Author: LANKA24X7

අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේ නිවෙසක අද (19) අලුයම) කිසියම් පිරිසක් විසින් සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු මිය ගොස් තිබෙනවා. මෙම වෙඩි තැබීම සඳහා තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 62ක පුද්ගලයෙක්.

Read More

අද (19) දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙනවා. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන බවත්, දිවයින පුරා සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාධාරණ කාලගුණයක් පවතිනු ඇති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ද බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Read More

3D ආහාර මුද්‍රණ යන්ත්‍රයක් භාවිතයෙන් රසකැවිලි සකසන අපූරු ඩිජිටල් බේකරියක් පිළිබඳව ලොස් ඇන්ජලීස් නුවරින් වාර්තා වේ. ඔවුන් රසකැවිලි නිෂ්පාදනය කරන්නේ 3D ආහාර මුද්‍රණ යන්ත්‍රයක් භාවිත කරමිනි. ශුගර් ලෑන්ඩ් නම් මෙම බේකරිය , 3D ආහාර මුද්‍රණ යන්ත්‍ර මඟින් රසකැවිලි නිපදවන පළමු බේකරිය වේ. මෙම මුද්‍රණ යන්ත්‍රය ලොව පවතින බලපත්‍ර සහිත එකම ආහාර මුද්‍රණ යන්ත්‍රය බව විදෙස් මාධ්‍ය වාර්තා වේ. ශුගර් ලෑන්ඩ් ආයතනය පවසන පරිදි මෙම ක්‍රමවේදය මඟින් රැයක් තුළ නිෂ්පාදන දහස් ගණනක් සිදුකිරීමේ හැකියාව පවතී. 3D ආහාර මුද්‍රණ යන්ත්‍රය හරහා රසකැවිලි නිපදවීමේ දී පළමුව ඩිජිටල් ගොනුවක් (digital file) නිර්මාණය කළ යුතු වේ. අනතුරුව එම ඩිජිටල් ගොනුව 3D මාදිලියට පරිවර්තනය කෙරෙන බව…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරේ දෙමළ දේශපාලන පක්ෂ අතර සාකච්ඡාව අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට ප්‍රථම මෙම හමුව පැවැත්වීම විශේෂත්වයකි. මෙම සාකච්ඡාව අද පස්වරු 3.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාව සදහා උතුරු නැගෙනහිර සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් සඳහා ආරාධනා කර තිබේ. උතුරු නැගෙනහිර පළාත්වලට බලය බෙදාහැරීම සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි. මේ අතර ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් මෙන්ම දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව දෙමළ දේශපාලන පක්ෂ සදහන් කළේය. ඉන්දීය ධීවර ගැටලුව හේතුවෙන් මෙරට ධීවරයින් මුහුණදෙන ගැටලු පිළිබදව සහ ඊට…

Read More

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ඖෂධ ආසාත්මිකතාවක් පිළිබඳ තොරතුරු වාර්තා වී නොමැති බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරයා, “රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වනතෙක් කිසිදු ආකාරයකින් දරුවෙකුට ආසාත්මිකතාවයක් ඇති වෙලා නෑ. මම ඒ පිළිබඳව ඉතාම සතුටු වෙනවා. දිවයිනේ යම් යම් ප්‍රදේශවලින් මෙවැනි වාර්තා වීමක් සිදුවුණා. පේරාදෙණිය හා මහනුවර මහ රෝහලේ තමා මේ ආසාත්මිකතාවයන් ප්‍රධාන වශයෙන් වාර්තා වුණේ. ඊට අමතරව එක රෝගියෙක් වාර්තා වුණා අපිට රාගම ශික්ෂණ රෝහලෙන්. ඒ වගේම මේ වනවිට ඖෂධ වර්ග දෙකකට පමණයි මේ තත්ත්වය අපිට වාර්තා වෙලා තියෙන්නේ. මේ පිළිබඳව සෞඛ්‍ය සේවා ජනරාල්වරයා සහ සෞඛ්‍ය ඇමතිවරයා විසින් සත්…

Read More

ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 65ක් සඳහා සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (18) පැවැත් වේ. ඒ අනුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවලට අනුව 2019 සහ 2020 වර්ෂවල ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකරගත් ආයතන සඳහා රන් සහ රිදී සම්මාන පිරිනැමීමට නියමිතය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සම්මාන ප්‍රදානය පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් වේ. රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රජයේ විශේෂිත වියදම් ඒකක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා අරමුදල්, පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විශේෂිත වියදම් ඒකක, පළාත් සභා ව්‍යවස්ථාපිත ආයතන, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන අංශ යටතේ මෙම සම්මාන පිරිනැමීම සිදුවේ.

