කර ඇත. ඇතැම් පක්ෂ බොහෝ දිස්ත්‍රික්කවල සියලුම පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වේ. මේ අතර කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරය සඳහා සමගි බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර…

Read More

හින්දු භක්තිකයින් සමරනු ලබන අස්වනු නෙලීමේ උත්සවය හෙවත් තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ. ආගමික සහ සංස්කෘතික වශයෙන් මෙන්ම සමාජයීය වශයෙන් ද ඉතා වැදගත් උත්සවයක් ලෙස ඔවුන් තෛපොංගල් උත්සවය සලකයි. ගොවිජනතාව වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ලබාගත් අස්වනු සඳහා ස්වභාවධර්මයාට කෘතඥතාව පළකරමින් සූර්ය දෙවියන්ට සිය අස්වනු පූජා කිරීම මෙම උත්සවයේදී සිදුකරනු ලබයි. එමෙන්ම තෛපොංගල් උත්සවය සැමරීම සඳහා කඳුකරයේ ජනතාව මෙවර ඉතා උනන්දුවක් දක්වන බව “අද දෙරණ” වාර්තාකරුවන් සඳහන් කළේය. මේ අතර තෛපොංගල් උත්සවය වෙනුවෙන් අද දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දී තිබේ.

Read More

පළාත් පාලන මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ සදහා පළාත් පාලන ආයතන 19 සදහා පොදුජන පෙරමුණ පක්ෂය ඇප මුදල් තැන්පත් කිරීම එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්, ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ සහකාර කොමසාරිස් කාර්යාලයේදී ඊයේ සවස සිදු කෙරිණි. ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා සදහන් කර සිටියේ , ගම්පහ දිස්ත්‍රික්කයට ඇප මුදල් තැන්පත් කිරීමත් සමග දිවයිනෙහි පොදුජන පෙරමුණ තරඟ කරන සියලුම පළාත් පාලන ආයතන සියල්ල වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අවසන් බවත් මෙම ආයතන සියල්ලෙහිම ජයග්‍රහණය නියත බවත්ය. මැතිවරණය නොපැවැත්වෙන බවට ඇතැම් දේශපාලන පක්ෂ ප්‍රකාශ කරන තත්ත්වයත් , විදුලිබිල සහ බදු වැඩි කිරීම මෙන්ම…

Read More

දේශීය සම්පත්වලින් විදේශ විනිමය උපයා ගත හැකි නව ක්‍රමවේදයන් සොයා බැලීම සඳහා හොඳම සහ සුදුසුම වේදිකාව ආර්ථික අර්බුදය විසින් නිර්මාණය කර දී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙවැනි පසුබිමක් නැවත රට තුළ නිර්මාණය නොවනු ඇතැ බවයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ 110 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා (12) මේ බව පැවැසීය. උත්සවය රාජගිරිය, සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි. “අපට තියෙන ලොකුම ගැටලුව විනිමය හිඟයයි. මේකට විසඳුමක් විදියට දේශීය මද්‍යසාර අපනයනය ගැන අපි අවධානය යොමු කරමු කියල යෝජනා කළා. දැනට දේශීය මද්‍යසාර ලෝකයේ රටවල් 35කට විතර අපනයනය කරනවා. 2021 වසරේ දී දේශීය මද්‍යසාර…

Read More

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජපානය සමග පැවති සාකච්ඡා මේ වනවිට අවසන්ව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, චීන EXIM බැංකුව මේ සතිය තුළ සාකච්ඡා පැවැත්වූ බවය. මේ අතර, ඔවුන් සමග අදහස් හුවමාරු කරගනිමින් සිටින බවද සඳහන් කළ ජනාධිපතිවරයා, ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා මේ මස 19 වනදා ලංකාවට පැමිණීමට නියමිත බව ද සඳහන් කර ඇත. ඔවුන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා කරන බවත් පියවරෙන් පියවර එම කටයුතු ඉදිරියට සිදුකෙරෙන බවත් ඒ අනුව මෙම සාකච්ඡා අවසන් වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.7ක් වාරික ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය. වෘත්තීය සමිති නියෝජිතයන් සමග (13) පස්වරුවේ…

