Author: LANKA24X7

ගාලු මුවදොර අසල මුහුදේ ගිලෙමින් සිටි කාන්තාවක් බේරා ගැනීමට ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීහු අද (01) සමත් වූහ . ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරින් උදෑසන කොළඹ ගාලු මුවදොර පිටියේ ශාරිරික අභ්‍යාසවල නිරතව සිටියදී ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසළින් එක්වරම කාන්තාවක් මුහුදට පැන තිබේ. එහිදී ක්ෂණිකව ක්‍රියාත්මක වූ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ඒ.එච්.පී.එස්. අධිකාරී නිලධාරියා ඇතුළු කණ්ඩායම එම කාන්තාව නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් වූ අතර කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගනු ලැබීය. දැනට එම කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ජීවිත අවදානමක් නැති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. තම දිවි පරදුවට තබා මෙම නිර්භීත…

Read More

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන ඊයේ (1) පස්වරුවේ ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 102ක් රැස්කරමින් ලකුණු 455 ක් ඉදිරියෙන් සිටියේය. තරගයේ දෙවැනි දිනය පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට කඩුල්ලක් දැවී ලකුණු 55 ක් රැස්කර සිටි බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 178 කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 159 කදී සියලු දෙනා දැවී 531 (නිෂාන් මධුෂ්ක 57, දිමුත් කරුණාරත්න 86, කුසල් මෙන්ඩිස් 93, ඇන්ජලෝ මැතිව්ස් 23, දිනේෂ් චන්දිමාල් 59, ධනංජය ද සිල්වා…

Read More

සුරාබදු කාර්යාලයට අයත් කැබ් රථයකින් කේරළ ගංජා කිලෝ 45 ක් ප්‍රවාහනය කළ බව කියන සුරාබදු පරීක්ෂකවරයකු, සුරාබදු සැරයන්වරයකු, සුරාබදු රියැදුරු සහ සහායකවරයකු ඇතුළු 8 දෙනෙක් ඊයේ (1) මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට ගත් සුරාබදු කාර්යාලයට අයත් සැකකරුවන් කොළඹ ප්‍රදේශයේ පිහිටි සුරාබදු කාර්යාලයකට අයත් පුද්ගලයන් 4 දෙ‍නෙකි. අනෙක් සැකකරුවන් මීගමුව සහ හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන් බව උසස් නිලධාරියෙක් පැවැසීය. මොවුන් කාලයක් තිස්සේ කේරළ ගංජා ජාවාරමේ යෙදී ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ. සුරාබදු දෙපාර්තමෙන්තුවට අයත් කැබ් රථයකින් කේරළ ගංජා ජාවාරම්කරන බවට ලද තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීහු පිරිසක් හලාවත ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

Read More

ලංකා ගුරු සංගමයේ පුත්තලම දිස්ත්‍රික් සභාපති අජිත් විජේසිංහ මහතාගේ පුත්තලම, මදුරන්කුලිය මුක්කු තුඩුවාවේ පිහිටි නිවෙසට කඩාවැදුණු කඩු, යකඩ පොලු සහ මුගුරු රැගත් මැර කණ්ඩායමක් ඒ මහතා ගේ නිවෙසේ වටිනා බඩු මුට්ටුවලට පහර දී පොඩි පට්ටම් කර නිවෙසට ද ගිනි තබා හානි සිදුකර පලා ගොස් ඇතැයි මදුරන්කුලිය පොලිසිය පවසයි. ප්‍රදේශයේ එක්තරා කර්මාන්ත ශාලාවකින් බැහැර කරන අපවිත්‍ර ජලය හේතුවෙන් සිදුවන බව කියන දැඩි පාරිසරික හා සෞඛ්‍යමය ගැටලු සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පිරිසක් සමග එක්ව ඊට එරෙහිව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට අජිත් විජේසිංහ මහතා නායකත්වය ගෙන ක්‍රියා කර ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වීයැයි ද පොලිසිය සදහන් කරයි. හලාවත නගර සභාවේ ගිනි…

