Author: LANKA24X7

හංවැල්ල ආටිගල ප්‍රදේශයේ දී කැලණි ගඟේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලි අතුරුදන්ව තිබේ. මෙම තරුණයා තවත් දෙදෙනෙකු සමඟ ඊයේ (16) සවස මෙලෙස කැලණි ගඟට දිය නෑමට ගොස් ඇති බව පොලීසිය පවසයි. මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ 20 හැවිරිදි පාදුක්ක ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි. ඔහු සේවය කළ ටයර් වෙළෙඳසැලේ උපන්දින සාදයක් පවත්වා මත්පැන් පානය කර පසුව මෙලෙස දිය නෑමට ගොස් ඇති බව අනාවරණ වී ඇත. අතුරුදන් වූ පුද්ගලයා සේවීමේ කටයුතු හංවැල්ල පොලීසිය විසින් සිදුකරනු ලබයි. මේ අතර, ඊයේ සවස කිරිඇල්ල කරදන ප්‍රදේශයේ දී කාන්තාවක් කණුග්ගල්ල ඇළට වැටි මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි අලුත්වත්ත, කණුග්ගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.…

Read More

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (17) රැස්වීමට නියමිතව තිබේ. අද දහවල් 12.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ. ඉදිරි පාර්ලිමේන්තු සතියේ කටයුතු පිළිබඳ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙලෙස රැස්වීමට නියමිත අතර පනත් කෙටුම්පත් කිහිපයක් සම්බන්ධයෙන් ද අවදානය යොමුකිරීමට නියමිතව තිබේ. පසුගිය 13 වනදා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වී පාර්ලිමේන්තුව හෙට (18) සිට 21 වනදා දක්වා රැස්වීමට තීරණය කර තිබුණි. කෙසේවෙතත් එම තීරණයේ සංශෝධනයක් මෙතෙක් සිදුකර නොමැති අතර පාර්ලිමේන්තුව හෙට රැස්වීමට නියමිතය. එම කාලය තුළ දි රේගු ආඥාපනත සහ ආනයන හා අපනයන පාලන පනතේ රෙගුලාසි විවාදයට ගැනීමට…

Read More

වව්නියාව,තාණ්ඩිකුලම ප්‍රදේශයේ රථවාහන රාජකාරි කළ පොලිස් නිලධාරියෙක්ව හප්පා තුවාල කර පළාගොස් සිටි පුද්ගලයෙකු ඊයේ (16) සවස අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලීසිය පවසයි. පොලීසිය පැවසූවේ යතුරුපැදිකරුවෙකු විසින් රථවාහන රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියා හප්පා පළාගොස් ඇති බවය. අදාළ යතුරුපැදිකරු සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් අතර, තුවාල ලැබු පොලිස් නිලධාරියා වව්නියාව රෝහලට ඇතුළත් කළ බවද පොලීසිය පැවසීය. තුවාලකරුගේ තත්ත්වය බරපතළ නොවන අතර, සැකකරු වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read More

ශ්‍රී ලංකා උපනායක ධනංජය ද සිල්වා සිය 10 වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට අද (17) සමත්විය. ඒ පාකිස්තානය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදීය. තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වෙයි. සිය ශතකය සඳහා ධනංජය පන්දු 175කට මුහුණදුන් අතර ඊට 4 පහර 10ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුණි.

Read More

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී එන්නතක් ලබා දීම හේතුවෙන් මියගිය බවට පැවසෙන තරුණිය පිළිබඳව සිදු කරන ලද විමර්ෂණයට අදාළ වාර්තාව දින සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත ලබා දීමට නියමිතව ඇති බවට වාර්තා වනවා. උදරාබාධයක් හේතුවෙන් පසුගියදා රෝහලට ඇතුලත් කෙරුණු 21 හැවිරිදි මෙම තරුණිය මිය ගියේ රෝහලෙන් ලබා දුන් එන්නත් හේතුවෙන් බවටයි ඔවුන්ගේ දෙමාපියන් සඳහන් කළේ. කේසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කෙරුණා. ඒ අනුව එම කමිටුව පසුගියදා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ගොස් විමර්ශණයක්ද සිදු කළා. එවන් පසුබිමක මහනුවර ජාතික රෝහලේ රෝගීන් දෙදෙනෙකුටද අදාළ තරුණියට ලබාදුන් සෙෆ්ටි්‍රඑක්සෝන් ප්‍රතිජීවක ඖෂධය ලබාදීමෙන් අනතුරුව අසාත්මිකතාවයක් හටගෙන ඇති…