Read More

දින තුනහමාරකට පමණක් ප්‍රමාණවත් නැප්තා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදී තිබේ. මුදල් ගෙවීමකින් තොරව ලංකා විදුලිබල මණ්ඩලයට නැප්තා ලබා නොදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබුණ ද ඊයේ පස්වරු 6.30ට පමණ නැප්තා මෙට්‍රික් ටොන් 2,300 ක් ලබාදීමට කටයුතු කර තිබුණි. එය ප්‍රමාණවත් වන්නේ දින තුනහමාරකට පමණක් බව ලංකා විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරුවරුන් සඳහන් කළේය. ඉංජිනේරුවරුන් පෙන්වා දෙන්නේ නැප්තා ස්ථිරවම ලබාගැනීමේ වැඩපිළි‍වෙළක් නොමැති වුවහොත් එළැඹෙන 17 වනදායින් පසු කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අක්‍රිය කිරීමට සිදුවන බවය. නැප්තා ලීටරයක පිරිවැය රුපියල් 82ක් වුවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලයට නැප්තා අලෙවි කරන්නේ රුපියල් 164කට බවද වාර්තා වේ.…

Read More

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් එවා තිබේ. එම ලිපිය මෙරට සංචාරයක නිරතවන චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂව් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දී තිබුණි. ඒ, ඊයේ (14) චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂව් මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වු අවස්ථාවේදීය. ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනයේ සහාය අපේක්ෂා කරන බවය.

Read More

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය වැඩිම වැලි ප්‍රමාණයක් සපයනු ලබන්නේ මහවැලි ගඟේ මනම්පිටිය වැලි සමාගමෙන් වන අතර ඔවුන් දිනකට වැලි ලොරි 500ක් පමණ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් සපයනු ලබයි. මෙහි වැලි කැනීම් කටයුතු භාරව සිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ ප්‍රාදේශීය කැනීම් ඉංජිනේරු ටෙක්ෂාන් ජයසිංහ මහතා දේශපාලන බලපෑමක් මත මඩකලපුව ප්‍රදේශයට මාරු කිරීමට විරෝධය පළ කරමින් මනම්පිටිය පාලම අසල පිහිටි භූ විද්‍යා සමීක්ෂණ කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විය. එම විරෝධතාවට මනම්පිටිය වැලි සමාගමට අයත් වැලි ටිපර් රථ රියදුරන්, වැලි ගොඩදමන්නන් සහ එහි සේවකයින් පිරිසක් එක් සිටී. විරෝධතාකරුවන් චෝදනා කරන්නේ, වත්මන් පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා නියෝජනය කරන මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔහුට හිතවත්…

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික්යේ පළාත් පාලන අයතන සඳහා නාමයෝජනා අත්සන් කිරීමේදී ඊයේ (14) උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. ඒ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා සහ කෑගල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා අතරය. අදාළ මතගැටුම හට ගත්තේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාට නාමයෝජනා ලබා නොදිම හේතුවෙනි. කේ.ජී පියතිස්ස, “ඔයාගෙන් ඕන නැහැ මට…” ඉඳුනිල් ශාන්ත, “ඔයා ඉල්ලනවා නම් මං ඉල්ලන්නෙත් නැහැ…” කේ.ජී පියතිස්ස, “ඉල්ලලා බලමුකොලමුකෝ… තමුසෙට වැඩිය වියදම් කරලා තියෙනවා පක්ෂෙ ගොඩගන්න…” ඉඳුනිල් ශාන්ත, “තමුසෙ මාධ්‍යයට පේන්න… මොනවද කරලා තියෙන්නෙ…” කේ.ජී පියතිස්ස, “තෝ වගේ හිටියොත් පොහොට්ටුවත් නැති වෙනවා.” මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී අදත් සිදුකෙරුණි.

Read More

දකුණ, සබරගමුව, ඌව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර පළාතේත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

Read More