Author: LANKA24X7

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයකුගෙන් (කසිප්පු මුදලාලිගෙන්) රුපියල් දස දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට පත් නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක හා කොස්තාපල් ලබන 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (22) නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත වූයේ නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක උදය සරච්චන්ද්‍ර සහ පොලිස් කොස්තාපල් සාලින්ද රාජගුරු නැමැති සැකකරුවන්ය. නරම්මල ප්‍රදේශයේ නීති විරෝධී කසිප්පු ජාවාරමේ නිරතවන්නේ යැයි කියන ඇල්බට් නමැති අයෙකුගෙන් රුපියල් දස දහසක අල්ලසක් ලබා ගැනීමේදී සැකකරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඇල්බට් යන අයගේ නිවස තුළදීම අත්අඩංගුවට ගත් බව කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු…

Read More

කොළඹ නගරය තුළ සී.සී.ටී.වී. කැමරා මගින් නිරීක්ෂණය කර රථවාහන වැරැදිකරුවන්ට නිවෙසටම දඩ පත් යැවීමේ ව්‍යාපෘතිය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) සී.සී.ටී.වී මෙහෙයුම් කොට්ඨාසයේදී ආරම්භ කෙරිණි. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. කොළඹට පැමිණෙන රියැදුරන් දැනුවත් කිරීමේ පුවරු 9 ක් ස්ථාපිත කිරීම ද එදින සිදුකෙරිණි. සමීප රෑප ආවේක්ෂණය කොට්ඨාසය මගින් ලබාගන්නා රථවාහන වැරැදිවලට අදාල රියැදුරන්ට සතියක කාලයක් අවවදා කිරීම සිදුකරන අතර ලබන මස (1) දා සිට දඩ පත්‍රිකා නිකුත් කිරීම සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

උසස් පෙළ අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙබරවාරි මස සිට වෘත්තීය අධ්‍යාපනය පාසලේ දී ම ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම සහිත ව වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සහ න්‍යායාත්මක පෙරහුරුවක් සහිත වැඩසටහනක් එලෙස සිදුකිරීමට නියමිතය. අපොස උසස් පෙළ අධ්‍යාපනය අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වෘත්තීය පුහුණු වැඩසටහන දිවයිනේ තෝරාගත් පාසල් 299ක දී ක්‍රියාවට නංවන බව ද අමාත්‍යවරයා පැවසීය. 2024 ජනවාරි මස අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙබරවාරි මස 09 දිනට පෙර මෙම වැඩසටහනට ලියාපදිංචි විය හැකිය මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ප්‍රාදේශීය ලේකම්…

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් සාරති දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම වළක්වාලමින් එම පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා වෙත නිකුත් කළ වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද (22) නියෝග කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ එහි වැඩබලන මහලේකම් සාරති දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද යළි කැඳවීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කෙරුණි. පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම වාරණ නියෝගයට අදාළව වගඋත්තරකරුවන් විරෝධතා ඉදිරිපත් කරන්නේ නම් එය ලබන 29 වනදා කැඳවන ලෙස…

Read More

තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සිදුවු ස්ථානයේ මළ සිරුරු 4ක් ඇති අතර, එක් අයෙකුගේ මෘත ශරීරය මේ වනවිට තංගල්ල රෝහලේ තැන්පත් කර තිබේ. අද උදෑසන 8.30ත් 8.40ත් අතර කාලයේ දී සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කර කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි වාර්තා වේ.

Read More

අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පසුගියදා මාළු වෙළෙන්දකු ඝාතනයට පැමිණ අසාර්ථක වූ මෙහෙයුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවකුගේ මිතුරෙකුගේ ජංගම දුරකථනයක තිබූ වට්ස්ඇප් පණිවිඩයකින් මීට මාස හතකට පෙර කොස්ගොඩ ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයකට පොලිසිය සොයමින් සිටි යුද හමුදා ලාන්ස් කෝප්‍රල් වරයෙකු 21 දා කහතුඩුව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහසයක් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි . මෙම ඝාතනය ඉකුත් 2023 ජුනි මාසයේදී කොස්ගොඩ ප්‍රදේශයේ දී සිදුව තිබූ අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකාය විමර්ශන සිදුකරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පිළිබඳව දිගින් දිගට විමර්ශනය කිරීමේදී එහි සිටි එක් සැකකරුවකුගේ මිතුරකු පසුගියදා බළපිටිය ප්‍රදේශයේදී…

