Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි ඇතැම් නිලධාරීන් විසින් ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් නිලධාරිහු පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ. එම කණ්ඩායම එම හිංසනවලට ලක්වූ සේවිකාවන් සහ එම අංශයේ නිලධාරීන් විස්සකට වැඩි පිරිසකගෙන් පෙරේදා ප්‍රකාශ සටහන් කර ගත්තේය. පරීක්ෂණ කණ්ඩායම පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැඳී සිටිමින් ඊයේ (17) දිනයේත් විමර්ශන කටයුතු කළේය. අද(18) දිනයේත් එම විමර්ශන පැවැත්වීමට නියමිතය.
ජනාධිපති අපේක්ෂකයන් රැසක් සිය මැතිවරණ කටයුතු වෙනුවෙන් මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ ප්‍රබල සටනක මේ දිනවල නිරතව සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. සමහර අපේක්ෂකයන් මන්ත්‍රීවරුන්ගේ නිවෙස් වලටම ගොස් තමන්ට සහාය දක්වන ලෙසට ආරාධනා කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. සමහරු මුදල් සහ වෙනත් ත්‍යාග සහ වරප්‍රසාද ලබාදෙන බවටද පොරොන්දු ලබාදී ඇත. මේ අතර සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියගේ නිවෙසට පසුගිය දිනවල වරින් වර පැමිණ ඇති ප්‍රධාන පෙළේ ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනකු තමන්ට සහාය දැක්වීම සඳහා ඡන්ද වේදිකාවට එක්වන ලෙසට ආරාධනා කර ඇතැයි වාර්තාවේ. මේ අතර තම වේදිකාවට නැගීමට එක් අපේක්ෂකයකු ඩයනාගමගේ මහත්මියට රුපියල් කෝටි 10 ක ලන්සුවක් යෝජනා කර…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවක් සඳහා ගොස් සිටි සිය පුත්‍රයා සැක කටයුතු ලෙස මියගොස් ඇති බවට ඥාතීන් චෝදනා කරයි. එම තරුණයා බද්දේගම ගෝනාපීනුවල ප්‍රදේශයේ පදිංචිව සිට මෙලෙස විදේශගතවූ අයෙකි. මේ පිළිබඳ කඩිනම් අවධානය යොමුකරන ලෙස ඔහුගේ මව්පියන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලා සිටී. බද්දේගම ගෝනාපීනූවල ඇලපලවත්ත ප්‍රදේශයේ පදිංචි කවිඳු සත්සර මීට වසර එකහමාරකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් අබුඩාබි නුවර රැකියාවක් සඳහා ගොස් තිබුණි. ඒ එරට ආපනශාලාවක සූපවේදියෙකු ලෙසය. එදා සිට කවිඳු පවුලේ ඥාතීන් ඇතුළු හිතමිතුරන් සමග දිනපතා කතාබහ කළත් පසුගිය 06 වනදා සිට සිය පුතු පිළිබඳව කිසිඳු තොරතුරක් නොමැති බවට මව්පියන් පවසයි. මෙවන් පසුබිමක කවිඳුගේ රැකියා ස්ථානයෙන් කළ විමසීමකදී…
ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම යන සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා අභිලාෂ කැඳවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ. ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් හි 99.936% ක කොටස් හිමිකාරීත්වය සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතුව පවතී.
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (17) සංවිධානය කර තිබූ විරෝධතා පාගමනකට අදාළව මාළිකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. අදාළ විරෝධතාවය හේතුවෙන් මහජන පීඩාවක් ඇති වියහැකි බවට මරදාන පොලිස් ස්ථාන මඟින් සිදුකරන ලද කරුණු දැක්වීමක් සැලකිල්ලට ගැනීමේන් අනතුරුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අදාළ නියෝගය නිකුත්කර තිබිණි. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත්, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු වගඋත්තරකරුවන් 9 දෙනෙකු වෙත මෙම නියෝගය නිකුත් කර තිබේ. ඒ අනුව අද දින 2 සිට කුරුඳුවත්ත විහාර මහාදේවී උද්‍යානය අසලින් විරෝධතාවය ආරම්භ කර ලිප්ටන් වටරවුම දක්වා පාගමනින් ගමන් කිරීමට හෝ සිනේසිටි සිනමා ශාලාව අසලින් විරෝධතාවය ආරම්භ කර කොටුව…
