Author: LANKA24X7

අද (25) අලුයම 2ට පමණ කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණි. සනත් නිශාන්ත මහතා එලෙස අනතුරට ලක්ව තිබුණේ, කටුනායක සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටිය දීය. ඒ මහතා ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථය ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනර් රථයක පිටපස ගැටී අනතුර සිදුව තිබිණි. ඊයේ (24) රාත්‍රියේ හලාවත, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වී ආපසු කොළඹ බලා එමින් අතරතුර දී සනත් නිශාන්ත මහතා රිය අනතුරට ලක්වුණි. එම මංගල උත්සවයේ දී මනාල යුවළ විසින් සනත් නිශාන්ත මහතා සමග ලබාගත් සෙල්ෆි ඡායාරූපය මුහුණුපොතේ මේ වනවිට සංසරණය වන…

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (24) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. රජය විසින් මීට පෙර සඳහන් කළ පරිදි DAT දීමනාව ජනවාරි මාසයේ සිට ලබානොදීමට තීරණය කර ඇති බවට ලද තොරතුරකට අනුව එම සංගමය මෙම තීරණය ගෙන ඇත.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් සංචාරය නිමා කර අද (23) උදෑසන දිවයිනට පැමිණ තිබේ. ජනාධිපතිවරයා ඇතුළු ධූත පිරිස අද උදෑසන 8.30ට ඩුබායි එමිරේට්ස් ගුවන් සේවයේ EK650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි. ජනාධිපතිවරයා මෙම කාලය තුළ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ආර්ථික සමුළුවට, උගන්ඩාවේ කම්පාලා නුවර පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුවට, G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව සඳහා සහභාගිවීම සඳහා පසුගිය දා දිවයිනෙන් පිටත්ව ගියේය.

Read More

යුක්තිය මෙහෙයුමට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී තහනම් මත්කරල් ජාවාරම් කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (22) වැල්ලම්පිටිය පොලිස් වසමේ, අංක 31/B, පුවත්ගහවත්ත, පළවෙනි පටුමඟ, කොළොන්නාව යන ලිපිනයේ වැටලීමක් සිදුකර තිබිණි. එහිදී වෛද්‍ය නිර්දේශ නොමැතිව තහනම් මත්කරල් 89ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි අවුරුදු 61ක් වූ කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලීසිය වෙත භාර දී ඇත.

Read More

ඝාතනයට ලක් වූ ප්‍රසිද්ධ ව්‍යාපාරික දිනෙෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකථන සිම්පත බිරිඳට ලබාදීම සම්බන්ධයෙන් වන ඉල්ලීම රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසු සලකා බලන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ශණ කැකුණුවෙල මහතා සඳහන් කළේය. තම සැමියා ඝාතනයට ලක්වීමට පෙර භාවිතා කළ දුරකථන අංකය දැක්වෙන නව සිම්පතක් තමාට ලබාගැනීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙසට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිය කළ ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් මහේස්ත්‍රාත්වරයා එසේ පැවසීය. දිනේෂ් ෂාෆ්ටර් මහතා ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවෙමින් ඇති බවත් ඔහු ඝාතනයට ලක්වීමට පෙර භාවිතා කළ දුරකථන අංකය දැක්වෙන නව සිම්පතක් ඔහුගේ බිරිඳට ලබාදීම තුළින් එම විමර්ශන කටයුතුවලට බාධාවක් සිදුවිය හැකි බැවින් ඔහුගේ බිරිද කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන…

Read More

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවල මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නොතීසි නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසින්හ ඊයේ නියෝග කළේය. කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණ තීන්දුව පසුගිය නොවැම්බර් 14 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ නමුත් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර නොතිබීම නිසා එම තීන්දුව ලබාදීම කල්තැබීමට මහේස්ත්‍රාත්වරයා මීට පෙර කටයුතු කළේය. මරණ පරීක්ෂණය කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා දේහයේ කොටස් රජයේ රස පරීක්ෂකවරයාට යොමුකර ඇති හෙයින් එම වාර්තා ලැබෙන තෙක් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට සිය වාර්තා ඉදිරිපත් කිරීම ප්‍රමාද වී ඇති බව කරුණු ඉදිරිපත්…

