Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වත්මන් ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. පසුගිය වසරේ ඔක්තෝබර් සහ මෙම වසරේ පෙබරවාරි මසට සාපේක්ෂව පසුගිය ජූනි මස වත්මන් ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය දෙගුණයකින් වර්ධනය වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී ඇත. වෙරිටේ රිසර්ච් ආයතනය විසින් කරන ලද ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ පසුගිය ජූනි මස ප්‍රතිඵලවලට අනුව, වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය පිළිබඳ ජනතා අනුමැතිය සියයට 21 ක් දක්වා වර්ධනය වී ඇතැයි එම ආයතනය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. පසුගිය වසරේ ඔක්තෝබර් මස සහ මෙම වසරේ පෙබරවාරි මස වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය පිළිබඳ ජනතා අනුමැතිය සියයට 10 ක්…
මෙරට ජල සම්පාදන ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ මෙහෙයුම් වැඩසටහන මෙන්ම ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ ධාරිතාව ඉහල නංවා ගැනීමේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය දැනුම හා තාක්ෂණික සහාය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළ කර ඇත. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික දූත මණ්ඩල අධ්‍යක්ෂ ටකෆුමි කඩොනො මහතා (Takafumi kadono) අතර ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙරට ජල සම්පාදන ක්ෂේත්‍රයේ සැලසුම්, අධීක්ෂණ රාමුව සහ ඊට අදාලව ගෙන ඇති ඉදිරි පියවර පිළිබඳ එහිදී පුළුල් ලෙස විමසා බැලිණි. මෙම කටයුතුවල ප්‍රගතිය මාසිකව සමාලෝචනය…
පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරුන් නැවත කැඳවීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් දෙකක් ඉදිරිපත් කළ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඊයේ (5) පෙරවරුවේ ඇතිවිය. කැටගොඩ මහතා මෙසේ ඉදිරිපත් කළේ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙටුම්පත සහ නගර සභා සංශෝධන යන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත්ය. මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා එම යෝජනා ස්ථිර කළේය. මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය. පළාත් පාලන මැතිවරණය පවත්වන්න ඕන. ඒත් රජය මුදල් නැහැ කියලා කල් දැම්මා. දැන් කපුටගේ ඉල්ලීමක් මත…
කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී ඇසේ ශල්‍ය කර්මයක් කළ සිට 35 හැවිරිදි දෙදරු මවක ශල්‍ය කර්මයෙන් පසු සිහිය නොලබාම මියගොස් ඇතැයි කොළඹ අක්ෂි රෝහලෙන් වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ කොස්ගොඩ බොරලුකැටිය දකුණ පදිංචි එච්.ජී. හිමාලි ප්‍රියදර්ශනී වීරසිංහ නමැති දෙදරු මවකි. මියගිය කත මිට පෙර කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් ඇසට කාචයක් දමාගෙන ඇති අතර ශල්‍ය කර්මය කළ අගේ ඇසේ ඇතිවූ අසාත්මික තාවයක් හේතුවෙන් ඇය යළි පසුගිය (4) අක්ෂි රෝහලේ වෛද්‍යවරුන්ට පෙන්වා ඇත එහිදී වෛද්‍යවරුන්ගේ නියමයකට අනුව යළි එම ඇසේ ශල්‍ය කර්මයක් කිරීමට එදිනම රෝහලට ඇතුළත් වී ඇති අතර ඇයට පෙරේදා (5) දින ශල්‍යකර්මයකට භාජනය කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. එසේ…
ජුනි මාසයේ ICCයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා යෝජිත නම් අතරට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග නිර්දේශ වී තිබේ. එක් එක් මාසය තුළ ක්‍රීඩකයින් විසින් දක්වන දක්ෂතා සැලකිල්ලට ගනිමින් ICC ය විසින් එම මාසයේ දක්ෂතම ක්‍රීඩකයා ප්‍රකාශයට පත් කිරීම සිදුකරයි. වනිඳු හසරංගට අමතරව සිම්බාබ්වේ ක්‍රීඩක Sean Williams සහ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Travis Head ජුනි මාසය සඳහා නිර්දේශිත සෙසු නම් අතරට ඇතුළත්ව තිබේ. සිම්බාබ්වේහිදී පැවැත්වෙන ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ දී දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් වනිඳු මෙලෙස දක්ෂතම ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත නාමයන් අතරට ඇතුළත් වී තිබේ. එම තරගාවලියේ වැඩිම කඩුළු ලාභියා වෙමින් ඔහු විසින් බිඳ හෙළා ඇති කඩුළු සංඛ්‍යාව…
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් සියලුම පාසැල් අද සහ හෙට එනම් ජුලි මස හය සහ හත දෙදින වසා තැබීමට තීරණය කෙරුණි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වයක් පවතින පසුබිමක හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන සියළුම පාසල් ඊයේ දිනයේද වසා තැබුණි.