Read More

සුළු පිරිසකගේ විරෝධය හමුවේ තමන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඊයේ (17) රාත්‍රියේ ටීවි දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. ප්‍රශ්නය – ඉස්පිරිතාල ඉස්සරහට ගිහින් වෛද්‍යවරු, රෝගීන්, වෘත්තීකයින් අස්වෙන්න කියනවා. අස්වෙනවා ද? “100ක් 200ක් ඇවිත් කිව්ව පළියට අස්වෙන්න නම් සාධාරණ හේතුවක් තියෙන්න ඕනේ. බොහෝම පැහැදිලිව කියන්නට ඕනේ මේ සම්බන්ධව සුළුවට තකන එක නෙමෙයි මගේ අදහස. ඒ සම්බන්ධයෙන් සංවේදී නොවන එක නෙමෙයි. මේ හැමදේකටම අපි සංවේදි වෙන්නත් ඕනේ. මිලියන 22කගේ නිදහස් සෞඛ්‍යයට මේ ගහන ප්‍රහාරයට මුහුණදෙන්න ඕනේ. ඒකට මම සුදානම්.” ප්‍රශ්නය – මට කියන්න කවුද කුමන්ත්‍රණකරුවා කියලා…? “කුමන්ත්‍රණකරුවා…

Read More

ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. පක්ෂය දැඩි මර්දනයකට ලක්කළ පාකිස්තානයේ ෂෙබාස් ෂරීෆ් රජය මේ වසරේ නොවැම්බරයේ මහමැතිවරණය පැවැත්වීමට සැලසුම් කරන බව වාර්තා වේ. පසුගිය වසරේ පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ඉම්රාන් ඛාන්ගේ රජය පෙරලා බලයට පත්වුවද, ෂෙබාස් ෂරීෆ් රජයේ නිල කාලය අගෝස්තු 31 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. ඒ ඉම්රාන් ඛාන්ගේ සිව් වසරක පාලනය ඇතුළුව පාකිස්තානයේ වත්මන් ව්‍යවස්ථාපිත රජයේ නිල කාලයයි. එලෙස නිල කාලය අවසන් වූ පසු දින 60ක් තුළ මහමැතිවරණය පැවැත්විය යුතු වේ. එහෙත් ඊට පෙර පාකිස්තාන ජාතික සභාව නැත්නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ඒ සඳහා දින 90ක කාලයක් හිමිවේ. අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රකාශ කළේ නිල කාලය අවසන් වීමට පෙර ජාතික සභාව විසුරුවා හැරීමට කටයුතු…

Read More

සෞදි අරාබියට ගෘහ සේවයට ගිය කාන්තාවකට එම රටේදී ශරීරයේ විවිධ ස්ථාවලට අල්පෙනෙති කටු ගසා වධ හිංසා පමුණුවා ඇති අතර එම කාන්තාව ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි. එම කාන්තාවගේ ශරීරයේ ඇති අල්පෙනෙති දෙකක් ඉවත් කිරීමෙන් පසු ඉතිරි කටු ඉවත් කිරීමේ සැත්කමට ලක් කිරීම සඳහා යළි ලබන මස රෝහල්ගත වෙන ලෙස වෛද්‍යවරුන් ඇය දන්වා ඇත. තලවකැලේ ලිඳුල ගැනිගල් වත්තේ හෙන්ෆොල්ඩ් කොටසේ පදිංචි 30 හැවිරිදි මවක මෙම සිද්ධියට මුහුණ පා ඇත. ඇයට පහරදී අල්ලට,කලවා ප්‍රදේශවලට මෙන්ම ශරීරයේ කීහිප තැනකමට කටු ගසා ඇත. භාෂාව නොදන්නා නිසා මෙම වධ හිංසා සිදු කළ බව වධ හිංසාවට ලක් වූ කාන්තාව පවසයා ඇත.

Read More