Author: LANKA24X7

ගිහියකුව සිටියදී කරන ලද සොරකම් සම්බන්ධයෙන් පොලිසියට කොටු නොවූ බවත් එම සොරකම්වලට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබා දෙන තෙක් හිතට සහනයක් නොමැති බවත් කියමින් තරුණ භික්ෂූන් වහන්සේ නමක ගම්පහ, යක්කල පොලිස් ස්ථානය වෙත ඊයේ ( 4) පැමිණ ප්‍රකාශයක් කළේ යැයි යක්කල පොලිසිය සඳහන් කරයි. මෙම භික්ෂූන් වහන්සේ පොලිසියට පැමිණියේ සිය මව ද කැටිවය. භික්ෂූන් වහන්සේ පොලිසිය භාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇත. තමන් ගිහියකුව සිටියදී මීට වසර අටකට පමණ ඉහතදී කරන ලද මෙම සොරකම් වලට අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදෙන තෙක් බණ භාවනා කරමින් මහණදම් පිරීමට තරම් හිතට සහනයක් හෝ සැනසිල්ලක් හෝ නොමැති බව මෙම භික්ෂූන් වහන්සේ පවසන්නේ යැයි…

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගොනු කළ පෙත්සමකට අනුව කොළඹ දිසා අධිකරණ විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය කළේය.

Read More

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් හෙට (5) සිට විශේෂ බස් රථ සේවවයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසීය. කොළඹ සහ අවට ප්‍රදේශවල සිටින ජනතාවට ගම්බිම් බලා යෑමට අමතර බස් රථ 200 ක් පමණ සේවයට යොදවන බවත් කොළඹ සහ අවට ප්‍රදේශවල සිට දිවයිනේ සෑම ප්‍රදේශයකට බස් රථ ක්‍රියාත්මක වන බවත් ඒ මහතා කීය.

Read More

හෙරෝයින් මත්කුඩු මිලි ග්‍රැම් 230 ක් සන්තකයේ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු නාච්චාදුව ප්‍රදේශයේදි ඊයේ (03)දින අත්අඩංගුවට ගත්බව හිදෝගම පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්කසන්තුරේ ප්‍රදේශයේ පොලිසියකට අනුයුක්තව සේවය කරන 25 හැවිරිදි පොලිස් කොස්තාපල් වරයෙකි. මෙම පොලිස් කොස්තාපල්වරයා සිය සේවා ස්ථානයෙන් නිවාඩු ලබා පහළ හල්මිල්ලෑව,නොච්චියාගම ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණ සිටින අතර වාරයේදි පොලිසියට ලද තොරතුරක් මත මත්කුඩු සමග අත්අඩංගුවට පත්ව තිබේ. ඔහු මත් කුඩු ලෝලියෙකු බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගනුලැබු සැකකාර පොලිස් කොස්තාපල් අද (04) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් හිදෝගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.එස්.බි.ගුණතිලක මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.

Read More

සිංහල, දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලයේ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා හා සෙසු රාජ්‍ය සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරක්ෂක, සෞඛ්‍ය, ප්‍රවාහන, විදුලිබල යන අමාත්‍යාංශ ඇතුළු අදාල ආයතන ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ සකස් කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත. එසේම සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ රටේ මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත් නීතිය හා සාමය ආරක්ෂා කිරීමටත් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ද ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

Read More

හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා විපක්ෂ නායකවරයාට හිමි කොළඹ 7 මහගමසේකර මාවතේ නිල නිවෙසේ වසර 8ක පමණ කාලයක සිට රැඳී සිටින බව වාර්තාවේ. ඔහු දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන තාක් කල් පාවිච්චි කිරීම සඳහා මෙම නිවෙස ඔහුට දිගටම ලබාදී ඇත්තේ පසුගිය යහපාලන ආණ්ඩුවේ ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයා වූ ගයන්ත කරුණාතිලක මහතා විසින් 2019 පෙබරවාරි 26 වැනිදා ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය හිමිවීමෙන් පසුව යැයි කියති. සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයෙන් ද පසුගිය කාලයේදී ඉවත්විය. දැන් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පමණි. ඉකුත් 2015 අගෝස්තු පැවැති මහ මැතිවරණයෙන් පසු ආර් සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධූරයට පත්වීමත් සමග…

