Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
නව විදුලිබල පනතට විරෝධය දක්වමින් විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ක්‍රියාත්මක කළ තෙදින විරෝධතා මාලාවට සහභාගි වූ එහි තවත් සේවකයන් 51 කගේ සේවය අත්හිටුවූ බව එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා ඊයේ (20) පැවසීය. මෙම සේවකයන් 51 සමග එම වර්ජනයට සහභාගි වූ සේවකයන් 66 කගේ සේවය අත්හිටුවීමට මේ වනවිට කටයුතු කර ඇති බව ඒ මහතා කීය. සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබියදී විදුලිබල මණ්ඩලයේ කටයුතුවලට බාධා වන පරිදි කටයුතු කිරීමේ චෝදනාවට ඔවුන්ගේ වැඩ තහනම් කළ බව ද ප්‍රියන්ත මහතා කීය.
උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රිකා කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් කිහිප පළක් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා (Cyril Ramaphosa) මහතා අතර හමුවක් ද පැවැත්විණි. මෙහිදී දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා සුහදශීලිව පිළිගත් අතර අනතුරුව නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූහ. මේ අතර ටැන්සානියාවේ අග්‍රාමාත්‍ය කසීම් මජලිවා ( Kassim Majaliwa ) මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළේය. එමෙන්ම බහමාස් අග්‍රාමාත්‍ය පිලිප් ඊ. ඩේවිස් ( Philip…
ගාල්ල ශ්‍රි හෘදය කන්‍යාරාමයේ ශාලා අංක 02 විභාග මධ්‍යස්ථානයේදී අද පැවති ගණකාධිකරණය 1 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටි තම දරුවන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි එම දරුවන්ගේ දෙමව්පියෝ පවසති. ඔවුන් පවසන්නේ දරුවන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටියදි ඔවුන් ගෙනෙන ලද ගණක(කැල්කියුලේටර්) යන්ත්‍ර ශාලාධිපතිනිය විසින් එකතුකර ගෙන ඇති බවය. පසුව ශාලාධිපතිනිය දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට පවසා ඇය විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්නා ලද උපදෙස් මත පැය භාගයකට පසු ආපසු ඒවා ලබාදි ඇති බවත් එසේ ලබාදි ඇතත් ඒ වන විට ඒවා කලවම්කර නිසා තම තමන්ගේ ගණක යන්ත්‍ර තෝරා ගැනිමටද දරුවන්ට බොහෝ වේලාවක් ගත කරන්නට සිදුව ඇතත් එසේ ගතවු කාල සිමාව වෙනුවෙන් අමතර කාලයක් ලබාදි…
සිය යට ඇඳුමේ සඟවාගෙන පුපුරන ද්‍රව්‍ය තොගයක් ලංගම බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොටවෙහෙර පොලිසිය පවසයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර තලාතුවය ප්‍රදේශයේ පදිංචි (51) කාන්තාවකි. කළු පාට වෙඩි බෙහෙත් ග්‍රෑම් 165, හැමෝනියා පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 605, විද්‍යුත් නොවන ඩෙටනේටර් 2ක්, අඩි 10 සේවා නූල් 2 ක්, නීති විරෝධී ව මෙරටට ගෙන්වා ඇති දුම් වැටී 20ක් ඇය සඟවාගෙන සිටි බව පොලිසිය සඳහන් කරයි. යුක්තිය මෙහෙයුමට සමගාමීව පසුගිය (19) කොටවෙහෙර පොලිසිය විසින් අදාල ලංගම බස් රථය පරීක්ෂාවට ලක් කිරීමේදී. මෙම කාන්තාවගේ සැකකටයුතු හැසිරීම අනුව ඇය තවදුරටත් පරීක්ෂා කිරීමේදී යට ඇඳුමේ සඟවා තිබූ ඉහත පුපුරන ද්‍රව්‍ය සොයා ගත්…
කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් ලබන මාසයේදී සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවසේ. ඉදිරි මැතිවරණ ඉලක්ක කර මෙම සංශෝධනය කෙරෙන බවද දැනගන්නට ඇත. මෙම සංශෝධනයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකටද අමාත්‍ය ධුර හිමිවීමට නියමිත බව පවසන එම ආරංචි මාර්ග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අමාත්‍ය ධුර සඳහා මන්ත්‍රී ලැයිස්තුවක් කලකට පෙර සිට ඉදිරිපත් කර තිබුණත් ඔවුනට ඇමැති ධූර පිරිනැමීමක් මෙතෙක් සිදු නොවූ බව සඳහන් කරයි. වෙන් වෙන්ව පිහිටා ඇති සමහර ආයතන එක වහලක් යට ගැනීමද මෙම වැඩපිළිවෙළේ අරමුණක් බව ඔහු සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ලැබුණු පසු ජනතාවට යම් සහනයක් ලබා දෙන අතරේ කැබිනට් මණ්ඩලයේ…
