Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ආපනශාලා ආහාරපානවල මිල ගණන් ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. ආහාරවල නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළයෑම නිසා සියලුම ආහාරපානවල මිල ගණන් මෙලෙස වැඩි කිරීමට තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති හර්ෂණ රූක්ෂාන් මහතා පැවසීය. ඒ අනුව, ප්ලේන්ටි එකක මිල රුපියල් 5කින්ද, කිරි තේ එකක මිල රුපියල් 10කින්ද කෑම (රයිස් ඇන්ඩ් කරී) එකක මිල රුපියල් 25කින්ද ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු එකක මිල රුපියල් 50 කින්ද වශයෙන් මිල ඉහළ යනු ඇත.
ගංවතුරින් හානිවු කුඹුරු වගා හානි සදහා රජයෙන් ලබා දෙන වන්දි මුදල් මෙතෙක් නොලැබුණැයි පවසමි පොලොන්නරුව දිවුලාන ගොවිහු පිරිසක් විරෝධතාවක නිරත වූහ. ඔවුන් කුඹුරු මේවර මහ කන්නයට වගා කළ අතර පැවති අධික වර්ෂාව නිසා එම කුඹුරු විනාශයට පත්විය. විනාශ වු වගාවන්ට වන්දි මුදල් ලබා දෙන බව කෘෂිකර්ම ඇමති කීවත් තවම ඔවුන්ට සාදාරණ වන්දි මුදලක් ලැබි නොමැති බවත් අක්කරයට රුපියල් පනස්දාහක් වත් අවශ්‍ය බව පොලොන්නරුව දිවුලාන ප්‍රදේශයේ ගොවින් පවසනවා මෙම ගොවි විරෝධතාවය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගොවි ජාතික සමුළුව විසින් සංවිධානය කර තිබුනා
බස්නාහිර පළාතේ රජයේ පාසල්වල වාර විභාගය අත්හිටුවීමට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම විභාගය ඉංග්‍රීසි සහ ගණිතය ප්‍රශ්න පත්‍ර පැවැත්වීමට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පිටවීම හේතුවෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ පියවර ගෙන ඇති අතර මෙම සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවද බස් හයට පළාත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඉන්ධන බෙදුම්කරුවන්ගේ මාසික වට්ටම් මුදලින් සියයට 35 ක් මාසික පරිහරණ ගාස්තුවක් ලෙස මෙම 4 වැනිදා සිට අයකර ගැනීමට ලංකා ඛනිජතෙල් සංස්ථාව තීරණය කර ඇති බවත් එම තීරණයට විරුද්ධව සංස්ථා පාලිත ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය දැඩි පියවරක් ගන්නා බවත් සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගේ සංගමය පැවසීය. සංස්ථාව විසින් මාසික පරිහරණ ගාස්තුව ලෙස සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගෙන් දැනටමත් වට්ටම් මුදලින් සියයට 0.25 ක් අයකරන බවත් සංස්ථාව මඟින් ඔවුන්ගේ සියලුම වියදම් හා ලාභ ප්‍රතිශතයක් එක් කර බෙදුම්කරුවන් වෙත දෙන ඉන්ධන, ඔවුන් ප්‍රකාශ කරන මුදලට විකුණා ලබන ඉතා කුඩා ලාභ ප්‍රතිශතයෙන් තවත් සියයට 2.75 ක කොටසක් ලබාගැනීමට උත්සාහ කිරීම හෙළා දකින බවත් එම සංගමය කීය.
යුක්තිය මෙහෙයුම වඩාත් කාර්යක්ෂම ව හා ශක්තිමත් ව ඉදිරියට ගෙන යන බව පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතා අවධාරණය කර තිබේ. අද (02) මහනුවර දී දළදා සමිඳු වැඳ පුදා ගැනීමෙන් අනතුරු ව ඒ මහතා මෙම අදහස් පළ කර ඇත. අපරාධකරුවන්, ජාවාරම්කරුවන් සහ පාතාලය සම්පූර්ණයෙන්ම මර්දනය කර නොමැති බවත් ඉතා කෙටි කාලයකින් සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා බවත් පොලිස්පතිවරයා සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ලබන සතියේ දී පිහිටුවීමට පියවර ගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (01) රැස්වීමෙන් අනතුරු ව මාධ්‍යය වෙත අදහස් දක්මිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මන්ත්‍රීවරයා සඳහන් කළේ, පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව මේ වන විට සංශෝධනය කර ඇති බැවින් ඉදිරියේ දී නිලධාරී මණ්ඩලය පත් කිරීමට පියවර ගන්නා බවයි.
