Author: LANKA24X7

සමාජ මාධ්‍ය ඔස්සේ බුදු දහමට අපහාසවන ආකාරයේ යළි ප්‍රකාශ සිදුකළ විශ්ව බුද්ධ නැමැති පුද්ගලයා ලබන 26 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් සුනිල් හෙට්ටිආරච්චි මහතා අද නියෝග කළේය. ඒ මින් පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටියදී ඇප කොන්දේසි කඩකරමින් යළිත් වරක් අන්තර්ජාලය ඔස්සේ බුදු දහමට අපහාස කිරීම හේතුවෙන් අධිකරණ නියෝග මත සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේය. විශ්ව බුද්ධ නමින් තමාව හඳුන්වාගනිමින් සමාජ මාධ්‍යජාලා ඔස්සේ බුදු දහම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ චීවරධාරියකු සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි කථාබහක් නිර්මාණය වුණා. ඔහු ඇතැම් අවස්ථාවලදී ගිහියෙකු ලෙස ද සැරසී සාමාජ මාධ්‍යට විවිධ වීඩියෝ නිකුත්කර තිබුණා. අනතුරුව රක්ෂිත…

Read More

දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියෝ සිවු දෙනෙක් දිවයිනට පැමිණ සිටිති. මෙසේ පැමිණ සිටින්නේ අයිෂ්චර්යා රාජේෂ්, අයිෂ්චර්යා දත්තා, සංයුක්තා සහ මීනාච්චි යන රංගන ශිල්පිනියෝ තිදෙනා වෙති. මෙම නිළියන් සිවු දෙනා පැමිණ සිටින්නේ හැටන් ඩන්බාර් ක්‍රීඩාංගනයේ පැවති තෛපොංගල් දින උත්සවයට සහභාගී වීම සඳහාය. බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ජල සම්පාදන,වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය අමාත්‍ය ජීවන්තොන්ඩමන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. උත්සවයේදී දමිළ ජනතාව විසින් කෝලම් රටා සහ හින්දු සංස්කෘතිකාංග රැසක් ඉදිරිපත් කෙරිණ.

Read More

ඔංචිල්ලාව සමඟ සෙල්ලම් කරමින් සිටියදී අ‍ැඳවැටී එහි ලණුවට ගෙළ සිරවීමෙන් මුලතිව්, සෙම්මලෙයි හි දස හැවිරිදි දරුවකු ජිවිතක්ෂයට පත්ව අ‍ැතැයි මුලතිව් කෝකිලායි පොලිසිය කියයි. නිවැසියන් වෙනත් කාර්යක නිරතව සිටියදී අවස්ථාවක දරුවා තනිව ඔංචිල්ලාව සමඟ සෙල්ලම් කරමින් සිටයදී මෙම අනතුර සිදුව අ‍ැති බවත් පොලිසිය පැවසීය. එලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව අ‍ැත්තේ ප්‍රසාන්ත් දනෝෂ් නමැති දස හැවිරිදි පිරිමි දරුවෙකි.. සෙල්ලම් කරමින් සිටි දරුවා සම්බන්ධයෙන් මව විසින් සොයා බැලීමෙදී ගෙල සිරවී සිටි දරුවා දැක ප්‍රදේශවාසීන් සමඟ එක්ව කඩිනමින් මුලතිව් රෝහලට රැගෙන ගොස් අ‍ැති අතර , එහිදි දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පැවසීය.

Read More

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පත්ව තිබේ. අද දෙරණ වාර්තාකරු පැවසුවේ පක්ෂ නායකත්වය සඳහා අද පැවති ඡන්ද විමසීමේදී ඒ මහතා වැඩි ඡන්දයෙන් නායකත්වයට තේරී පත්ව ඇති බවය. ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා තේරීම සඳහා වන එම ඡන්ද විමසීම අද පෙරවරුවේ ත්‍රිකුණාමලය නගර සභා ශාලාවේ දී පැවැත්වුණි. ඒ සඳහා එම්.ඒ සුමන්තිරන්, එස් ශ්‍රීධරන් සහ එස්.යෝගේෂ්වරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත්ව සිටි අතර රහස් ඡන්දයකින් නව නායකයා තෝරා පත් කර ගැනීම සිදුව තිබුණි.

