Author: LANKA24X7

කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය වෙනුවෙන් ජපානය වැය කළ මුදල ගෙවන්නේ නම් පමණක් මෙරට අත්හිටුවා ඇති ජපන් ආධාර යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපානය සූදානම් බව එරට මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමක් සමඟ ජපාන තානාපති කාර්යාලයේදී මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි සහ තානාපති මිසුකොෂි හිදෙකි මහත්වරුන් හමුවූ බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසුවේය. එහිදී මුදල් අමාත්‍යවරයා පණිවිඩ තුනක් ලබා දුන් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව හැකි ඉක්මණින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කළ යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය…

Read More

පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන පොසිලකරණයට පවා ලක්වුණු කුඩා සිරුරු දෙකක් පසුගිය වසරේ ඔක්තෝබරයේ ලොව කැලැඹීය. මෙම සිරුරු පේරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්, පිටසක්වළ ජීවීන් ඇති බව ලොවට කිවේ පේරු මාධ්‍යවේදියෙකි. එය ලොව කැලැඹූ සිදුවීමක් විය. පිටසක්වළයන්ගේ යැයි සැක කළ එම සිරුරු, මේ වනවිට පූර්ණ විද්‍යාත්මක විශ්ලේෂණයකට ලක් කර ඇති අතර, ඒවා සත්ව අස්ථි යොදා ගනිමින් සකස් කළ බෝණික්කන් බව තහවුරු වී තිබේ.

Read More

ලෝක උරුමයක් වූ සීගිරි නැරඹීම සඳහා පැමිණෙන දේශීය සංචාරකයන්ට අසූචි මතින් සීගිරි නැගීමට සිදුව ඇතැයි නගර වාසීහු පවසති. මේ නිසා දේශීය සංචාරකයන් සීගිරි නැරඹීමට පැමිණීමෙන් වැළකී සිටින බව ජනතාව පෙන්වා දෙති. සීගිරිය ලෝක උරුමයක් වුවද සීගිරියේ නව නගරයේ පදිංචිකරුවන්ට මෙන්ම සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දේශීය සංචාරකයන්ට ලෝක කරුමයක් බව ඔවුහු අවධාරණය කරති. මෙවන විට පොදු වැසිකිලි පද්ධති දෙකම සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර දේශීය සංචාරකයන්ගේ සනීපාරක්ෂක කටයුතු හෝ සිදු කර ගැනීමට නොහැකිව පවතින බව ඔවුහු පෙන්වා දෙති. මේ පිළිබඳව දඹුල්ල ප්‍රාදේශීය සභාවේ උසස් නිලධාරියකුගෙන් විමසීමේදී කියා සිටියේ මේ පිළිබඳව අවස්ථා ගණනාවක සැලසුම් කළ ද වර්ෂාව ලැබෙන විටදී මෙම භූමිය ජලයෙන්…

Read More

යුක්තිය මෙහෙයුමට ක්‍රියාකාරීව සියළුම පොලිස් ස්ථාන අද (14) සම්බන්ධ විය යුතු බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කොට්ඨාශ භාර සියළුම නිලධාරීන්, දිස්ත්‍රික් භාර නිලධාරීන්, ස්ථානාධිපතිවරු සහ අපරාධ අංශ ස්ථානාධිපතිවරුන්ට විශේෂ උපදෙස් පන්තියක් පවත්වා උපදෙස් දුන්නේය. විවෘත වරෙන්තු 35505 ක්, ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන මෙතෙක් අත් අඩංගුවට නොගත් සැකකරුවන් 4258 ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 2022 වර්ෂයේ 807 දෙනෙකු සහ 2023 වර්ෂයේ 1678 දෙනෙකු වශයෙන් සැකකරුවන් 2485 ක් දෙනෙකු ලෙස මුළු සැකකරුවන් 42248 දෙනෙකු පිළිබද ලැයිස්තුවක් අපරාධ අංශ ස්ථානාධිපතිවරු වෙත යොමු කළ බවද ආරක්ෂක අමාත්‍යාංශය කීය. යුක්තිය මෙහෙයුම යටතේ ඉදිරි මාසයක කාලය තුල පොලිස් වසම් ආවරණය වන පරිදි මෙහෙයුම් සිදුකර…

Read More

විෂ මත් ද්‍රව්‍ය වැටලීම සඳහා ආරම්භ කර ඇති ‘‘යුක්තිය‘‘ මෙහෙයුම පිළිබඳ සමාලෝචනයක් කරන ලෙසත් මානව හිමිකම් ආරක්ෂා කරමින් එම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව එම කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා ලිස් ත්‍රොසෙල් මහත්මිය ප්‍රකාශ කළාය. මේ වනවිට යුක්තිය මෙහෙයුම යටතේ 29000 කට ආසන්න සංඛ්‍යාවක් මත් ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා මත අත් අඩංගුවට ගෙන ඇති බවද ඇය පෙන්වා දුන්නාය. එසේ අත් අඩංගුවට ගත් ඇතැම් පුද්ගලයන් තමන්ට අසාධාරණ ලෙස සැලකූ බවත් වධ හිංසා වලට ලක් බවත් චෝදනා කර තිබෙන බව ලිස් ත්‍රොසෙල් මහත්මිය පැවැසුවාය. ආරක්ෂක අංශ වරෙන්තු නොමැතිව සෝදිසි කිරීම්වල නියැලී…