ගුරුවරයෙකු විසින් කොසු මිටකින් පහරදීම හේතුවෙන් සිසුන් තිදෙනෙකු පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. රෝහල්ගත ව සිටින සිසුන්ගෙන් එක් අයෙකුට තදබල ලෙස පහර වැදී ඇති අතර, අනෙක් දෙදෙනා යහපත් තත්ත්වයේ සිටින බව වාර්තා වේ. මෙලෙස පහර කෑමට ලක් ව ඇත්තේ, පාදුක්ක නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් පිරිසකි. “අද දෙරණ” වාර්තාකරු පැවසුවේ, අදාළ ගුරුවරයා විසින් සිසුන් හත් දෙනෙකුට මෙලෙස පහර දී ඇති බවයි. පාසල් ඉගෙනුම් කාළය තුළ දී එම සිසුන් පිරිස පාසලේ ආපණ ශාලාවට යෑමේ සිද්ධියක් මුල් කර ගනිමින් පන්ති භාර ගුරුවරයා මෙලෙස පහර දී ඇති බවට පාදුක්ක පොලීසියට පැමිණිලි…
යාපනය – මහනුවර මාර්ගයේ අයියකඩේ හන්දිය අසල දී සිදු වූ අනතුරකින් තරුණයෙකු මිය ගොස් තිබේ. යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ බස් රථයක් එම දෙසටම ධාවනය වූ පා පැදියක ගැටී මෙම අනතුර සිදු ව ඇති බව පොලීසිය පවසයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයා යාපනය රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ, 19 හැවිරිදි අයියකඩේ – මිසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු චාවකච්චේරි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මීගහකිවුල තල්දෙන දොළහ කණුව ප්‍රදේශයේදී ඊයේ (01) පස්වරු 6.00 ට පමණ එම ප්‍රදේශයේම කාන්තාවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ දැරියක ඇතුළු කාන්තාවන් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. පහර කෑමෙන් තුවාල ලැබූ වයස අවුරුදු හයක (06) දැරියක සහ කාන්තාවන් දෙදෙනකු මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අසාධ්‍යය තත්ත්වයේ පසු වූ එක් කාන්තාවක වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මීගහකිවුල තල්දෙන ගල්ගේලන්ද පදිංචි කරුවන්ය. පැරැණි කෝන්තරයක් දුරදිග යෑමෙන් පහර දීම සිදුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ලේ රෝහල් පොලිසිය හා කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
බීමත්ව රිය පදවා තුන්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේදී යතුරු පැදියක සහ කාර්රථයක ගැටීමෙන් රිය අනතුරුක් කළ බව කියන විශ්‍රාමික ජේ්‍යෂ්ඨ පොලිසි අධිකාරීවරයකු කුරුඳුවත්ත පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (01) සවස සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී. සැකකාර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් පදවන ලද මෝටර් රථය පිලිප් ගුණවර්ධන මාවත ඔස්සේ තුන්මුල්ල මංසන්දිය දෙසට ධාවනය කිරීමේදී රාජකීය විදුහල ආසන්නයෙය් පිහිටි පදික මාරූව අසලදී මාර්ගයේ ගමන් කරමින් තිබු යතුරු පැදියක ගැටී ඇතැයි පොලිසියය කියයි. යතුරු පැදියේ ගැටුණු කාර් රථය නොනවත්වා තුන්මුල්ල මංසන්දිය දෙසට ගමන් කිරීමේදී තවත් මෝටර් රථයකද ගැටී අතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් කීය. අනතුර සිදුකළ මෝටර් රථය පදවාගෙන ගිය විශ්‍රාමික ජේ්‍යෂ්ඨ පොලිස්…