Read More

අන්තර්ජාල ක්‍රීඩාවල නිරත වීමේදී දැඩි අවබෝධයකින් හා සුපරික්ෂාකාරී වීම අත්‍යවශ්‍ය බව මනෝ වෛද්‍යවරුන් අවධාරණය කරනවා. ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ පුද්ගලයින් මරණය කරා ගෙන යන භයානක අන්තර්ජාල ක්‍රීඩා වෙත තරුණයින් ශීඝ්‍රයෙන් ඇබ්බැහිවීමේ ප්‍රවණතාවයක් පැවතීමයි. අන්තර්ජාල ක්‍රීඩා හේතුවෙන් සිදුවු සිය දිවි නසාගැනීමේ සිදුවීම් කිහිපයක් පසුගිය සමයේ මෙරටින්ද වාර්තා වු අතර, එහි ආසන්නතම සිදුවීම යාපනයෙන් වාර්තා වී තිබෙනවා. ලෝක ජනගහනයෙන් බිලියන පහකට අධික පිරිසක් අන්තර්ජාලය භාවිත කරන බව නවතම දත්ත අනාවරණ කරන අතර එය සමස්ත ලෝක ජනගහනයෙන් සියයට 64.6 ක් මෙරට පුද්ගලයින් මිලියන 14.58 ක් අන්තර්ජාලය භාවිත කරන අතර, එය සමස්ත ජනගහනයෙන් සියයට 66.7 ක්. රටක් ලෙස අන්තර්ජාල භාවිතයේදි එය සතුටුවිය…

Read More

පුංචි මල් කැකුළු වන් දරුවන් කෙරෙහි මව්පියන් නිරන්තර අවධානයෙන් පසු විය යුත්තේ ඇසිල්ලකින් සිදු වන අනතුරකින් විශාල ඛේදවාචකයක් සිදු විය හැකි නිසයි. එලෙස මව්පියන්ගේ අවධානය ගිලිහුණු මොහොතක ආලේපන කුප්පියක මූඩියක් උගුරේ සිරවීමෙන් අවුරුද්දක් වයසැති දැරියකට දිවි අහිමි වූ පුවතක් අකුරැස්ස තලහගම ප්‍රදේශයෙන් වාර්තා වුණා. අකුරැස්ස තලහගම ප්‍රදේශයේ හැදී වැඩුණු අවුරුද්දක් වයසැති පුංචි කෙහන්සා සේනාධීර මේ ඉරණමට මුහුණ පා තිබුණේ ඊයේ පස්වරුවේයි. නිවසේ කාමරයක සිටි මේ සිඟිත්තියගේ මුවේ කුඩා අලේපන කුප්පියක මූඩියක් සිරවී ඇති බව දැක තිබුණේ 7 හැවිරිදි ඇයගේ සොයුරා විසින්. පසුව මව්පියන් සහ මිත්තණිය සිඟිත්තියගේ මුවේ සිර වූ මූඩිය ඉවතට ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වී තිබුණා. ඒ වනවිටත්…

Read More

ඇසළ පෙරහැරේ විදුලි ආලෝකකරණය සඳහා විදුලි ගාස්තු ගෙවන්නැයි පවසා ආණ්ඩුව සිදුකර ඇත්තේ සමස්ත බෞද්ධ සමාජයටම නිගාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මෙවර පෙරහැරේ ආලෝක කටයුතු සඳහා රුපියල් එක්කෝටි තිස්දෙලක්ෂ අනූනවදහසක මුදලක් ගෙවිය යුතු බව සඳහන් කරමින් විදුලිබල මණ්ඩලය විසින් දියවඩන නිලමේවරයා වෙත පසුගියදා ලිඛිත දැනුම් දීමක්ද සිදුකර තිබුණා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය එළඹෙන අගෝස්තු 21 වනදා සිට අගෝස්තු 31 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. එවැනි පසුබිමක දළදා මාළිගා පරිශ්‍රය, සතර දේවාල,පෙරහැර වීථි සංචාරය කරන ප්‍රදේශ ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට අවශ්‍ය අමතර විදුලි ආලෝකකරණ කටයුතු සඳහා ගෙවිය යුතු මුදල් පිළිබඳව විදුලිබල මණ්ඩලය විසින් දියවඩන…

Read More

අයිස් , හෙරොයින් පානයට ඇබ්බැහිව සිටින පොලිස් නිලධරීන් හදුනාගෙන අත්අඩංගුවට ගැනීම සදහා පොලිස්පතිවරයාගේ නියමයෙන් බුද්ධි නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව පවසනවා. පොලිස් ස්ථාන වල එවැනි මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට සැකකරන නිලධාරීන් සම්බන්ධයෙන් අවදානය යොමුකර බුද්ධි නිලධාරීන් යොදවා ඔවුන්ගේ ක්‍රියා කලාපයන් නිරීක්ෂණ කරන ලෙසට පොලිස්පතිවරයා සියලු උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බවද ඔහු සඳහන් කළා. අයස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්හි වු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළා. ගංජා පානය කර හසුවන පොලිස් නිලධාරීන් මුල් අවස්ථාවේ ස්ථාන මාරුවක් ලබා දීමට ක්‍රියා කරන බවත්, හොරොයින් හෝ…

Read More

අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මාසයක කාලයක් තුළ පුද්ගලයින් 30,000කට ආසන්න පිරිසක් අයදුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, පසුගිය ජුනි 15 වන දින සිට ගත වූ දින 30ක කාලය තුළ පුද්ගලයින් 29,578 දෙනෙකු ඒ සඳහා අයදුම් කර ඇති බවයි. ඉන් 5,294 දෙනෙකු එක්දින සේවය සඳහා ද 24,285ක් සාමාන්‍ය සේවය සඳහා ද අයදුම්පත් ඉදිරිපත් කර තිබෙනවා. අදාළ ක්‍රමය ක්‍රියාවට නැංවීම හේතුවෙන් බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට තිබූ දීර්ඝ පෝලිම් ද මේ වන විට අවසන් වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් සඳහන් කළා.

Read More