Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ආගමික දර්ශනවාදී දේශන පවත්වා මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ අවමංගල උත්සවයට සහභාගි වු බව කියන දිඹුලාගල සිරිපුර පදිංචි, 26 වියති එක්දරු පියකු වස ශරිරගත වීමෙන්කි දෙහිඅත්තකන්ඩිය රෝහලට ඇතුළත් කර ඇති බව සිරිපුර පොලිසිය කියයි. ඔහු සමග ඇගේ බිරිද ද ආගමික දර්ශනවාදි දේශන පැවැත්වු රුවන් ප්‍රසන්න ගුණරත්න මහතාගේ අවමංගල කටයුතු සඳහා ගොස් ඇති අතර එම ගමනට නුවරගල ප්‍රදේශයේ පස්දෙනෙකු පමණ සහභාගී වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පරීක්‍ෂණ සිදුකරන පොලිසිය සඳහන් කරයි. වස ශරීර ගත වී දෙහිඅත්තකන්ඩිය රෝහලේ අසාධ්‍යව ප්‍රතිකාර ලබන පුද්ගලයා දේශනවලට සහභාගි වූවා ද නැද්ද යන්න මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකී වු බවත්, අවමංගල කටයුතුවලට සහභාගි වූ…
උතුරු, උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස 2.00 පමණ පසු තැනින් තැනට තද වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග තද සුළං සහ අකුණු ඇති විය හැකි බව ද දැනුම් දෙයි
පසුගිය වසරේ ඔක්තෝබර් මාස සියයට 18 කින් ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් සියයට 50 ක් පමණ හැකි ඉක්මණින් අඩු කරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා අද (4) පැවසීය. පසුගිය මාස තුනක කාලය තුළ අඛණ්ඩව ලැබුණු වාර්ෂාවේ වාසිය ජනතාවට දීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව ජලයෙන් විදුලිය ජනනය කිරීමෙන් ලැබූ ලාභය අනිවාර්යෙන් මහජනතාවට ලැබිය යුතු යන තීරණයේ ලංකා විදුලිබල මණ්ඩලය සිටින බවත් ඒ මහතා කීය. විදුලි ගාස්තු අඩුකිරීමේ යෝජනාව මේ මස 15 වැනිදාට පෙර මහජන උපයෝගිතා කොමිසමට යොමු කරන බවත් ඒ මහතා සඳහන් කළේය. විදුලිබල මණ්ඩලයේ පසුගිය වසරේ අවසන් ගිණුම් වාර්තාවල අන්තර් ගිණුම් වාර්තාක් මේ වන…
නව විදුලි පනත හරහා මහා විදුලි අර්බුදයක් නිර්මාණය කරන බවට සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. පසුගිය දෙසැම්බර් මස 19 වනදා අමාත්‍යවරයා විසින් මන්ත්‍රීවරයා වෙත යොමුකර ඇති ලිපියට පිළිතුරු ලබාදෙමින් විමල් වීරවංශ මහතා මෙම ලිපිය යොමුකර තිබේ. මේ හරහා මහජනයාට ද ඉතා අධික විදුලි පිරිවැයක් දැරීමට සිදුවන බවත් රටේ බලශක්ති සුරක්ෂිතතාව ද අනතුරට ලක්වනු ඇති බවත් විමල් වීරවංශ මහතා සිය ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබේ. ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දිනයේ අදාළ රැඳවියා මියගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මියගිය රැඳවියා මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය වසරේ දෙසැම්බර් 16 වන දින බන්ධනාගාර ගතවූ අයෙකු බව ද සඳහන් වෙයි. අදාළ රැඳවියා රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණි. මියගිය රැඳවියා 29 හැවිරිදි කොට්ටවගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. පසුගිය සතිය තුළ මාතර බන්ධනාගාරයේ ද උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණි. මේ අතර බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක්…
මාස 6ත් 9ත් අතර වයස්වල පසුවන දරුවන් සඳහා අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ ලබන 06 වන දින තෝරාගත් දිස්ත්‍රික් 9ක් ආවරණය වන පරිදි එම වැඩසටහන ආරම්භ කරන බවය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ, “කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතර, ගාල්ල, කල්මුණේ කියන ප්‍රදේශ 09 මූලික කරගෙන මෙම එන්නත් වැඩසටහන දියත් කෙරෙනවා. අඩු වයසේ දරුවෙකුට සරම්ප හැදුණොත් දිගුකාලීන සංකූලතාවලට යන්න පුළුවන්. මේක අමතර එන්නත් මාත්‍රාවක්. වයස සම්පූර්ණ වෙනකොට නියමිත එන්නත් මාත්‍රාව අනිවාර්යයෙන්ම ලබාගත යුතුයි.”
