Author: LANKA24X7

මේ වසරේ ගත වූ කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 5,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසයි. එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ, පසුගිය ජනවාරි පළමු වැනි දින සිට ජුලි 31 වන දින දක්වා කාලය තුළ පැමිණිලි 5,456ක් පමණ ලැබී ඇති බවය. ඒ අතර ළමුන් කෘෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1,296ක්, බරපතළ තුවාල සිදුකිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 163ක්, බරපතළ ලිංගික අපයෝජන සිදුකිරීම් සම්බන්ධව පැමිණිලි 242ක් ලැබී තිබේ. එමෙන්ම ළමුන් සිඟමනේ යෙදවීම සම්බන්ධයෙන් ද පැමිණිලි 196ක් ලැබී ඇති බව උදය කුමාර අමරසිංහ මහතා සඳහන් කළේය. වැඩි වශයෙන් ළමුන් සිඟමනට යෙදවීම සම්බන්ධයෙන් පැමිණිලි කොළඹ සහ නාගරික තදාසන්න…

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක් තද වැසිද ඇති විය හැකිය. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, වව්නියා සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා…

Read More

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 3යි ග්‍රෑම් 394ක් සමඟ පුද්ගලයෙකු උයිලන්කුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ මන්නාරම කඳවුරේ උතුරු පළාත් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්ය. අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී තිබේ.

Read More

මහනුවර දළදා පෙරහරට රැගෙන ආ මැණික්හින්නේ ඇතෙක් මහනුවර විෂ්ණු දේවාල පරිශ්‍රයේ ඇති ඉපැරණි අම්බලමක් කඩා විනාශ කර ඇතැයි පොලිසිය කියයි. ඇත්ගොව්වා ළඟ නොසිටි අවස්ථාවක මෙම ඇතා කලබලකාරි ලෙස හැදිරෙමින් පැරණි ඉම්බලමට පහරදී ඇත. අම්බලම කඩා වැටෙද්දී එහි උළු කැටයක් වැදි 16 හැවිරිදි පිරිමි දරුවකු ද තුවාල ලබා ඇත.

Read More

විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් මෙරට චීන වාණිජ මණ්ඩලයේ බලශක්ති ක්ෂේත්‍රයේ සමාගම්වල නියෝජිත පිරිස දැනුවත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. මෙරට චීන තානාපති කාර්යාලයේ ඉල්ලීමකට අනුව කළ දැනුවත් කිරීමේදී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘති, තෙල් සහ ගෑස් ගවේෂණය, නව පිරිපහදු, ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව රජයේ ප්‍රතිපත්ති සහ ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා සදහන් කළේය. මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ නිළධාරීන්, විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය, විදුලිබල මණ්ඩලය, ලෙකෝ ආයතනය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ඛණිජ තෙල් සංස්ථාව, ඛණිජ තෙල් ගබඩා පර්යන්තය, ඛණිජ සංවර්ධන අධිකාරිය නියෝජනය කරන නිළධාරීනිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ. එම දැනුවත්…

Read More

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් සිව් දෙනෙක් ආබාධයන් හේතුවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තේය. වේග පන්දු යවන්නන් වන ළහිරු කුමාර සහ ඩිල්ෂාන් මධුසංඛ ද සංචිතයෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා එක්දින සංචිතය: දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් (උපනායක), චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, කසුන් රාජිත, දුෂාන් හේමන්ත, බිනුර ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන්.

Read More

ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරය දැරූ සමයේදී රාජ්‍ය තාන්ත්‍රිකයන් ලැබුණු ත්‍යාග විකුණා මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා වලට වරදකරු වීම හේතුවෙන් ඔහුට නියම වූ වසර තුනක සිර දඬුවම ඉස්ලාමාබාද් මහාධිකරණය අත් හිටුවා තිබේ.ඔහුගේ නීතිඥවරුන් මහාධිකරණයේ ගොනු කළ අභියාචනය සළකා බැලූ අවස්ථාවේදී ඉස්ලාමාබාද් මහාධිකරණය මෙම නියෝගය ලබා දී ඇත. කෙසේ නමුත් රාජ්‍ය නිල රහස් පනත යටතේ ඉම්රාන් ඛාන්ට සහ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයාට එරෙහිව නඩුව විභාග කිරීම සඳහා පිහිටුවා ඇති විශේෂ අධිකරණය ඇටොක් බන්ධනාගාර නිලධාරීන්ට දන්වා ඇත්තේ අද (30) පැවැත්වෙන එම නඩුවේ නඩු වාරය සඳහා ඉම්රාන් ඛාන් බන්ධනාගාරයේ රඳවා තබා ගනිමින් ඉදිරිපත් කරන ලෙසයි. නමුත් තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය නිවේදනයක්…

Read More

කතරගම කඳසුරිදු ගම ප්‍රදේශයේ පිහිටි නිවසක් ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු ඉලක්ක කර අද සවස 4.00 පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල කළේ යැයි කියන ඇමති ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු වෙඩි තැබීමට යොදා ගත් බව කියන ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවිය ද සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය පවසයි. මෙම ගිනි අවියට අමතරව එම ගිනි අවියේ මැගසින් හතරක් සහ ජීව උණ්ඩ 128 ද සැකකාර පොලිස් කොස්තාපල්වරයා ළඟ තිබී පොලිස් භාරයට ගෙන ඇත. වෙඩි ප්‍රහාරය එල්ල වනවා සමගම නිවස ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයන් දෙදෙනා පලා ගොස් නූලෙන් දිවි බේරාගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි. පුද්ගලික අමනාපයක් මත මෙම වෙඩි…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛ අනුනායක හිමිවරුන් මහනුවර දී ඊයේ (29) පස්වරුවේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. පළමුව මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි බැහැදැක සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වූ අතර මහ නාහිමියෝ සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද කළහ. අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම මල්වතු අනුනා හිමි බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය. අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වරකාගොඩ ශ්‍රී ඥාණරතන අස්ගිරි මහා නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.ඓතිහාසික මුතියංගන රාජමහා විහාර භාරකාර, ආචාර්ය මුරුද්දෙණියේ ශ්‍රී ධම්මරතන නා හිමි ද එම…

Read More

බදුරලිය ප්‍රදේශයේ කණිෂ්ඨ විදුහලක කාර්යාල කාමරයේ ජනේලයක් කඩා ඇතුල්වී එහි තිබූ අගල් 40 ක රූපවාහිනී යන්ත්‍රයක්, ඈම්ප් එකක් සහ මල්ටි මීඩියා ප්‍රොජෙක්ටරයක් සොරකම් කල බවට සැකපිට එම විද්‍යාලයේම ගුරුවරයකු අත්අඩංගුවට ගත්බව බදුරලිය පොලිසිය පවසයි ඉකුත් ජුනි 12 දා බදුරලිය කෙලින්කන්ද කණිෂ්ඨ විදුහලේ සොරකම සිදුකර ඇති බවත් දීර්ඝ විමර්ශන වලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කීය. බුලත්සිංහල , පාඩගලකන්ද අමරගෙදර ප්‍රදේශයේ පදිංචි 37 හැව්රිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.

Read More