Author: LANKA24X7

තලංගම පොලීසියට ලද පැමිණිලි 03 ක් මත විමර්ශන ආරම්භ කර තිබෙන අතර ඊයේ (31) තලංගම පොලිස් ස්ථානය මඟින් විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා ජාතික හැඳුනුම්පත් හා ලිපිද්‍රව්‍ය ලබාගෙන මුදල් වංචාව සිදුකර ඇත. සැකකරු සන්තකයේ තිබී පැමිණිකරුවන් දෙදෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් ද සොයා ගෙන තිබෙනවා අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 47 හා 65 යන වයස්වල මාලඹේ සහ කොළඹ 9 ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සැකකරුවන් අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .

Read More

බංග්ලාදේශ එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වල ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක චන්දික හතුරුසිංහ නැවතත් තේරී පත්කරගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. හතුරුසිංහ 2014 සිට 2017 දක්වා ද එරට ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර පසුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළේය. පසුව හතුරුසිංහ ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සහායක පුහුණුකරු ලෙස එක්විය. ඔහු සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ක්‍රිකට් බලධාරීන් පැවසුවේ හතුරුසිංහ එම තනතුරෙන් ඉවත්වූ බවය. බංග්ලාදේශ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ රසල් ඩොමින්ගෝ පසුගියදා ඉල්ලා අස්විය.

Read More

මානිප්පායි පොලිස් වසමේ උඩුවිල් ප්‍රදේශයේ ලොරි රථ රියදුරෙක් බියගන්වා ලොරි රථය පැහැරගෙන ගොස් තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ලොරිය නවතා දුරකථන ඇමතුමක් ලබාගනිමින් සිටිය දී යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙක් රියදුරුව බියගන්වා ඇති බවය. පසුව ලොරිය කොල්ල කා ඔවුන් පළා ගොස් ඇත. මේ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් මත මානිප්පායි පොලිස් ස්ථානය විසින් කොල්ලකන ලද ලොරිය සහ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අවුරුදු 33ක් වන ආනකෝට්ට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද (01) මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස නම් කර ඊයේ (31) ට වසර 3ක් සැපිරුණි. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පවසන්නේ කොවිඩ් වසංගතය සංක්‍රාන්ති සමයකට පැමිණ ඇති නමුත් තවමත් එහි අවදානම පහව ගොස් නොමැති බවය. කොවිඩ් -19 ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් බලපැවැත්වෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ. මේ අනුව උපරිම සෞඛ්‍ය අවදානම් අනතුරු ඇඟවීම් තවදුරටත් පවත්වාගත යුතු බව එම සංවිධානය වැඩිදුරටත් දන්වා තිබුණි. ගෝලීය වසංගතය මේ වනවිට සංක්‍රාන්ති සමයකට එළඹ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණි. කෙසේ නමුත් ඉන් තවදුරටත් ඇතිවිය හැකි බලපෑම සීමාකිරීම සඳහා වසංගතය වඩාත් සැලකිල්ලෙන් කළමනාකරණය කරගත යුතු බවත් ඔවුන්…

Read More

75 වන ජාතික නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු පැවැත්වීම හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය භාවිත කරන රියදුරන් සඳහා පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කියාසිටියේ, නිදහස් දින පෙරහුරු සහ නිදහස් දිනය දා රියදුරන් ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා, “විශේෂයෙන් ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනේ, මෙම කාලසීමාව තුළ විශේෂයෙන්ම පෙරහුරු පැවැත්වෙන පළවෙනි දින, දෙවන දින සහ තුන්වන දින උදෑසන කාලසීමාවත්, ඒ ව‌ගේම 4 වන දින මේ උත්සවය පැවැත්වෙන කාලසීමාවෙත් විකල්ප මාර්ග භාවිත කරන්න. මේ මාර්ගම භාවිත…

Read More

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබේ. එහිදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීම පිළිබඳ ජනාධිපතිවරයා විසින් නූලන්ඩ් මහත්මිය ට සිය ස්තූතිය පළ කර ඇත. මේ අතර ශ්‍රි ලංකාවේ ආර්ථිකය යථාතත්ත්වයට පත්වෙන තුරු තවදුරටත් සහාය දැක්වීමට ද නූලන්ඩ් මහත්මිය සිය එකඟත්වය පළ කර තිබේ.

Read More

ගොඩබිම ප්‍රදේශ, දිවයින වටා ඇති ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ නිරිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අද උදෑසන 10ට අදාළ නිවේදනය නිකුත් කර ඇති අතර, එය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ. ඒ අනුව ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ආසන්නව බටහිර දෙසට ගමන් කරමින් පවතින අතර, අද (01) උදෑසන 5.30ට මඩකලපුවට කිලෝමීටර 110ක් පමණ නැගෙනහිරට බරව ගිනිකොණ දෙසට වන්නට කේන්ද්‍රගතව පවතී. එම පද්ධතිය බටහිරට බරව නිරිත දෙසට හැරී ගමන්කර අද නැගෙනහිර වෙරළ තීරය වෙත ගමන් කිරීමට ඉඩ ඇතැයි කාලගුණ රතු නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. මේ හේතුවෙන් උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය…

Read More

මෙවර යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 2021 මහ කන්නයේ දී රසායනික පොහොර තහනම හේතුවෙන් හා කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා හෙක්ටෙයාර් එකකින් ගන්නා වී අස්වැන්න කිලෝග්‍රෑම් 2853ක් දක්වා අවම විය. 2021 මහ කන්නයේ වගා කර තිබෙන සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 775,846කි. නමුත් 2021 මහ කන්නයේ දී මෙරටින් වාර්තා වූ වී අස්වැන්න ප්‍රමාණය මහ කන්නයක දී මෙරටින් වාර්තා වූ අවම වී අස්වනු ප්‍රමාණය බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

Read More

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 30 වෙනිදා සඳුදා නැවතත් රැස්වීමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තුවේිදී පෙරේදා (25) පැවැත්විණ. මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට එහිදී තීරණය කෙරිණ. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුතු විපක්ෂයේ සුළු පක්ෂවල නියෝජිතයා සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති අතර ඒ සම්බන්ධයෙන්ද සදුදා රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා නවයක් පත්කිරීමට නියමිතය. රාජ්‍ය සේවා…

Read More

ගම්පොල කුරුඳුවත්ත මැදගොඩ තේ කර්මාන්ත ශාලාවේ හටගත් ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී දෙදෙනකු ද පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව කුරුඳුවත්ත පොලිසිය පවසයි. මෙම තේ කර්මාන්ත ශාලාව ගිනි ගන්නා බව කුරුදුවත්ත පොලිසියට දැනුම්දී ඇති අතර මහනුවර ගිනි නිවීම් ඒකකය ට ද ඒ බව දන්වා තිබේ . ඒ වන විටත් මෙම කර්මාන්ත ශාලාව ගිනිගෙන විනාශ වී තිබූ බව පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කරයි . මෙම තේ කර්මාන්ත ශාලාවේ හිමිකරුගේ පුතා හා සේවකයකු ගින්නෙන් පිලිස්සුම් තුවාල ලබා ඇති අතර එක් අයකු ගම්පොළ ශික්ෂණ රෝහලටත් අනෙක් අය කුරුදුවත්ත ප්‍රාදේශීය රෝහලටත් ඇතුලත් කොට තිබේ . මෙහි අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති වුවද…

Read More