Read More

ලක්ෂ 24ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමේ කටයුතු අවසන් කර ඒ පිළිබඳව පසුවිපරම් සමීක්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. එහි දී අස්වැසුම මඟින් ලබාදුන් මුදල් ඔවුන් විසින් කුමන කටයුත්තක් සඳහා වියදම් කලා ද ? යන්න සහ ඉදිරියේ දී සවිබල ගැන්වීමේ වැඩසටහනකට කෙතෙක් දුරට සහයෝගය ලබා දෙනවා ද ?යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බව ශෙහාන් සේමසිංහ මහතා කීය. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. රටේ පැවති ආර්ථික අර්බුදය විසඳීම සඳහා සිටින දක්ෂතම සහ සුදුසුම නායකයා ජනාධිපති…

Read More

කොළඹ සිට ගල්කිස්ස දෙසට ධාවනය වු නවීන පන්නයේ මෝටර් රථයක් දෙහිවල ගුවන් පාලම මතදී හදිසි ගිනි ගැනීමට ලක්වූ දෙහිවල පොලීසිය කියයි. විදුලි කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදු වී ඇති බවත් ගින්න හටගත් අවස්ථාවේ දී මෝටර් රථයේ රියැදුරු මෝටර් රථයෙන් පිටතට පැන දිවි ගලවා ගෙන ඇතැයි පොලිසිය කියයි. ගිනි ගැනීම හේතුවෙන් ජීවිත හානී කිසිවක් සිදු වී නොමැත. දෙහිවල ගිනී නිවීමේ ඒකකයේ ගිනී නීවීමේ රථ දෙකක් පැමිණ මෙම ගින්න නිවා ඇත.

Read More

සිරියාවේ ඩමැස්කස් අගනුවර ඉරාන තානාපති කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල විය. එය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, එම ප්‍රහාරය පසුපස සිටින්නේ ඊශ්‍රායලය බවත් ඉරානය චෝදනා කරයි. ප්‍රහාරයෙන් තානාපති කාර්යාලයේ සිටි හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් එල්ල වී ඇත්තේ මිසයිල ප්‍රහාරයකි. ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.

Read More

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ධූරවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් පසුගිය සෙනසුරාදා (30) ඉවත්කර තිබුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව එදින පක්ෂ මූලස්ථානයේදී රැස්වූ අතර එහිදී මෙම තීරණ ගෙන තිබුණි. ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කළ දුමින්ද දිසානායක මහතා වෙනුවට මහියංගනය ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන මහතා පත්කළේය. එසේම භාණ්ඩාගාරික ධුරයෙන් ඉවත් කළ ලසන්ත අලගියවන්න මහතා වෙනුවට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතා…

Read More

දිස්ත්‍රික්ක 4ක මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියලුදෙනාට සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමග ප්‍රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ අනුව කෑගල්ල , නුවරඑළිය , බදුල්ල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක 04 හි අස්වැසුම ප්‍රතිලාභ යටතේ රු. 2,500 දීමනාව මෙලෙස ලබාදීමට නියමිතය. අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, මෙම දිස්ත්‍රික්කවල අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අඩු ලකුණු ප්‍රමාණයක් හිමි විශාල පිරිසක්ද ලේඛනවලට ඇතුළත් වීම හේතුවෙන් එම දිස්ත්‍රික්කවලට හිමි කෝටාව ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් මෙම ගැටලුව උද්ගතව තිබූ බවය. කෙසේ වෙතත් අප්‍රේල් මස මුල් සතිය තුළ මෙම ගැටලු සියල්ල නිවැරදි කර රු. 2,500ක දීමනාවට හිමිකම් කියන, එහෙත් අස්වැසුම ප්‍රතිලාභ…

Read More

විදේශ ගමන් බලපත්‍ර නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කොට තිබේ. ඒ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් මතය.

Read More