Author: LANKA24X7

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදි කෙරුණු පසු ආනයන – අපනයන කටයුතු මෙන්ම සෙසු කටයුතු වලින් වැඩි වාසියක් ලැබෙන්නේ ශ්‍රී ලංකාවට බව රජය පවසයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ඉකුත්දා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ අතර එහිදී සිදුවූ සාකච්ඡා අනුව අදාල මාර්ගය ඉදිකිරීමේ මූලික අදහස් මෙම සතියේදී ලබාදෙන බවට ඉන්දීය රාජ්‍ය නියෝජිතයින් දැනුම් දී තිබේ. ඉන්දීය රජයේ මූලික අදහස් සලකා බැලීමෙන් අනතුරුව ලංකා රජයේද අදහස් ලබාදී මාර්ගය ඉදිකිරීමේ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. ලංකාව…

Read More

දේශපාලන පළිගැනීම් වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ. 1994 වසරෙන් පසු දේශපාලන පළිගැනීම් වලට ලක්ව රුපියල් ලක්ෂ දහයට වඩා අලාභ සිදුවූ බවට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටුවෙන් නිගමනය කරන ලද 66 දෙනෙක් සඳහා මුලින්ම වන්දි ගෙවීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයට පත්වූ සැණින් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටුව පත් කෙරුණු අතර එම කමිටුවට පැමිණිලි එකසිය 164 ක් ලැබී තිබිණි. එම පැමිණිලි වලින් 66ක් සඳහා වන්දි අනුමත කෙරුණු අතර සෙසු පුද්ගලයන් ඉදිරිපත් කළ අභියාචනා සලකා…

Read More

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති වත්මන් ආර්ථික ප්‍රගතිය හේතුවෙන් එක්සත් රාජධානිය විසින් සිය පුරවැසියන් සඳහා නිකුත් කර තිබූ ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය (Travel Advisory) 2024 අප්‍රේල් මස 05 වැනි දින සිට යාවත්කාලීන කිරීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබේ. හදිසි වෛද්‍ය සේවාවන් ලබාගැනීම, රට තුළට ඇතුලුවීමේදී ආරක්ෂාව සම්බන්ධයෙන් පැවතිය යුතු අවශ්‍යතා, මාර්ගවල ගමන් කිරීමේදී පවතින ආරක්ෂාව, රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම ආදී අංශයන්හි පෙර පැවති තොරතුරු යාවත්කාලීන කිරීම මෙමගින් සිදු කර ඇත. ඒ අනුව ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟය පිළිබඳව පසුගිය උපදේශනය තුළ අඩංගු කර තිබූ කරුණු යාවත්කාලීන කරන ලද මෙම සංචාරක උපදේශනයෙන් ඉවත් කර ඇත.…

Read More

කඩුවක් ද රැගෙන මාවනැල්ල පදීදොර ගම්මානයේ වැසියන් බියට පත් කරමින් කාන්තාවක ඇපයට ගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිසියේ දෙදෙනකුට කඩුවකින් පහරදුන් පුද්ගලයකු පොලිස් වෙඩි පහරින් මියගොස් ඇතැයි පොලිසිය කියයි ජයතිලක නමැති 52 හැවිරිදි පුද්ගලයකු මෙසේ මියගොස් ඇත. මියගිය පුද්ගලයක් කඩුවක් රැගෙන මිනිසුන් බියගන්වමින් සිටින බවට පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලද තොරතුරමක් මත එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින් දැක ඇත්තේ මරණ කරු කාන්තාවක් ඇපයට ගෙන ඇති අයුරුයි. පසු එම කාන්තාව බේරාගැනීමට ගිය අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරින් දෙදෙනකුට කඩුවෙන් පහරදී ඇති අතර ජීවිත ආරක්ෂාව පතා පොලිසිය සැකකරුට වෙඩි තබා ඇත. පසුව සැකකරු මියගොස් ඇත. සිද්ධියෙන් කැපුම් තුවාල ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනකු…

