Author: LANKA24X7

කදාන ප්‍රදේශයේදී කප්පම් ඉල්ලා මස්කඩ හිමියෙකුට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ ගිනි අවිය කදාන පමුණුගම ප්‍රදේශයේ නිවෙසක බෆලයක් තුළ සගවා තිබිය දී අද (5) සොයාගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් සැකකාරියන් තිදෙනකු සහ සැකකරුවන් 6 දෙනකු ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 45 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුබායි සැඟව සිටින රසික නොහොත් චූටි මල්ලී ගේ මෙහෙයවීම යටතේ මෙම අපරාධය සිදු කර ඇතැයි පැවැසේ.

Read More

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට වෘත්තීය පුහුණුවක් ලබා දීමේ වැඩසටහන අද (05) දින සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාතංශය පෙන්වා දෙයි. මෙම පුහුණු වැඩසටහන දිවයින පුරා මධ්‍යස්ථාන 300ක් යොදා ගනිමින් සිදු කිරීමට නියමිතව ඇත. මේ සදහා ලියාපදිංචි වු සිසුන්ට පස්වරු 2ට පෙර තමන්ට අදාළ මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස සිසුනිට අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලීමක් කරයි. උසස් පෙළ ඉංග්‍රීසි භාෂාව, මාර්ගෝපදේශනය හෝ තමන් කැමති වෘත්තීය විෂයක් නොමිලේ හැදෑරීමට මෙමගින් අවසථාව සලසා දී ඇත. මීට අමතරව දරුවන් දැනුමෙන් ආකල්ප සහ කුසලතාවලින් පරිපූර්ණ කරවීමට යෝජනා කළ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

අනුරාධපුර තන්තිරිමලේ ගම්මාන රැසක නිවාසවල විදුලිබිල ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන්ගේ විදුලිය විසන්ධි වීමෙන් එම නිවෙස්වල පාසල් දරුවන්, සිඟිති දරුවන් සහ වැඩිහිටියන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ගම්වාසීහු පවසති. විදුලිබිල ඉහළ යෑමත් ස්ථීර ආදායම් මාර්ග නොමැති වීමත් නිසා තමන්ට විදුලි බිල් ගෙවා ගැනීමට නොහැකි වී ඇතැයි ද ගම්වාසීහු පවසති. තමන් මුහුණ බී ඇති ආර්ථික දරිද්‍රතාවය නිසා නැවත විදුලිය ලබා ගැනීම සිහිනයක් යැයි එම නිවෙස් හිමියෝ පවසති. තන්තිරිමලේ, ඉහළ ගෝනෑව, තම්බියාව, සඳමල්එළිය ඇතුළු ගම්මාන රැසක පදිංචිකරුවන් සෘජුව මෙම ගැටළුව බලපා ඇති බව අප කළ සංචාරයේදී දැකගත හැකි විය. දවල්ට සහ රෑට එකවේලාක් ආහාරයට ගන්නා මෙම පිරිස වල් අලින්ගෙන් ද දැඩි බලපෑම්…

Read More

වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු එහි ප්‍රධානීහු පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට අද(5) උදේ කැඳවෙති. මහ බැංකුවේ ප්‍රධානීන් පක්ෂ නායකයන් හමුවට කැඳවෙන්නේ අද උදේ 10.30ය. ඉන් අනතුරුව මහ බැංකු ප්‍රධානීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට උදේ 11.30 ට කැඳවෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. මහා බැංකු ප්‍රධානීන් මුදල් කාරක සභා රැස්වීමට කැඳවීමට පෙර පක්ෂ නායකයන්ගේ රැස්වීමට කැඳවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප්…

Read More

හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ අද (04) දහවල් සිදුවු වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මන්නා රොෂාන් නැමැත්තාගේ සහෝදරයා සහ ඔහුගේ ගෝලයෙකු ගමන් කරමින් සිටි කැබ් රථයකට එලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත. වෙඩිවැදීමෙන් කැබ් රථයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනා රෝහල්ගත කර ඇති අතර, එහිදී එක් අයෙක් මියගොස් තිබේ.

Read More

රුපියල් කෝටි 16,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 6 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය. එහිදී දින 91 කින් කල්පිරෙන රුපියල් කෝටි 4,000 ක, දින 182 කින් සහ දින 364 කින් කල්පිරෙන රුපියල් කෝටි 6,000 බැගින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කළේය.

Read More

දීර්ඝ කාලයක් තිස්සේ චොකලට් තුළ සඟවා කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ආ ජාවාරමක් අනාවරණය කරගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ වැටලීමකදී අනාවරණය වූ තොරතුරු මත සිදුකළ විමර්ශනවලදී මෙම ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත. එහිදී ප්‍රථමයෙන් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී චොකලට් දවටනවල අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5කට ආසන්න ප්‍රමාණයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. වැඩිදුරටත් කරුණු අනාවරණය වී ඇත්තේ දැනට ඩුබායි හි සැඟවී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නිපුණ සහ නන්දසේන යන පුද්ගලයින්ගේ අනුදැනුම මත මෙම ජාවාරම සිදුකර ඇති බවටය. මෙහිදී සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්නකිරීම්වලදී ඉන් එක් ජාවාරම්කරුවෙකුට අයත් වත්තල…

Read More

රාජ්‍ය සේවයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වේ. සේවා ස්ථාන සහයෝගීතාව තුළින් මෙරට තුළ ඉහළ ගුණාත්මක භාවයකින් යුතු රාජ්‍ය සේවයක් ගොඩනැගීම හා මහජනතාව වෙත විශිෂ්ට සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට නියමිත ය. රාජ්‍ය සේවයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා වූ යෝජිත යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය අනුව මෙම…

Read More

පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් ඇතුළු සියලුම ගොඩබිම වාහන සම්බන්ධයෙන් ගාස්තු තීරණය කිරීම රජය යටතට ගැනීමට තීරණය කර ඇත. ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව මීට අදාළ කෙටුම්පත සකස් කර ඇත.

Read More

මෙරට අවශ්‍ය තවත් අපරාධකරුවන් කිහිපදෙනෙකු විදේශයන්හි අත්අඩංගුවේ පසුවන බවත් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන යන බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක්ද සූදානම් කර ඇතැයි ඔහු කීය. මහජන ආරක්ෂක අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යන බව පොලිස්පතිවරයා පැවසීය.

Read More