Read More

මාතර – තෙලිජ්ජවිල ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, අපරාධකරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයා නොවන බවට පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, අදාළ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, 22 හැවිරිදි තරුණයෙකු බවයි. ඔහු වෙඩිතැබීම සිදු වූ දුරකථන උපාංග අලෙවිසලට පැමිණි අයෙකු වන අතර, අපරාධකරුවන්ගේ ඉලක්කය වී තිබූණේ එම අලෙවිසලේ හිමිකරු බවට සිදු කළ විමර්ශනවල දී අනාවරණය වූ බව නිහාල් තල්දූව මහතා පැවසීය. මාතර – මාලිම්බඩ පොලිස් වසමේ තෙලිජ්ජවිල මංසන්ධියේ පිහිටි ජංගම දුරකථන උපාංග අලෙවිසලක දී පුද්ගලයෙකු ඉලක්ක කරගෙන වෙඩි තැබීමක් සිදු වුණේ ඊයේ (20) රාත්‍රී…

Read More

විශ්ව බුද්ධ නමින් පෙනී සිටි චීවරධාරියා යළි අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම චීවරධාරියා ව කළගෙඩිහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. බුදු දහම පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරමින් සහ සමාජ මාධ්‍යය තුළ ආන්දෝලනාත්මක හැසිරීම් සිදු කළ විශ්ව බුද්ධ නම් පුද්ගලයා මීට පෙර ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි. නමුත් මොහු අධිකරණයේ අවවාද නොතකමින් සුපුරුදු ලෙස හැසිරෙන බව පවසා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කෙරිණි.

Read More

මාතර තෙලිජ්ජවිල නගරයේ දුරකතන අලෙවි සලක මුදල් අයකැමියකු වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ වැලිපිටියේ පදිංචි අලුත්ගමගේ මින්දික නමැති 22 හැවිරිදි තරුණයෙකි. ඔහු එම අලෙවි හලේ මුදල් අයකැමිවරයා ලෙස සේවය කර ඇත. යතුරු පැදියකින් ආ දෙදෙනකු පිස්තෝල වර්ගයෙක් ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිසිය කියයි.

Read More

නුගේගොඩ පැලවත්ත පාර කෝටිපති ව්‍යාපාරිකයාගේ දෙමහල් නිවසේ මෙට්ටය යට සඟවා තිබූ පිස්තෝල වර්ගයේ පෞද්ගලික ගිනි අවිය , එම ජීව උණ්ඩ 3 ක් සහ රුපියල් ලක්ෂ 7 කට අධික වටිනා රන්බාන්ඩ තොගයක් සොරාගෙන ගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි. ටැන්ෆොග්ලියෝ වර්ගයේ අංක ඒ බි 40721 අංක දරන 9 එම් එම් පිස්තෝල ගිනි අවිය සහ රුපියල් 7 ලක්ෂ 14000/= ක් පමණ වටිනා රන් වළලු 4 ක්, මුදු 4 ක් හතරක් , මාලා ඇතුළු රන් භාණ්ඩ කීපයක් සොරාගත් දේපළ අතර වන බව පොලිසිය සඳහන් කරයි. ව්‍යාපාරික සහ බිරිඳ මීට මාස දෙකකට පමණ ඉහතදී ඕස්ට්‍රේලියාව බලා ගොස් ඉකුත් 17 වෙනි දින යළි පැමිණ තිබූ…

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ගනේමුල්ල සංජීවගේ ඥාතියකුගේ නිවසක් පරීක්ෂා කිරීමට ගිය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට නීතිඥවරියක බව කියන කාන්තාවක අල්ලස් දීමට තැත් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය. ගනේමුල්ල සංජීවගේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව සිදු කරගෙන යන පරීක්ෂණවලට අනුව ගනේමුල්ල සංජීවගේ ඥාතියකුගේ මාකිලංගමුව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී එම නීතිඥවරියක බව කියන කාන්තාවක විසින් විරෝධතාවක් එල්ල කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය කියයි. කෙසේ වෙතත් නීතිඥවරියක බව කියන කාන්තාවගේ උත්සාහය ව්‍යවර්ථ වීමෙන් පසුව සහකාර පොලිස් අධිකාරිවරයෙකුට අල්ලස් දීමට තැත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය කියයි. ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක්ද සිදුකර ඇති අතර ඊට අදාළ…

Read More

පානදුර මුහුදේ දියනාමින් සිටි පෝලන්ත ජාතිකයකු ඊයේ පස්වරුවේ දියේ ගිලී මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි . මෙසේ මියගොස් ඇත්තේ පෝලන්ත ජාතික ඇල්බ්‍රේට් මිරෝස්ලා නමැති 61 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය. මියගොස් ඇති පුද්ගලයා දියනාමින් සිටි අවස්ථාවේ ඒ අවට අසූවකට ආසන්න පිරිසක් සමග දියනාමින් සිට ඇති බවත් , දියේගිලී ඇති පෝලන්ත ජාතිකයා ජීවිත ආරක්ෂක නිළධාරීන් විසින් ගොඩගෙන රෝහල් ගතකිරීමේදී මියගොස් ඇති බවත් පොලිසිය කීය. මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පානදුර මූලික රෝහලේ තැන්පත් කර තිබේ. පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වති.

Read More