Read More

ගාසා තීරයේ හමාස් ග්‍රහණයේ සිටින ළාබාලතම ප්‍රාණ ඇපකරු ක්ෆ්ර් බිබාස්, පසුගිය 18 වැනිදා, සිය පළමු උපන් දිනය සැමරූ බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි. ක්ෆ්ර් බිබාස්, හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින්නේ මාපියන් සහ සිවු හැවිරිදි වැඩිමල් සොහොයුරා ද සමඟය. හමාස් සටන්කාමීන් මොවුන් ද පැහැරගත්තේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, ඊශ්‍රායලට කඩා වැදී පහර දුන් අවස්ථාවේදීය. ඊශ්‍රායලයේ සිටින ක්ෆ්ර් බිබාස් සහ ඔහුගේ පවුලේ අයගේ ඥාතීන්, ඉතා හැඟීම්බරව, පුංචි ක්ෆ්ර් බිබාස් පුතු වෙනුවෙන්, ඔහු නොමැතිව, විශේෂ උපන් දින සාදයක් පැවැත්වීමට ද කටයුතු කර තිබුණු බව වාර්තා වේ.

Read More

දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන ‘යොවුන් ලෝක කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් පිල ඊයේ (21) සහභාගි වූ පළමු තරගයේදී ලකුණු 39 කින් (ඩක්වත් ලුවිස් න්‍යායට) සිම්බාබ්වේ යොවුන් පිල පරාජය කිරීමට සමත් විය. තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා සිම්බාබ්වේ පිලට ඕවර 22 කදී ලකුණු 129 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවූ අතර සිම්බාබ්වේ පිල ඕවර 21.1 කදී ලකුණු 89 කට සීමා විය. ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 204 (රවීෂාන් ද සිල්වා 31, රුසඳ ගමගේ 31, දිනුර කළුපහන 60, ශරුජාන් ශම්මුගනාදන් නොදැවී 41, කොහල් එක්ස්ටීන් 40/3) සිම්බාබ්වේ වයස 119 න් පහළ පිල ඕවර 21.1 කදී සියලු…

Read More

වන්දනා නඩ සහ වික්‍රමයන්ට ප්‍රියකරන පුද්ගලයන් සමඟ එක්ව තමන් පසුගියදා ශ්‍රී පාදස්ථානය වැඳපුදා ගත් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය. ශ්‍රී පාද කන්දේ ඇති ස්වභාව සෞන්දර්යය, ඓතිහාසික වැදගත්කම අගය කරමින් සහ සියලු ආගම් ශ්‍රී පාදස්ථානයට දක්වන ගෞරවය සිතෙහි තබා ගෙන තමන් ශ්‍රී පාද කන්ද තරණය කළ බව ඇය පැවැසුවාය.ශ්‍රී පාද කන්ද තරණය කිරීම අභියෝගයක් ගෙනදුන් නමුත් කඳු මුදුනට දර්ශනය වන ඉර සේවය දුටු විට එම අභියෝගය බාර ගැනීම පිළිබඳ තමන් සතුටු වන බව ඇය ප්‍රකාශ කළාය. ශ්‍රී පාද කඳු මුදුනට යන ගමනේ හොඳම කොටස නම්, දුර බැහැර සිට ගමන් කරන තරුණ තරුණියන්ගේ සිට එකිනෙකාට උදව් කරන…

Read More

ලෝක මූල්‍ය සැකැස්ම ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උගන්ඩාවේ දී පැවසීය. නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය වඩාත් සුදුසු වන්නේ පැරිස් සමාජය සහ ලන්ඩන් සමාජය විසින් ලෝක ණය විසඳුම් පිළිබඳ ආධිපත්‍යය දැරූ ලෝකය සඳහා බව ජනාධිපතිවරයා කීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි උගන්ඩාවේ කම්පාලා නුවරදි ආරම්භ කෙරුණු “G77 සහ චීනය” කණ්ඩායමේ 3 වැනි දකුණු සමුළුව (3rd South Summit of the Group of 77 & China) (21)අමතමිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන සංවර්ධනය වෙමින් පවතින රටවල විශාලතම සන්ධානය ලෙස, ගෝලීය දකුණේ රටවලට සිය සාමූහික ආර්ථික අවශ්‍යතා ප්‍රකාශ කිරීමට, ප්‍රවර්ධනය කිරීමට…

Read More