Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මඩාටුගම, නිදිගම ඔය ප්‍රදේශයේ පදිංචිව සිටි ජේ.බී. සහිරා බිබී නැමති 62 හැවිරිදි කාන්තාවකි. ඇගේ සැමියා සමඟ ගොස් බැඳ සිටි ගවයන් යළි රැගෙන එමින් සිටි අවස්ථාවේදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය කියයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ ඊයේ (16) සංචාරයක නිරත විය. “පිකෝ ට්‍රේල් (Peko Trail) මංපෙත හරහා ජනාධිපතිවරයා පා ගමනින් මෙම සංචාරයට එක් වීම විශේෂත්වයකි. “පිකෝ ට්‍රේල්” යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා දිවෙන කිලෝ මීටර් 300ක පමණ කඳු නැගීමේ මාර්ගයකි. එය ආසියාවේ හොඳම රහසිගත මාර්ගවලින් එකක් ලෙස සැලකේ. “පිකෝ ට්‍රේල්” නම් මෙම මංපෙත සුප්‍රසිද්ධ මහනුවර නගරයෙන් ආරම්භ වී දකුණු දෙසින් හැටන් සහ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය දෙසට ගමන් කරයි.ඉන්පසු එය හපුතලේ සහ ඇල්ල හරහා නැගෙනහිර දෙසට ගමන් කර සුන්දර නුවරඑළිය නගරය වටා ගමන් කර…
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි. ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි. මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.
ගල්කිස්ස ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ බොරුපන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිය නිවස තුළ නිදාසිටියදී එම පුද්ගලයා මෙලෙස ඝාතනයට ලක්ව ඇත. පොලීසිය පවසන්නේ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බවය. අද (16) අලුයම මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන ලෙස තමාට පාර්ශ්ව කිහිපයකින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන බහුතර සාමාජිකයින් ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද යන්න සම්බන්ධයෙන් තමා තීරණයක් ගන්නා බව මාධ්‍යවේදීන් යොමුකළ පැනයකට පිළිතුරු ලබා දෙමින් විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය. “මගෙන් ඉල්ලම් කරලා තියෙනවා කණ්ඩායම් විශාල සංඛ්‍යාවක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන අති බහුතරයක් දෙනා ඒ ඉල්ලීම කරලා තියෙනවා. ඒ වගේම අපේ ගෞරවනීය මහා සංඝරත්නය, අනෙක්…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතේත්, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහමධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස…
ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ හත ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. මෙම දරුවා අව්රුදු නෑගම් සදහා කොළඹ සිට පියා සමග ගම්පොළ මිත්තනියගේ නිිවසට ගොස් සිටියදි ඊයේ (15) මෙම අනාරක්ෂිත ළිදට වැටි දියේ ගිලි මියගොස් ඇති බව පොලිසිය පවසයි.
ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ඇතිමලේ කොටියාගල කැකලාන පදිංචි මුහුදුව බොරළුවැල්ලේ කීර්තිපාල (65) නැමති සයදරු පියෙකි. සිය පුතු සහ තවත් දෙදෙනෙකු සමඟ කුඹුරේ වැඩකරමින් සිටියදී අකුණුසැර වැදී බරපතළ තුවාල ලබා ඇතිමලේ ප්‍රාදේශීය රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රියදුරට කිසිදු හානියක් සිදුවී නොමැති බවද ඇල්ල පොලිසිය කියයි. කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇතැයි ද පොලිසිය කියයි. මහියංගනය හා ඇල්ල ප්‍රදේශවල අවුරුදු උත්සවයකට සහභාගී වී අමාත්‍යවරයා ආපසු එන අතරතුර මෙම අනතුරට මුහුණ පා තිබේ. බණ්ඩාරවල නගර සභා ගිනි නිවීම් ඒකකය හා ඇල්ල පොලිසිය එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබුණද වාහනේ ඉදිරිපස කොටස විශාල වශයෙන් ගිනිගෙන ඇති බවද බවද පොලිසිය කියයි.
යාපනය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවක් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් ඇති බවට රෝහලේ වෛද්‍යවරුන් පවසති. යාපනය පදිංචි මෙම කාන්තාව පසුගිය සතියේ ප්‍රංශයේ සිට පැමිණ යාපනය අරාලි ප්‍රදේශයේ තාවකාලිකව රැඳී සිටින අතර උණ රෝගය වැලඳීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත. අධික උණ තත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි මෙම කාන්තාව මිය ගොස් ඇති අතර එම කාන්තාවගේ මරණ පරික්ෂණ වාර්ථාවෙන් අනාවරණය වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටය.
