Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ආර්ථික අර්බුදය හමුවේ කඩා වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය බලාපොරොත්තු වූවාට වඩා ඉක්මණින් යථා තත්ත්වයට පත් වීම හේතුවෙන් ලෝක බැංකුව මෙරට ආරථික පුරෝකථනය පදනම් අංක 50 කින් ඉහළ දමා තිබේ. ඒ අනුව මෙම වසරේදී සියයට 2.2 ධනාත්මක ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකාව ළඟා කරගනු ඇතැයි ලෝක බැංකුව දකුණු ආසියාවේ ආර්ථිකය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව මගින් පුරෝකථනය කර ඇත.එසේම ශ්‍රී ලංකාව මෙම වසරේදී ළඟ කර ගන්නා ආර්ථික වර්ධන වේගය තවත් වර්ධනය කර ගනිමින් ලබන වසරේදී සියයට 2.5 සීමාවට පැමිණෙනු ඇති බවද ලෝක බැංකුව නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ. එසේම ශ්‍රී ලංකාව සිය නිල සංචිත ඉදිරියේදී තවත් වර්ධනය කර ගනු ඇති බවත් මෙරටට…
තිස්සමහරාම රන්මුදුගම ප්‍රදේශයේ දැඩි ආර්ථික අපහසු තා මැද ජීවත් වූ දෙදරු පියකු වසක් ශරීරගත වීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. තම පවුලට ආහාර සපයා ගැනීමට නොහැකිව සිටි බව කියන මෙම දෙදරුපියා වස පානය කරන්නට ඇතැයි සැක කෙරේ. තම පවුල දින කිහිපයක් වේලක් ඇර වේලක් මඤ්ඤොක්කා ආහාරයට ගත් බවත් දරුවන්ට කන්න දෙන්න විදියක් නැතුව මට ජීවත් වෙලා වැඩක් නෑ යනුවෙන් හඬමින් සිට ඇති බවත් ඔහුගේ කීය. එකවරම බිම ඇදගෙන වැටි වමන කරමින් සිටි තම සාම්පුරුෂයා වස පානය කරන්නට ඇති කියන සැකය මත සුවසැරිය ගිලන් රථය ගෙන්වා රෝහල්ගත කිරීමට කටයුතු කර බවද ඇය සඳහන් කළේය. මේ පිළිබඳව සොයා බැලීම සඳහා අපේ ගිය අවස්ථාවේ…
ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථාන මැද මළුවේදී අද උදෑසන පැවති 2024 ප්‍රථම පොසොන් කමිටු රැස්වීම ආරම්භයේදී මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණන් රැස්වීම් භූමියෙන් නැගිට යාමත් සමග පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර මහා දිසාපති ජනක ජයසුන්දර මහතාට එම රැස්වීම නතර කර දැමීමට සිදු වීමෙන් පැමිණ සිටි රාජ්‍ය නිලධාරීන් ඇතුළු සිවිල් ක්‍රියා කාරිහු සියලු දෙනා රැස්වීම් භූමියෙන් පිටව ගියහ. මෙහිදී උන්වහන්සේ පැවසුවේ අක්කර දහස් ගණනක රජමහා විහාරස්ථාන භූමියේ සුද්ද පවිත්‍ර කිරීම් කටයුතු සිදු කළ සිවිල් ආරක්ෂක බළකාය , විහාරස්ථානයේ තේවාව සිදු කළ, මිහිඳු සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත වූ, යුද හමුදා සාමාජිකයන් ඉවත් කිරීමට රජය ගත් තීරණය සහ යළ එම ආරක්ෂක අංශ…
පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය මිලියන 04ක් පමණ වන අතර ඒ තුළ වැඩිවියට පත් ශිෂ්‍යාවන් මිලියන 1.2ක් පමණ වන බවට ගණනය කරනු ලැබ ඇත. එම ශිෂ්‍යාවන් අතුරින් අති දුෂ්කර පාසල්, දුෂ්කර පාසල්, හුදෙකලා පාසල්, වතු පාසල් හා දරිද්‍රතා සිසු සිසුවියන් සහිත නාගරික පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් 800,000කට මෙම වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂිකව සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජය්න්ත් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මීට පෙර අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, රුපියල් 1,200ක…
මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි පූබාලසිංහම් තවකුමාර් නැමැත්තා හදිසි රෝගී තත්ත්වයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. එම තැනැත්තාට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මාර්තු 31 වන දින මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර, ඊට සුළු වේලාවකට පසු ඔහු ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් පොලීසිය සඳහන් කළේය. මෙලෙස මියගිය පූබාලසිංහම් 39 වැනි වියේ පසුවන අතර ඔහු මරණ දණ්ඩනය සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර තිබූ බවද පොලීසිය පවසයි. මරණීය දණ්ඩනය නියම වීමෙන් පසු පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයට යොමු කර සිටි මොහු විටින් විට රෝගාතුර වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලට සහ මහනුවර ජාතික රෝහලට ඇතුළත්…
පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිතව තිබේ. කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත. අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබේ. පෙත්සම්කරුවන් කියා සිටින්නේ, පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නාම යෝජනාව ආණ්ඩුක්‍රම…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න මහතා පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. නව දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට අනුව ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.