sinhala.adaderana.lk Logo ENGLISH தமிழ் 4MMC මත්ද්‍රව්‍ය සමග තිදෙනෙක් අත්අඩංගුවට 4MMC මත්ද්‍රව්‍ය සමග තිදෙනෙක් අත්අඩංගුවට July 5, 2023 08:05 pm මෙරටදී පළමුවරට හමුවී ඇති 4MMC නමැති මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය එම වැටලීම සිදුකර ඇති අතර එහිදී අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 115කි. පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සඳහන් කළේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කෝටිපති ව්‍යාපාරිකයා, කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු සහ තවත් පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය. මෙරටදී පළමුවරට හඳුනාගත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මාලදිවයින සහ ඩුබායි සිට මෙහෙයවන බවට සැක කෙරේ. මොරටුව සමන්පුර ප්‍රදේශයේ අති සුඛෝපභෝගී තෙමහල් නිවසක ජාත්‍යන්තරය හා සම්බන්ධ…
sinhala.adaderana.lk Logo ENGLISH தமிழ் මුතුරාජා ගැන තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට පණිවුඩයක් මුතුරාජා ගැන තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට පණිවුඩයක් July 5, 2023 07:12 pm මුතුරාජා හස්තියා යළි ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. මෙරට නායක ස්වාමීන් වහන්සේ නමක් හස්තියා යළි ලබාදෙන්නැයි කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මුතුරාජා නැතහොත් සක් සුරින් තායි රජුගේ භාරයට ගැනීම හේතුවෙන් ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමට පවා නොහැකි බවය. තායිලන්ත රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට හිමිව වසර විසිදෙකක් මෙරට රැඳී සිටි මුතුරාජා හස්තියා පසුගිය 02 වැනිදා තායිලන්තයට රැගෙන යාමට එරට රජය පියවර ගත්තේය. ඒ අසනීප…
අධි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදට (03) යෙදී තිබේ. මෙම වර්ෂය අධික අවුරුද්දක් වන බැවින් ඇසළ පොහොය ලබන මස 01 වන දිනට යෙදී ඇති අතර අද දිනයේ අධි ඇසළ පොහොය ලෙස සැළකේ. බෝසතාණන් වහන්සේ මහමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම සිදුවුයේ ඇසළ පුර පසළොස්වක පොහො දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. සිදුහත් කුමරු සතර පෙර නිමිති දැක ගිහිගෙය කලකිරි මහා අභිනිෂ්ක්‍රමණය කළේ ද ඇසළ පුන් පොහෝ දිනකය. බුදුරාජාණන් වහන්සේගේ සිය මංගල ධර්ම දේශනය මෙන්ම සංඝ ශාසනයේ ආරම්භය සිදුවුයේ ද ඇසළ පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. අදට යෙදී ඇති අධි ඇසළ පුර පසළොස්වක පොහොය දිනය සම්බන්ධයෙන් පැහැදිලි කරන රාජකීය…
sinhala.adaderana.lk Logo ENGLISH தமிழ் යෝජනාවට නාමල් ඡන්දය නොදුන් හේතුව හෙළිවෙයි යෝජනාවට නාමල් ඡන්දය නොදුන් හේතුව හෙළිවෙයි July 2, 2023 06:46 pm දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සම්බන්ධ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඊයේ දින පැවති අතර එයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධ වුයේ නැත. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, රටක් ගොඩනැඟීමට ගන්නා වූ තීන්දු තීරණ ජනතාවාදී විය යුතු බවය. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, “මේ රටේ ආර්ථිකය ගොඩනඟන්න අවශ්‍ය තීන්දු තීරණ ගන්න ඕනේ. ඒ ගන්න තීන්දු තීරණ ජනතාවාදී තීන්දු තීරණ බවට පරිවර්තනය කිරීම තමා ආදරණීය අම්මේ, තාත්තේ පොදුජන පෙරමුණේ වගකීම. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරාට කමක් නෑ. එය සාධාරණ විය…