තීරු බදු සහිතව මෙරටට ගෙන්වන ලද දුරකථන තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩ මීගමු පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 හා 43 වයස්වල පසුවන කොළඹ 12 සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තීරු බදු නොගෙවා මෙරට ගෙන්වූ ජංගම දුරකථන 323ක් හා සැකකරුවන් පැමිණි වෑන් රථයද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් පෑලියගොඩ මූලස්ථාන පොලිසියට භාර දී ඇත.
වැලිසර නාවික හමුදා කඳවුරේ අවිභාවිතය හා වෙඩි තැබීමේ පුහුණුවකට සහභාගීවීමට සිටි කෝටිපති ව්‍යාපාරිකයකු කොළඹ 7 කින්සිපාර නිවස තුළදී වෙඩි වැදී තුවාල ලබා ඇතැයි කුරුඳුවත්ත පොලිසිය කියයි. තුවාල ලද 39 හැවිරිදි ව්‍යාපාරිකයා ප්‍රතිකාර සඳහා ජාතික රෝහල වෙත ඇතුළත්ව ඇත. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු රෝහල වෙත ඇතුළත්ව ඇති බවට ජාතික රෝහලේ පොලිස් මුරපොළ මගින් පොලිසිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන කටයුතු සිදු කළ බව පොලිසියේ සඳහන් කරයි. තුවාල ලද ව්‍යාපාරිකයා වැලිසර නාවික හමුදා කඳවුරේ පුහුණුවකට සහභාගි වීමට නියමිතව තිබී ඇති අතර ඒ සඳහා ඔහුට අයත් නයින් එම් එම් වර්ගයේ ගිනි අවිය රැගෙන පිරිසිදු කරන අවස්ථාවේදී අත් වැරදිමකින් එය…
විදුලි බල සැපයුම, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. වරාය ඇතුළත වූ ක්‍රියාවලියන් ආහාර හෝ පාන ද්‍රව්‍යයන් හෝ රට අඟුරු, තෙල් හෝ ඉන්ධන හෝ වෙනත් ගොඩ බෑම, ගෙන යාම ගබඩා කිරීම බාරදීම ,ගුවන් තොටුපළ ,වරාය ඇතුළු ගුවන් මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම හා පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය සේවා බවට නම් කරන බව එම අතිවිශේෂ ගැසට් නිවේදනය සඳහන් වේ. ජනවාරි තුන්වෙනිදා සිට බල පවත්වන පරිදි මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඉරානයේ බෝම්බ පිපිරීම් දෙකකින් 103 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. බෝම්බ පුපුරා ගියේ, ඇමෙරිකන් ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝතානය වූ ඉරාන විප්ලවීය හමුදා ජනරාල් කසීම් සුලෙයිමානීගේ ගුණ සැමරුමක්, දකුණුදිග කෙර්මාන් නුවර, ඔහුගේ සොහොන් ගැබ අභියස පැවැත්වෙද්දීය. කසීම් සුලෙයිමානීගේ සොහොන් ගැබ ඉදිකර ඇත්තේ ෂහේබ් අල් සාමාන් මුස්ලිම් පල්ලිය අසලය. එය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි ඉරානය චෝදනා කර තිබේ. ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් බාරගෙන නැත.