ගනේමුල්ල සංජීවගේ ගෝලයකුගේ සමීපතමයෙකුට අයත් නිවසක බංකරයක සඟවා තිබූ ලක්ෂ 22කට අධික මුදලක් නාකොටික් නිලධාරින් විසින් සොයාගෙන තිබේ. සැකකරු දැනට රැඳවුම් නියෝග මත වීරගුල පොලිස් ස්ථානයේ රඳවා සිටින පුද්ගලයෙකි. මොහු ගනේමුල්ල සංජීවගේ ගෝලයෙකු වන දැනට විදේශගත ව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පැට්ටා මංජු නමැත්තාගේ සමීපතමයෙකු බවට වාර්තා වේ. පරික්ෂා කරන ලද නිවසේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු සිට ඇති අතර, නිවසේ සිටි කාන්තාවගේ ජංගම දුරකථන පරීක්ෂා කරන අවස්ථාවේ දී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා මුදල් මොවුන් හරහා සංසරණය වන බවට අනාවරණය වී ඇත. පසුව අදාළ කාන්තාව ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය කෙහෙල්බැද්දර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පමණ වයසැති කාන්තාවකි. මත්ද්‍රව්‍ය…
අවලෝකිතේශ්වර නමින් පෙනී සිටිමින් බෞද්ධ දර්ශනයට අපහාස වන ලෙස කටයුතු කළැයි චෝදනා එල්ල වී ඇති මහින්ද කොඩිතුවක්කු නැමැත්තා එළැඹෙන අඟහරුවාදා මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමුකිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරු ඒ අනුව බන්ධනාගාර රෝහලේ මානසික රෝගී වාට්ටුව වෙත යොමුකර ඇති බව වාර්තා වේ. අවලෝකිතේශ්වර නමින් පෙනී සිටිමින් බෞද්ධ දර්ශනයට අපහාස වන ලෙස කටයුතු කළැයි චෝදනා ලත් මහින්ද කොඩිතුවක්කු නැමැත්තා සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පසුගියදා නියෝග කළේය. ඒ සිද්ධියේ නීති කෘත්‍යය පසුගිය 16 වැනි දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදීයි. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරු මේ වනවිට බන්ධනාගාර…
කොළඹ මහනගර සභා සීමාවේ සාමාන්‍ය ජනතාව ජීවත්වන මහල් නිවාස දැඩි ලෙස අබලන්ව පවතින බව අපි ඊයේ (19) නිරීක්ෂණය කළෙමු. එම නගර සභාව පසුගිය (18) සඳහන් කළේ, එම ගොඩනැගිලි කඩා ඉවත්කර පදිංචිකරුවන්ට විකල්ප ස්ථාන ලබාදෙන බවය. කෙසේ වෙතත්, දැනටමත් නිවාස ලැබුණු ඇතැමුන් විවිධ හේතු දක්වමින් තවමත් එම ස්ථානවලින් ඉවත්ව ගොස් නැත. එමෙන්ම කොළඹ 13 ප්‍රදේශයේ පිහිටි 36/53 මහල් නිවාසය සහ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි අභයාරාම තෙමහල් මහල් නිවාසයද මේ වනවිට කඩාවැටීමේ අවදානමට පත්ව තිබේ. මෙහි ගැටලුව වී ඇත්තේ මෙම නිවාසවලින් ඉවත් වන පදිංචිකරුවන්ට නාගරික සංවර්ධන අධිකාරියේ මහල් නිවාස ලබාදීමට පියවර ගැනුණත් ඇතැම් පදිංචිකරුවන් එම ප්‍රදේශවලට යෑමට අකැමැත්ත පළ කිරීමය. මේ සම්බන්ධයෙන් කොළඹ…
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් දා තීන්දුවක් ලබා දෙනු ලැබිණි. කෙසේ වෙතත් එම තීන්දුවට එරෙහි ව ගොනු කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) අවසර ලබා දී තිබේ. අභියාචනාධිකරණ තීන්දුවට එරෙහි ව සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරු ව ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථිකය ස්ථායී වෙමින් පැවතියද ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම පහළ මට්ටමක පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පවසන්නේ එහි ප්‍රතිලාභ තවමත් ජනගහනයේ වැඩි පිරිසකට ලැබී නොමැති බවයි. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් ලබාදී ඇති ඉලක්ක සපුරා ගැනීමට දේපොළ බද්ද විශාල ආධාරකයක් වෙතැයි ද ඔහු පැවසීය.