Read More

සීදුව , අමන්දොළුව ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබූ ව්‍යාජ ප්‍රතිදේහ විශේෂයක් වූ ” ඉමුනොග්ලොබින් “නිෂ්පාදන කළ අයිසෝලෙස් බයෝටෙක් පර්මා ආයතනය විශේෂ විමර්ශන කණ්ඩායක් විසින් ඊයේ දහවල් පස්වරුවේ පරීක්ෂා කිරීමකට ලක් කරනු ලැබූහ . මේ සදහා ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ දීපිකා බුලත්සිංහල මහත්මිය ඇතුළු පිරිසක් ද , ආහාර හා ඖෂධ විශ්ලේෂක අමිත් පෙරේරා මහතා ඇතුළු පිරිසක් ද , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ද සහභාගී වී තිබූ අතර මෙම අවස්ථාවට සමාගමේ අයිතිකරු සුදත් ජනක ප්‍රනාන්දු මහතා ද බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කැදවා ගෙන ආවේය . මීට පෙර අවස්ථාවක ද මෙම නිෂ්පාදන කර්මාන්තශාලාව පරීක්ෂා කිරීමකට මෙම විමර්ශන කණ්ඩායම පැමිණ තිබූ…

Read More

තංගල්ල උසාවියේ විභාග වෙමින් පවතින නඩුවක් සඳහා සාක්ෂි ලබාදීමට ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කර සිටි අපේ ජන බල පක්ෂයේ සභාපති ඇතුළු පස් දෙනෙකු ඝාතනය සඳහා වෙඩි උණ්ඩ තිස් හයක් භාවිතා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාවේ නිහල් තල්දුව මහතා පැවසීය. කොට්ඨාස අපරාධ ස්ථානයේ පරීක්ෂණ නිලධාරීන් විසින් වෙඩි තැබූ ස්ථානයේ තිබී ටී 56 පතුරම් කොපු 36 හමුවී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. මෙම ඝාතනය පිළිබඳ විමර්ශන සිදු කිරීම සඳහා දකුණු පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් හයක් යොදා ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. ඒ අනුව දකුණු පළාත් අපරාධ කොට්ඨාසය, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය,…

Read More

මෙරට කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත මේ වන විට ලබාදී අවසන් කර ඇති බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. මෙරටින් සරම්ප රෝගය තුරන් කර තිබූ නමුත් පසුගිය සමයේ එම රෝගය යළි හිස ඔසවන තත්ත්වයක් පෙන්නුම් කළ බැවින් මේ ආකාරයේ එන්නත් වැඩසටහනක් ආරම්භ කළ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. “ශ්‍රී ලංකාව බෝ නොවන රෝග සම්බන්ධයෙන් විශාල තර්ජනයකට මුහුණ දී සිටිනවා. මෙරට ජනගහනයෙන් 20% වැඩි ප්‍රමාණයක් දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. දකුණු…

Read More

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයකුගෙන් (කසිප්පු මුදලාලිගෙන්) රුපියල් දස දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට පත් නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක හා කොස්තාපල් ලබන 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (22) නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත වූයේ නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක උදය සරච්චන්ද්‍ර සහ පොලිස් කොස්තාපල් සාලින්ද රාජගුරු නැමැති සැකකරුවන්ය. නරම්මල ප්‍රදේශයේ නීති විරෝධී කසිප්පු ජාවාරමේ නිරතවන්නේ යැයි කියන ඇල්බට් නමැති අයෙකුගෙන් රුපියල් දස දහසක අල්ලසක් ලබා ගැනීමේදී සැකකරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඇල්බට් යන අයගේ නිවස තුළදීම අත්අඩංගුවට ගත් බව කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු…

Read More