Read More

කෑගල්ල නෙළුන්දෙණිය නගරයේ රාත්‍රී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු සැකකරුවන් දෙදෙනකු පරීක්ෂාකිරීමට යද්දී තියුණු පිහි පහරකට ලක් ව එම නිලධාරීන් දෙදෙනා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. පොලිස් සැරයන්වරයා හා කොස්තාපල්වරයා ත්‍රීරෝද රථයකින් රාත්‍රි මුර සංචාර කටයුතු කරද්දී සැක කටයුතු පුද්ගලයන් දෙදෙනකු බෑගයක් අතැතිව පාරේ ගමන් කරමින් සිට ඇත. ඔවුන් දෙදෙනා පරීක්ෂා කිරීමට යාමේදී කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරින් දෙදෙනාගේ රාජකාරී කටයුතුවලට බාධා එල්ල කර ඇති බවත් පොලිසිය පැවසීය. පසුව සැක කටයුතු එක් පුද්ගලයකු පොලිස් නිලධාරින් දෙදෙනාගෙන් මිදි පලා ගොස් ඇති අතර සෙසු පුද්ගලයාට අත් විලංගු දැමීමට ගිය අවස්ථාවේ පෙපර් කටර් තලයකින් පොලිස් නිලධාරින් දෙදෙනාගේ අත් පය…

Read More

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ බාගයට භාගයක් සිටින්නේ මන්ත්‍රීවරුන් නොව පිටස්තර අය බව අලුත්ම සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය. විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ගේ ඥාතීන් ආරක්ෂක නිලධාරීන්, හිතවතුන්, හිතවතියන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනහකට ආසන්න පිරිසක් මෙම නිල නිවාසවල සිටින බව දැනගන්නට ඇත. මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ලබා දෙනුයේ කොළඹින් පිට ඈත දුර බැහැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් වන අතර රජය මෙම නිවාස නඩත්තු කිරීම සඳහා වාර්ෂිකව රුපියල් කෝටි ගණනක් වැය කරයි. එම නිවාස පිටස්තර අයට නොදෙන ලෙසට කොපමණ දැනුම්දීම් කළත් එලෙස ලබාදීම දිගින් දිගටම සිදුවන බව පවසන එම ආරංචි මාර්ග මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත සිදුවන හෙයින් එවැනි පිටස්තර පිරිස් ඉවත් කිරීම…

Read More

පරිමාණයෙන් සිදු කෙරෙන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනතුරුව අද (13) උදෑසන කල්පිටියේ සිට ශ්‍රී ලංගම බස් රථයක සුක්ෂමව ප්‍රවාහනය කරමින් තිබූ කෝටි පහකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03 කට අධික ප්‍රමාණයක් සමඟ වසය අවුරුදු 30ක පුද්ගලයෙකු යුද්ධ හමුදා බුද්ධි අංශය හා පුත්තලම කොට්ඨාශ දුෂණ හා විෂ මර්ධන අංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද ඒකාබද්ධ වැටලීමකින් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පුත්තලම පොලිස් ස්ථානය වෙතින් සිදු කරනු ලබන බවට වාර්තාවේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර බලා අද (13) පිටත්ව යයි. ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ ජනාධිපතිවරයා ලෝක නායකයන් සහ ජාත්‍යන්තර ආයෝජකයන්ද හමුවීමට නියමිතව ඇත. රට බංකොලොත් වීම නිසා පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට නොහැකි වූ අතර මෙවර ආර්ථික සමුළුවේදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ආයෝජකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව පවතී. ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ලබන 18 වැනිදා උගන්ඩාව බලා පිටත්ව යාමට නියමිතව ඇත. ජනාධිපතිවරයා ලබන 24 වැනිදා නැවත දිවයිනට පැමිණෙයි.

Read More

වර්ෂය ආරම්භ වී දින ගණනක් ගත වී ඇති මොහොතේ රජය පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති බවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා එල්ල කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. වසර 20කට වඩා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු ලෙස දිසානායක මහතා මීට වඩා වගකීම් සහගත ලෙස කටයුතු කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය. සාමාන්‍යයෙන් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මාර්තු මාසයට පසුව බව පෙන්වා දුන් සියඹලාපිටිය මහතා කියා සිටියේ රජය ඉදිරිපත් කර ඇත්තේ පරිපූරක ඇස්තමේන්තුවක් නොවන බව පැවසීය. විසර්ජන පනතේ හය එක වගන්තිය යටතේ විශේෂ කරුණක් සඳහා මුදලක් වෙන් කිරීම සඳහා රජයට…

Read More