Read More

මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නකලස් කදු පද්ධතියේ පහළ කොටසේ පිහිටි ගම්මාන රාශියකට ජංගම දුරකතන සදහා නිසි ලෙස අදාළ සංඥා නොලැබීම හේතුවෙන් එම ගම්වල අධ්‍යාපනය හදාරන දූ දරුවෝ සහ ගම්වාසීහු දැඩි අපහසුතාවකට පත්ව සිටිති. අති දුෂ්කර වනගත ගම්මාන වශයෙන් හැදින්වෙන ගලමුදුණ උඩගලදෙබොක්ක හා මැදකැලේ යන ගම්මාන සහ උඩත්තවල පමුණුපුරල ළිහිණියකැටියල නෙළුම්මලල පල්ලේගල දෙබොක්කල උඩඇස්සැද්දුමල මීගහමඩල දුන්ගොල්ලල බැද්දේමුල්ල ඇතුළු ගම්මාන රාශියක ජනතාව මෙම සංඥා ගැටලුවට මුහුණ පා සිටින බව සඳහන් වේ. උඩත්තව වයිග එම්ග කරුණාරත්න මහතා මේ සම්බන්ධව මෙසේ කීය. මෙම සංඥා ගැටලුව නිසා මේ ගම්වල පදිංචි මාර්ගගත ක්‍රම ඔස්සේ අධ්‍යාපනය හදාරණ දරුවන් ද මහත් අපහසුතාවකට පත්ව සිටිනවාග ගමේ අයකුට හදිසි කරදරයක්…

Read More

අවුරුදු හැත්තෑ තුනක් වයසැති සිය මාමණ්ඩිය ඝාතනය කළේ යැයි කියන බෑනා සැකපිට අත්අඩංගුවට ගත් බව කැලණිය පොලිසිය පවසයි. මෙම අපරාධය ගැන දැන එම තොරතුරු වසං කළේ යැයි කියන අවුරුදු 65 ක් වයස පුද්ගලයෙක්ද මේ සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කැලණිය පොලිසියේ නිලධාරියෙක් මාධ්‍යට පැවසීය. කැලණිය ගෝනවල ගුරුවිල පාරේ පදිංචිව සිටි ඒ. ඒ.ඩි. සිරිසේන නැමැති අය සැකකටයුතු ලෙස නිවස තුළ මියගොස් සිටියදී සොයා ගනු ලැබීය. මෙම පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමේ දී ඔහුට පහර දී හුස්ම හිරකර ඝාතනය කර ඇති බවට සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර තිබිණි යැයි පොලිසිය පවසයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා හෙළිවූ තොරතුරු මත ඝාතනය වූ…

Read More

බංකොලොත්වූ රටක දුප්පත්කම අළුත් දෙයක් නොවෙ යැයි ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. රට ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව විසින් දියත්කර තිබෙන වැඩපිළිවෙල දශමයකින් හෝ වෙනස් කලහොත් රට යළිත් බරපතල අවධානමකට ලක්වන බව ද අමාත්‍යවරයා කීය. මෙරට දුප්පත්කම ඉහළ ගොස් ඇති බවට විවිධ වාර්තා පල වුවත්, ආර්ථික වර්ධනය සෘණ 8ක් වූ සහ මුළුමණින්ම බංකොළොත් භාවයට පත්වූ රටක එය අළුත් දෙයක් නොවන බව පෙන්වා දුන් අමත්‍යවරයා සමෘද්ධිය සඳහා වෙන්කළ මුදල මෙන් තුන් ගුණයක මුදලක් වෙන්කර අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන්නේ එම දුප්පත්කමට ඔරොත්තු දිය හැකි සමාජ ආරක්ෂණයක් ඇති කිරීමට බව ද සඳහන් කළේය. අමාත්‍ය…

Read More

උසස් තාක්ෂණ අධ්‍යාපන ඩිප්ලෝමාව හැදෑරූ පන්සිය දෙනකු ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඉංග්‍රීසි ගුරු හිඟයකට පිළියම් ලෙස මෙම පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එම පිරිස ඉංග්‍රීසි ගුරුප්පාඩු පවතින ජාතික සහ පළාත් පාසල්වලට යොමු කෙරෙනු ඇත.

Read More