Read More

ඇමෙරිකාවේ නිව්යෝක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි නගර රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූ කම්පනයකින් දෙදරා ගියේය. එරට වේලාවෙන් උදෑසන 10.23 ට පමණ හටගත් එම කම්පනය ෆ්ලොරීඩා සිට නිව්යෝක් දක්වා දැනුණු බව ද පැවැසෙයි. පසු කම්පන 11 ක් ද හට ගැනුණි. ගෙවුණු දශක පහක කාලය තුළ කලාපයෙන් වාර්තාවූ තෙවන විශාලතම භූ කම්පනය මෙය යැයි ද පැවැසෙයි. භූමි කම්පාවෙන් ජීවිත හානි හෝ දේපොල හානි හෝ සිදුවූයේ නැත. කෙසේ නමුත් එයින් නිව්යෝක් නුවර ලිබර්ටි දූපතේ දූපතේ පිහිටි ලිබර්ටි ප්‍රතිමාව දෙදරා ගියේය.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත ආරම්භ කළ විශේෂ මෙහෙයුමට අනුව ඊයේ (05) දිනයේදී සැකකරුවන් 09ක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, ගාල්ල, රාගම , මොරටුව, බණ්ඩාරගම සහ වාද්දුව යන ප්‍රදේශවල පදිංචි ජාවාරම්කරුවන් 09 දෙනෙකි. මෙම සැකකරුවන් පූකුඩි කණ්නා, පොඩි ලැසී, ගණේමුල්ල සංජීව, හීනටියන සංඛ, කුඩු අංජු, කුඩු සළිඳු සහ මතුගම ගවරියා යන සංවිධානාත්මක අපරාධකරුවන්ගේ කණ්ඩායම්වල සාමාජිකයින් බව පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගේ ඡායාරූප පහතින්,

Read More

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් අප්‍රේල් 24, 25 හා 26 යන තෙදින පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (5) තීරණය කළ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය. විවාදය සඳහා යෝජනාව ගෙන එනු ලබන්නේ විපක්ෂය විසිනි. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මේ අතර අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත සහ විෂ වර්ග අබිං සහ අන්තරායදායක ඖෂධ ආඥා පනත යටතේ නියෝග ලබන 24 වැනිදා බදාදා විවාදයට ගැනීමට නියමිතය.

Read More

වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වසරේ දී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සහ මරණ ප්‍රතිශතය අඩුකර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවාය. මෙම වසරේ ජනවාරි මාසය වන විට ඩෙංගු අවදානම් කලාප 64ක් හඳුනාගෙන තිබුණ ද එය අද වන විට කලාප දෙකක් දක්වා පාලනය කර ගැනීමට හැකි වූ බව ද රාජ්‍ය අමාත්‍යවරිය කීවාය. සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. ජනවාරි මාසයේ සිට වසරේ මේ දක්වා කාලයේ ඩෙංගු රෝගීන් 20,365ක් වාර්තා වූ අතර ඉන් 7289ක් වාර්තා වුණේ බස්නාහිර පළාතෙන් බව ද රාජ්‍ය අමාත්‍යවරිය කීවාය. 2024 වර්ෂයේ…

Read More

ඩොලරයේ අගය පහළ යෑම හේතුවෙන් මෙරට ජංගම දුරකථන මිල සියයට 18% – 20% අතර ප්‍රමාණයකින් පහළ බැස ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, සමිත් සෙනරත් මහතා මාධ්‍ය හමුවකට ඒ බව සඳහන් කළේය. මිල අධිකව ම පැවතුන Apple iPhone 15 Pro Max දුරකථනයක් මේ වනවිට 375,000ක් පමණ දක්වා අඩුවී ඇතැයි ද සමිත් සෙනරත් මහතා පවසයි.

Read More

ලොව ළාබාලතම බිලියනපතිනිය ලෙස බ්‍රසීල ජාතික විශ්වවිද්‍යාල සිසුවියක්ව ෆෝබ්ස් සඟරාව විසින් නම් කර තිබේ. 19 හැවිරිදි ලිවියා වොයිග්ට් 2024ට අදාළව ෆෝබ්ස් සඟරාව නිකුත් කරන ලද බිලියනපතියන්ගේ ලැයිස්තුවට අනුව ඇතුළත්ව ඇති බව වාර්තා වේ. ඇයගේ ආදායම ඩොලර් බිලියන 1.1ක් බව සඳහන් වේ. ලිවියා වොයිග්ට් මෙලෙස බිලියනපති ලැයිස්තුවට ඇතුළත්ව ඇත්තේ, ලතින් අමෙරිකාවේ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක තනි කොටස්හිමිකාරිය බවට ඇය පත්වීමත් සමගයි. ෆෝබ්ස් සඟරාව විසින් මේ වසරට අදාළව නිකුත් කළ බිලියනපතියන් ලැයිස්තුවට ඇතුළත්ව සිටින 25 දෙනෙකුම වයස අවුරුදු 33ට අඩු තරුණ පිරිස් වීම විශේෂත්වයකි.

Read More