යාපනය පොලිස් වසමේ කොළොම්බුතුරෙයි ප්‍රදේශයේ මුහුදු වෙරළේ ධීවර කටයුතු සඳහා ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන්ව තිබේ. යාපනය පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් මෘත ශරීරය සොයාගෙන තිබිණි. එලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ, 19 හැවිරිදි පෙරියකල්ලාරු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තරුණයා මුහුදේ මාළු අල්ලමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති බව විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.
ප්‍රථම වතාවට චීනයෙන් ආනයනය කළ ලොකු ලූණු මේ දිනවල පිටකොටුව තොග වෙළෙදපොළෙන් මිලදී ගත හැකි බව ආනයනකරුවෝ හා තොග වෙළෙන්දෝ පවසති. මෙම චීන ලොකු ලූණු කිලෝවක තොග මිල රුපියල් 320 ක් පමණ වන බවත් එම ලූණු හොද තත්වයේ පවතින බවත් ඔවුහු කියා සිටිති. ඉන්දියාව හා පකිස්ථානය ලොකු ලූණු අපනයනය තහනම් කිරීමෙන් පසුව මෙරට ආනයනකරුවන් හා තොග වෙළෙන්දන් බලවත් අසීරුතාවකට පත් වූ බව ද ඔවුහු පවසති. පසුව ආනයනකරුවන් හා තොග වෙළෙදුන් චීනයෙන් ලොකු ලූණු ආනයනය කිරීම ආරම්භ කළ අතර එම චීන ලොකු ලූණු ඊයේ (1) සිට පිටකොටුව තොග වෙළෙදපොළේ අලෙවි කරන බවද ඔවුහු පැවැසූහ. මේ අනුව උත්සව සමයේ ලොකු ලූණු හිගයක්…
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපැවැත්වීමේ වැඩසටහනට සමගාමීව උප පොලිස් පරීක්ෂකවරුන් 100ක් ඇතුළු නිලධාරීන් 500ක් පොලිස් සේවයට බදවාගැනීමට ගැසට් පත්‍ර නිකුත් කර තිබේ. ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරුන් 100 ක්, කොස්තාපල්වරුන් 370 ක් සහ කොස්තාපල් රියැදුරන් 30ක් බදවා ගැනීමට නියමිතය. සම්මුඛ පරීක්ෂණවලින් තෝරාගන්නා අපේක්ෂකයන් නොවැම්බර් මාසයේ සිට පුහුණු කිරීම් සදහා යොමු කෙරන අතර උප පොලිස් පරීක්ෂකවරයකු වසර පුහුණු කාලයකට යටත් වන අතර කොස්තාපල්වරුන් මාස 8ක පමණ කාලයක් පුහුණු කෙරේ. පුහුණු හා උසස් පුහුණු කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, නියෝජ්‍ය පොලිස්පති එච්.සී.ඒ. පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි බදවාගැනීම් බාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථානාධිපති ප්‍රසන්න වැලිකල…