ගෘහ සේවකයන් ලෙස බඳවා ගැනීමේදී අය කරනු ලබන ගාස්තු අඩු කිරීමට සෞදි අරාබිය තීරණය කර තිබේ. පිලිපීනය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, උගන්ඩාව, කෙන්යාව සහ ඉතියෝපියාව ඇතුළු රටවල් කිහිපයක ගෘහ සේවකයන් සම්බන්ධයෙන් ඔවුන් එම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව පිලිපීනය සඳහා සෞදි රියාල් 15,900 සිට 14,700 දක්වා, ශ්‍රී ලංකාව සඳහා සෞදි රියාල් 15,000 සිට 13,800 දක්වා, බංග්ලාදේශය සඳහා සෞදි රියාල් 13,000 සිට 11,750 දක්වා, කෙන්යාව සඳහා සෞදි රියාල් 10,870 සිට 9,000 දක්වා, උගන්ඩාව සඳහා සෞදි රියාල් 9,500 සිට 8,300 දක්වා සහ ඉතියෝපියාව සඳහා සෞදි රියාල් 6,900 සිට 5,900 දක්වා බඳවා ගැනීමේ ගාස්තු පහළ දමා ඇත. ගෘහ සේවකයන් ලෙස…
රාත්‍රී කාලයේ නිවෙස් බිඳ දේපොළ සොරාගැනීමේ අපරාධ සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාස නිලධාරීන් සමත්ව තිබේ. ඊයේ (16) දින උදෑසන සීදුව පොලිස් වසමේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ගල්කිස්ස පොලිස් කොට්ඨාස නිලධාරීන් විසින් 34 හැවිරිදි නව නගරය, ඇඹිලිපිටිය යන ලිපිනයේ පදිංචිකරුවෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ගල්කිස්ස පොලිස් වසමේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 20ක් වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීම, දෙහිවල පොලිස් වසමේ අල්විස් පෙදෙස හා ඉන්වැන්ඩර්ඩ් ප්‍රදේශවල පිහිටි නිවාස 2ක් බිඳ මුදල් රුපියල් 12,000ක් හා පවුම් 6 හමාරක් බර රන් භාණ්ඩ සොරකම් කිරීම, බම්බලපිටිය ප්‍රදේශයේ හෝටල් කාමරයක් තුළ තිබූ…
ජනාධිපති වරණයට වැඩිම සුදුසුකම් ඇති පුද්ගලයා මම. ඒ නිසා ජනතාව රැස්වීම් තියෙනවා නම් වියදම් දරනවා නම් මටත් ජනාධිපතිවරණයට එන්න පුළුවන්. මම තවම කේන්දරය බැලුවේ නැහැ. නමුත් තාරකාවක් තියෙනවා. ඔය කියන ටයි කෝටි කාරයෝ හෝ කියන කවුරුත් එන්නේ නෑ. එන අය එන්නේ පස්සේ. ආර්ථික අමාරුකම් තියෙනවා කීවට උන් පවුල් පිටින් රට යනවා. යන්නේ ෆස්ට් ක්ලාස්. ගිහින් ඉන්නේ හොද හෝටල්වල. මේවා නතර වෙන්න ඕන. මොන ආර්ථික අර්බුදය තිබුණත් ඡන්ද තියන්නත් ඕන. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගේ හොද නරක දෙකම තියෙනවා .කොහොම වුණත් ජනතාවගේ පැත්තෙන් ඔවුන් ඉන්නේ අමාරුවෙන් ඉන්නේ. ජනතාව අසරණයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය වැඩභාර නිලධාරීන්ගේ ඇතැම් කාර්යාලවලට සේවකයන් සපයන පෞද්ගලික සමාගම්වලින් සේවකයන් ගන්නා බව පවසමින් මුදල් වංචාවක් වන බව එම මණ්ඩලයේ සේවකයෝ පවසති. කොළඹ දිස්ත්‍රිකය ඇතුළු දිස්ත්‍රික්ක රැසක වැඩභාර නිලධාරීන්ගේ කාර්යාල කීපයකම ප්‍රධානීන් සේවකයන් දෙදෙනා බැගින් පෞද්ගලික සමාගම්වලින් බඳවාගත්තේ යැයි පවසමින් ඔවුන්ට හිතවත් පුද්ගලයන්ගේ නම් එම මණ්ඩලයට යොමුකර වැටුප් ගන්නා බවත් ඇතැම් වැඩභාර නිලධාරීන්ගේ කාර්යාලවලින් වසර දෙක තුන එවැනි දීර්ඝ කාලයක සිට මෙම වංචා ආකාරයට මුදල් ගන්නා බවත් සේවකයෝ කියති. කොළඹ නගරයේ වැඩභාර නිලධාරීන්ගේ කාර්යාලයක් එය පාලනය කරන ප්‍රාදේශීය ලොක්කෙකුගේ පූර්ණ ආශීර්වාදයෙන් මෙම වංචාව ක්‍රියාත්මක කරන බව කී සේවකයෝ එම සාමූහික වංචාවක් හැටියට ක්‍රියාත්මක වන බව…
විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැඩිව නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් කරන්නැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කාර්යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත. කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කටාර් රාජ්‍යයේ රැකියා දෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් 450000 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට කාර්යාංශයට ලද පැමිණිල්ලක් අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු…
